14/01/2021
පොඩ්ඩක් නැවතිලා බලපන්......👉
උඹලත් ට්‍රැවල් කරන මිනිස්සු නේද. ඇයි උඹල මෙහෙම පරිසරයට හානි කරන්නෙ. මේ තමයි අපි ඊයෙ සුන්දර කබරගල කන්ද දැක්ක විදිය..පොලිතින්, ප්ලාස්ටික්, ගල් බෝතල් බියර් ටින් හැමතැනම.ඔව්.! මේ උඹල ආතල් අරන් දාල ගියපු කුණු තමයි. බලපන් අපි මේවට ගත්තු වෙහෙස.. කිලෝ මීටර් ගානක් කඳු බඩ ගාල කුණු එකතු කරල පහළට ගෙනත් කාපු කට්ට කබරගල කන්ද උඩටම ගියපු එකෙක්ට නම් දැනෙයි...අපි මේ සොබා සෞන්දර්යත් එක්ක ජීවත් උන ජාතියක් බන්. අද මෙහෙම සොබාදහම විනාස කරන්න ගියොත් උඹලගෙ දරුවොන්ට පෙන්නන්නෙ පොලිතින් වනාන්‍තරද ? නැවතිලා පොඩ්ඩක් හිතපන්..ආයෙ මෙහෙම නොවෙන විදියට අපේ ආතල් ගමු.
මේ වැඩේ camping goals sri lanka අපි පටන් ගත්තෙ ඔයාලට ආදර්ශයක් විදියට. අපිත් එක්ක මේ වැඩේට එකතු වෙන්න..මේකට අපිට උදව් කරපු ශාමින්ද මල්ලිටත්, ගම්පහ ඉඳන් ආපු සඳුන් අයියටත් ස්තූති කරනවා.
මේ අහපන් ආයෙත් ට්‍රැවල් කරද්දි ,
"අරන් යන කුණු වලට වඩා එක ටොපි කොළයක් හරි ආයේ අරන් වරෙන්."