04/07/2024
ගියපු ගමං ගැන කතා ලියල එච්චර පුරුදු නෑ ඒත් මේ පාර හිතුනා ලබපු අත්දැකීම් ටිකක් අනික් අයත් එක්ක බෙදා ගන්න ඕන කියල .
හැමදාම Treking කර කර හිටියා ඇති, expedition වලට බහින්න කාලේ ඇති කියල හිතිලා ටිකක් කල්. ඒත් expedition වලට කාලය හා මුදල් දෙකම ටිකක් වැඩිපුරම යන නිසා ඒ දෙකම හරියට සෙට් වෙනකං බලං හිටියා.
මීට අවුරුදු 2 කට විතර කලිං මමයි, කර්පෞ Kedarkantha trek එකේදී දැකපු Black Peak ( Kala Nag) එක මගේ හිතේ දැකපු ගමං උත්සාහ කරල බලන්න ඕන කියල හිතපු expedition එකක්. කලිං කරපු EBC, Goechala, Stok Kangri, Kedarkantha trek වගේ නෙමේ expedition එකක් කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් විදියකට ලෑස්තිවෙන්න උනා. Fitness හදා ගන්න හැමදාම 10 km වගේ දුවල සතියේ දවස් 5 තට්ටු 32 නග්ගා.
Black Peak, කාලා නාග් එහෙමත් නැත්තංං කලු නයා කියන්නේ ඉන්දියාවේ උත්තර්කන්ඩ් ප්‍රාන්තයේ , උත්තරාක්ශි දිස්ත්‍රික්කයේ බන්දර්පුන්ච් කියන කියන හිමාල උප කදු පන්තියේ උසම කන්ද , උස කිවුවොත් මුහුදු මට්ටමේ ඉදල මීටර් 6387 ක්. ගොඩක් අය උත්සාහ නොකරන ටිකක් අසීරු කන්දක්.
මගේ කදු සගයා ත් වැඩේට කැම්ති වෙච්ච නිසා මේ පාර ඔන්න වඩේට. ලෑස්ති වුනා ඒ පැත්තේ expedition කරන කණ්ඩායක් එක්ක.
සම්පූර්ණ expedition එක දින 14 ක්.
කන්ද නගින්න මුලින්ම ඉන්දියාවේ අග නගරය වන දිල්ලියෙන් බැහැල එහේ තියන IMF (Indian Mountaineering Foundation) එකට ගියා expedition approval සහ IMF Liason Officer හම්බෙන්න. ( ඉන්දියවේ foforeigners ල expedition කරනවනං දෙන්නෙක්ට එක්කෙනෙක් ගානේ LO ල IMF එකෙන් assign කරන්න ඕන). අපේ LO උනේ Arun Nanda. එයාට BMC( Basib Mountaineering Course), AMC ( Advance Mountaineering Course), Search and Rescue ගැන් සුදුසුකම් සහ පලපුරුද්ද තියෙනවා. එයත් එක්ක දිල්ලි ඉදල කි.මි 245ක් ඈතින් තියන දෙහ්රදූන් කියන නගරයට (පැය 4-5 අතර ගමනක්. බස් දුම්රිය් වගේම ප්‍රාදේශීය ගුවන් මගිනුත් යන්න පුලුවන් ) එතන ඉදං කි.මි. 200 ක් විතර ඈතින් තියන සාන්ක්‍රී කියන පොඩි ගමට යන්න ඕන ( බස්, බොලෙරෝ ට්‍රක් සහ පැසෙන්ජර් වෑන් වලින් යා හැක). සාන්ක්‍රි සිට ගංගෝත්‍රි කියන පොඩි ගමට යන්න ඕන ( දුශ්කර කදුකර මාර්ග ඔස්සේ 4 x 4 ට්‍රක් රථ පමනි).
ටීම් එක ( Sonam Dai - Lead Sherpa[ Nepal ], Rakesh Reddi - Lead Climber [ Trrck OOrganizing Company], Suresh - Lead Climber [Trek Organizing Company], මම[Team Leader], නලින්ද[ member], Arun [ Liason Officer from IMF], Aravind [member], Rohit [member], Aditya [member] )ගංගෝත්‍රි වලිං පටං අරං පලවෙනි දවසේ යන්න ඕන සීමා කියන්න ගමට (කි.මි. 11 විතර, පැය 6 ක් විතර). අතරින්පතර මිනිස් ජනාවාස තියන නිසා අඩු බෑවුමේ තමා යන්න තියෙන්නේ ( 2600 මීටර). එදා එහේ කෑම්ප් කරල ඊලග දවසේ පැය 8 ක විතර ගමනකින් කි.මි. 13 විතර එහා තියන රුයින්සාරා කියන කෑම්ප්සයිට් එකට එන්න ඕන ( 3600 m).එදා රුයින්සාරාවල කෑම්ප් කරල ඊලග දවසේ 4200 m ( කි.මි 8) ක් උඩින් තියෙන ක්‍යාර්කොටි කියන බේස් කෑම්ප් එකට ගියා.
එතන් දවස් 2ක් එකලයිමටයිස් උනා දවස් 2 ක්. ඒ අතර අයිස්බූට්, හානස්, ක්‍රෑම්පෝන් දාලා ලනු දිගේ 70° ආනතිය තියන කදුනගින ටෙක්නිකල් පුහුණුව ලැබුනා. ඊටපස්සේ අපි අපේ ආම්පන්න, ටෙන්ට්, ස්ලීපිං බෑග්, කෑම ටිකයි ඇදුං ටිකයි දෙපාරකට Advance Base Camp ( 4900 m) ට ගෙනිච්චා. 25 kg විතර අරං පල්ලේ පේන්නේ නැති කදුබැවුම් වල යනකොට සැප තමා. එතන ඉදං අපි 5400 m උඩිං තියෙන Summit කෑම්ප් එකට බඩුටික ඇද්දා ඊලග දවසේ. දවස් දෙක්ක තිබ්බත් summiting වලට පලවෙනි දවසෙම window එක හොදට තිබ්බ නිසා එදා උදේ පාන්දර 12 ට විතර summit එකට පිටත් උනා. අංශක 70°ක විතර ආනතියකින් විතර එක දිගට accent එක. තැනිං තැන crevasse තිබුනත් ඒවා මග ඇර ඇර 4 විතර වෙනකං ගියා. වටාපිටාව හොදට පැහැදිලිව තිබ්බත් හුලග හොදටම සැරට තිබ්බා. උඩින්ම සෝනම්, ඊලගට රාකේශ් , අරුන් , සුරේශ් මම සහ අරවින්ද් පිලිවෙලට rope එකේ හිටියේ. Route එකේ මුලිං හිටියේ අපි නිසා route එක හොයාගෙන open කරන්න උනෙත් අපිට. මේක එච්චර ජනප්‍රිය expedition එකක් නොවෙන නිසා fixed ropes නෑ. සෝනම් sherpa කෝම්හරි crevasse මග හරිමින් 5:00 විතර වෙනකං ගියත්, peak එක පෙනි පෙනි (6100 -6150 m) අතර වගේ ලොකුබ් crevasse ර්කක් සෙට් උනා. ඒක cross කරන්නම වෙන පාටක් තිබ්බා summit කරන්න. ඒකේ කනේ තියන අඩියක් විත්‍ර පලල ridge එකක් තිබ්බා, ඒත් එතනින් පල්ලේ මහා ප්‍රපාතේ, fixed ropes නැතුව ඒක try කරන එක ටිකක් අවදානම් වගේ කියල හැමෝම තීරණය කරපු නිසාත්, summit කරල බහිනකොට දවල් උනොත් 70° බෑවමේ fixed rope නැතුව බහින එක අවදානං නිසාත් summit නොකර හැරෙන්න තීරණය කලා. මේ දවස්වල දවල්ට හිරු රශ්මිය අධික නිසා උඩ් ඝ්ණ අයිස් ලේයරය දියවෙන්න ගන්නවා. එතකොට බණ්ඩක්කා වගේ තම surface එක. Crampon තිබ්බත් fixed rope නැති නිසා වැරදිලා හරි ලිස්සුවොත් පල්ලේ තියන crevasse එකකට සෙට් වෙන්න පුලුවං.
9-10 විතර වෙනකොට summit කෑම්ප් ඇවිත් මැගී කාලා එහෙමම පිටත් උනා පල්ලෙ බහින්න. ABC පහුකරල එකකොට කරුවල වැටිච්ච නිසා අතරමග කෑම්ප් කරල ඊලග දවසේ බේස් කෑම්ප ආවා. එදා බේස් ඉදලා ඊලග දවසේ රඉන්සාරා, සීමා පහුකරල කෙලින්ම ගංගෝත්‍රි වෙනකං ආවා හැල්මේ.
එදා ගංගෝත්‍රි වල Homestay ඉදලා ඊලග දවසේ සාංක්‍රී ආවා ජිප් එකේ.
කියනවනේ expedition එකකදී Summiting කියන්නේ Bonus එකක් කියල.
වැඩිය ලියන්න තෙරෙන්නේ නෑ . නැවත තව expedition එක්කිං හමු වෙමු.