Nilwala River Boat Safari

Nilwala River Boat Safari Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nilwala River Boat Safari, "Nilwala River Boat Safari", Gurulaawaka, Thihagoda.

31/07/2021
සාමය , සතුට පිරි සෞභාග්‍යයමත් සෞඛ්‍යයෙන් සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ......!! සියලුම දෙනාට 🙏😊
01/01/2021

සාමය , සතුට පිරි සෞභාග්‍යයමත් සෞඛ්‍යයෙන් සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ......!! සියලුම දෙනාට 🙏😊

නිල්වලා ගඟ මාතර ට අලංකාර දසුනකි. ආඩම්බරයකි. ආශිර්වාදයකි. මාතර සිට පිටතට දිවෙන ප්‍රධාන මාවත් වලින් මාතර - වැලිගම පාර හැරු...
24/09/2020

නිල්වලා ගඟ මාතර ට අලංකාර දසුනකි. ආඩම්බරයකි. ආශිර්වාදයකි. මාතර සිට පිටතට දිවෙන ප්‍රධාන මාවත් වලින් මාතර - වැලිගම පාර හැරුණු විට අනෙක් හැම මාවතක්ම කුමන ස්ථානයකින් හෝ නිල්වලා ගඟ පසු කර යයි. නැතහොත් ගඟ අයින දිගේත්, ගඟ හරහාත් හෝ ගඟ ආශි‍්‍රතව ගමන් කරයි. ගඟ අසබඩ වෙසෙන්නෝ හෝ ජීවත් වන්නෝ ජීවත් වන්නේ ගඟ තමන්ගේ ජීවිතයේ කොටසක් ලෙස සලකාගෙන ය. විටෙක ගඟ උතුරා යයි. එවිට ගම් බිම් සෝදාගෙන යයි. භව භෝග විනාශ වෙයි. තවත් විටෙක ගඟ වියළී යයි. එවිට ගම් බිම් පමණක් නොව ජනයා ද දුකට පත් වෙයි.

තිසර , පරෙවි, කෝකිල යන සංදේශවල නිල්වලා ගඟ ගැන මහත් ඇල්මෙන් ලියූ වර්ණනාවල් පවතී. නිල්වලා තොට කතරගම හා දෙවිනුවර වන්දනාමාන කරන බැතිමතුන්ගේ සිත් ගත් තැනක් බවට ද පත්ව ඇත. ඔවුන් මින් පැන් ගෙන සරතැස නිවා සැනැහී ඇත. “මාතර ගඟේ ඉන්නා කිඹුලිගෙ පැටියා” යන කවි පදය රැගත් කවිය මෙරටේ ප්‍රසිද්ධ කවියකි. නිල්වලා ගඟබඩ නාවිමන ප්‍රසිද්ධ නාන තොටුපොළකි. නාවිමන සිට වෙහෙරගම්පිටටත්, වෙහෙරගම්පිට සිට නා විමනටත් විශාල පිරිසක් එගොඩ මෙගොඩ වන්නේ මේ තොටුපොළේ අඟුලෙනි. එසේම විවිධ පෙදෙස්වල සිට පැමිණෙන ඔරු පාරුකරුවන් එකල මේ නාවිමන තොටුපොළේ සිට විවේකය ගත කිරීමට පුරුදුව සිට ඇත. මේ ඔවුන් මුවින් ගිලිහුණු රසවත් කවියකි.

“නිල්වලා ගඟට පරසිදු ඒ දණ්ඩ

මුල්වෙලා කෙරෙව් මහතුන් බුදු වෙන්ඩ

ලොල් වඩවනා ගං කඳු දෙක සරිලන්ඩ

ඇත් ද කොදෙව්ව කද්දූව ඒ දණ්ඩ”

නිල්වලා ගංගා තොමෝ මුහුද හා එක් වන්නේ මේ ස්ථානයේදී ය. මෙය මෝය කට නමින් හැදින්වෙයි. මිරිදිය, කරදිය හා එක්වන ඉසව්වේ සොබාවික දසුන ළගන්නා සුළු ය. ධීවරයන්ගේ වෘත්තිකාව සඳහා උපයෝගී වන ආම්පන්න මෙහි නිරන්තරයෙන් නෙත ගැටෙනා දසුනකි.

පසුගිය සුනාමි කාලච්ඡේදයේ දී මෙකී ස්ථානය හරහා අවට ප්‍රදේශයට දැඩි හානි ගෙන දුනි. ඕලන්ද ජාතිකයන් විසින් තමන්ටම ආවේණික ගෘහ නිර්මාණ ශිල්පය උපයෝගි කර ගනිමින් තැනු ඉපැරැණි ගොඩනැඟිලි බොහෝමයක් මේ අවට පවතී. ඕලන්දය මුහුදු මට්ටමින් පහළ භූමියක් උරුම රටකි. එබැවින් නිරන්තරයෙන් මුහුදු ජලය බැස එයි. ඊට මුහුණදෙන ආකාරයට තම ගොඩනැගිලි තැනීමේ තාක්ෂණය ඔවුන් සතු වූ බැවින් මෙකී ගොඩනැගිලි ඉදි කිරිමෙහිලා ද ඔවුන් එකී තාක්ෂණය උපයෝගී කර ගත්හ. එබැවින් සුනාමියෙන් අවට පරිසරයට කොතරම් හානි වුවද මේ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉඳි කළ ගොඩනැගිලි හා වලව්වලට එතරම් හානියක් සිදු නොවිණි. “විජේතුංග“ වලව්ව පිහිටියේ ද නිල්වලා මෝය කට පෙනෙන මානයේ ය. එයට ද සිදු වුයේ එකී ඉරණම ම ය. කෙසේ වෙතත් මේ ප්‍රදේශය අද දැකුම්කළු ස්ථානයකි. මාතර කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස බල සීමාවට අයත් මේ මෝය කට අවට ප්‍රදේශීය කඩොලන පද්ධතියකින් ද දැකුම්කළු සොබා සෞන්දර්යයක් ද අත් පත් කර ගෙන තිබේ.


ශ්‍යාමා සමරසිංහ

උපුටා ගැනීම - http://mihithuru.lk/node/272

Address

"Nilwala River Boat Safari", Gurulaawaka
Thihagoda
81280

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 05:00

Website

Alerts

Be the first to know and let us send you an email when Nilwala River Boat Safari posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share