01/08/2026
🇪🇬 නොවැම්බර් ඊජිප්තු සංචාරයේ අවසාන ආසන 10! 🇪🇬
සියොලෝ සමඟ දින 8ක සුඛෝපභෝගී ඊජිප්තු සංචාරය
නොවැම්බර් 19 සිට 26 දක්වා
විශේෂ මිල – රු. 769,000/-
සුඛෝපභෝගී විදේශ සංචාර අඩුම මිලට ඔබ වෙත ගෙන එන සියොලෝ වෙතින් සංවිධානය කරන මීලග ඊජිප්තු සංචාරයට ඔබත් එක්වන්න.
මෙම සංචාරය සඳහා අප භාවිතා කරන්නේ ලොව ප්‍රමුඛතම ගුවන් සේවාවක් වන එතිහාඩ් ගුවන් සේවය වන අතර, සම්පූර්ණ සංචාරය පුරාම ඔබට ඉහළම මට්ටමේ පහසුකම් සහ අමතක නොවන අත්දැකීමක් ලබාදීමට අපි කැපවී සිටිමු.
මෙම සංචාරයට මෙවර අපි සහභාගී කරගන්නේ 20 දෙනෙකු පමණි. ඒ අතරින් විශේෂත්වය වන්නේ, අප සමඟ මීට පෙර චීනය, වියට්නාමය, තායිලන්තය, මැලේසියාව සහ ඉන්දියාව වැනි රටවල සංචාරය කර අපගේ සේවාව පිළිබඳව ඉහළම විශ්වාසය තැබූ සංචාරකයින් 10 දෙනෙකු සංචාරය ප්‍රකාශයට පත් කිරීමටත් පෙරම තම ආසන වෙන්කර ගැනීමයි.
ඒ නිසා දැන් ඔබටත් අවසාන ආසන 10 සඳහා එක්වීමට අවස්ථාව හිමිවී ඇත.
සංචාර සැලැස්ම
පළමු දිනය – කයිරෝ
දහවල් 12.30ට පමණ කයිරෝ ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා වන අපි, දිවා ආහාරයෙන් අනතුරුව ලොව විශාලතම පුරාවිද්‍යා කෞතුකාගාරය වන Grand Egyptian Museum වෙත යන්නෙමු. පුරාණ ඊජිප්තු මමීවරුන්, රන් භාණ්ඩ සහ දුර්ලභ පුරාවස්තු රැසක් සමීපයෙන් නැරඹීමට ඔබට අවස්ථාව ලැබේ.
දෙවන දිනය – ඇලෙක්සැන්ඩ්‍රියා
පුරාණ ලෝකයේ ශ්‍රේෂ්ඨතම නගරයක් ලෙස සැලකුණු ඇලෙක්සැන්ඩ්‍රියා නගරය මෙම දිනය පුරා ගවේෂණය කරමු. පුරාණ ලෝකයේ පුදුම හතෙන් එකක් වූ ඇලෙක්සැන්ඩ්‍රියා ප්‍රදීපාගාරය පිහිටි ස්ථානය, පැරණි රෝම රංගශාලාව සහ තවත් සුවිශේෂී ස්ථාන රැසක් මෙදින නරඹනු ඇත.
තෙවන දිනය – ලක්සර් Luxor සහ නයිල් නදිය
උදෑසන කයිරෝ සිට දේශීය ගුවන් යානයකින් ලක්සර් බලා පිටත්වෙමු. එහිදී ලොව ප්‍රසිද්ධ කර්නක් දේවාල සංකීර්ණය සහ ලක්සර් දේවාලය නරඹා, සවස් කාලයේ දින පහක සුඛෝපභෝගී තරු පහේ නයිල් නදී නෞකා සංචාරය ආරම්භ කරමු.
සිව්වන දිනය – ලක්සර් බටහිර ඉවුර
ලක්සර් බටහිර ඉවුරේ පිහිටි පුරාවිද්‍යාත්මක ස්ථාන නැරඹීමෙන් පසු, කැමති අයට අමතර ගාස්තුවක් යටතේ Hot Air Balloon අත්දැකීම ලබාගත හැකිය. සවස් කාලය නයිල් නදියේ සුන්දර දර්ශන අතර විවේකයෙන් ගත කරන්න.
පස්වන දිනය – එඩ්ෆූ සහ කොම් ඔම්බෝ
Temple of Horus සහ Kom Ombo Twin Temple ඇතුළු පුරාණ ඊජිප්තු විශ්මිත නිර්මාණ නරඹමින් අස්වාන් බලා නෞකාවෙන් ගමන් කරමු.
සයවන දිනය – අබු සිම්බල්
අලුයම පිටත්ව ලොව සුප්‍රසිද්ධ UNESCO ලෝක උරුමයක් වන අබු සිම්බල් දේවාල සංකීර්ණය නැරඹීමට යන්නෙමු.
හත්වන දිනය – අස්වාන්
ඊජිප්තුවේ විශිෂ්ට ඉංජිනේරු නිර්මාණයක් වන අස්වාන් වේල්ල නරඹා, පසුව ගුවන් මගින් නැවත කයිරෝ වෙත පැමිණෙමු.
අටවන දිනය – ගීසා පිරමීඩ
උදෑසන ආහාරයෙන් පසු ලොව ප්‍රසිද්ධ ගීසා පිරමීඩ නැරඹීමට යන්නෙමු. පිරමීඩයක අභ්‍යන්තරයට ඇතුළු වී එය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවද ඔබට හිමිවේ. ඉන් අනතුරුව කයිරෝ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොස් ශ්‍රී ලංකාව බලා පිටත්වෙමු.
සංචාරයට ඇතුළත් වන්නේ
- එතිහාඩ් ගුවන් සේවයේ ජාත්‍යන්තර ගුවන් ටිකට්පත්
- ඊජිප්තුවේ දේශීය ගුවන් ටිකත්පත්
- තරු පහේ හෝටල් සහ නයිල් නදී නෞකාවේ නවාතැන්
- සියලු ආහාර
- සුඛෝපභෝගී ප්‍රවාහන පහසුකම්
- පළපුරුදු ඊජිප්තු සංචාරක මාර්ගෝපදේශකයන්
- ලාංකික සංචාර කළමනාකරුවෙක්
- සියලු සංචාරක ස්ථාන ඇතුළත් ප්‍රවේශයන් සහ අවශ්‍ය සංවිධාන
අමතක නොවන ඊජිප්තු අත්දැකීමකට ඔබත් අදම එකතු වන්න!
📞 වැඩි විස්තර සහ ආසන වෙන්කරවා ගැනීම සඳහා: 077 074 7022
සියෙලෝ
වාසනා වෙළඳ සංකීර්ණය, කදාන