Travel with Tcw

Contact the business

Travel with Tcw Tг𝒶v𝒆𝓵𝐈几ﻮ තමා ආසම ◕‿◕එන්න යන්න මාත් එක්ක සොදුරු රස්තියාදුවක 🥰🙏... I'm Tharanga
⛵💻📸🐝🏕️🚂🛤️🏍️⛰️🚶📚🇱🇰
🆃🅲🆆

පොසෝන් පොහෝ දින චාරිකා සටහන් __අළුතෑපොල ගණේකන්ද පුරාණ රජ මහා විහාරය.වලගම්භා රජ සමය දක්වා දිවෙන මෙම ඓතිහාසික පුරාණ රාජ මහ...
29/06/2026

පොසෝන් පොහෝ දින චාරිකා සටහන් __

අළුතෑපොල ගණේකන්ද පුරාණ රජ මහා විහාරය.

වලගම්භා රජ සමය දක්වා දිවෙන මෙම ඓතිහාසික පුරාණ රාජ මහා විහාරය ඉතා මනරම් නිස්කලංක පරිසරයක් තුල පිහිටා තිබේ.
මෙම ඓතිහාසික විහරස්තානයට පැමිනෙන පිංවත් ඔබට මෙම විහාර පර්වතය මුදුනේ තැන් පත් කොට ඇති ආසියාවේ ඇති තනි ලී කදකින් නිම කරන ලද විශාල දැවමය සැතපෙන බුද්ධ ප්‍රතිමාව , වලගම්භා රජු සැගව සිටි ගුහාව , මෙහි ඇති ලන්දේසීන් විසින් තනවන ලද ලන්දේසී කුලුන ,වලගම්භා රජු විසින් තනන ලද ගල් ලෙන් බුද්ධ මන්දිරය දෑක බලාගත හැක.
(සැ.යු :- මෙම ස්තානය පුරාවිද්‍යාත්මක ස්තානයක් ලෙස 2002 November 22 වන දින Gazette පත්‍රයක් මගින් නම් කර ඇත.මෙහි බෙහෙත් පැල ගැලවීම,අනවසර චායාරුප ගැනීම සහා අනවසරයෙන් සාමාන්‍ය දිනවලදි පර්වතයට පිවිසීම දඩුවම් ලැබිය හැකි වරදකි,) මෙම පර්වතය වෙත පිවිසිය හැක්කේ පුරපසළොස්වක පොහෝ දිනයේදී පමනයි.

Directions :- මෙම ඓතිහාසික සිද්දස්ථානයට පිවීසීමට ඔබට ප්‍රධාන මාර්ග දෙකක් භාවිතා කල හැක. ඉන් පලමුවැන්න ,
01) මීගමුව - මීරිගම (B324) මාර්ගය ඔස්සේ පැමිනෙන ඔබට දූනගහා හන්දියෙන් නිල්පනා ගොඩ දක්වා දිවෙන මාර්ගයට පිවිස (B108) 3.8km පැමිනෙන විටදී දකුණු පසට වන්නට ඉදි කරමීන් පවතිම සුවිසල් පිවිසුම් ද්වාරයක් දැක ගත හැක ඉන් ඇතුලු වී මෙම විහාර භූමියට පිවිසිය හැක,
02) එකල - කොටදෙණියාව(B111) මාර්ගය ඔස්සේ පැමිනෙන ඔබට නිල්පනාගොඩ හන්දියෙන් දුනගහා දෙසට (B108) 2.6km පැමිනෙන විටදී වම් පසට වන්නට මෙම විහාර පිවිසුම් දොරටුව දැක ගත හැක.. ඉතා විශාල රථ ගාලක් මෙහි ඇත.. ඔබ පැමෙනෙන වාහන මෙහි පහසුවෙන් ගාල් කර යා හැකිය..(සැ.යු.මෙහි රථවාහන වලට මුදල් අයකරනුයේ භූමිය සදහා පමනි..වැසිකිලි පහසුකම්ද මෙහි ඇති අතර ඒ සදහා මුදලක් අය කරනු නොලැබේ )

Aluthepola Ganekanda Raja Maha Vihara (Also known as Aluthepola Vihara) (Sinhala: අළුතෑපොල විහාරය) is an old Buddhist temple in Minuwangoda, Sri Lanka. According to the regional folklore this temple is believed to be one of places where King Valagamba spent his time when five Dravidian were ruling Anuradhapura.

17/12/2025

ගොඩක් මිනිස්සු මිනිස්සුන්ව මනින්නෙ අනුන් කියන කතා අහලා.. මම යෝජනා කරනවා මිනිහෙක් ගැන තීන්දු තීරන ගන්න කලින් ඒ මනුස්සයාව ආශ්‍රය කරලා බලන්න කියලා.. මොකද සමහර මිනිස්සු හරි නිහඩයි වගේම ඒ මිනිසුන්ගේ ඇතුලාන්තය පුදුමාකාර විදිහට සුවදවත් 🙂

03/12/2025

මාතලේ මානිගල පාමුල තියෙන සුන්දරම ගම්මානයක් වන ඇටන්වල ගතකරපු සුන්දර දින දෙකක මතක.. මම දන්නෙ නැහැ ඇතිවුනු ව්‍යසන කාරී ආපදාතත්වයත් සමග මේ සුන්දර ගම්මානය අද තියෙනවද නැද්ද කියලවත්..ඒත් එදා මා ගත කරපු සුන්දර දින වෙත මගේ මනස හැල්මේ දිව යනවා( උදෑසන මානිගල කදු පර්වතය සිපගෙන එන සීතල මද සුළං ,මීදුම , හොරෙන් හොරෙන් මීදුම සමග පුංචි පුංචි රන්ඩු අල්ලන උදා හිරුකිරණ ,තරගෙට රුධිරය අදින කුඩැල්ලන්,නිල්වන් කෙත්‍ යාය , මුලු ගමම වටකරගත් දැවැන්ත කදු පන්තීන් ,ඇතින් ඇසෙන ඒ මිහිරී කුරුලු නාදය/දිය පහරවල් වල හඩ,.. අදටත් මගේ සවනතුල ,මනසතුල දෝංකාර දෙනවා..) ලැබුනු ආරංචි අනුව මාතලේ රිවස්ටන් පාර දැඩි ලෙස විනාශ වී ඇත.. මම ප්‍රාර්ථනා කරනවා ඒ ගම්මාන වල ජීවත් වුන ලස්සන හදවත් ඇති අහිංසක මිනිස්සුන්ට කිසිදු කරදරයක් නොවේවා කියලා සහා යම් විපතක් සිදුව ඇත්නම් ඉතා ඉක්මනින් යතාතත්වයට පත්වේවා කියා 🙏
තරංග 🖋️

19/11/2025

🙏❤️🙏

17/11/2025

හිරු උදා වෙනසේම හිරු බැස යයි...ජීවිතයේද නිත්‍ය නියමය එයයි ❤️

Harvest Moon in Casiguran, Aurora 🔥🔥🔥
06/10/2025

Harvest Moon in Casiguran, Aurora 🔥🔥🔥

හැන්දැවක ඔබ මා හමු වූ යාමේ ... 😌🎶
06/10/2025

හැන්දැවක ඔබ මා හමු වූ යාමේ ... 😌

🎶

BLOOD MOON (රක්ත චන්ද්‍රයා 🟠)
27/09/2025

BLOOD MOON
(රක්ත චන්ද්‍රයා 🟠)

ඉතිහාසයේ ගුප්ත බවින් වැසී තිබෙන, අදටත් විවාදයට ගත හැකි "පිදුරංගල"පිදුරංගල අතිශයින්ම දෙස් විදෙස් සංචාරකයන් අතර ඉමහත් ප්‍ර...
01/06/2025

ඉතිහාසයේ ගුප්ත බවින් වැසී තිබෙන, අදටත් විවාදයට ගත හැකි "පිදුරංගල"

පිදුරංගල අතිශයින්ම දෙස් විදෙස් සංචාරකයන් අතර ඉමහත් ප්‍රසිද්දියට පත් වු ස්ථානයකි.. මෙම පර්වතය මතට දිස්වෙන සීගිරිය ඉතාම අලංකාරවත් දර්ශනයකින් අප දෑස් ස්පර්ෂ කරයි

'පිදුරංගල' යනු සීගිරියට ආසන්නයෙම කිලෝමීටරයක් විතර දුරකින් තියෙන ශේෂ කන්දක්. පිදුරංගල ඉතිහාසය හුගක් පැරණි වෙන්න පුළුවන් කියලා කියන්න පුලුවන් ප්‍රබල හේතුවක් වශයෙන් සීගිරි චිත්‍ර වල ඉන්නේ පිදුරංගල විහාරය වදින්න මල් අරන් යන කශ්‍යප රජතුමාගේ අන්තංපුරයේ කුමාරිකාවන් කියන එක.
(මෙම පිදුරංගල පුදබිම ක්‍රි.පූ 3 - 1 සියවස් දක්වා පැරණි ඉතිහාසයකට උරුම කියන බවට ලිඛිත සාක්ෂි සපයනවා.)
පිදුරංගල පර්වතය ඉහල සිගිරි රාජදානීය දෙසට වන්නට "ඒ කියන්නේ අපි දන්න විදිහට සතුරු ආක්‍රමණයකදී පෙරලන්න හදපු උගුලක ආකාරයේ ගලක් ස්ථාපනය කරලා තියෙනවා".

මෙම පිදුරංගල ප්‍ර්වතයේ ඉතිහාසය ඊජිප්තු පීරමීඩ කරාත් තවද පිටසක්වල සම්බන්ධා සෘජුව පැවති ස්ථානයක් ලෙසද යම් යම් මත ඉදිරිපත් කර තිබෙනවා..කෙසේ වෙතත් මෙය දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය නොබදව දිනාගත් ස්ථානයක් වශයෙන් හැදින්විය හැක.

( ඔයාලා පිදුරංගල බලන්න යනවනම් උදෑසන කාලය හෝ හවස් කාලය තෝරාගන්නවනම් වටිනවා 🙂 මතු පරපුර උදෙසා මෙම ස්ථාන රැකගන්න )

Address

Sigiriya

Website

Alerts

Be the first to know and let us send you an email when Travel with Tcw posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel with Tcw:

Shortcuts

Share