08/08/2025
✈️ යුරෝපයේ ගමන් කරන ඔබට – දුම්කොළ සහ මත්පැන් රේගු සීමා 🚬🍷
📅 නවතම නීති – 2025 ජුලි 15
ප්‍රකාශය – නීති සහ පරිපාලන තොරතුරු දෙපාර්තමේන්තුව (අගමැති)
🚨 යුරෝපය තුළ ගමන් කරනකොට පවා දුම්කොළ සහ මත්පැන් ගෙන්වීමේ සීමා තියෙනවා. නව නීති අනුව, 2024 මාර්තු 29 සිට, ඔබ ගෙන ආ ප්‍රමාණය පමණක් නොව, ඒ ගෙන්වීම වෙළඳ වශයෙන්ද යන්නත් සලකා බලනවා.
🍷 මත්පැන් උපරිම ප්‍රමාණ
මෙම උපරිම ප්‍රමාණයන් මධ්‍යසාර කාණ්ඩය අනුව වේ.
උදාහරණ:
විස්කි ලිටර් 10 + පෝර්ට් ලිටර් 20 + වයින් ලිටර් 90 + බියර් ලිටර් 110
හෝ
විස්කි ලිටර් 10 + පෝර්ට් ලිටර් 20 + ස්පාර්ක්ලිං වයින් (ෂැම්පේන් හෝ ක්‍රීම්) ලිටර් 60 + වයින් ලිටර් 30 + බියර් ලිටර් 110,
විදිහට Mix කරලා වුණත් අදාළ සීමාව තුළ අරන් එන්න පුළුවන්.
🙍♂️මේවා එක් පුද්ගලයෙකුට වන ප්‍රමාණයන් වේ.
වාහනයකට නොවේ. වාහනේ හතර දෙනෙක් (අවුරුදු 17 ට වැඩි) යනවනම් මේ ප්‍රමාණයන් හතර ගුණයකින් වැඩිවේ. 😉
🚗 ඔබ පුද්ගලික ප්‍රවාහනයෙන් (පයින්, බයිසිකලයෙන්, මෝටර් රථයෙන්, බෝට්ටුවෙන්) හෝ පොදු ප්‍රවාහනයෙන් (ගුවන් යානයෙන්, දුම්රියෙන්, බෝට්ටුවෙන්) ගමන් කළත්, මෙම සීමාවන් සමනව අදාළ වේ.
📌 මතක තබා ගන්න ඕනම අවස්ථාවකදී පහත අංකයට අමතා මේ ගැන තොරතුරු ලබා ගැනීමට පුළුවන්.
දුරකථන අමතන්න:
🇫🇷 Infos Douane Service – ☎️ 0 800 94 40 40 (නොමිලේ)
🌍 විදේශයෙන් – ☎️ +33 1 72 40 78 50
එමෙන්ම ඔබ ළඟ ඇති මුදල් ප්‍රකාශ කිරීම: යුරෝ 10,000 හෝ ඊට වැඩි මුදලක් ගෙන ආවේ නම්, අනිවාර්යයෙන් ප්‍රකාශ කරන්න.
වෙනත් සීමා සහ තහනම්:
💊 ඖෂධ
🍖 ආහාර ද්‍රව්‍ය
🔫 ආයුධ
🎨 කලා කෘති
❌ ව්‍යාජ නිෂ්පාදන
🐅 සමහර සතුන් සහ ශාක විශේෂ
🌍 බලපාන ප්‍රදේශ
මෙම නීති විදේශීය දෙපාර්තමේන්තු, කලාප, සහ සාමූහිකත්වයන් සඳහා බලපාන්නේ නැහැ.
Channel Islands
Canary Islands 🇮🇨
Andorra 🇦🇩
Monaco 🇲🇨
Switzerland 🇨🇭 සඳහාත් වෙනම නීති තිබෙනවා.
💡 ඔබේ යුරෝප් ගමනේදී අවශ්‍ය තොරතුරු දැන ගෙන පාවිච්චි කරගන්න.
අනවශ්‍ය දඩ සහ නීතිමය ගැටලු වලින් ඔබේ නිවාඩුව නාස්ති කර ගන්න එපා.
(තොරතුරු officiel de l'administration française)