Kebiliththa tours

Kebiliththa tours කැබිලිත්ත දේවාලය
කැබිලිත්ත දේවාලය වන්දනා කිරීමට යන ඔබට
ආරක්ෂිත වන්දනා ගමන පිළිබදව

23/08/2018
යාල වනයට අයත් කැබිලිත්ත දේවාලයට පැමිණෙන කාන්තාවන් පසු පස එළවා භූමියෙන් ඉවත් කිරීමටත් පරිසරයට හානි වන අයුරින් හැසිරෙන අය ...
31/07/2016

යාල වනයට අයත් කැබිලිත්ත දේවාලයට පැමිණෙන කාන්තාවන් පසු පස එළවා භූමියෙන් ඉවත් කිරීමටත් පරිසරයට හානි වන අයුරින් හැසිරෙන අය එළවා දමන අපූරු ආරක්ෂකයෙක් මේ දින වල සියඹලා දේවාලය හෙවත් කැබිලිත්ත දේවාලය වැඳ පුදා ගැනීමට යන කාටත් දැක ගත හැකිය.
මද්දු යන නමින් කවුරුත් ආමන්ත්‍රණය කරන මෙම හස්තියා මේ වන විට කැබිලිත්තේ දේවාලයේ ආරක්ෂකයකු ලෙස සැදැහැ සිතින් එන බැතිමතුන්ට දිවා රාත්‍රී ආරක්ෂාව සපයමින් පුද පූජා තබන බැතිමතුන් දෙස බලා සිටින අතර කෑකෝ ගසමින් අසංවරව හැසිරෙන අය පසු පස ගොස් එළවා දැමීමට මෙම වන අලියා ක්‍රියා කරනු ලබනුයේ කිසියම් අත්භූත අයකුගේ අණක් පරිදිවේ.
මේ වන විට කැබිලිත්ත දේවාලය වැඳ පුදා ගැනීමට විශාල ලෙස බැතිමතුන් මේ දිනවල යන අයුරු දැක ගත හැකි අතර මෙම පුදබිම වෙත කාන්තාවන් රැගෙන යෑම නුසුදුසු වුවත් බොහෝ පිරිසක් කාන්තාවන් රැගෙන යන අයුරු දැක ගත හැකිය.
පසුගිය 14 වැනි දින මොණරාගල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හා ඔහුගේ බිරිඳ සමග පිරිසක් රාත්‍රී 7 ට පමණ මෙම ස්ථානයේ ඇති බෝධියට වැඳීමට ගිය අවස්ථාවේදී මම අලියා විසින් ඔවුන් පසු පස එළවීම නිසා අදාළ දේශපාලනඥයා දිවගොස් දිවි බේරා ගන්නා ලදී.
විශේෂයෙන් කාන්තාවන් සමග පැමිණෙන පිරිස් වෙත කඩා පනින මෙම අලියාට සහය වීම පිණිස තවත් වන අලියකු ද සහය දෙමින් මෙම ස්ථානයේම පසුවේ.
වන්දනා කරුවන් රැගෙන යන ජීප් රථ කරුවන් මෙම අලියා හොඳින් හඳුනන අතර අලියා බැතිමතුන් පූජාව පිළියෙළ කරනු ලබන ස්ථානයන් වෙත පැමිණ බලා සිටී. බැතිමතුන් විසින් ලබා දෙනු ලබන පලතුරු පමණක් අනුභවය කරන මෙම අලියා කිසිදු අයුරකින් බලහත්කාරයෙන් පලතුරු ඇතුළු කෑම බිම ලබා නොගන්නා බව මෙහි යන එන අය පවසයි.
රාත්‍රි දිවා සෑම මොහොතක මෙම සියඹලා දේවාලය වටා සැරිසරණ මෙම අලියා බිමත්ව සිටි එක් අයකුට පසුගියදා පහර දී ඇති අතර මේ වන විට අලියා පසු පස එළවීම නිසා තුවාල සිදුවූ බොහෝ පිරිසක්ද සිටිති.
අලියා නිතර නිතර අඳුරෙන් මතුවීම නිසා අලියා ගැන නොදන්නා බැතිමතුන් සීසීකඩ දිව යන අයුරු දැක ගත හැකි වූ අතර මග පෙන්වන්නන් සමග යන අයට කිසිදු බියක් නොවන අයුරින් අලියා සමග සුහද වී තම පූජාවන් නිසි අයුරින් තබා ගැනීමට ක්‍රියා කරති.
මේ වන විට කැබිලිත්ත දේවාලයට මෙගොඩ කුඹුක්කන් ඔය අසල තිබූ වැසිකිළි අබලන් වී පාවිච්චියට නොගැළපෙන අතර බැතිමතුන් සිය අවශ්‍යතාවන් සිදු කර ගනු ලබන්නේ ගං ඉවුරු තුළ වීම නිසා පුද බිම අපිරිසිදු වීමට පටන් ගෙන තිබේ.
මෙසේ ගං ඉවුරු තුළ මලපහ කරනු ලැබූ විශාල පිරිසකට මෙම අලියා සිය කර්ත්‍යවය කිරීමට පවා ඉඩ නොදී බැතිමතුන් පසු පස එළවා පහර දෙන්නට ගිය අවස්ථා කීපයක් පසුගියදා සිදු වූ බව බැතිමතුන් රැගෙන යන ජීප් රථ හිමියන් පවසයි.
මෙම අලියා රාත්‍රී කාලයේදි නොපෙනන නිසා වැඩි පිරිසක් දිවා කාලයේ දී පූජාවන් තැබිමට ක්‍රියා කරන අතර අලියා සමග හීලෑ වූ නඩ සංවිධානය කරන කපු මහතුන් සිය පුද පුජා කටයුතු නිසි අයුරින් සිදු කරන අයුරු දැක ගත හැකිය.
මෙම අලියා විසින් බැතිමතුන් සිටින ඉසව්වට පැමිණෙන වළසුන්, ඌරන්, දිවියන් වැනි සතුන් පළවා හැර බැතිමතුන්ව ආරක්ෂා කරනු ලබන අතර එක් වන අලියකුට හැර වෙනත් වන අලින්ට මෙම සීමාවට පැමිණීමට මෙම සද්ධන්තයා ඉඩ නොදෙන බව බැතිමත්හු පවසති.
නිතරම දේවාල භූමියේ සිටින මෙම අලියාට අලි සිකුරුටි ලොක්කා යනුවෙන් බැතිමතුන් නම තබා ඇත

දෙයි හාමුදුරුවන් කැබිලිත්තෙන් සමුගන්නට පෙර...වන මැද පිහිටි "කැබිලිත්ත" පුදබිම පිළිබඳව එක්‌ මාධ්‍ය වාර්තාවක්‌ හෝ පළ කිරීම...
09/07/2016

දෙයි හාමුදුරුවන් කැබිලිත්තෙන් සමුගන්නට පෙර...

වන මැද පිහිටි "කැබිලිත්ත" පුදබිම පිළිබඳව එක්‌ මාධ්‍ය වාර්තාවක්‌ හෝ පළ කිරීමට අපට සිත් නොදේ. ඒ අනිකක්‌ නිසා නොව, බුරුතු පිටින් එහි ඇදෙනා අසංවර සංචාරකයන්ට එයද කැබිලිත්තට ආරාධනාවක්‌ විය හැකි බැවිනි. ඒ නැතිව සැබෑම පරිසර හිතකාමීන්ට, යහපත් බැතිමතුන්ට කැබිලිත්ත අනුහස්‌පිරි සැබෑම සැබෑ දෙවොලකි.

කතරගම දෙවිඳුන් ජීවමානව වැඩ වාසය කරන පුදබිම බවට සලකන කැබිලිත්තට පහසුවෙන්, ලෙහෙසියෙන් ළඟාවිය නොහැක. කොයි මාර්ගයෙන් ගියත් අවම තරමින් වළ ගොඩැලි සහිත, අගල් ආරවල් පිරි වනමැදින් කිලෝමීටර් 40 - 50 ක්‌වත් "ෆෝවීල්" රථයක ගමන් ගත යුතු ඉතා දුෂ්කර කටයුත්තකි. බොහෝ විට මෙම ගමන සඳහා අවම තරමින් ජීප් රථ දෙකක්‌වත් භාවිතයට ගත යුතු අතර ඉන් එකකවත් කේබල් බල පද්ධතියකින් (වින්ච්) සමන්විත යුතුව ඇත්තේ හදිසියකදී මඩේ එරෙන අගලක හිරවන, කඳු තරණයට බාධාවන විට බාහිරවද උපකාර අත්‍යවශ්‍ය නිසාවෙනි. මේ ආකාරයෙන් අතීතයේදී කැබිලිත්ත තරණය කළ නගරයේ ඇත්තෝ දැන් බුරුතු පිටින් ට්‍රැක්‌ටරවලද නැඟී කැබිලිත්ත බලා ඇදෙති. එනිසාම පාරම්පරික පා චාරිකාවේ යෙදුනු කැබලිත්ත වන්දනාකරුවෝද බොහෝ අපහසුතාවන්ට ලක්‌ව සිටිති.

කැබිලිත්තට අද ඇති ප්‍රධානතම බාධාව දැරිය නොහැකි පරිදි බැතිමතුන් හෝ සංචාරක පිරිස්‌ එහි පැමිණීමය. දුෂ්කරතා මධ්‍යයේ වුවද පැමිණෙන මෙම බොහෝ දෙනා කැබිලිත්ත ආශ්‍රිත ඇති ගංගාවේ දෙපස කඳවුරු බඳින අතර ඔවුන්ගෙන් පරිසරයට සිදුවන බලපෑම නම් අතිමහත්ය. විදුලි ජනක යන්ත්‍රවල සිට ආහාර පිසීම, නවාතැන් ඇතුළු කටයුතු සඳහා මෙම පිරිස්‌ වනාන්තරයට දැරිය නොහැකි අංගෝපාංග භාවිතයට ගනිති. මෙනිසාම අද කැබිලිත්ත පුදබිම ජනාකීර්ණ ස්‌ථානයකි.

පැමිණෙන බැතිමතුන් සංචාරක පිරිස්‌ කැබිලිත්තේ සියඹලාවේ දෙවොල පුදන්නටද අමතක නොකරති. ඒ සඳහා සුවිශේෂ වතාවත් ඉටුකළ යුතුය. සුදු ඇඳුමෙන් සැරසෙන මේ සියලු පිරිස්‌ මුරුතැන් බත් ඉවීමේ සිට දේව පුජාව, බෝධි පුජාව යනාදී කටයුතු සඳහා සුදානම් වන්නේ කුඹුක්‌කන් ඔය දැලේදීය. මෙනිසා මෙම වියළි කාලයේදී කුඹුක්‌කන් ඔය දැල දුම්රොටුවලින් පිරීයන්නේ මුරුතැන් බත (දෙවියන් උදෙසා පිරිනැමෙන පූජාවකි) පිසිනු නිසාවෙනි. ඉන්පසු එහිම හිඳ පලතුරු සහ කැවිලි යනාදියද පූජා භාණ්‌ඩද සමඟින් සැකසෙන බෝධි පුජා හා දේව පූජාව කැබිලිත්ත බෝධිය ඔස්‌සේ කැබිලිත්ත සියඹලාව දෙවොලට වැඩම වන්නේ මහත් භක්‌තියකිනි. පසුගියදා අපි එහි තොරතුරු සොයාගිය සංචාරයකදී දක්‌නට ලැබුණේ තුන්හාර සීයයක පිරිස්‌ මෙම පූජාවන්ට එක්‌ව සිsටි බවකි.

මෙසේ පැමිණෙන බැතිමතුන් හා සංචාරකයින් විසින් ගෙන එනු ලබන බොහෝ පරිසර දූෂක දැන් කැබිලිත්ත පුදබිමට මහා හිසරදයක්‌ බවට පත්ව ඇත. වනමැද හුදෙකලාව පිහිටි මෙම පුදබිම දිරා නොයන දූෂකවලින් හා ආහාර ද්‍රව්‍යවලින් කිලිටිවී ඇති ආකාරය අප ඉතා හොඳින් අත්දුටු දෙයකි. හඳුන් කූරු ආවරණයේ සිට, පොලිතින් දවටන, හට්‌ටිමුට්‌ටි, මැටි පහන්, බුදු පිළිම සුන්බුන්, දේව ප්‍රතිමා, බාරහාර උපකරණ යනාදී මෙකී නොකී බොහෝ දේවලින් දූෂිත කැබිලිත්ත පාලනය කිරීම ඉතා අපහසු කටයුත්තක්‌ බවට පත්ව ඇත්තේ අසංවර පුද්ගලයින් නිසා බව කැබිලිත්තේ යාබද හමුදා කඳවුරේ නිලධාරීහු අප සමඟ පැවසූහ. තමන් ගෙන ආ දේවල් නැවත රැගෙන යන ලෙස තමන් කොතෙක්‌ ඔවුන්ට දැනුම් දුන්නත්, බල කළත් ඇතැම් පිරිස්‌ ඒ පිළිබඳවද තැකීමක්‌ නොකරන බවද නිලධාරීහු පවසති.

කුඹුක්‌කන් ඔය දිගේ ඇවිද ගිය අපට දක්‌නට ලැබුණේ තැඹිලි කෝම්බ, වට්‌ටි, පෙට්‌ටි, පොලිතින් දවටන, හිස්‌ ප්ලාස්‌ටික්‌ වතුර බෝතල්, ඉටිකවර, ආහාර දවටන යනාදී නොයෙකුත් දේ තමන් මුරුතැන් බත් උයා දේව පූජාව සකස්‌ කළ ස්‌ථානවල ගොඩගසා ගොස්‌ ඇති බවකි. අපගේ නඩයේ ඇතැම් අය මෙම අශෝභන කටයුතු නොකරන ලෙස ඇතැම් නඩවලින් ඉල්ලා සිටි අවස්‌ථාවේදී ඇතැම් අය ඊට කන්දී කටයුතු කරනුද තවත් උදවිය ඊට අනුගත නොවනුද අපට දැකගත හැකිවිය. අපගේ නඩය නියෝජනය කළ ප්‍රවීණ ඡායාරූප ශිල්පී කේ. ජී. කීර්තිරත්න මහතා කල්තියාම කැබිලිත්තේ ශ්‍රමදානයකට සූදානම්ව කොළඹින්ම ඊට අදාළ බැහැරලන මලු රැගෙන ආවේය. ඉන්පසු අපගේ දේව පූජාවෙන් පසු අප ඉටුකළ ප්‍රධාන කාර්යය වූයේ කැබිලිත්ත පුදබිමේ ශ්‍රමදානයයි. අප සතු බැහැරලන මලු තවත් තරුණ කණ්‌ඩායම්වලට ලබාදුන් ඡායාරූප ශිල්පී ලක්‍ෂ්මන්, ප්‍රියන්ත, වාසල, යනාදීන් මෙන්ම සමන්ත, රජිත, යන අයද කැබිලිත්තේ කළ මහා විශාලම පිංකම බවට පත්වූයේ එහි කුණු කසළ එකතු කිරීමය. මේ අනුවු මහ සියඹලාව භූමිය මෙන්ම කුඩා සියඹලාව (දෙවොල) අවටද සුද්ධ පවිත්‍ර කළ අය ඇතුළු කණ්‌ඩායම කසළ මලු තොගයක්‌ම යළිත් වනාන්තරයෙන් එළියට රැගෙන ආවේය. ඊට දින කිහිපයකට ඉහතදී කැබිලිත්තට ගිය තවත් අපගේ හිතවතකුගේ සහෝදරයකු ට්‍රැක්‌ටරයක්‌ පුරවාගෙන කසළ ආපසු රැගෙන ගිය බවද ඔහු අප සමඟ පැවසුවේය. එක්‌ සතියකදී එහි පැමිණ තිබූ ට්‍රැක්‌ටර් සංඛ්‍යාව 46 කි. ඊට අමතරව තවත් ජීප් රථ, කැබ්රථ හා සිවුබල වාහන ගණනාවක්‌ද එහි විය.

කැබිලිත්තට පිරිස්‌ පැමිණෙන කාලයක්‌ ඇති බව සැබෑවකි. එම කාලයේදී පාලනයකින් තොරව පිරිස්‌ පැමිණෙන බවද සැබෑවකි. එහෙත් ඊට නීති දැමිය නොහැකිය. දැමීමද සදාචාර සම්පන්න නැත. නමුත් පැමිණෙන පිරිස්‌වලට සුවිශාල වගකීමක්‌ පැවරේ. එනම්, තමන් පැමිණෙන මෙම භූමිය ශුද්ධ භූමියක්‌ බවත්, වනාන්තර ගහකොළ, ඇළ දොළ පිරි සුන්දර පරිසර නිකේතනයක්‌ බවත් හතර වටින්ම ඇත්තේ ජාතික වනඋයන් හා රක්‍ෂිත වනාන්තරවලින් පිරි ගෞරවාන්විත වනගහනයක්‌ බවත් තේරුම් ගැනීමය. මෙහි ගිනි කූරක්‌ දැල්වීමත් වනාන්තරයට හානියක්‌ නම්, තමන් රැගෙන එන දූෂක දමා යැම මොන තරම් වරදක්‌ හා පාපයක්‌ද, බොහෝවිට මෙම දූෂක මගින් වන සතුන් මිය යන අවස්‌ථාද ඇත. හොඳම නිදසුන වන්නේ කැබිලිත්ත පුදබිම ආශ්‍රිතව වාසය කරන හස්‌තීන් තිදෙනාය. කැබිලිත්තට පැමිණෙන ඇතැම් අයට කැබිලිත්තට දේව පූජා තියන්නට මෙහි එක්‌ හස්‌තියකු ඉඩදෙන්නේම නැත. ඒ වෙනම කතාවකි. ඊට හේතුව පිරිසිදු ලෙස හා පිරිසිදු ෙච්තනාවෙන් මේ වනාන්තරයට ඇතුළුවීමට නොහැකි නිසාවෙන්ලු. ඒ කෙසේ වෙතද කැබිලිත්ත පුදබිම අවට සැරිසරන මේ ඇතුන්ගේ මළපහ පිළිබඳව අප කළ සොයා බැලීම්වලදී දැකගන්නට ලැබුණේ ඒවායේ බොහෝ සෙයින් පොලිතින් හා සිලිසිලි බෑග් කොටස්‌ අඩංගුව තිබු බවකි. එනම්, දේව පූජාවන්ට රැගෙන එන පලතුරු, ආහාර යනාදිය තැන තැන දමා යැමේදී අලින් විසින් එම ආහාර පොලිතින් පිටින්ම ගිල දැමීම හේතුවෙන් මෙම අවාසනාවන්ත තත්ත්වය උද්ගතව තිබේ. ඇතැම් හස්‌තීන් අවට කුණු බක්‌කි අවුස්‌සන ආකාරයද ප්‍රියජනක තත්ත්වයක්‌ නොවිනි. නමුත් කැබිලිත්තේ ආරක්‍ෂාව භාරව සිටින සිංහ රෙජිමේන්තුවේ පිරිස්‌ කැළ මෙම සියලු උපද්‍රව අවම කර වනසතුන්ටද පැමිණෙන බැතිමතුන්ටද තම උපරිම සත්කාරය පිරිනමනු අප ද අත්වින්ඳෙමු.

එසේම කැබිලිත්තට පැමිණෙන සැවොම සැබෑ බැතිමත්හු නොවෙති. ඇතැමුන් මෙහි පැමිණෙන්නේ තවත් ජංගල් සෆාරිකරුවන් පිරිස්‌ ලෙසිනි.

කාබී විනෝදවීම ඔවුන්ගේ පළමු අවශ්‍යතාවයි. කැබිලිත්තට පාරිසරික හා සමාජයික බලපෑම බොහෝ ලෙස සිදුවන්නේ මෙවන් පිරිස්‌ මගිනි. එසේම ඇතැම් නඩවල පැමිණෙන කාන්තාවන් මෙම පුදබිමට නිසි ගරුසරුවක්‌ නොදක්‌වා කටයුතු කිරීමද, හොර කපුවන් නිසාද කැබිලිත්ත අශෝභන වී තිබේ. ඒ නැතිව සැබෑ බැතිමතුන්ගේ සාදුකාර නදින් හා සීනු නදින් භක්‌තියෙන් පුද ලබන මෙම පුදබිම හා එහි ගහ කොළ සැබෑම සුවයක පහස ලබනු දැනේ.

එහෙයින් අද කැබිලිත්තට අවශ්‍යව ඇත්තේ අනවශ්‍ය සංචාරකයින් කැඳවන මාධ්‍ය ප්‍රචාර නතරවීම පමණක්‌ නොවේ. එන පිරිස්‌ විසින් රැගෙන එන සියලු දූෂක ආපසු රැගෙන යන ලෙසද අත්‍යවශ්‍ය බඩුබාහිරාදිය හා දූෂක මෙහි රැගෙන නොඑන ලෙසද කරනු ලබන ඉල්ලීමයි. එසේම සංවරව මෙහි හැසිරීමද කැබිලිත්ත සැබෑම වනයේ දෙවොලක්‌ සේ ආරක්‍ෂා කරන ලෙසද කරන ඉල්ලීමයි. එසේ වුවහොත් කැබිලිත්ත තවත් කලක්‌ විරාජමානව වැජඹෙනු ඇත. නොඑසේ නම් කැබිලිත්ත දෙයිහාමුදුරුවන්ගේ ස්‌පර්ශයෙන් ව්‍යqක්‌තවනු ඇති බවට දැනටමත් එහි මහපොළොව සාක්‍ෂි දරනු පෙනේ.

09/07/2016

ඌව පළාතේ මොන­රා­ගල දිස්ත්‍රි­ක්ක­යට අයත් කොටි­යා­ගල නමැති දුෂ්කර ගම්මා­නයේ සිට මහා කැබි­ලිත්ත පුද­බිම වෙත කිලෝ­මී­ටර් 36 ක දුර ප්‍රමා­ණ­යක් ඇත. එම මාර්ගය වැටී ඇත්තේ ඝන වනා­න්ත­රය හරහා ය. මෙය අති දුෂ්කර ගම‍නක් බව කිව­යු­තු­මය. එම මාර්ගයේ යෑමට වැඩි වශ­යෙන් භාවිතා වන්නේ ට්‍රැක්ටර් රථයි.
ඉන්පසු මහ වනයේ මඳක් දුර ගමන් කර එක්තරා ස්ථාන­ය­කදී කොළ අතු කඩා ගසක එල්ලා සියලු දෙනාට වනයේ රැක­ව­ර­ණය අපේක්ෂා කරති. තැනිත් තැන සිදුව ඇති වන විනා­ශය නිසා ගම­නට පැය 6 ක පමණ කාල­යක් ගතවේ. ඉන්පසු කැබි­ලිත්ත පුද බිම අස­ලින් ගලා බසිනා කුඹු­ක්ක­න්ඔය අස­බඩ කූඩා­රම් ගසා රැය පහන් කරති.
පාන්ද­රින් අව­දිවී දෙවි­යන් උදෙසා පිරිමි පාර්ශ්වය විසින් ප‍ූජා­වන් සකස් කරනු ලැබේ. ඉන්පසු ගඟෙන් එගොඩ වන බැති­මත්හු පළ­මුව බුදුන් නමැද දෙව­නුව දෙවි­යන් උදෙසා පුද පූජා පවත්වා ආශි­ර්වාද ලබා­ග­නිති.

මෙතැන ඇති විශේ­ෂ­ත්වය වන්නේ කත­ර­ගම දෙවි­යන්ගේ ආභ­රණ සඟවා ඇතැයි පැව­සෙන පැරැණි සිය­ඹලා වෘක්ෂය තිබීම හා කත­ර­ගම දෙවි­යන් භාව­නා­නුයෝ­ගීව මෙහි වැඩ සිටිනා බවට ඇති විශ්වා­ස­යයි.
නිර්මාං­සව දින 7 ක් ගත­කර දෙවි­යන් උදෙසා පේවී මහත් භක්ති­යෙන් පුද පූජා කරනා බැති­මත්හු සිතේ සහ­න­යෙන් යුතුව මහා කැබි­ලිත්ත පුද­බිම වන්දනා කරති. එතැ­නදී සිතට දැනෙන සැන­සිල්ල වච­න­යට නැඟිය නොහැකිය.

මඟදී හමු­වන අලි, වල­සු­න්ගෙන් කාට­වත් කර­ද­ර­යක් නොමැත. අපට මෙන් ම සතුන්ට ද අයිති වන බිම රැක­ගැ­නීම අප සැමගේ වග­කී­මක් වන්නේ ඒ නිසා ය. මහ කැබි­ලිත්ත පුද­බිම ඉම­හත් බැති­යෙන් වන්දනා මාන කළ මාගේ ප්‍රාර්ථ­නය එම ස්ථානය නිර­තු­රු­වම සුරැ­කේවා යන්නයි

08/07/2016
kebiliththa /කැබිලිත්ත දේවාලයකැබිලිත්ත දේවාලය වන්දනා කිරීමට යන ඔබටඔබ සිතින් කනස්සල්ලෙන්ද සිටින්නේ ඔබගේ ආරක්ෂිත වන්දනා ගම...
08/07/2016

kebiliththa /කැබිලිත්ත දේවාලය
කැබිලිත්ත දේවාලය වන්දනා කිරීමට යන ඔබට
ඔබ සිතින් කනස්සල්ලෙන්ද සිටින්නේ ඔබගේ ආරක්ෂිත වන්දනා ගමන පිළිබදව.. ?
ඇත්තටම මේ වන්දනා ගමන හරිම දුෂ්කර ගමනක්.සාමාන්‍ය වාහනයකින් මේ ගමන යන්න බෑ.මාර්ගය එරෙන සුලුයි.මේ සදහා හොදම වහනය ට්‍රැක්ටරයයි.නැතහොත් 4වීල්(4*4) කරන ලද වාහනයකි.සාමන්‍යයෙන් මේ ගමනට අදික මුදලක් අය කරනවා.නමුත් අපි මේ ඉතා සුළු මුදලකුයි අය කරන්නේ.මේ ගමන කැළේ මැදින් පැය ගණනක් යා යුතු ගමනක්.අලි,කොට්,වලසුන් හරහා යා යුතුයි.නමුත් මෙම සැදැවත් ගමන යන කිසි කෙනෙකුට කිසිම ව්පතක් වෙන්නේ නෑ. අපේ පළපුරුදු රියදුරන් ඉතා පරිස්සමෙන් ඔබව මෙම පින් බිමට රැගෙන යාවී. ඔබට සුරක්ෂිත ගමනාන්තයක් ලබා දීමට අපගේ පළපුරුදු රියදුරන් සැදී පැහැදී ඉන්නවා..
සුරක්ෂිත වන්දනා ගමනක් සංවිධානය කර ගැනීමට දැන්ම අමතන්න TP 0766474063

08/07/2016

කුමන වන විමනේ කැබිලිත්ත පුදබිම



අග්නිදිග ආසියාවේ වැඩි ම කුරුලු ගහනයක් වාර්තා වන්නේ කුමන ජාතික වන උයනෙනි. කුමන පරසිදු කුරුල්ලන්ට ය. සියොත් වග පිළිබඳව විමසන සොබාදම් රසිකයෙකුට කුමන විල්ලුව ඊට කදිම තෝතැන්නකි. දෙස් විදෙස් පක්ෂි විශේෂ 285 ක් පමණ මෙහි වාර්තා වෙයි. නැගෙනහිර පළාතේ අම්පාර හා ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්ක තුළ පිහිටා ඇති මේ වන උයන යාල නැගෙනහිර උද්‍යානය, ඕකන්ද ජාතික උද්‍යානය යනුවෙන්ද හඳුන්වයි. ත්‍රස්තවාදය නිමා වීමත් සමඟ හෙක්ටයාර 35664.7 ක පමණ වපසරියක් ඇති මෙම සොඳුරු වන අරණ සොබාදමේ හිතවතුන් වෙනුවෙන් යළි විවරව ඇත.

සැප්තැම්බර් සිට අප්‍රේල් දක්වා කාලසීමාවේ දී මේ විහඟ විමන දෙස් විදෙස් සියොතුන් ගේ පාරාදීසයක් බවට පත් වෙයි. කැබිලිත්ත දෙවොළ කුමන වන විමනෙහි ඇති තවත් අපූරු ස්ථානයකි. පරිසරයේ සොඳුරු බව, කුඹුක්කන් ඔයෙහි අසිරිය, දේව භක්තිය ජනප්‍රවාද ආදී බොහෝ දෑ කැබිලිත්ත දෙවොල හා බැඳී පවතී. එබැවින් එය සොබාදමේ සොඳුරු බව විමසන්නෙකුට ජනශ්‍රැති වේදියෙකුට, ගවේෂකයෙකුට යන කවරෙකුට වුව ද සිය කටයුත්තට කදිම තෝතැන්නකි.



කැබිලිත්ත දේවාලය වෙත යාමට මත්තෙන් සතියක් පමණ මාංශමය ආහාරවලින් තොරව පේ විය යුතු ය. එය විශ්වාසයකට වඩා පරිසරයට වන්දනා කිරීමක් යැයි මට සිතේ. අපි ද එලෙස පේ වීමු. එමෙන් ම කැබිලිත්ත පිළිබඳ පත පොතේ සඳහන් දෑ මෙන් ම එන ප්‍රවාද ගැනද විමසා බැලීමු.

සතියක පෙර සූදානමකින් යුතු වූ අපි දිනෙක හවස්වරුවේ කොළඹින් පිටත්වීමු. කොළඹ සිට කුමන වනෝද්‍යානයට ආසන්න වශයෙන් කි. මී. 365 ක පමණ දුරක් වෙයි. මේ සඳහා මාර්ග කිහිපයක් ම ඇති අතර අප තෝරා ගත්තේ කොළඹ සිට මහියංගණය, අම්පාර, අක්කරේපත්තුව, පොතුවිල්, පානම ඔස්සේ කුමන වෙත වැටී ඇති මගයි.

පසුදා පාන්දර ම අවැසි අඩුම කුඩුමද සපයා ගත් අපි පිටත් වුනෙමු. බිහිසුණු ත්‍රස්තවාදයෙන් නිදහස් වූ ප්‍රදේශවල සාමකාමී වන ජීවිතය දළුලා වැඩෙයි. වෙනදා තිබූ සැකමුසු බව බිය සංකා පහව ගොසිනි. නැගෙනහිර නවෝදය වැනි වැඩසටහන් යටතේ මං මාවත්, පාලම් ඇතුළු යටිතල පහසුකම් සැකසෙමින් පවතී. පසුවන වෙල් යායක සිටින මොනරකු ගේ රුව නෙතට මිහිරකි. දිය තලය මත සුළඟ සිය අතැඟිලි තුඩින් නිමවන සිතුවම උදාහිරු ගේ රිදී පැහැයෙන් වර්ණවත් වෙයි.



උදෑසන හතට පමණ අපි කුමන වන විමනේ �ඕකන්ද පිවිසුම� වෙත ළඟ වීමු. වනෝද්‍යානයට පිවිසීම සඳහා නිසි අවසරය ලැබූ අපි මාර්ගෝපදේශකයෙකු සමඟ වන උයනට පිවිසුනෙමු.

�මෙතන ඉඳල බොහොම පරිසමට යන්න ඕනෙ. සමහරු කැබිලිත්තට ගිහින් මෙතන මොනවද බලන්න තියෙන්නේ කියල අහනවා. ඒත් එහෙම අහපු හුඟ දෙනෙකුට මොකක් හරි කරදරයක් වෙනවා. ඒක කැබිලිත්තේ තියෙන හාස්කමකි.� ඒ අපේ මඟ පෙන්වන්නාගේ හඬයි. ගමන ඇරඹුමේ දී ම නෙත ගැටුණු තිත් මුව රංචුව ගමනට සුබ නිමිත්තකි. පලු, වරා, කොහොඹ, සියඹලා, බුරුත වැනි වියළි කලාපයේ දක්නට ඇති ශාඛ කුමන වන උයන තුළ වැඩි වශයෙන් හමුවෙයි.

ඕකන්ද දේවාලය කුමන වන බිමෙහි ඇති තවත් පුදබිමකි. කුමන ඕකන්ද පිවිසුමේ සිට මීට ඇත්තේ මඳ දුරකි. ආපසු පැමිණෙන විට එහි යාමේ අදහසින් අපි එහි නොවැතී මු. �කුමනට ඇයි මේ හැටි කුරුල්ලො එන්නේ� මම මාර්ගෝපදේශකයාගෙන් විමසුවෙමි. �කුඹුක්කන් ඔයේ මෝය මේ කාලෙට ඉබේ ම වැහෙනවා. එතකොට කුමන කලපුවෙන් ගලන වතුර නිසා කුරුල්ලන්ට හොඳ පරිසරයක් ඇති වෙනවා. ඒ වගේ ම මේකෙ තණබිම් කලපු, විල්ලු, මෝය, ගංගාධාර වනාත්තර වගේ කුරුල්ලන්ට වාසයට සුදුසු තැන් බොහොමයි.

�ඔය තියෙන්නේ බාගුරේ කළපුව. මෙහෙම කුරුල්ලො ඉන්න කොට මෙතන හෑබෑ ලස්සනයි. ඒ දුමින්ද ගේ හඬයි. සැවොම විහඟ රුවින් හැඩ වූ බාගුරේ කලපුවේ සුන්දරත්වය නෙත තවරයි. මම ද කුරුල්ලකු දෙදෙනෙකු හඳුනා ගන්නට වෑයම් කළෙමි. මේ කලපුව හා බැඳි අපූරු ජන කතාවක් ගුණසේකර ගුණසෝමයන් ගේ �පිඹුරු හටන� (පානම් පත්තුවේ ජනකතා) කෘතියෙහි සඳහන්ව ඇත.



කුඹුක්කන් ඔයට සමාන්තරව අපේ රිය ඉදිරියට ඇදෙයි. යාල වනෝද්‍යානයෙන් කුමන වනෝද්‍යානය වෙන්වන සීමාව කුඹුක්කන් ඔයයි. ගස් කොළන් අතරින් නිවැරදි මග තෝරා ගැනීම අපට අපහසු ය. ඇතැම් තැනකින් රිය හරවා ගැනීම පවා අසීරු ය.

කුඹුක්කන් ඔය අසබඩ එක් අපූරු ස්ථානයක අපි ගිමන් හලෙමු. මියගිය කුළුහරකෙකු ගේ හිසක් ගසක් පාමුල විය. මේ ස්ථානය සුවිශේෂී ය. කැබිලිත්ත වඳින්නට යන්නෝ මෙහි දී වන අතු කඩා ගස් දෙබලක රඳවති. ඒ දේව ආරක්ෂාව අපේක්ෂාවෙනි. කුඹුක් ගස් ඔය දෑල පුරා වැඩි වශයෙන් පැතිරී ඇත. ඒ කු�ඹුක් තුරු පෙළ දුටුවිට �කුඹුක්කන් ඔය� යන නම මේ දිය දහරට කොතරම් උචිත දැයි හැඟේ.

වන අරණේ විජිනි පතින් සලන සුවදායක පවන් රැල්ලේ සුවය විඳිමින් අපි උදෑසනට සප්පායම් වීමු. �රජ කාලෙ මෙතන අමුණක් තිබිල තිබෙනවා. දැං ඒව කැඩිල බිඳිල ගිහිං. ඔය තියෙන්නේ ඒ අමුණෙ නටබුන්� මඟ පෙන්වන්නා තවත් තොරතුරක් අපට පවසයි. ඔය දෑල ඉවුරේ සිට ගඟ මැඳ තෙක් ගල් කැබලි යොදා ඔය හරස් කොට මෙම අමුණ සාදා ඇත. මෙය පමණක් නොව පුරා විද්‍යා වටිනාකමකින් යුතු ස්ථාන ගණනාවක්ම මේ වනෝද්‍යානය තුළ වෙයි. ඒ අතුරින් කුඩුම්බිගල, බඹරගස්තලාව, නෙළුම්පත් පොකුණ, කිරි පොකුණ, දිවුලකගොඩ පන්සල බෝවත්තේගල යන ස්ථාන වඩාත් වැදගත් ය.

කාවන්තිස්ස, දුටුගැමුණු, සද්ධාතිස්ස යන රාජ්‍ය සමයන්හිදී මේ ප්‍රදේශ ඉතා සශ්‍රීකව පැවති බවට කුමන ඇතුළු වැව්ගම් පත්තුව පුරා විසිරී ඇති නටබුන්වලින් පැහැදිලි වෙයි. දුටුගැමුණු රජු එළාර රජු සමග යුද්ධයට යාමේ දී සද්ධාතිස්ස කුමරු දිගාමඩුල්ල ප්‍රදේශයට පැමිණ මෙහි වාරි කර්මාන්තාදිය කරවා වී ගොවිතැනට ඇවැසි කටයුතු සම්පාදනය කළේය. ඉන්පසු හෙළ රජදරුවන්ගේ අනුග්‍රහයෙන් මේ ප්‍රදේශ වඩාත් සරුසාර විය. නමුත් ක්‍රි.ව. 1505 පසු කාලය වන විට පරසතුරු ආක්‍රමණ හා වෙනත් ව්‍යසන නිසා මේ ප්‍රදේශ ක්‍රමයෙන් ජනශුන්‍ය බවට පත් විය.

වෙහෙර විහාර, ආරාම වල් බිහි වන්නට විය. කොළ, රොඩු එක්ව සැදුණු ශාඛ ආහාරය වතුරින් කලතා බෙදා හැරිණි. වැස්ස වැව්ගම්පත්තුව පුරා වනය ව්‍යාප්ත කරලීමට අනුබල සැපයීය . මේ මහවනය සමඟ පොර බදන්නට සමත් වූවෙක් මෙහි නොවී ය. ඉතිරි වූ ජනයා ද සිය ගම්බිම් වැව් අමුණු වනයට භාරකාර වෙනත් ගම් බිම් වෙත පියනැගූහ.

ක්‍රි.ව. 1818 දී උඩරට වෙල්ලස්ස කැරැල්ලෙන් පරාජය වූ සිංහලයාගේ ගම්බිම් ඉංගී‍්‍රසින් විසින් වනසා දමන්නට කටයුතු කරනු ලැබී ය. මේ නිසා සිංහලයෝ සිය ගම්බිම් අතැර යළිත් දිගාමඩුල්ලේ වන භූමිවල පිහිට පතා පැමිණිය හ. හේන, දඩයම ඔවුන්ගේ දිවි රැක ගැනීමට උදව් උපකාරී විය. මේ නිසා ශත වර්ෂ 3 ක පමණ කාලයකට පසු යළිත් දිගාමඩුල්ලට මිනිස් පහස ලැබෙන්නට විය. එය දිගාමඩුල්ලටම ආවේණික වූ සංස්කෘතියක ඇරඹුම ද විය.



අපි කැබිලිත්ත දේවාලය වෙත ළඟා වීමු. ගං ඉවුරෙන් මෙපිට ඇති කඳවුරු බිම් තුළට පිවිසී අපි කූඩාරම් ගසා අඩුවැඩිය එහි තැන්පත් කළෙමු. ඕකන්ද පිවිසුමෙන් මෙහි පැමිණෙන සංචාරකයින්ට රාත්‍රිය මේ කඳවුරු බිමෙහි ගත කරන්නට සිදු වෙයි. දෙවොල් බිමට පිවිසීමට කුඹුක්කන් ඔය තරණය කළයුතු ය. නමුත් ඊට පෙර සිදුකළ යුතු වතාවත් කීපයකි.

මේ වනපෙත, අවට පරිසරය සොබාදහමේ අපූරු නිර්මාණයකි.තුරු මුල් සිප ගලා එන කුඹුක්කන් ඔයේ දිය දහර විඩාබර ගතට ජීවනදායක අමෘතයකි. දේවොල් බිමට පිවිසීමට මත්තෙන් දෙහි කැබැල්ලක් හිස තවරා ස්නානය කර ගත රැඳි දුහුවිලිත් සිත රැඳි කෙළෙස් කුණුත් සෝදා පිරිසිදු වීමු.


දේව පූජාවට කිරිබත් සැකසීම

දෙවොල වෙත රැගෙන යන පූජාවට්ටිය සැකසීමේ කාර්යය ද සුවිශේෂී කටයුත්තකි. පළමුව ගංඉවුරේ හාරන ලද වළක වතුර පිරෙන්නට ඉඩ හරී. එම වතුර පෑදුණු පසු ඊට කහ මුසුකර එම කහදියරෙන් පළතුරු සෝදාගනු ලබයි. එක් කණ්ඩායමක් විසින් ප්‍රයෝජනයට ගත් දිය වලක් තවත් කණ්ඩායමක් ප්‍රයෝජනයට නොගනී. එය ප්‍රයෝජනයට ගත් තැනක් වග හැඟවීමට කුඩා අතු කැබැල්ලක් දියවලෙහි ඉවුරේ රඳවයි.

පූජා වට්ටියක් ද සකසා ගත් අපි දෙවොල් බිමට පිවිසුනෙමු. ඒ තුළ ඇත්තේ සැබෑ පරිසර වන්දනයයි. කිසිදු ගොඩනැගිල්ලක් හෝ දේව රූපයක් එහි නොමැත. විශාල සියඹලා ගසක් පංමුල සිට අපි දේව වන්දනයෙහි යෙදුනෙමු. කපුවකු හෝ පූජා පවත්වන කිසිවෙක් එහි නොමැත. නමුත් එහි යනෙන සෑම දෙනා ඊට ම අනන්‍ය වූ වතාවත් නොපිරිහෙළා ඉටු කරති.

ඔක්කම්පිටිය, මොණරාගල වැනි ප්‍රදේශවල ජනතාව මෙම පුදබිම� සියඹලාවේ දේවාලය� ලෙස හඳුන්වති. කතරගම දෙවියන් ජීවමානය මෙහි වැඩසිටිනා වග ඔවුන්ගේ විශ්වාසයයි. කතරගම දෙවියන් ඔවුන් හඳුන්වන්නේ කැබිලිත්තේ දෙවියන් යන නමිනි. මේ වටා ගෙතුණු අපූරු ජනකතා රැසක් ද වෙයි. මේ නිසා ඔවුන්ගෙන් ඇතමෙක් අස්වැන්න කපා පාගා ගැනීමෙන් පසුව දුෂ්කර ගමන් මගක් ගෙවා මෙහි පැමිණෙති. පසුව පැන් නුමුසු කිරිබතක් සාදා දෙවියන්ට පුද කර දේව වන්දනයේ යෙදෙති.

පුදපූජා හා භාරහාර ඉටු කිරීමට පැමිණි පිරිසක් මෙහිදී අපට මුණ ගැසිණි. ඔවුහු සුදු පිරුවට හැඳ හිස හා මුඛය ආවරණය කර කිරිබතක් පිසිමින් සිටියහ. මෙහිලා සැකසෙන්නේ පැන් නුමුසු කිරිබතකි. මේ කිරිබත සැකසීමේ කිසිදු කටයුත්තකට ස්ත්‍රීන් සහභාගී නොවේ. ඔවුන් මේ කටයුතු සඳහා යොදාගත හොත් දෙවියන්ට කිලිඅසුවේ යැයි යන විශ්වාසය ඊට හේතුවයි. නමුත් මෙහි වන්දනාමාන කටයුතු සඳහා ඇයට තහනමක්, බාධාවක් නැත.

දේව වන්දනයෙන් පසු නැවත කුඹුක්කන් ඔය ඉවුර වෙත පැමිණි අපි සොබාදහමේ සැබෑ සුන්දරත්වය යළිත් අත් වින්දෙමු. මේ සොඳුරු බව හා දෙව් බැතිය අමුතු චමත්කාරයක් සිත තුළ උපදවයි.

වනපෙතට කෙමෙන් සැඳෑව ළං වෙයි. සැදෑ සුළඟ දිවාකල පැවති උණුසුම පිසදමන්නට විය. නිල් තුරු හිස් නිල් පැහැයේ සිට අඳුරු පැහැයට හැරෙමින් ඇත. තවත් හෝරාවකින්, දෙකකින් පමණ රාත්‍රිය උදාවෙයි. සොබාදම් යුවතිය නැමැති මේ කමනීය කමලාව සමඟ ගෙවන රාත්‍රිය ආනන්දනීය වනු ඇත. මේ සොඳුරු රැයට ගීතවත් පසුබිමක් සපයන්නට සූදානමින් රැහැයියන් සිය වීණා සුසර කිරීම අරඹා තිබේ. තව සුළු මොහොතකින් ඒ ආනන්දනීය රාත්‍රිය ආරම්භ වනු ඇත.

රුහුණු කතරගම දෙවියන්ගේ පිහිට ප්රාaර්ථනා කරගැනීමට කතරගම දේවාලයට එන බැතිමතුන් කතරගම දෙවියන් පිදීම සඳහා යන තවත් අනුහස් ඇති ...
08/07/2016

රුහුණු කතරගම දෙවියන්ගේ පිහිට ප්රාaර්ථනා කරගැනීමට කතරගම දේවාලයට එන බැතිමතුන් කතරගම දෙවියන් පිදීම සඳහා යන තවත් අනුහස් ඇති ස්ථානයක් යාල වනෝද්යාgනයේ පිහිටා තිබේ. ඒ සියඹලාව හෙවත් කැබිලිත්ත දේවාලයයි.දෙවියන්ගේ කැලය ලෙස අතීතයේ ජනයා හැදින්වු මෙම ඓතිහාසික භූමිය පිහිට ඇත්තේ යාල වනෝද්යාිනයේ කළාප අංක 3 කොටසේය.

කැබිලිත්තට යෑමට මාර්ග හතරක් පවතී. ඒවානම්, යාල ජාතික වනෝද්යාැනයෙන් පැමිණ කලාප අංක 2 ඔස්සේ මැණික් ගඟ හා කුඹුක්කන් ඔය තරණය කිරීමෙන්ද, කුමන ජාතික වනෝද්යාවනය හරහාද, යාල කළාප අංක තුනට අයත් ගල්ගේ මාර්ගයෙන්ද, මොනරාගල හරහා කොටියාගල ඔස්සේ ඇති මාර්ගයද යන ඒවා වේ.

‘‘මුහුණු සයකි අත් දොළහකි මයුරාපිට වාහනේ” කී සැණින් සංකේතවත් වන්නේ කතරගම දෙවියන්ය. කාර්තිකේය දෙවියන් ලෙස දෙවිවරු අතරින් අතිශය පුද පූජා ලබන දෙවියකු ලෙස කතරගම දෙවියන් සැලකේ. ස්කන්ධ කුමාර,වේලූපිල්ලේ, මුරුගන්, වේලන්, සුබ්රූමනියම්, කන්දසාමි, කදිරදේව, කදිරවේල්, කාර්තික, තාරකාජින්, යන නම් වලින් හින්දූ භක්තියන්ගේ වන්දනාමානයට පාත්රම වන්නේද කතරගම දෙවියන්ය. අදවනවිට හින්දු පමණක් නොව බෞද්ධයන් අතරද සුවිශේෂ ඇදහීම්වලට මෙන්ම ගෞරවාදරයට පාත්ර වූ දෙවියකු ලෙස කතරගම දෙවියන් ප්රයකටය. බොහෝ අනුහස් ඇති දෙවියකු ලෙස කතරගම දෙවියන් විශ්වාස කරන අතර ජන ශූන්යෙ පරරය දේශ වලදී කතරගම දෙවියන්ගේ පිහිටාරක්ෂා්ව ලැබීම ගැන විවිධ ජනපරයන්වාද ද සමාජයේ පවතී. මේ කැබිලිත්ත දේවලය කතරගම දෙවියන් භාවනා යෝගීව වැඩ සිටින ස්ථානයක් ලෙස අදටත් පිළිගනු ලැබේ.

අතීතයේදී අප රට ආක්ර මණය කළ විදේශිකයන් කතරගම දේවලායේ වස්තුව පැහැර ගන්නට මාන බැලූ අතර අපේ මුතුන් මිත්තන් විදේශීය අකරාරමමණයෙන් දේවාලයේ වස්තුව බේරා කැබිලිත්තේ රාළ නමැති කපු මහත්තයාට දෙවියන්ගේ වස්තුව භාර කරණ ලදී. පසුව අද දක්නට ලැබෙන සියඹලා ගසේ ඒ වස්තුව හංගා පූජාව කළ අතර පසුව එම වස්තුව නැවත දේවාලයට රැගෙන එන ලදී. කැබිලිත්තේ රාළ ඕලන්දකරයන් සමග තනියම ලොකු සටනක් කර මිය ගිය අතර එම කැබිලිත්තේ රාළ පසුව කතරගම දෙවියන්ගේ අණින් සියඹලා දේවාලය රැක ගනු ලබන බව ජනප්රනවාදයේ එයි…

මෙම කැබිලිත්ත හෙවත් සියඹලා දේවාලය වැඳ පුදාගැනීම ලෙහෙසි පහසු කාරියක් නොවේ. එම ගමනට යන අය මස් මාංශයෙන් තොරව මාසයක් පමණ පේවීම අනිවාර්ය වේ. මෙම ගමනේදී ඉතා දුෂ්කර මාර්ග රැසක් පසුකර යායුතුය. තලාකොළආර, කටුපිලආර වැනි ජල මාර්ග කිඹුලන්ගෙන් ගහනය. ගල්ගේ මාර්ගයෙන් හැර අනෙක් මාර්ග 3න් යන සෑම අයකුම කැලේ දේවාලය අඩවියට පිවිසීමෙන් පසු කුඹුක්කන් ඔයට බැස එගොඩ වී යායුතුය. රැගෙන යන පලතුරු ඇතුළු පුද පූජා ගංවැල්ලේ ළිං හරා එම ජලයෙන් සෝදා, පූජාවට තැබිය යුතුවේ. එසේම මෙම ප්රෙදේශයට ආවේනික වූ දේව නීති රැසක් පවතින අතර යන බෙහෝ පිරිසක් එම නීති කඩමින් පුද පූජා තැබීම මත විවිධ උපද්රටවවලට ලක් වන බවද විශ්වාසයේ පවතී.

භක්තියෙන් යන බැතිමතුන්ට සෙතක් ද භක්තියෙන් තොරව යන අයට හිරිහැර දුක් කරදර ඇතිවන බව එහි ගිය බොහෝ දෙනෙක් පවසති. කෙසේ හෝ සියළු දුෂ්කරතා විද දරා ගනිමින් දෙවියන්ගේ පිහිට හා රැකවරණය පතා බොහෝ බැතිමතුන් මෙහි ගමන් කරයි…

07/07/2016

රුහුණු කතරගම දෙවියන්ගේ පිහිටි ප‍්‍රාර්ථනාකර ගැනීමට කතරගම දේවාලයට එන බැතිමතුන් ඇති හැකි අය කතරගම දෙවියන් පිදීම සඳහා යන තවත් අනුහස් ඇති ස්ථානයක් යාල වනෝද්‍යානේ පිහිටා තිබේ.
ඒ සියඹලාව හෙවත් කැබිලිත්ත දේවාලයයි. දෙවියන්ගේ කැලය ලෙස අතීතයේ ජනයා හැඳින්වූ මෙම ඓතිහාසික භූමිය පිහිටා ඇත්තේ යාල ජාතික වනෝද්‍යානයට අයත් අංක තුන කලාපයේය.
‘‘මුහුණු සයකි අත් දොළහක් මයුරාපිට වාහනේ’’ කී සැණින් සංකේතවත් වන්නේ කතරගම දෙවියන්ය. කාර්තිකේය දෙවියන් ලෙස දෙවිවරු අතරිනුත් අතිශය පුදපූජා ලබන දෙවියකු ලෙස කතරගම දෙවියන් සැලකේ. ස්කන්ධකුමාර, වේලූපිල්ලේ, මුරුගන්, වේලන්, සුබ‍්‍රමනියම්, කන්දසාමි, කදිරදේව, කදිරවේල්, කාර්තික, තාරකාජින්, යන නම් වලින් හින්දූ භක්තියන්ගේ වන්දනාමානයට පාත‍්‍ර වන්නේද කතරගම දෙවියන්ය.අදවනවිට හින්දු පමණක් නොව බෞද්ධයන් අතර ද සුවිශේෂ ඇදහීම්වලට මෙන්ම ගෞරවාදරයට පාත‍්‍රවූ දෙවියකු ලෙස කතරගම දේවියන් ප‍්‍රකටය. රෝග බියක දී, අතුරු ආන්තරාවක දී, පිහිටාරක්‍ෂාව මෙන්ම භවභෝග වගාවේදී ද ආරක්‍ෂක දෙවිකෙනකු ලෙස කතරගම දෙවියන් ප‍්‍රකටය.බොහෝ අනුහස් ඇති දෙවියකු ලෙස කතරගම දෙවියන් විශ්වාස කරන අතර ජන ශූන්‍ය ප‍්‍රදේශවල දී කතරගම දෙවියන්ගේ පිහිටාරක්‍ෂාව ලැබීම ගැන විවිධ ජනප‍්‍රවාද ද සමාජයේ පවතී.
මේ කැබිලිත්ත දේවලය කතරගම දෙවියන් භාවනා යෝගීව සිටීමට තිබෙන ස්ථානයකි.
අතීතයේදී අප රට ආ කුමන්ත්‍රණය කළ විදේශිකයන් කතරගම දේවලායේ වස්තුව පැහැර ගන්න මාන බැලූවා. අපේ මුතුන් මිත්තන් විදේශීය අක‍්‍රමණයෙන් දේවාලයේ වස්තුව බේරා කැබිලිත්තේ රාළ නමැති කපු මහත්තයාට දෙවියන්ගේ වස්තුව භාර කළා. ඔය අද තියෙන සියඹලා ගහේ තමයි ඒ වස්තුව හංගලා පූජාව කළේ. පස්සේ එම වස්තුව නැවත දේවාලයට රැගෙන ආවා. කැබිලිත්තේ රාළ ඕලන්දකරයන් සමග තනියම ලොකු සටනක් කර මිය ගියා. එම කැබිලිත්තේ රාළ තමයි. කතරගම දෙවියන්ගේ අණින් සියඹලා දේවාලය රැක ගත්තේ‘‘
මෙම භූමියේ ඇත්තේ දේවාලයක් ලෙස කුඩා අඩි 7ක් පමණ වන සියඹලා ගසකි.
සියඹලා ගස වටා ඇත්තේ මහා රූස්ස ගස් රැසකි. අඩි 12ක් පමණ රවුමක් මැද මෙම සියඹලාව පිහිටා ඇති අතර නිතර බිම අතු ගෑ අයුරින් පවිත‍්‍රව පවතී. කිසිදු කොළයක් මෙම භූමියට පතිත නොවන අතර කොතෙකුත් වන සතුන් ගැවසුන ද පුදුම නිහඬතාවයකින් පරිසරය සකස්ව පවතී.
මෙම ශුද්ධ භූමිය වටා බෝරුක් හා ගල්කණු දැකිය හැකි අතර වන්දනාකරුවෝ මෙම ස්ථාන වෙතද පැමිණ පුද පූජා පවත්වනු ලබයි. 1818 ඌවේ කැරල්ල මෙහෙය වූ කැරලිනායකයන් කතරගම දේවාලයට යාමට නොහැකි ව සෑම ප‍්‍රහාරයකටම ප‍්‍රථම කැබිලිත්ත දේවාලයට පැමිණ කඳසුරිඳුන්ගේ ආශිර්වාදය ලබාගත් බව ඌව ඉතිහාසය ලියූ පණ්ඩිත නාවුල්ලේ ධම්මානන්ද ස්ථවිරයන් පවා සඳහන් කර ඇත.
අතීතයේ ගොවි ජනයා සිය අස්වැන්නේ ප‍්‍රථම කොටස දෙවියන්ට පූජා කිරීමට මෙම කැලයට පැමිණි අතර වසර 30ක් පුරා අප රටේ පැවැති යුද්ධය හේතුවෙන් කිසිවකුටත් මෙම ස්ථානය වෙත පැමිණීමට නොහැකි විය.
මෙම ගමනෙ දී මොණරාගල දිස්ත‍්‍රික්කය, හම්බන්තොට දිස්ත‍්‍රික්කය, අම්පාර දිස්ත‍්‍රික්කය ද අසුවෙයි.
කුමන ජාතික වනෝද්‍යානයට පැමිණ යාල අංක තුනට අයත් කොටියාගල ඔස්සේ ඇති මාර්ගයයි.
මෙම කැබිලිත්ත හෙවත් සියඹලා දේවාලය වැඳ පුදාගැනීම ලෙහෙසි පහසු කාරියක් නොවේ. එම ගමනට යන අය මස් මාංශයෙන් තොරව මාසයක් පමණ පේවීම අනිවාර්ය වේ. මෙම ගමනට ෆෝවීල්, ජීප් රථ අඩුම තරමේ දෙකක් යා යුතුය. එම රථ මඬේ එරිමේදී ඇදිය හැකි පරිදි මෙම ජීප් රථ තිබිය යුතුය.
මෙවැනි ජීප් රියක කුලිය රුපියල් තිස් පන්දාහක් පමණ වෙයි.
මෙයට අමතරව මෙයට වඩාත් සුදුසුම වාහනය ලෙස සැලකිය හැක්කේ ටැක්ටරයයි. මෙම දේවාලය වැඳ පුදා ගැනීමට යනවිට නොඉඳුල් කැවිලි, පළතුරු රැගෙන යා යුතු අතර යන සෑම පිරිසක්ම දෙවියන් හට පැණි බත් පුදා කිරි ද ඉතිර විය යුතුයි.
මෙම ගමනට යන අය විවිධ වචන භාවිතයේදී කට පරිස්සම් කර ගත යුතුය.
මෙම ගමනේදී ඉතා දුෂ්කර මාර්ග රැසක් පසුකර යායුතුය. තලාකොළආර, කටුපිලආර වැනි ජල මාර්ග කිඹුලන්ගෙන් ගහනය.
යන මාර්ග කීපයක් තිබුණද යන සෑම අයකුම කැලේ දේවාලය අඩවියට පිවිසීමෙන් පසු කුඹුක්කන් ඔයට බැස යායුතුය. රැගෙන යන පලතුරු ඇතුළු පුද පූජා ගංවැල්ලේ ළිං හරා එම ජලයෙන් සෝදා, පූජාවට තැබිය යුතුවේ.
මෙම ප‍්‍රදේශයට ආවේනික වූ දේව නීති රැසක් පවතින අතර යන බෙහෝ පිරිසක් එම නීති කඩමින් පුද පූජා තැබීම මත විවිධ උපද්‍රවවලට ලක් වූ බවට බොහෝ කතා ඇත.
දෙවියන්ට තබන මුලුතැන් පූජාවට ගන්නා පොල් ගෙඩිය පවා ලීයකින් සාදවා ගත් හිරමනයකින් ගා ගත යුතුය. එයට යකඩ මුහු නොකළ යුතුවේ.
වන්දනාමානයට එන මුවාවෙන් ඇතමුන් මෙම භූමියේ පැරැණි නටඹුන් හෑරීමට ද ගස් කැපීමට ද යොමු වී ඇත.එසේ කළ අයට මොනයම් හෝ අකරතැබ්බ්යකට මුහිණ දීමට සිදු වේ.
දිනපතා පැමිණෙන පිරිස් පරිසරයට මුදාහරින කැළි කසළ ද මෙම සුන්දර මේ බිමට හානියක
භක්තියෙන් යන බැතිමතුන්ට සෙතක් ද භක්තියෙන් තොරව යන අයට හිරිහැර දුක් කරදර ඇතිවන බව එහි ගිය බොහෝ දෙනෙක් පවසති

Address

Siyambalanduwa
31030

Opening Hours

Monday 06:00 - 20:00
Tuesday 06:00 - 20:00
Wednesday 06:00 - 20:00
Thursday 06:00 - 20:00
Friday 06:00 - 20:00
Saturday 06:00 - 20:00
Sunday 06:00 - 20:00

Alerts

Be the first to know and let us send you an email when Kebiliththa tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category