Embassy of Sri Lanka in Tel Aviv

Embassy of Sri Lanka in Tel Aviv Official page of Embassy of Sri Lanka in Tel Aviv

The Embassy is providing, through its main sections, namely, Consular section and Labour section, a number of significant services to both Sri Lankans working and living in Israel and Israel citizens who wish to visit Sri Lanka. For Sri Lankans, the services extended by the Embassy range from registration of birth to document authentication.

27/05/2025
රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකකයක් පිහිටුවීම2025 පෙබරවාරි 18 දිනැති ජනාධිපති ලේකම් කාර්යාල චක්‍රලේඛ අංක PS/SB/CIR/2/2...
22/04/2025

රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකකයක් පිහිටුවීම

2025 පෙබරවාරි 18 දිනැති ජනාධිපති ලේකම් කාර්යාල චක්‍රලේඛ අංක PS/SB/CIR/2/2025 සහ 2025 අප්‍රේල් 9 දිනැති විදේශ කටයුතු අමාත්‍යාංශ චක්‍රලේඛ අංක 102/5 අනුව, ඊශ්‍රායල රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු ඒකකයේ සාමාජිකයින් ලෙස තානාපති කාර්යාල කාර්ය මණ්ඩලයේ පහත සඳහන් සාමාජිකයින් තිදෙනෙකු පත් කර තිබේ.

ඊ.ආර්.එම්.එස්.එච්. ඒකනායක මහතා - නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී
වයි.සී.එන්. අබේගුණවර්ධන මහතා - උපදේශක (කම්කරු සුභසාධනය)
එස්.ඒ. එලේගොඩ මහතා - පරිවාරක නිලධාරී
ආයතන මට්ටමින් දූෂණ, අක්‍රමිකතා සහ අල්ලස් නිරීක්ෂණය කිරීම, අවම කිරීම සහ වැළැක්වීමේ මූලික අරමුණ ඇතිව, ඉහත සඳහන් චක්‍රලේඛවල සපයා ඇති මාර්ගෝපදේශයන්ට අනුකූලව සාමාජිකයින් ක්‍රියාත්මක වනු ඇත.

එවැනි පැමිණිලි ඇත්නම් අදාල සාක්ෂි සහිතව ඉදිරිපත් කරන මෙන් දැනුම් දෙමි.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
ඊශ්‍රායිල් රාජ්‍යය
22/04/2025

06/04/2025
පසුගියදා  අප අතරින් වියෝ වූ , කටුගස්තොට      පදිංචිව සිටි බුද්ධික තුෂාර  මහතාගේ  දේහය  ඊශ්‍රායලයේදී  ආදාහනය  කිරීමට පෙර ...
09/10/2024

පසුගියදා අප අතරින් වියෝ වූ , කටුගස්තොට පදිංචිව සිටි බුද්ධික තුෂාර මහතාගේ දේහය ඊශ්‍රායලයේදී ආදාහනය කිරීමට පෙර සිදුකරන ආගමික වතාවත් හා මතක වස්ත්‍ර පුජාව 2024 ඔක්තෝම්බර් මස 13 වැනි ඉරිදා උදෑසන 11.00 ට පහත ලිපිනයේ ඇති මල්ශාලාවේ දී සිදු කෙරේ.

Amal Street 44
Petach Tikva

මෙහි බෞද්ධ ආගමික වතාවත් ඊශ්‍රායලයේ බෞද්ධ විහාරාධිපති බලන්ගොඩ අනන්දමන්ගල ස්වාමින්වහන්සේ විසින් සිදුකරන් අතර අතර තානාපති කාර්යාලය විසින් අදාල කටයුතු සංවිධානය කෙරේ. ඒ සඳහා පැමිණීමට හැකි ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණෙන ලෙස ආරාධනා කරමු.

බුද්ධික තුෂාර මහතාගේ අභාවය පිළිබඳව ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ සාතිශය සංවේගය ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙත මෙසේ පල කරමු.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
ඊශ්‍රායලය.

09/10/2024

NVQ සහතිකපත් ප්‍රදානය -2024-09-28ඊශ්‍රයලයේදී  පැවත්වූ NVQ  (ජාතික වෘත්තීය  නිපුනතා)   විභාගය සමත් වූ  සාත්තු සේවක  සේවික...
19/09/2024

NVQ සහතිකපත් ප්‍රදානය -2024-09-28

ඊශ්‍රයලයේදී පැවත්වූ NVQ (ජාතික වෘත්තීය නිපුනතා) විභාගය සමත් වූ සාත්තු සේවක සේවිකාවන් 304 දෙනෙකු සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමේ නිල උත්සවය 2024 සැප්තැම්බර් මස 28 වැනි සෙනසුරාදා 10.00 සිට පස්වරු 2, 00 දක්වා පහත දැක්වෙන ලිපිනයේ ඇති Israel Conservatory of Music ශාලාවේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.

Israel Conservatory of Music
Lovis Marshal Street, 25
Tel Aviv – Yafo

මෙයට පෙර ටෙල් අවිවී හි Beit Dani ශාලාවේදී ඉහත උත්සවය පැවැත්වීමට සුදානම් කළ ද අදාල අවස්ථාවේ සහතික පත්‍ර බෙදාදීමට තානාපතිවරුන් ඇතුළු විශේෂ ආරාධිතයන් රැසක් සහභාගී වන බැවින් වැඩි ඉඩකඩ අවශ්‍ය නිසා කලින් ලබාගත ශාලාව වෙනස් කළ බව කරුණාවෙන් සලකන්න.

උත්සවයට සහභාගිවන සියලු දෙනා උදෑසන 9.00 ශාලාවට පැමිණ ලියාපදිංචි විය යුතුය.

Address

B. S. R. 2, 30th Floor (North West) No 1 Ben Gurion Road, Bnei Brak
Tell Abib
5120149

Opening Hours

Monday 08:15 - 16:15
Tuesday 08:15 - 16:15
Wednesday 08:15 - 16:15
Thursday 08:15 - 16:15
Sunday 08:15 - 16:15

Telephone

+97235277635

Alerts

Be the first to know and let us send you an email when Embassy of Sri Lanka in Tel Aviv posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Embassy of Sri Lanka in Tel Aviv:

Share