Evergo Cabs & Tours , Rent A Car

  • Home
  • Evergo Cabs & Tours , Rent A Car

Evergo Cabs & Tours , Rent A Car Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Evergo Cabs & Tours , Rent A Car, Travel Company, .

🚘🚐 ඔබගේ ගමනට වාහනයක්අඩුම මිළ ගණන් යටතේ සුවපහසුව,සුරක්ශිතව ගමනක් යන්න.විශ්වාසනීය කඩිනම් සුහදශීලී සේවය අපෙන්.......ලංකාවේ...
16/10/2022

🚘🚐 ඔබගේ ගමනට වාහනයක්
අඩුම මිළ ගණන් යටතේ සුවපහසුව,සුරක්ශිතව
ගමනක් යන්න.
විශ්වාසනීය කඩිනම් සුහදශීලී සේවය අපෙන්.......
ලංකාවේ ඕනෑම තැනකින් 🚗
# # ඕනෑම වෙලාවක ඔබ ළඟට
අමතන්න...
📞 011 510 1 510
☎️ +94 70 710 2710

🚘🚐 ඔබගේ ගමනට වාහනයක් අපෙන්.....අඩුම මිළ ගණන් යටතේ ආරක්ශිතව ගමනක් යන්න.විශ්වාසනීය කඩිනම් සුහදශීලී සේවය අපෙන්.......ලංකාව...
03/10/2022

🚘🚐 ඔබගේ ගමනට වාහනයක් අපෙන්.....
අඩුම මිළ ගණන් යටතේ ආරක්ශිතව ගමනක් යන්න.
විශ්වාසනීය කඩිනම් සුහදශීලී සේවය අපෙන්.......
ලංකාවේ ඕනෑම තැනකින් 🚗
ඕනෑම වෙලාවක ඔබ ළඟට💙💙
අමතන්න...
📞 011 510 1 510
☎️ 070 710 2 710🚗🚗

01/10/2022
ගාලු කොටුව යනු ශ්‍රී ලංකාවේ ගාල්ල ප්‍රදේශයේ පිහිටි පෘතුගීසීන් විසින් ඉදිකරන ලද බලකොටුවකි. පසුව එය 17 වන සියවසේදී ලන්දේසී...
15/09/2022

ගාලු කොටුව යනු ශ්‍රී ලංකාවේ ගාල්ල ප්‍රදේශයේ පිහිටි පෘතුගීසීන් විසින් ඉදිකරන ලද බලකොටුවකි. පසුව එය 17 වන සියවසේදී ලන්දේසීන් විසින් නවීකරණය කරන ලද අතර මේ වන විට එය අවුරුදු 400 ක අතීතයකට හිමිකම් කියයි. වර්තමානයේ කොටුවට පිවිසීම සඳහා දොරටු දෙකක් භාවිතා කෙරේ. රජයේ කාර්යාල ගොඩනැගිලි රැසක්ම කොටු පවුර ආශ්‍රිතව වර්තමානය දක්වා ම පවත්වගෙන යන ලදි. නමුදු මේ වන විට ඒවා ටිකින් ටික ඉවත් කරමින් පවතී. ලෝක උරුමයක් ලෙස නම් කරන ලද ගාලු කොටුව සුන්දර මෙන්ම ඉපැරණි වස්තුවකි. ගාලු කොටුව පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ගිනිකොණ මුහුදු තීරයේ ය. එය 1588 දී පෘතුගීසින් විසින් නිමවූවකි. පසුව ලන්දේසීන් විසින් එය 17 වන ශත වර්ෂයේදී පුළුල් ලෙස නවීකරණය කරන ලදී. එය පෘතුගීසින් විසින් ලොවට දායාද කල ආශ්චර්යමත් නිමැවුමකි. ගාලු කොටුව පෞරාණික වටිනාකමකින් යුක්ත බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගෙන ඇත. එහි ලන්දේසි ගෘහ නිර්මන ශිල්පය පිලිබඳ කදිම නිදසුනකි. ලන්දේසි කොටුව හෝ ගාල්ලේ පවුර ලෙස ද හදුන්වයි. ලන්දේසි කොටුව ප්‍රතිසංස්කරණය කරන ලද්දකි. ගාලු කොටුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංචාරක ආකර්ශනයකට හිමිකම් කියන ප්‍රදේශයකි. එය ශ්‍රී ලංකාවට ඇති වාස්තුවිද්‍යාත්මක සහ පුරාවිද්‍යාත්මක දායාදයකි. ඒ බැවින් එහි සුන්දරත්වය හා චමත්කාරය විඳ ගැනීමට යා යුතුම තැනකි Galle fort is a world heritage site in Sri Lanka thanks

Congratulations ❤️❤️❤️Sri lanka
11/09/2022

Congratulations ❤️❤️❤️
Sri lanka

බිනර පොහෝ දිනයමෙහෙණි සසුනේ ආරම්භය බිනර පුන් පොහෝදා සිදුවීම සුවිශේෂී වෙයි.  ආනන්ද හිමිගේ බලවත් උත්සාහය මත කරුණු පහදා දී ම...
09/09/2022

බිනර පොහෝ දිනය

මෙහෙණි සසුනේ ආරම්භය බිනර පුන් පොහෝදා සිදුවීම සුවිශේෂී වෙයි. ආනන්ද හිමිගේ බලවත් උත්සාහය මත කරුණු පහදා දී මහා ප්‍රජාපතී ගෝතමිය ප්‍රධාන කාන්තාවන්ට බුදු සසුනේ නිවන් මඟා විවෘත කළ බවත් සාශන ඉතිහාසයේ සඳහන් වෙයි.

එහිදී පැවිද්ද අවශ්‍ය නම් අෂ්ඨ ගරු ධර්ම පිළිගත යුතු බව එහිදී බුදු හිමියන් වදාළ බවත් මහා ප්‍රජාපති ගෝතමී එය පිළිගැනීමෙන් පසු පැවිද්ද ලබාගැනීමට හැකි විය.

ශ්‍රී ලාංකිකයන්ට බිනර පොහොය දිනය වැදගත් වන්නේ, තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන්, බුදු පියාණන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද ගිරිහඬු සෑය ඉදිකිරීමත් බුදු පියාණන් වහන්සේගේ ලාලාට ධාතු තැන්පත් කර ඇති සේරුවාවිල මහා සෑයේ ඉදිකිරීමත් මෙම උතුම් බිනර පොහෝ දිනයේදී සිදු වීමය. බිනර පුර පොහෝය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරවල බෞද්ධ බැතිමත්හු ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවල නිරත වෙති.

ශාසනික වශයෙන් අද දිනය වැදගත් වන්නේ කාන්තාවන් සඳහා ශාසනික දොරගුළු විවර වී කාන්තාවන්ට නියම විමුක්තිය සැලසුණු දිනයක් වශයෙනුයි. එනම් භික්‍ෂුණී ශාසනයෙහි ආරම්භක දිනය පමණක් නොව සිව්වනක් පිරිස සම්පූර්ණත්වයට පත් දිනය වන්නේ ද බිනරපුර පොහෝ දිනයයි. භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා වශයෙන් සඳහන් වන සිව් පිරිසෙහි භික්‍ෂුණීන් පිළිබඳව සඳහනක් ශාසනයේ ආරම්භක වකවානුවේදී දැකිය හැකි නොවේ. කාලයක් ගතවීමෙන් පසුව භික්‍ෂුණීන් පිළිබඳ තොරතුරු අනාවරණය වීම ඇරැඹුණි. භික්‍ෂුණී ශාසනය පිළිබඳ අදහස ප්‍රථමයෙන්ම බුදුරජාණන් වහන්සේ වෙත ඉදිරිපත් කරනු ලැබුවේ උන්වහන්සේ කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමයෙහි වැඩවසන අවස්ථාවකය.
මහාප්‍රජාපතී ගෝතමිය විසින් කාන්තාවන් ශාසනයට ඇතුළත් කර ගන්නා ලෙස කරන ලද ඉල්ලීම බුදුරජාණන් වහන්සේ වෙත ඉදිරිපත් කෙරුණේ වුවද එම ඉල්ලීම උන්වහන්සේ එක හෙළාම ප්‍රතික්‍ෂේප කළ සේක. එහෙත් තම අපේක්‍ෂාව අත්නොහළ ප්‍රජාපතී ගෝතමීය මේ පිළිබඳව ධර්ම භාණ්ඩාගාරික වූත් අග්‍ර උපස්ථායක වූත් ආනන්ද තෙරුන්ට ද සැලකර සිටියා ය. ආනන්ද තෙරණුවෝද බුදුරජාණන් වහන්සේගේ සුළු මෑණියන් වූ මහාප්‍රජාපති ගෝතමියගේ අපේක්‍ෂාව වූ කාන්තාවන්ට පැවිද්ද ලබාදීම පිළිබඳ අදහස තථාගතයන් වහන්සේ වෙත ඉදිරිපත් කළහ. බුදුරජාණන් වහන්සේ එම ඉල්ලීමද ප්‍රතික්‍ෂේප කළ අතර ආනන්ද තෙරුන් විසින් නැවත නැවත ද එම ඉල්ලීම ඉදිරිපත් කරන ලදී. මෙසේ කිහිපවරක්ම බුදුරජාණන් වහන්සේ විසින් කාන්තා පැවිද්ද පිළිබඳ අදහස තරයේම බැහැර කරන ලැබූ ආකාරය පිළිබඳ අපේ ධර්ම සාහිත්‍යයෙහි ඉතා මැනැවින් විස්තර කොට තිබේ.

මෙසේ සසුන්ගතවීම සඳහා ඉදිරිපත් ව සිටි කාන්තාවන් වැඩි පිරිසක් තථාගතයන් වහන්සේගේ කිඹුල්වත් පුර ගමනේ දී පැවිදි වූ කුමාරවරුන්ගේ භාර්යාවන්වීම විශේෂතම කරුණක් ලෙස සඳහන් වේ. අනතුරුව බුදුරදුන් කිඹුල්වත් නුවරින් නික්ම විශාලා මහනුවර කූටාගාර ශාලාවෙහි වැඩ වසන සමයෙහි මහාප්‍රජාපතී ගෝතමිය හිස මුඩු කර කසාවත් හැඳ පන්සියයක් පමණ ස්ත්‍රීන් සමඟ එහි පැමිණියා ය. මෙම ඉල්ලීම පිළිබඳ අත්නොහළ උත්සාහයක නිරතව සිටි අනඳ තෙරුන් මෙහිදී නැවත ඉදිරිපත් ව කාන්තාවන් සසුනට ඇතුළු කර ගැනීමේ ඇති වටිනාකම යළිත් සිහිපත් කරමින් බුදුරජාණන් වහන්සේගේ කරුණාව සහ අනුකම්පාව ගෝතමිය ඇතුළු කාන්තා පිරිස කෙරෙහි යොමු කරවීමට සමත් වූ ආකාරය අපේ ධර්ම සාහිත්‍යයෙහි විස්තර කොට ඇත්තේ ඉතා චමත්කාරයෙන් යුතුවය. අපේ බුදුරජාණන් වහන්සේ එහි දී කාන්තා පැවිද්ද සඳහා අවසර ලබාදීමේ තීරණයට පැමිණ මහා ප්‍රජාපතී ගෝතමිය අෂ්ට ගරු ධර්ම පිළිගනී නම් එයම එතුමියගේ පැවිද්ද හා උපසම්පදාව පිහිටීමට හේතුවන බව ආනන්ද හිමියන්ට වදාළ සේක. එම අෂ්ටගරු ධර්ම මෙසේ ය.

1. උපසම්පදාවෙන් වස් සියයක භික්‍ෂුණියක වුවද එදින උපසම්පදා භික්‍ෂූන් දැක වැඳ පුදා ගෞරව දැක්විය යුතු ය.

2. භික්‍ෂූන් නොමැති ප්‍රදේශවල භික්‍ෂුණියක වස් නොවිසිය යුතු ය.

3. භික්‍ෂුණියක විසින් අඩමසක් පාසා භික්‍ෂු සංඝයාගෙන් පොහොය විචාරා අවවාද ලැබිය යුතු ය.

4. වස් අවසන භික්‍ෂු භික්‍ෂුණී යන උභතෝ සංඝයා ඉදිරියේ වස් පවාරණය කළ යුතු ය.

5. ගරු ඇවතකට පත් භික්‍ෂුණියක විසින් උභතෝ සංඝයා ඉදිරියේ මානත් පිරිය යුතු ය.

6. වසරක පරිවාස කාලයක් ශිෂ්‍ය මානවිකාවකව සිට උභතෝ සංඝයාගෙන් උපසම්පදාව ලැබිය යුතු ය.

7. කවර හේතුවක් නිසා හෝ භික්‍ෂුණියක විසින් භික්‍ෂුවකට ආක්‍රෝශ පරිභව නොකළ යුතු ය.

8. භික්‍ෂූන් විසින් භික්‍ෂුණියන්ට අවවාද කරනු ලැබිය යුතු අතර භික්‍ෂුණීන් භික්‍ෂූන්ට අවවාද නොකළ යුතු ය.

අනඳ තෙරුන් විසින් මෙම ගරු ධර්ම කියවා තේරුම් කොට දී මෙය පිළිගන්නේ නම් එයම ඔබට මහණ උපසම්පදාව වන්නේ යයි ප්‍රකාශ කළ අතර මහා ප්‍රජාපතී ගෝතමිය, බුදුරදුන් විසින් පනවන ලද මෙම අෂ්ට ගරු ධර්ම පිළිගන්නේ යයි සාධුකාර දෙමින් තෙවරක්ම ප්‍රකාශ කළා ය. එයම මහා ප්‍රජාපති ගෝතමියගේ පැවිද්ද හා උපසම්පදාව විය. ඉන්පසු සෙසු සියලු කුමාරිකාවෝ ද භික්‍ෂු සංඝයාගෙන් පැවිදි උපසම්පදාව ලැබූහ. මෙම සුවිශේෂී ශාසනික සිදුවීම සිදුවූයේ අද වැනි බිනරපුර පොහෝ දිනකදී බව ශාසන ඉතිහාසයෙහි සඳහන් වේ.
බුදුරජාණන් වහන්සේ පහළ වූ භාරතීය සමාජයෙහි කාන්තාව කෙරෙහි දක්වන ලද සැලකිල්ල ඉතා අවාසනාවන්ත වූවකි. කාන්තාවකගේ ඉපදීම පවුලක අවාසනාවන්ත සිදුවීමක් ලෙස සලකන ලද අතර ස්වාමියාගේ අභාවයෙන් පසු දැවෙන දර සෑයට පැන මරණය වැළැඳගත යුතුය යන නියමයක් ද විය. කුඩා කළ මව්පියන් යටතේත් තරුණ කාලය ස්වාමියා යටතේත් මහලු කාලය දරුවන් යටතේත් ජීවත්විය යුතු වූ අතර ඔවුන්ගේ ප්‍රධානම ක්‍රියාව දරුවන් වැදීමට පමණක් සීමා කොට තිබිණ. විවිධ පුද්ගල හා සමාජ අතවරයන්ට ලක්කොට නොසලකා හැර තිබූ ස්ත්‍රීන් සඳහා බිනර පොහෝ දිනයෙහි ලබාදුන් නිදහසින් කාන්තාව පූජනීයත්වයට පත් කෙරිණි. බුදුදහමෙන් ලැබුණ එම මානව නිදහස පිළිබඳව කෘතවේදීභාවය අද ද කාන්තා සමාජය තුළින් දැකිය හැකි ය. විශේෂයෙන්ම ආගමික කටයුතුවල දී පුරෝගාමිව කටයුතු කරමින් සසුනට කෘතෝපකාරවීම ඔවුන් යුතුකමක් ලෙස සලකනවා විය හැකි ය. මේ අනුව බිනර පොහෝ දිනය කාන්තාවන් සඳහා සුවිශේෂී දිනයක් වන බව කිව හැකි ය.

යාපහුව බලකොටුව දඹදෙනිය රාජදානිය බිදවැටීමෙන් පසු ආරම්භවූ රාජධානිය යාපහුව රාජධානියයි. ශ්‍රී ලංකාවේ අගනගර රාජධානි සොළී ආක්‍...
07/09/2022

යාපහුව බලකොටුව
දඹදෙනිය රාජදානිය බිදවැටීමෙන් පසු ආරම්භවූ රාජධානිය යාපහුව රාජධානියයි. ශ්‍රී ලංකාවේ අගනගර රාජධානි සොළී ආක්‍රමණ සහ ස්වභාවික ආපදා තත්ත්වයන් නිසා ක්‍රමයෙන් නිරිත දිගට සංක්‍රමණය විය. එම සංක්‍රාන්තියේ සිවුවන නැවතුම්පොළ වූයේ යාපහුව බලකොටුවයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහව මංසන්දියට 04km ක් පමණ වයඹ දිශාවෙන් පිහිටි යාපහුව 13 වන සියවසේ දශකයක් පමණ කෙටි කාලසීමාවක් සඳහා දිවයිනේ අගනගරය බවට පත්ව තිබූ පර්වත ආශ්‍රිත පැරණි නගරයකි. පොළොන්නරුව රාජධානි සමයෙන් පසුව නිරන්තර ඇතිවූ විදේශීය ආක්‍රමණ හමුවේ වැදගත් ආරක්‍ෂා ස්ථානයක් ලෙස යොදාගත් බවට සාක්ෂි ඇති මෙම පුරාස්ථානය පෞරාණිකත්වය අතින් ද බෙහෙවින් ඈත වකවානුවක පටන් ජනාවාසයක් ලෙස පැවතුණකි. ප්‍රාග් ඓතිහාසික අවධියට අයත් ජනාවාස සාධක සහිත යාපහුව සහ තදාසන්න ප්‍රදේශය පූර්ව ඓතිහාසික සමයේදීත් මූල ඓතිහාසික සමයේදීත් වැදගත් ජනාවාසයක් විය. මේ වගට පුරාවිද්‍යාත්මක සාධක අනුසාරයෙන් සාක්‍ෂි පලවනනේ වුවද යාපහුව පිළිබඳ මුල්ම විශ්වසනීය ලිඛිත මූලාශ්‍රගත සදහන් 13 වන සියවසට බොහෝ දුරට සීමාවෙයි. සුභ නම් ප්‍රාදේශීය පාලකයෙකු කාලිංග මාඝගේ ආක්‍රමණ සමයේ යාපහුවේ බලකොටුවක් සහ නගරයක් ගොඩනංවා එහි සිට එම ප්‍රදේශය පාලනයකළ බවට සාධක ලිඛිත මූලාශ්‍රයන්හි දක්නට ලැබේ. මින් අනතුරුව සිව්වන විජයබාහු යාපහුවේ යම් යම් සංවර්ධන වැඩ සිදුකරන ලද අතර මෙය එම වකවානුවේ වැදගත් ආරක්‍ෂක මධ්‍යස්ථානයක් විය. රාජ්‍යත්වයට පෙරද යාපහුවෙහි විසුම්ගෙන සිටි සිව්වන විජයබාහු රජුගේ සොයුරු බුවනෙකබාහු සිය සොයුරාගේ ඇවෑමෙන් රාජ්‍යත්වයට පත්වීමෙන් ටික කලකට පසු යාපහුව සිය අගනගරය ලෙස තෝරාගනී.යාපහුව රාජධානිය ලංකාවේ සිව්වන රාජධානියයි.
සීගිරිය හැරුණුවිට දිවයිනේ ඇති පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් වූ බලකොටුව යාපහුව බවට විවාදයක් නැත. උතුරු, නැගෙනහිර සහ බටහිර පාර්ශවයෙන් තරණයකල නොහැකි ප්‍රපාතාකාර පර්වතයක් වූ යාපහුවේ පර්වත මස්තකයට පිවිසිය හැකි පැරණි මග පර්වතයෙහි දකුණු පසින් පිහිටා තිබේ. පර්වත මස්තකයට පිවිසිය හැකි ප්‍රපාතාකාර නොවන පර්වතයේ දකුණු පාර්ශවයේ ආරක්ෂක සංවිධාන කෘත්‍රිම උපාය මාර්ග සැළසීමෙන් ශක්තිමත් කිරීම අවශ්‍ය විය. එකී අරමුණ ශාක්ෂාත් කරගනු පිණිස පර්වතයේ දකුණින් වූ සම බිම පවුරු සහ දිය අගල් වලින් පිරිකෙව් කර ඉන් අනතුරුව පුවනෙකබාහු රජු යාපහුව රාජධානිය ගොඩනගන්නට ඇත. දිය අගල් දෙකකින් සහ ප්‍රාකාර දෙකකින් ආරක්ෂිත වූ ඇතුල් නගරය රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් වැදගත් වී යැයි සිතිය හැකි ගොඩනැගිලි ගණනාවකින් ද විසිතුරු සෝපානයකින් ද සමන්විත වේ. පර්වත මස්තකයේ රජ මාළිගය සහ තවත් ගොඩනැගිලි ද පනාබැමි සහ පොකුණු ඇතුලු ඉදිකිරීම් ද තිබී ඇත. එදා පළමු බුවනෙකබාහු රජු සමයේකළ ඒ විශ්මිත නිමැවුම්වල අද අපිට දක්නට ඇත්තේ නෂ්ටාවශේෂ පමණි.

Address


Alerts

Be the first to know and let us send you an email when Evergo Cabs & Tours , Rent A Car posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Evergo Cabs & Tours , Rent A Car:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share