04/05/2016
අංගම් යනු සටන් ක්‍රමයක්ද, නැතහොත් සටන් කලාවක්ද, දර්ශණයක්ද එසේ නොමැති නම් මෙහි විශේෂත්වය කුමක්ද?වසර දහස් ගණනක ඉතිහාසයකට උරුමකම් කියන මෙම සටන් කලාව සිංහලයාටම ආවේණික වූවකි. ඒ පිළිබදව මෙසේ සටහන් කරන්නෙමු.
ප්‍රෞඩ ඉතිහාසයකින් පැවත එන අපේ ජාතික උරුමයන් අපේ ශ්‍රේෂ්ඨ මුතුන් මිත්තන් විසින් ආරක්ෂා කොට අපට දායාද කොට ඇත. ඒ අතරින් අපට ආවේණික උරුමයන් දැන් දැන් ජාතිකාභිමානයෙන් ඉපිලී එන්නට විය. ඒ අතරින් දේශීය සටන් ශිල්ප ක්‍රමයක් ලෙස හඳුන්වනු ලබන අංගම්පොර සටන් ශිල්පය වර්තමානයේ නව පිබිදීමකින් පර්යේෂණාත්මක මාර්ගයකට වර්තමානයේ යොමු වී ඇත. වසර 30000කට එහා ගිය ඉතිහාසයක් මහ පොළවේ වැළලී යාමට නොදී කැණීම් කරලමින් සොයා ගන්නා ලද ඒ මහා නිධානය අංගම්පොර නමින් යළි යළිත් පණ ලබමින් සමාජ ගත වනු දක්නට ඇත.
පුණ්‍යවන්ත දේශයකට උරුම වූ මෙම සටන් කලාවෙහි විවිධ වූ ශෛලීන් රටේ විවිධ වූ ප්‍රදේශ වලින් නැවත ඉපිලීමක් දක්නට ලැබේ.මෙම අංගම්පොර සටන් කලාවට සටනකට හා ආරක්ෂාවකට වැඩියමක් උගත හැකි විෂය ධාරාවකි.
සත්වයාගේ ආරම්භයේ පටන් කුසගින්න,පිපාසය යන පොදු අවශ්‍යතා මත එකිනෙකා පරයමින් ඉලක්ක සපුරා ගැනීම, මරණය හා බිය නිසා සටන් කලා විශේෂ බිහිවීමක් සිදුව ඇත. මෙලෙස ගල් යුගයේ පටන් පරිණාමය වෙමින් විවිධ යුග පසු කරමින් වර්තමානයේ එකී විශේෂීකරනයක් ලෙස සටන් කලාව තුල විශේෂ ලක්ෂණ පෙන්නුම් කරයි. එය බොහෝ විට භූගෝලීය සාධක, මනුෂ්‍ය අවශ්‍යතා හා ගුරු කුලයන්ගේ අනන්‍යතාවයන් මත සිදු වී ඇත.
දීර්ඝ ඉතිහාසයක උරුමයෙන් දේශීය සටන් කලාව රට තුල සිදුවූ විවිධ අභ්‍යන්තර කැරලි කෝලහාල හා විවිධ ආක්‍රමණ නිසා වරින් වරින් කරලියට ඒමද නිහඩ වීම්ද එක් එක් වකවානු තුලදී සිදුවූ බව ඉතිහාසය දෙස විපරම් කරන්නෙකුට දැන ගත හැක.
ගල් යුගයක පටන් පරිණාමය මෙයින් එන මෙම ශාස්ත්‍රයන් හා බැඳුනු සකල ක්ෂේත්‍රයන් වර්තමානයේ විවිධ නම් වලින් විවිධ ක්ෂේත්‍ර හරහා විශේෂීකරණය වී ඇත. තවද භූවිෂමතා, දේශගුණික, පාරිසරික සාධක,ගුරු කුලයන්ගේ අනන්‍යතාවයන් වැනි සාධක සියල්ල මත කලාපීය වෙනස්කම් වලට තුඩුදේ. මේ නිසා එක් එක් කලාපයන් හි ජනයා එය තම තමාගේ දේශයට අනන්‍ය වූ දේශීය සටන් කලා, දේශීය වෛද්‍ය ශාස්ත්‍රය ආදී වශයෙන් විකාශනය කරගනිමින්ම නම් කර ඇත. අවසාන ප්‍රතිඵලය සමාන වුවද ක්‍රියාත්මක වීමේ වෙනස්කම් මේ නිසා දැකිය හැක. සටන් කලාවේ උච්චතම අවස්ථාවන් පැවති වකවානුනවක මානවයා ඊටත් එහා ගිය තාක්ෂණයක් ගවේෂණය කරන්නට විය.මෙම සිදුවීම් මූලික කර ගෙන සටන් ශිල්පියා ආධ්‍යාත්මික බලවේග වලින් පිරුණු මහා බලවන්තයකු ලෙසත් මහා සටන් කාමියෙකු ලෙසත් සමාජයේ නම් දරනා ලදී.
ඉතිහාස කරුණු පිරික්සීමේදී ඉතිහාසය බැබලූ රජෙකු පිළිබඳව අපිද මහා ආඩම්බරයකින් කථා කරන්නෙමු. ඔහු නමින් සක්විති රජෙකු වූ මහා රාවණා රජාණන්ය.මහා කලාකරුවකු වන මහා රාවණා රජු විසින් මන්ත්‍ර, තන්ත්‍ර, විවිධ අවි ආයුධ භාවිතය හා හැසිරවීම, වෛද්‍ය ශාස්ත්‍රය, ජ්‍යෝතිෂ්‍ය,ආධ්‍යාත්මික ශක්තීන් තුලින් සුර අසුරයන් සමග ගනුදෙනු කිරීම්, රාජ්‍ය පාලන ක්‍රම හා රාජ්‍ය සංවිධාන ක්‍රම යනාදිය ඉතා ශූර ලෙස ක්‍රියාත්මක කල අතර මේ සියල්ල පාදක කර ගනිමින් මහා සටන් කලාවන් බිහි කර ඇත.තවද රාවණා රජු විසින් සකල විදි ශාස්ත්‍රයන් තන්ත්‍ර ක්‍රමයක් ලෙසින් ලේඛන ගත කොට ඇත. විවිධ වූ ඝෘධි බල යොදමින් විශ්මය දනවන මායාවන් කරමින් ආධ්‍යාත්මික සටන් ක්‍රම යොදාගත් බව දඉතිහාස කථා වල සඳහන් වේ.
යුග ගණනාවක්, රාජධානි කිහිපයක් පසු කරමින් විවිධ පරිණාමයන්ට භාජනය වෙමින් කාලානුරූපීව වෙන් වූ ජීවන ක්‍රමයක් සමඟ දේශීය සටන් ක්‍රමද වෙනස් වේ යැයි අපට සිතිය හැක. නමුත් අංගම්පොර ශිල්ප ක්‍රමයෙහි අඩංගු මූලික පාදම හා ශිල්පීය ගුණාංග එලෙසම පවතින බව අපගේ විෂ්වාසයයි.
අතීතයේ කියූ දේශීය සටන් දුටු කිසිවෙකු අද මිහිපිට නොමැත. නමුත් ඉපැරනි දේශිය ශිල්ප තවමත් ආරක්ෂා වෙමින් පවතී. දැනට ශ්‍රී ලංකාවේද විවිධ ප්‍රදේශවල විවිධ තරාතිරම්වල හා ගුරුකුල වල අංගම්පොර පුහුණු පාඨමාලා බිහිවී ඇත. මෙම සටන් ක්‍රම ඉපැරණි සටන් ශිල්පද යන්න පාඨකයා හට නැගෙන ප්‍රශ්ණයකි. නමුත් රටක වාසනාවකට මූලාශ්‍ර ගත තොරතුරු හා පාරම්පරික ශිල්පීය ඥානය තුල හඳුනා ගතහැකි දේශීය සටන් ක්‍රම හා ශෛලීන්ගේ අනුතග වූ ඉරියවු තුලින් පහතරට අංගම්‍පොර නම් වූ දේශීය සටන් කලාවෙහි අනන්‍යතාවය ඔප්පු කල හැක.
අංගම්පොර හරඹ පිළිබඳව තොරතුරු බොහෝ විට පාරම්පරික ශිල්පීන්ගේ මූලාශ්‍ර,පොත පත, ලිපි ලේඛන හා මුඛ වහරේ එන තොරතුරු ඔස්සේ සොයාගත හැක. විවිධ අභ්‍යන්තර ආක්‍රමණ හා විදෙස් ආක්‍රමණ,අරගල සඳහා අවස්ථානුකූලව හෙළදිව රන් දොරටු වීමටත්, ජාතියේ මුර දේවතාවන් නිර්මාණය කිරීමටත්, ඒ ඒ කාලවලට අනුරූපව පරිණාමය වෙමින් පැවති අංගම්පොර සටන් කලාව තුළින් බොහෝ සටන් ක්‍රම බිහිවී ඇති බව තවත් විද්වත් මත අතර වේ.
මෑත ඉතිහාසයේදී අංගම්පොර සටන් කලාව ලැබුණු සාක්ෂි එමටය. ඒ අතරින් 1892එච්.සී.පී. බෙල් මහතා විසින් ලියූ කෑගලු වාර්තාවේ රාජසිංහ රජ සමයේ ප්‍රබල අංගම්පොර පරම්පරා දෙකක් පිළිබඳ විස්තර කොට ඇත. ඒ සුදලිය හා මරුවල්ලිය පරම්පරා දෙකයි. හේවා හැට, උඩ පළාත,දෙල්තොට අවට ප්‍රදේශය රත්මලේ හා කාරන අවට ප්‍රදේශ මරුවල්ලිය පරපුරටත්.,මාතලේ දක්වා හාරිස්පත්තුව, උඩුනුවර හා යටිනුවර සුදලිය පරම්පරාවටත් උරුම වී ඇත. මොවුන් රාජ්‍ය සේවය වෙනුවෙන් අංගම්පොර සටන් කලාව පුරුදු පුහුණු වූ පරම්පරා දෙකකි.
රජ වරුන් තම විනෝදය පිණිස මෙම පරම්පරා දෙකෙහි රණශූරයන් යොදා සන්දර්ශන හා හරඹ දක්වා ඇත. එවැනි සටන් අතරින් සුදලියේ පණික්කිරාළ හා මරුවල්ලියේ ඒදඬුවාවේ ගලබොට නිලමේගේ සටන ඉතිහාස ගතය.එම මාරාන්තික සටනින් ගලබොට නිලමේ මරුමුවට පත්විය. නමුත් ගැබිණියකව සිටි ඒදඬුවාවේ ලොකු මැණිකේ සටන ඇරඹීමට ප්‍රථම නිලමේතුමාට පොරොන්දු වූ පරිදි ලද දරුවාට අංගම් ශාස්ත්‍රය ඉගැන්වූවාය.විශේෂය වූයේ මෙම දරුවා ගැහැණු දරුවකු වීමය.කාලයාගේ ඇවෑමෙන් සටනට පිවිස සටන ජයගත් ඒඳඩුවාවේ නිළමේ දාව පොඩි මැණිකේ හට රාජකීය සම්මානද ඇතුන් පස් දෙනෙකු සමඟ සතර කෝරළයේ දිසාවද රජතුමා විසින් පිරිනැමූ බව ඉතිහාසයේ සඳහන් වේ.
තවත් අමතක කළ නොහැකි අංගම්පොර ශූරයකු ලෙස වීදිය බණ්ඩාර කුමරු විශිෂ්ඨය. කිහිපදෙනෙකුගේ හිසට උඩින් පැනගොස් සතුරන් කීතු කීතු වලට කපා දැමිය හැකි හා කිහිපදෙනෙකු හා තනිව සටන් කල හැකි අති දක්ෂ රණශූරයෙකි. තවද වීදිය බණ්ඩාර කුමරු හා එතුමාගේ අනුගාමිකයන් වූ වේලායුධ ආරච්චි හා බංගෙයිරාළ සටන් පුහුණු ම්‍යස්ථානයක් පවත්වා ගෙන ගිය බවද ඉතිහාසයේ සඳහන් වේ. තවද ශ්‍රී වික්‍රම රාජසිංහ රජ සමයේ සතර දිසාවේ කටයුතු කල ලෙම්කේ දිසාව ගැනද රසවත් කතා බොහෝය. එතුමා හා මීගහ තැන්නේ මරුනිල ශාස්ත්‍ර නම් වූ ග්‍රන්ථ දෙකක් ජාතියට දායාද කර ඇත. තවත් ඈත ඉතිහාසය දෙස බැලූ කල පණ්ඩුකාභය රජතුමා හා අමාත්‍යවරුන්ද, දුටුගැමුණු රජතුමා ඇතුලු අමාත්‍යවරුන්ද දක්ෂ අංගම්පොර සටන්කරුවන් බව සැබෑය. තවද වීර කැප්පෙට්ටිපොල, පිළිමතලාවේ අධිකාරම්,ටිකිරි කුමරු වැනි වීර වරයන්ද ඒ අතර කිහිප දෙනෙකි.
මීට අමතරව යම් යම් ඉතිහාසගත මූලාශ්‍ර හමුවූ ඉතිහාසික මූලාශ්‍ර හමු වූ තැන්ද කීපයකි. ඒ අතර
රාමායණය
මහාවංශය
රාජාවලිය
ඇම්බැක්කේ දේවාලය
ගඩලාදෙණිය මහා විහාරය
ශ්‍රි දළඳා මාලිගය
රත්නපුර සමන් දේවාලය
ඉන් කීපයකි.
ඊට අමතරව.,
01. රොබට් නෙක්ජගේ වාර්තා
02. ජෝන් ඩොයිලිගේ වාර්තාව
03. එච්.සී.පි.බෙල් මහතාගේ කෑගලු වාර්තාව
04. මේජර් ඩේව්ගේ වාර්තාද
…. නිදසුන්ය.
කලානූරෑපිව වෙනස් වූ අංගම් පොර සටන් කලාවෙහිද යම් යම් ශිල්පීය ලක්ෂණ අනුව පහතරට අංගම් ලෙසද අපි වර්ගීකරණය කර ඇත්තවුද පහතරට අංගම් සටන් කලාවේ ඉතිහාසය හා පැවැත්ම මෙලෙසය.පාරම්පරික සටන් කලාවක් වන අංගම් සටන් කලාව ලේ උරුමක්කාරයන්ගේ වන්නා වු පරම්පරාවේ ලේ පරපුර ලෙසද , ගුරු ඇදුරන් විසින් තෝරාගත් ලද විශේෂ වූ සිසුන් තෝරා සටන් කලාව ඉගෙන්වීමෙන් ශිල්පීය පරපුර ලෙසද හැඳින්වේ.
සටන් කලාවක් ලෙස අංගම් පොර සටන් කලාව ප්‍රධාන වශයෙන් කොටස් 3 කට බෙදා වෙන් කොට ඇත.
අංගම්
ඉලංගම්
මන්ත්‍ර හෙවත් මායා අංගම් ලෙසය
මෙම කොටස් වෙදකම, ජ්‍යෙතිෂ්‍ය, නර්තනය,සමාජ විද්‍යාව,මානව විද්‍යාව තුළින් පෝෂණය වි බෞද්ධ දර්ශනය මත පදනම් වේ.
මානසික හා ශාරීරක වශයෙන් ඉතා නීරෝගීමත් පුද්ගලයෙකු අංගම් පොර සටන් කලාව හැදෑරීමට සුදුස්සෙක් වෙයි.අතීතයේ රට ජාතිය ආගම රැකීමේ වස් අංගම් පොර ශිල්ප භාවිතා කළ හෙයින් සිංහල බෞද්ධයෙකු වීම අනිවාර්යය බව බොහෝ ගුරු කුල වල පවත්නා නිතියක් ද වේ. තවද ආධුනිකයෙකු ලෙස ශිල්ප හැදෑරිමට පැමිණීමේදී දෙමාපිය හා භාරකාරිත්වයේ අවසරයද අනිවාර්යය වේ.
මීට අමතරව ආධුනික ශිල්පියා ප්‍රධාන වශයෙන් අප සම්ප්‍රධානුකූල පොරොන්දු තැබීමකට, දිවුරුම් දීමකට හා දැඩි නීති රීති වලට යටත් කිරීම පූජා බන්දනයක් සිදු කරනු ලබයි. එය ප්‍රධාන කොටගත් අපගේ දැඩි විශ්වාසය මෙලෙසය. ප්‍රධාන කොට අංගම්පොර සටන් ශිල්පියාගේ ඉපදීම, ශක්ති වර්ධනය, පැවැත්ම, අත්තිවාරම මෙහිදී ආරම්භ වන බවයි. මෙසේ අතීත විරුවන්,ශිල්පීන්, මුතුනු මිත්තන් විසින් විශ්වයට මුදා හරින ලද මෙම ඒ ප්‍රාන ශක්තීන් හා තරංගයන් අප ශක්තීන් ලෙසත්, බලවේග ලෙසත් අපට අවනත කරගැනීම හා අප ඊට අවනත වීම ප්‍රධාන කොට වේ. මෙම සම්ප්‍රදානුකූල පූජා විධික්‍රම නිසා අදෘෂ්‍යමාන බලවේග වලින් සිදුවන හානි අවම කර ඒ තුලින් යහපතක්ම සිදුකර අංගම්පොර ශිල්ප හදාරන්නට අවස්ථාව ලැබේ. මෙම පූජා බන්දනය බුදුරජාණන් වහන්සේ අග තැම්පත් කොට ආධුනික ශිල්පියාගේ ඉෂ්ඨ දේවතාවන් හා දෙවි දේවතාවන් සිහිකොට ඉතා රහසිගතව සිදු කල නමුදු අද එය රහසක් නොවේ.
මෙසේ ආධුනික ශිල්පියා ප්‍රථමයෙන් ශරීරාංග හුරුකිරිමේ, ශරීර නම්‍යශීලී බව ඇති කිරීමේ, දරා ගැනීමේ හා ශක්ති වර්ධනය සඳහා ව්‍යායාම හුරුකරනු ලබයි.සම්ප්‍රදානුකූල හා ඉතා පෞරාණික තට්ටු කිරීම් නම් වූ ක්‍රම වේදයන් හා රටාවල් මගින් ආධුනික ශිල්පියාගේ ආධුනිකත්වයට නිමාවක් ලබා දෙයි.
මෙහිදී අත් හා පා උපයෝගී කරගෙන අංගම් කෙටීම, පහර දීම්, පොර බැදීම්, ගැට හා වෙලුම්,පැනුම් හා පිනුම් ආදී පහර නොවදින ලෙස වර්ග කරනු ලබයි. මෙම සටන් ක්‍රමය තුල කෙනෙකුට පහර නොදී ප්‍රතිවාදියාගේ පහර නොවදින ලෙස ඔහු වෙහෙසට පත් කර අඩපණ කල හැකි ක්‍රමද පරිසර පද්ධතියට අනුගත වන ආකාරයේ හැසිරීම් රටාද වේ.
පහතරට අංගම් ශිල්පියෙකු අංගම් හරඹ කරනු දැකිමද උප්පත්තියෙන් ලබන භාග්‍යයකි.මන්ද යත් පහතරට අංගම් ශිල්පයේ ඇති දරුණුම බිහිසුණුම හා වමත්කාර අවස්ථාව මෙය වන බැවිනි.
අංගම් හරඹ තුළ පැනුම්,පිනුම්,අත් පා හරඹ,විසිකිරීම් ගැට,පොර, ආදි සටන් ක්‍රම අන්තර්ගත වේ.මෙම පහරවල් හා ක්‍රමවේදයන් සඳහා ආවේණික නම් බොහෝ ගුරුකුල වල භාවිතා වේ.තවද අංගම් පොර ශිල්පියා භෞතික පරිසරයේ ඕනෑම ස්ථානයක සටන් කළ හැකි ශිල්පියෙකු ලෙස පුරුදු පුහුණු කරයි. මෙහිදී පහතරට අංගම් ශිල්පියා විශේෂ වූ ශෛලීන් සඳහා අනුගත කරවයි. වානරයකු ලෙස පැනුම, වලසෙකු මෙන් පොර බැදීම, පිඹුරෙකු මෙන් වෙලීම,නාගයකු මෙන් විදීම බිළාලයකු ලෙස කුරුමානම වැනි ඉරියව් හා අනුගතවීම් දැකීමත් බොහෝ අවස්ථාවන්හීදී මේ නිසා අනතුරක මානයක් ඉවෙන් දැකීමද සිදුවේ.
මෙම අංගම් හරඹයේ අපට අවේණික හරඹ ක්‍රමයක් පවතී. එනම් සෑම හරඹයම ප්‍රතිවාදියා හා සටන් කරයි. අංගම් ශිල්පියෙකු සටන් කල යුතු ක්‍රමවේද බොහෝමයකි. ඒවා හරඹ ශිල්ප ලෙසද පාඩම් ලෙසද හදුන්වයි. ශිල්පියා නොදැනුවත්කමින් වුවද මෙම හරඹයේදී මරමස්ථාන ස්පර්ශ කරනා අන්දමේ පහරවල්ද වේ. මෙම හරඹයේ නිර්මාණ අද්විතීය වේ එම නිසාද යත් සෑම පහරක් සඳහාම ප්‍රතිවාදියාගේ පහරක් හෝ ගැලවිල්ලක් ඇත.
මෙම ශිල්පයේ තවත් පැතිකඩක් ලෙස ඉලංගම් හටන් හැදින්විය හැක. ආයුධ හරඹ කල හැක්කේ අත් පා හරඹ මැනවින් පුහුණු කල සහ ගුරුවරයාගේ අනුමැතිය ලත් ශිල්පීන්ට පමණි.
ඉලංගම් සටන් ශිල්ප යනු ආයුධ සහිතව සිදු කරන සටන් ශිල්ප වේ. මේ සඳහා විවිධ කඩු වර්ග, මුගුරු වර්ග, හෙලි, ගදාව, කලා කිරිඤ්ඤ, අං කිරිඤ්ඤ, කෙටේරිය,වේලායුධය ඇතුලු හෙලි නොකල ආයුධ වර්ගද වේ. මෙම ආයුධ වර්ග දිගු ආයුධ,කෙටි ආයුධ, මුවහත් ආයුධ, මොට ආයුධ,වක්‍ර ආයුධ, ඝෘජු ආයුධ ලෙසද වර්ග කෙරේ.ඉලංගම් සටන් ශිල්ප පුහුණු වන්නා ආධුන්කයකු නොවිය යුතුයි. අත් පා පදම් වී සිටින ශිල්පීන් පමණක් ඉලංගම් සටන් ශිල්ප හදාරයි.
තවද අංගම්පොර ශිල්පයේ බොහෝ දෙනාගේ අවධානය වනුයේ නිල ශාස්ත්‍රය වෙතයි. මෙම මරමස්ථාන හා නිල ශාස්ත්‍රය යනු කුමක්ද? මේ සඳහා බොහෝ අර්තකථන ඇත. නිල ස්ථානයක් යනු සත්වයාගේ ප්‍රාණ ඉන්ද්‍රය කොටගත් සුළු උත්තේජනයකින් පවා වේදනාවන්ට ලක් කළ හැකි සිරුරේ වා,පිත්,සෙම යන කොටස් 3ම සමතුලිතව ක්‍රියා කරන ස්ථානයෝය. ශරීරයේ අපට හදුනාගත හැකි ප්‍රධාන නිල ස්ථාන 107 කි.නිලස්ථාන සම මතුපිටද ශරීර අභ්‍යන්තරයේ මාංශ, සංධි, ශිරා, අස්ථි ඇසුරු කරගත් ස්ථානවලද පිහිටා ඇත. නමුත් අපට උත්තේජදනය කල හැකි නිලස්ථාන පමණක් ප්‍රයෝජනයට ගත හැකිය. සටනකදී නිල පහරක් වැදීමෙන් හානි වූවෙක් නිල වෙදකම ඔස්සේ ප්‍රතිකාර සඳහා යොමු වේ. නමුත් මරමස්ථානයක් සඳහා පහර වැදීමක් නොවිය යුතුයි. මෙම නිල ස්ථාන තුළින්