05/07/2026
🔴 ප්‍රකට ෆෝමියුලා තරයකින් ප්‍රථම වරට ලාංකිකයෙකුට දෙවන ස්ථානය
ලෝව ප්‍රකට FIA ෆෝමියුලා 3 තරගාවලියේ බ්‍රිතාන්‍යයේ සිල්වර්ස්ටෝන්හී ධාවන පථයේ පැවති අදියරේදී ශ්‍රී ලංකා යොවුන් ධාවක යෙවාන් ඩේව්ඩ් එහි ස්ප්‍රින්ට් ඉසව්වේ දෙවන ස්ථාන හිමිකර ගැනීමට සමත් වුණා.
‘AIX Racing’ කණ්ඩායම නියෝජනය කරන යෙවන් ඩේවිඩ්, පැවැති මෙම තරගයේදී මුල සිටම විශිෂ්ට දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් මෙම ජයග්‍රහණය වාර්තා කළා.
ඒ අනුව ඔහු ඉතිහාසයට එක්වන්නේ ෆෝමියුලා 3 හි අදියරයක එවැනි දස්කමක් දැක්වූ පළමු ශ්‍රි ලාංකික ක්‍රිඩකයා ලෙසයි.
මෙම ඓතිහාසික ජයග්‍රහණයත් සමග ජාත්‍යන්තර තනි අසුනේ මෝටර් රථ (Single-Seater) ධාවන ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකා නාමය ඉහළින්ම සනිටුහන් කිරීමටත්, දකුණු ආසියාතික මෝටර් රථ ක්‍රීඩා කුසලතාවල සීමාවන් පුළුල් කිරීමටත් ඔහුට හැකි වී තිබෙනවා.