04/01/2023
සිරිලක පලමු තේ පැලය සොයා............
Tea is a beverage that every Sri-Lankan enjoys at everyday of life.
අපේ රටේ ජනතාවගේ ජනප්‍රියම පානය වන මේ අපුර්ව පානය මෙරටට පැමිණි ආකාරය ඔබ දැන සිටියද?
ලාංකිකයන් ලෙස අපගේ ජනප්‍රියම පානය මෙය වුවත්, මෙම පානය ලාංකිකයන්ට හදුන්වදෙනු ලැබුවේ ස්කොට්ලන්ත ජාතිකයෙකු වන ජේම්ස් ටේලර් මහතා විසිනි. ඔහු මුල්ම තේ පැලය රෝපනය සදහා තෝරගෙන ඇත්තේ උඩරට කදුකරයේ පිහිටි සුන්දර වතු යායක් වන, ලූල්කදුර වතුයායයි. තනිකඩයෙකු ලෙස ජීවත් වූ එතුමා තම ජීවිත කාලයෙන් අවුරුදු 40ක් ම මෙම වතු යායේ ජීවත් වීම විශේෂයකි.
වර්තමානයේ පරිසර සුන්දරත්වයෙන් ඉතාමත් ඉහල මට්ටමක පවතින මෙම වතු යාය, ලාන්කිකයන්ගෙ මෙන්ම, විදේශිකයන්ගේද සුන්දරතම ගමනාන්තයක් වී හමාරය.
මෙහි පැමිනෙන්නන්ට ලූල්කදුර වතු යයේ සුන්දරත්වය සමග කොන්ඩගල කදු තරණය එකතු කරන්නෙ නවමු අත්දැකීමකි. ටේලර් මහතා නවාතැන්ගෙන සිටි ස්ඵානයෙහි නටබුන් අතර එතුමා භාවිතා කල උදුන, පලමු තේ පැලය හා ජලය ලබා ගැනීමට භාවිතා කල පොකුන මුල් තැනක් ගනී.
සුන්දරත්වය විද අන් අයටද විදින්නට තබා යන්න.....