Secret Hiker

Secret Hiker සොබාදහම රකින්නා සොබාදම විසින්ම රකියි🌼❤

20/07/2025

හෙට සදුදා අලුත් සතියක්. 😍
ඔයාගෙ හෙට දවසේ මූඩ් එක දෙවනි ඉමෝජිය. 😁
ඇත්තම ඕ...නි ❤️🌻

මතකද කලින් පයින්ම නුවරට ආව ගිය අපේ "නැදුන්" මැණිකව 😪💔💔එයා දැන් කොහේ ඇතිද🐘
20/07/2025

මතකද කලින් පයින්ම නුවරට ආව ගිය
අපේ "නැදුන්" මැණිකව 😪💔

💔

එයා දැන් කොහේ ඇතිද🐘

ගණන් බැරි වුණ හින්දයිදීප්තඕලෙවල් ෆේල් වෙලා,ඉස්කෝලෙන් එළියට විසි වුණේ.මිනිහා චිත්‍රකාරයා වුණත්වැඩක් වුණේ නැහැ ඉස්කෝලෙට.“ක...
25/06/2024

ගණන් බැරි වුණ හින්දයි
දීප්ත
ඕලෙවල් ෆේල් වෙලා,
ඉස්කෝලෙන් එළියට විසි වුණේ.
මිනිහා චිත්‍රකාරයා වුණත්
වැඩක් වුණේ නැහැ ඉස්කෝලෙට.
“කලාව කන්න ද?”
අහපු රටක් මේක.

යශෝධරා නො හිටින්න,
දීප්තත්
ගමට ම කොටු වෙනවා.

කැලුම්සිරිගේ අම්මා මැරුණේ
ජීවත් වෙන්න ක්‍රමයක් හොයන්න ගිහින්
පිටරට.
මිනියවත් ගේන්න බැරි වුණා
ගෙදරට.

කිතුලගේ තාත්තා මළේ
අලියා ගහලා
පව්!
“දොට්ට පිලට වත් යන්න බැරිව හිටි මනුස්සයා”

කැලුම්සිරිගෙ මස්සිනා,
ඊළඟට කිතුලා,
තව ගොඩක් කොල්ලෝ
ආමි එකට ගියේ
රට රකින්න විතරක් නෙවෙයි,
පවුල රකින්න විදියක් හොයා ගන්න.
ජීවිතේ පටන් ගන්නත් කලින්
උනුත් මැරුණා.

කැලුම්සිරි මහණ වුණේ,
සසර කෙටි කර ගන්න ම නෙවෙයි
ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසා.
කැලුම්සිරි සිරිරතන හාමුදුරුවෝ වෙලා
කවිබණ කිව්වා.
පන්සල හැදුවා.
අවසානෙට,
පන්සලෙන් යන්න වුණා.

අහිංසක ජගා
අකාලයේ මැරුණා.
බලවතුන්ගේ පිහි පාරෙන්.
නඩුවත් පරාදයි,
දුන්න සාක්කි පිළිගත්තෙ නැති නිසා.
සුලෝ ගමෙන් ගියා
ජගා මැරුණා ම.
ඇයි?
ආදරේ නැති වුණ නිසා,
ජීවත් වෙන්න හරි පාරක් හොයාගන්න.

දම්මිත් ගමෙන් ගියා
කිසි දෙයක් හරි නො ගිය නිසා.
දම්මිගේ ආදරේ දීප්තට තේරුණේ නැද්ද?
නො කියා පෙන්නුවා ඈ සෑහෙන කල්
අවසානෙට වෙන කෙනෙක් බැන්දා.

හීන් අයියත් මළා
වකුගඩු අමාරුවෙන්.
මැරුණමයි දන්නෙ
එහෙම ලෙඩක් තිබුණා කියලා.

දීප්ත ඔලුව උස්සන කොට
යශෝධරා නෑ.
ජීවිතේ කියා දීලා
එයා යන්න ගියා.
දිනනකම් නො ඉඳ ම.

“මට අක්කගෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා”
“අහන්න”
“උගත් අය ජීවිතේ හුදෙකලා වෙනව ද?”

ජීවිතේ පාර කියා දෙන්න
හැමෝටම කොහෙන් ද,
යශෝධරාලා?

පතෝලයා හිත හොඳ එකා.
“ඕන යටිබඩක්” කියලා,
ජීවත් වෙන්න
නො කරපු දෙයක් නෑ.
අවසානෙට,
කූරා එක්ක කොහොම හරි
පටන් ගත්තා
මිනී කපන්න.

අවසානෙට,
ගමේ පරණ යාළුවො ටික
ඔක්කොම එකතු වුණේ
කනත්තේ දී.

තණමල්විල විතරක් නෙවෙයි.
හැම ගමක ම
ජීවිත මේ වගේ ම යි.
ගමේ ගොඩක් උන් මැරුණේ
ජීවිත් වෙන්න ගිහින් ම තමයි.

සේකර,
ඇත්තට ම මාත් ඔයාගෙන් අහන්නෙ
“ජීවත් වෙන්න අපට නැද්ද අයිතියක්?”

යාළු,
අපිත් කවදාක හරි එකට එකතු වෙමු.
කනත්තෙදි හරි!
එදාට කතා වෙමු අපි
අපේ කතාවත්.

✍️ ඉත්තකන්දේ චන්දානන්ද

චරිත හා සිදුවීම් 'තණමල්විල කොල්ලෙක්' ටෙලිසිත්තමෙන්.

05/01/2024

ඒ වොයිස් එක මාරයි 🥺♥️

Radeesh vandebona

" ඉතින් මේ කොල පාට කියන්නෙම සැනසීමක් නෙවේද ? 🥺💆🏻‍♀️💭🍃💚🇱🇰 "
18/09/2023

" ඉතින් මේ කොල පාට කියන්නෙම සැනසීමක් නෙවේද ? 🥺💆🏻‍♀️💭🍃💚🇱🇰 "

වෙඩි වැදී පණ අදින එකෙක්ගේ වේදනාව මතින්.. උපන් බිම අහිමිවෙන්නට යන අවාසනාවන්තයෙකුගේ කඳුලු මතින්..මෙලොව එලිය දැකුමටත් පෙර ම...
10/08/2023

වෙඩි වැදී පණ අදින එකෙක්ගේ වේදනාව මතින්..

උපන් බිම අහිමිවෙන්නට යන අවාසනාවන්තයෙකුගේ කඳුලු මතින්..

මෙලොව එලිය දැකුමටත් පෙර මරු වැලඳගත් කිරිකැටියෙකුගේ නිසල සිරුර මතින්..

කිරි සිහින බොඳවී මරු දැකි ගැබ්බර ඇතින්නගේ වේදනා මතින් ,..

දුම්රියේ ගැටී මියැදුනු සද්දන්තයෙකුගේ සුන් වූ මස් වැදලි මතින්..

වෙඩි කා හක්කපටස් කා මියැදුන.. මියයෑමට කල වරද කුමක්ද කියා වත් නොදන්නා අහිංසකයන්ගේ රුධිරය මතින්..

වැඩියහැකිද දලදා සමිදුනේ...

නුවර වීදි වටේ උජාරුවෙන්...

කිසිත් නොවුන ලෙසින්. ??

Dileepa Lakmal

......🍃🌼🍂හොඳ දවස්, හොඳම දවස්,හොඳක් නරකක් නැති දවස්...අමාරු දවස්, අමාරුම දවස්,හැම දවසක්ම වැදගත්... ?🤝 ゚viralシ
10/08/2023

......🍃🌼🍂
හොඳ දවස්, හොඳම දවස්,
හොඳක් නරකක් නැති දවස්...
අමාරු දවස්, අමාරුම දවස්,
හැම දවසක්ම වැදගත්... ?🤝

゚viralシ

......🌼 මම තාමත් විශ්වාස කරන්නෙ, ජීවිතේ ලස්සනම දවස් එන්නෙ ඉස්සරහට කියලා 🌼🍂    ゚
24/07/2023

......🌼 මම තාමත් විශ්වාස කරන්නෙ,
ජීවිතේ ලස්සනම දවස් එන්නෙ ඉස්සරහට කියලා 🌼🍂




මිහිපිට දිව්‍යලෝකයක් 😍 නන්පේරියල් "baker's bend" 🌼☁🍃       ゚viral     4tos credits goes to original photographer 📷
20/05/2023

මිහිපිට දිව්‍යලෝකයක් 😍 නන්පේරියල් "baker's bend" 🌼☁🍃

゚viral

4tos credits goes to original photographer 📷

Feel the nature 🌻🍃🥀Photo credits goes to original photographer 📷
27/03/2023

Feel the nature 🌻🍃🥀

Photo credits goes to original photographer 📷

සමිදුටු දෙවියන් විමනෙන් බැස පිණිපොද ඉසිනානිල් කදු මුදුනට ඉහලින් මහ වෙහෙරක් මැවෙනාමොහදුරු දුක ශෝක දුරැර සන්තානේ සදගිරි මහ...
24/03/2023

සමිදුටු දෙවියන් විමනෙන් බැස පිණිපොද ඉසිනා
නිල් කදු මුදුනට ඉහලින් මහ වෙහෙරක් මැවෙනා
මොහදුරු දුක ශෝක දුරැර සන්තානේ
සදගිරි මහා සෑය වදිමු හන්තානේ 🙏🌼❤

පිං සිත් ඇත්තෝ දකිත්වා🙏

ජාතියේ පිනට පහල වූ පිංවත් Gangasiripura Dhammaloka Thero ස්වාමීන් වහන්සේගේ අප්‍රතිහත දෛර්ය නිසාම බෞද්ධ අබෞද්ධ සැමට සෙනෙහසින් තිළිණ වූ සුන්දර සෑ රජාණන් වහන්සේ 🙏🌻🌼

සදගිරි මහා සෑය " හන්තාන "🙏🌼❤

Address

Passara

Website

Alerts

Be the first to know and let us send you an email when Secret Hiker posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category