Rahu Sri Lanka

Rahu Sri Lanka Sri Lankan Travel guide by Bus and Review everything about buses

A02 වැල්ලවාය - කොළඹ ප්‍රධාන මාර්ගයේ සිදු වූ ලංගම මගී ප්‍රවාහන බස් රථ දෙකක් මූනට මූන ගැටීමෙන් සිදු වූ අනතුර නිසා ජීවිතක්ෂ...
18/03/2026

A02 වැල්ලවාය - කොළඹ ප්‍රධාන මාර්ගයේ සිදු වූ ලංගම මගී ප්‍රවාහන බස් රථ දෙකක් මූනට මූන ගැටීමෙන් සිදු වූ අනතුර නිසා ජීවිතක්ෂයට පත් අයට නිවන් සුව ලැබේවා ! සහ මෙවන් අකල් මරණයකට මින් මතු කරුණු නොම වේවා වගේම තුවාල ලැබූ සියලු දෙනාටම ඉක්මන් සුව ලැබේවා !

මේ මාර්ග කොටස ගැන කතා කලොත් වීරවිල සිට හම්බන්තොට දෙසට දිවෙන තුරුසෙවන කොටස මාර්ගය ඉතා පැහැදිලි කොටසක්. මගී ප්‍රවාහන බස් පමණක් නොව, මෙම මාර්ගය භාවිතා කරන වාහන වැඩි කොටසක් මේ කලාපය තුල අධික වේගයෙන් හෝ උපරිම වේග සීමාතුල රිය පදවනවා.

ඒ සියලුම දේ සාමාන්‍යයි. මේ අනතුර ගැන විතරක් කතා කලොත් රියදුරන් දෙපලම ඉතාම විශිෂ්ට පලපුරුදු රියදුරන් විය යුතුයි. නමුත් ලංකාවෙ මාර්ග පද්ධතිය තුල මගී සේවා බස් වල⁣ට පවතින තරඟය සහ පීඩනය නිසා මේ අනතුර සිද්දවෙන අවස්ථාවේදී දෙපලම අධි තක්සේරුවෙන් තම උපරිම වේගය පවත්වාගෙන තියනවා.

අනතුරට හේතුව විදිහට පිදුරු ගිනි තැබීමෙන් ඇති වූ දුම නිසා මාර්ගය අපැහැදිලි වීම කියන කොටස තැන් කීපයකම උපුටා දක්වලා තිබුනා.

ඒක වෙන්න පුලුවන්. ඒත් අපිට ගොවි බිම්, ගොවීන් , පිදුරු දුම පාලනය කරන්න බැරි උනාට රියදුරු සහ රිය පාලනය කරන්න පුලුවන්.
මීට වඩා මාර්ගය දීර්ඝ වශයෙන් අපැහැදිලි මීදුම සහිත කලාප වල , වර්ෂා තත්ව තුල වගේම මීට පෙර පිදුරු ගිනි තබා දුම පාර වසාගත් අවස්ථාවන් වලත් බස් රථ මෙන්ම වාහන ගමනාගමනය සිදු උනා.

එතකොට මේ අනතුරට හේතුව මොකද්ද ? සහ තවත් මෙවැනි අනතුරක් වලක්වාගැනීමට ගත යුතු පියවර මොනවද?

සිංහලෙන් ⁣ඒකට කියන්නෙ Anticipation (Thinking Advance)

සරල කරන්නද?
රිය පැදවීම කියන කාරනයෙදි ඉතා විශිෂ්ට fact එකක් තියනවා.
ඒ බෝලයක් පාරට ආවොත්, ඒ පිටිපස්සෙන් ලමයෙක් පාරට දුවගෙන එනවා කියන එක.
අපිට ලමයා නොපෙනුනත් බෝලය දකිද්දි අපි ලමයා හිතින් මවාගෙන ලමයා පාරට එන එකට ලෑස්ති වෙන්න ඕන.

ඒ වගේම මේ පිදුරු දුම එක තත්පරයකින් මෙතෙන්ට ආවෙ නෑ.
එක පාරම වංගුවක් ගනිද්දිම පාර දුමෙන් වැහිලා තිබුනෙ නෑ.

රියදුරන් දෙපලටම ඈත තියා මේ දුම පාරට එනවා හෝ පාරට ඇවිත් තියනවා පැහැදිලිව පේන්න ඕන.

ඒ සමගම දේ දෙපලම ක්‍රියාත්මක වෙලා අඩු දෘෂ්ටිය තුල රිය පැදවීමට අදාල කොටසට මාරු වෙන්න ඕන.

*රථයේ වේගය අඩු කිරීම හෝ හැකි නම් නැවැත්වීම
*ප්‍රධාන ලයිට් දැල්වීම
*හැකි තාක් දුර බලා ඒ විස්තර මතක තබා ගැනීම

වගේ ගොඩක් දේවල් තියනවා කරන්න.

ඒත් මේ දෙපලගෙන් එක් අයෙක් හෝ කල ඒ බරපතල වරදින් මේ වෙද්දි ජීවිත 04ක් වන්දි ගෙවලා. සමහර විට ඒ රියදුරු ඇතුලුව.

මේ වරදින් මියගිය රියදුරු සමහර විට මේ කිසි දෙයක්
නොදන්නවා ඇති. ඒත් මේ සම්බන්ධයෙන් අපිට ගන්න පුලුවන් ක්‍රියාමාර්ග නැතත් හැකි තරම් දැනුවත් වෙමු.
ලංකාවෙ රියදුරන් දැනුවත් කිරීම හැකි තරම් කරමු

බෝඩ් එක කොට්ටාව උනාට සර්විස් එක හෝමාගම වගේ 😇🥹සුදු මැණිකේ Inter LineND 2627කොට්ටාව 138 පිටකොටුව
15/03/2026

බෝඩ් එක කොට්ටාව උනාට සර්විස් එක හෝමාගම වගේ 😇🥹
සුදු මැණිකේ Inter Line
ND 2627
කොට්ටාව 138 පිටකොටුව

බෝඩ් එක හෝමාගම උනාට හැමෝම එහෙම නෑ 🥹Randiya Super LineNC 8930හෝමාගම 138 පිටකොටුවනම්බරේ 2016 උනාට ඇතුල 2025 කන්ඩිෂන් බස් 🥰
15/03/2026

බෝඩ් එක හෝමාගම උනාට හැමෝම එහෙම නෑ 🥹
Randiya Super Line
NC 8930
හෝමාගම 138 පිටකොටුව

නම්බරේ 2016 උනාට ඇතුල 2025 කන්ඩිෂන් බස් 🥰

🙏උඩින් යන්නෙ උඩින් 👑Jagath Super LineHomagama 138 Petahහෝමාගම 138 පිටකොටුවNC 8278
15/03/2026

🙏උඩින් යන්නෙ උඩින් 👑
Jagath Super Line
Homagama 138 Petah
හෝමාගම 138 පිටකොටුව
NC 8278

14/03/2026

The bus who is giving a bright service in route number 138 is Homagama - Petah bus. In this video I am describing about basics of 138 route, Specific places ...

Low Floor බස් ගැන සේරම විස්තර මම කතාකලේ සෑහෙන කාලෙකට කලින්
13/03/2026

Low Floor බස් ගැන සේරම විස්තර මම කතා
කලේ සෑහෙන කාලෙකට කලින්

Explore the challenges faced by urban transportation systems, with a special focus on city buses and public transit services in urban areas. In this video, w...

12/03/2026

දැක්කම ආස හිතෙන ඒවා

🙏🥰වටිනාකම කියාගන්න බැරි සේවා 🥰🙏S K R Power LineDilshan Rent a Carමාතර 544 වල්ගම👑GD 5500👑මුලින් Layland Commet මූනකින් යු...
12/03/2026

🙏🥰වටිනාකම කියාගන්න බැරි සේවා 🥰🙏
S K R Power Line
Dilshan Rent a Car
මාතර 544 වල්ගම
👑GD 5500👑
මුලින් Layland Commet මූනකින් යුතුව තනි දොර සහිතව ධාවනය වී මෑතක දී බෝඩ් පෙට්ටි සහිතව රූබි මහුණුවරකට දොර දෙක සහිතව නවීකරණය විය.

වල්ගම - සුනන්ද මාවත - අතගහපු හන්දිය - මීරා පාර - ඉසදීන් නගරය - රාහුල - නූපේ - ආසිරි - මාතර

ඉතා විධිමත් සහ ආචාරශීලී, සුහද සේවාවක් සපයන බස් රථයක් වන අතර මෙම මාර්ගය දෙපස ජීවත් වන නාගරික නමුත් මහා මාර්ගයට තදාසන්න නොවන ජනතාවට ඉතාම වටින සේවාවකි.

☃️ හිම රැජින ❄️ පානදුර 64 නුවරඑළිය SLTB පානදුරNC 1296දෙපැත්තම සුපිරි සර්විස් තමයි.
09/03/2026

☃️ හිම රැජින ❄️
පානදුර 64 නුවරඑළිය
SLTB පානදුර
NC 1296

දෙපැත්තම සුපිරි සර්විස් තමයි.

138 race
08/03/2026

138 race

🥰ධන පති රූට් වල රේස් 🥰මහරගම - මීගමුව vs මහරගම - කඩවතඅද ඉරිද නිසා මෙහෙම උනාට අනිත් දවසට රෙස්පට් ගමන.
08/03/2026

🥰ධන පති රූට් වල රේස් 🥰
මහරගම - මීගමුව vs මහරගම - කඩවත

අද ඉරිද නිසා මෙහෙම උනාට අනිත් දවසට රෙස්පට් ගමන.

🌅 Golden Hour 🌄 Vindya Super Line NB 9329බදුල්ල 99 කොළඹඅර්ධ සුඛෝප⁣භොගී සේවාවAt මොරකැටිය
08/03/2026

🌅 Golden Hour 🌄
Vindya Super Line
NB 9329
බදුල්ල 99 කොළඹ
අර්ධ සුඛෝප⁣භොගී සේවාව
At මොරකැටිය

Address

Welimada
222

Website

Alerts

Be the first to know and let us send you an email when Rahu Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category