JaNa-ජනා

JaNa-ජනා දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ..🫣😋
(7)

තරූ අක්කා ගෙනාපු පොල් කේක් කෑල්ලක් එක්ක කෝපි එකක් වෙනුවට අදත් මයිලෝ එකක්ම බොනවා කියලා හිතුවා..සීනි ටිකක් අඩුවට දාගත්තා.....
17/03/2025

තරූ අක්කා ගෙනාපු පොල් කේක් කෑල්ලක් එක්ක කෝපි එකක් වෙනුවට අදත් මයිලෝ එකක්ම බොනවා කියලා හිතුවා..සීනි ටිකක් අඩුවට දාගත්තා..කේක්වල පැණි රස තියෙන නිසා..😋

හැබැයි මගේ කේක් වල උඩින් ලස්සනට තියෙන්න ඕන කජු ටික නැති එකට නම් තරහයි..😒

17/03/2025

තරූ අක්කලා අපේ ගෙදර එනවා කිව්වම මන් හිටියෙ හරිම ආසාවෙන්..මාස ගානකට කලින් ඉඳන් බලන් හිටියෙ..පොඩි දෙන්නත් එහෙමයි..කවද්ද එන්නෙ කිය කිය අහ අහමයි හිටියෙ..හිතට හරියන,එකම වයිබ් එකේ කෙනෙක් එක පාරක් සෙට් උනාම ආයෙ හම්බෙනකොට තියෙන කැමැත්ත,ආසාව අඩුවක් නැතුවම අපි ලඟත් තිබුනා..

පොඩි අයට අසනීප උනේ හිතුවෙ නැති වෙලාවක..පුලුවන් තරම් උත්සහ කරා තරූ අක්කලා එන්න කලින් හොඳ කරගන්න..ඒත් එයාලට හිතපු නැති විදිහට ගොඩක් අමාරු උනා..තාමත් ඇඳෙන්වත් නැගිට ගන්න බැරුව ඉන්නෙ..ගිය පාර තරූ අක්කා එක්ක යාලුවෙක් වගේ කතා කරලා හිටපු මගේ දුව මේ පාර එයාලා ආපු දවසෙ ඉඳන් තාමත් ඇඳේමයි..ආස උනත් එයාට නැගිටලා කතා කරන්න,එහෙ චූටි දුවත් එක්ක සෙල්ලම් කරන්න දෙන්නටම පණක් නෑ..
මන් හිතාගෙන හිටියේ එක එක විදිහෙ කෑම හදන්න..ලස්සන ලස්සන තැන් ගොඩකට යන්න..පුලුවන් උපරිමයෙන් හොඳම විදිහට සලකන්න..ඒත් මාත් හිටියෙ අසනීපෙන් නිසා හිතාගෙන හිටපු හැමදේම කරන්න බැරි උනා..

ඇඟට වඩා මගෙ හිතට අමාරු දවස් මේ ගෙවෙන්නෙ..දරුවො දෙන්නටම එකම විදිහට අමාරු වෙන එක,එයාලා ඉන්න විදිහ දැක්කම මට වාවන්නෙ නෑ..තරූ අක්කලා ලඟ පාතක ඉඳන් ආවානම් මන් කියනවා පොඩි අයට හොඳ උනාට පස්සෙ එන්න කියලා..ඒත් ගමන දුර වැඩි නිසා හිතුන හිතුන වෙලාවට එන්න බෑ..

අපිට කරදර එන්නෙ කලින් කියලා දැනුවත් කරලා නෙමෙයිනෙ..කොහොමහරි ඒවටත් මූණ දෙන්නම වෙනවා..මට මේ ගෙවෙන්නෙ ඒ වගේ හරිම නරක,අසීරු කාලයක්..
අපි ඉක්මනටම ආයෙ හම්බෙමු අක්කෙ..එදාට නම් මගෙ හිතේ තිබුන විදිහටම ඔයාලට හැමදේම කරන්නම්..මන් එහෙම කරන්න හරිම ආසාවෙන් හිටියෙ..ගොඩක් දුර ඉඳන් ඇවිල්ලත් මේ වෙලාවෙ අපි අතින් මග ඇරුනු දේවල්වලට සමාවෙන්න අක්කෙ..🥺

(ජනා..🌼)

14/03/2025

මේ ටිකේ හරිම අමාරු දවස් ටිකක් ගෙවන්නෙ..පොඩි දෙන්නට තාමත් හොඳ නැති නිසා වීඩියෝ එකක් ගන්න පුලුවන් තත්වයක් තිබුනෙ නෑ.ඒ දෙන්නා එක්කම මාවත් අසනීප වෙලයි ඉන්නෙ..ඉක්මනින් වීඩියෝ එකක් අරන් එන්නම්..එතකන් අමතක නොකර මතකෙ තියාගෙන ඉන්න මාව..🥺

(ජනා..🌼)

12/03/2025

සමහර වෙලාවට කියාගන්න බැරි හරි අමුතු හැඟීමක් දැනෙන වෙලාවල් අපිට තියෙනවනෙ..මට ඒ හැඟීම වැඩිපුරම දැනෙන්නෙ මේ වගෙ වෙලාවට..එක්කෙනෙක් වෙනුවට දරුවො දෙන්නම එකම පාර ලෙඩ උනාම දෙන්නටම එකම විදිහට අමාරු වෙනකොට මොනා කරන්නද කියලා හිතාගන්න බෑ..එයාලා ලඟින් ඉන්න,උයන්න පිහන්න,එයාලට කවන්න පොවන්න,ගෙදර වැඩ කරන්න මේ ඔක්කොම තනියම වෙනකොට ඇඟට වඩා හිතට වෙහෙස දැනෙනවා..
sujatha menike ihalagedara ලියපු කතාවෙ වගේ මේ ලෝකෙ තියෙන ඉන්ටෝල් නැති රස්සාව කැමැත්තෙන්ම තෝර ගත්තට දැන් නම් ඉන්ටෝල් එකක් ඕනමයි කියලා හිතෙනවා..
වෙනදට දුවලා පැනලා ඉන්න දරුවෝ වැටිච්ච තැන ඔහේ ඉන්නකොට එපා වෙනවා..දෙන්නම එකම පාර වඩාගන්න,ඔලුව අතගාන්න,ලඟින් ඉන්න කියලා අඬනකොට තියෙන අත් දෙක මදි වගේ කියලා හිතෙනවා..කවුරුහරි ඉන්නම ඕන වෙලාවලටත්,කාගෙ හරි උදව්වක් ඕනෙම වෙලාවලටත් තනියම හැමදේම කරන්න හයිය ලැබෙන එකම මට වටිනවා..ඇඟේ හයිය දිය වෙලා යන වෙලාවට උනත් හිතේ හයිය ඉස්සර වෙනවා..ඉන්ටෝල් එකක් ලැබෙනකන් අල්ලගෙන ඉන්නවා..🥺

(ජනා..🌼)

ඊයේ පුතා ඉස්කෝලෙ ඉවර වෙලා ගෙදර ඇවිත් බාත්‍ රූම් එකට ගියා අත් හෝදන් එන්න..කොහෙ හරි ගිහින් ආපු ගමන් හොඳට සබන් ගාලා අත් දෙක...
11/03/2025

ඊයේ පුතා ඉස්කෝලෙ ඉවර වෙලා ගෙදර ඇවිත් බාත්‍ රූම් එකට ගියා අත් හෝදන් එන්න..කොහෙ හරි ගිහින් ආපු ගමන් හොඳට සබන් ගාලා අත් දෙක හෝදන එක කොවිඩ් කාලෙදි පුරුදු උන එකක්..අදටත් ඒ දෙන්නා ඒක කරනවා..අමතක වෙන වෙලාවල් වලදි මන් මතක් කරනවා..අත් දෙක හෝදගෙන ඉක්මනට එලියට ඇවිත් කිව්වා "අනේ අම්මා කොමඩ් එක ඇතුලෙ පොඩි සතෙක් ඉන්නවා..එයාට පණත් තියෙනවා එයාව අයින් කරන්නකො"කියලා..එයාව අයින් කරනකන් එයාට pipi(පිපී) දාන්න බෑ කිව්වා..(ඒ කිව්වෙ චූ දාන්න බෑ කියලා..🙈)
ඒ වෙලේ මන් හිටියෙ එයාලගෙ කෑම පෙට්ටි,පිඟන් හෝදන ගමන් නිසා අතේ සබන් නිසා එතනම ඉඳගෙන මන් ඇහුවා කොහෙද සතා ඉන්නෙ කියලා..කොමඩ් එක ඇතුලෙ කිව්වම මන් ආයෙත් ඇහුවා "අනේ පුතේ මන් කොහොමද ඕක ඇතුලට අත දාන්නෙ කරන්න දෙයක් නෑ"කියලා..මන් හිතුවෙ වතුරට වැටුන සතෙක් කියලා..
මොන කොල්ලා දොර ලඟ ඉඳන් අඬනවා..සතාව ගන්නකන් එයාට ඕන වැඩේ කරන්න යන්න බෑ කිය කිය අඬනවා..ඒ පාර මන් කර කර හිටපු වැඩේ නවත්තලා ගියා මොකාද මේ සතා කියල බලන්න..මොකද හදිසියේ හරි කොල්ලට එතන චූ ගියා නම් එක වැඩේ දෙක වෙනවනෙ මට..බැලුවම මදුරුවෙක් වගේ පොඩි සතෙක් ඉන්නවා..වතුරට වැටිලා නැති උනාට කොමඩ් එක ඇතුලෙ තමයි ඉන්නෙ..මන් ඉතිම් කොලේකුත් අරගෙන හිමීට ඌව කොලේට දාගන්න ට්‍රයි කරනවා..ඒ අස්සෙත් කොල්ලා කෑ ගහනවා "අනේ අම්මා පරිස්සමින් වතුරට වැටෙයි හොඳේ"ගගා..
කොහොමහරි කොලේට ගත්ත සතාව බාත් රූම් එකේ ජනේලෙන් එලියෙ පැත්තෙ තිබ්බට පස්සෙ තමයි කොල්ලා කොල්ලගෙ වැඩේ කරගෙන ආවෙ..
ඒ සතාව බේරගත්‍තට පස්සෙ මූණෙ ගිය හිනාව තමයි ශෝක්..
එහෙම හිනා වෙන ගමන්,"එයා මට තැන්ක් යූ කියන්න ඇති නේද අම්මා"කියලත් ඇහුවා..
පුංචි අයගෙ ලෝකෙ හරි ලස්සනයි..එයාට ඕන නම් තිබුනා flush කරලා ඒ සතා වතුරත් එක්ක ඇතුලට යන හැටි බලන් ඉන්න..ඒත් එයාට ඕන උනේ ඒ සතාව බේරගෙන එයාට ජීවත් වෙන්න අවස්ථාවක් හදලා දෙන්න..
එයා ඌව බේරගත්ත එකට තැන්ක්යූ කියන්න ඇති නේද කියල මගෙන් ඇහුවම මට "අනේ පව්"කියලත් හිතුනා..
"ඔව් ඔයානෙ එයාව බේරගන්න උදව් උනේ..ඔයා දැක්කෙ නැත්තම් සමහරවිට එයා මැරෙන්නත් තිබුනා..එයා කියන දේවල් අපිට ඇහෙන්නති උනාට එයා අනිවාර්යයෙන්ම ඔයාට තැන්ක් යූ කියන්න ඇති.."
මන් කිව්වා..පුතාගෙ මූණෙ එකම හිනාවයි..

(ජනා..🌼)

11/03/2025

ඊයෙ රෑට බත්..😍

මේ දවස්වල මට මයිලෝ වලට හිත ගිහින් තීන්නෙ..ටින් එක ඉවර වෙනකන් මේ දවස්වල හවසට මයිලෝ තමයි..මයිලෝ එක හදාගෙන ඉඳගත්තම කෝපි බෝත...
10/03/2025

මේ දවස්වල මට මයිලෝ වලට හිත ගිහින් තීන්නෙ..ටින් එක ඉවර වෙනකන් මේ දවස්වල හවසට මයිලෝ තමයි..
මයිලෝ එක හදාගෙන ඉඳගත්තම කෝපි බෝතලේ අඬනවා වගේ ඇහෙනවා.."ඉස්සෙල්ලා ආපු කනට වඩා පස්සෙ ආපු අඟ ලොකු වෙලා"කියනවා වගෙත් ඇහෙනවා..

ඒ නිසා අද පුරවපු මයිලෝ හැඳි දෙකකට instant coffee පුරවලා හැන්දකුත් දාලා සීනි තේ හැඳි එකහමාරකුත් දාලා රත් කරපු fresh milk දාලා හදාගත්තා..මේ coffee එක ටිකක් තිත්ත නිසා මයිලෝ එකත් එක්ක mix උනාම මේකෙන් ආවේ පුදුම රසක්..

මුල් උගුර බොනකොට ඒ දැනුන රසත් එක්ක ආයෙත් කෝපි මට හිනා වෙනවා වගේ දැනුනා..ඒක නිකම් "මන් ඉන්නම ඕන ඉතින්"කියලා දාපු මහ අමුතු කින්ඩි හිනාවක් වගේ..🫣🤭

සැරම සැර කට්ලට් ටිකක් තිබුනයින් ඒ රස දෙගුණ උනා..😍

10/03/2025

තවත් රසම රස පාස්තා එකක්..🙈

08/03/2025

ඊයෙ පුතාගෙ උපන්දිනේ..ඉස්කෝලෙ යාලුවො එක්ක එයාට උපන්දිනේ සමරන්න ඕන කිව්ව නිසා අපි ඒක සෙනසුරාදට ඒ කියන්නෙ අදට දාගත්තා..මොකද සතියෙ දවස්වල ඒ වගේ වැඩ කරන්න අමාරු නිසා..ඒත් උපන්දිනේ ඊයෙ නිසා මට හිතුනා අපි හතර දෙනා පුංචියට ඒක සැමරුවොත් පුතාගෙ හිතට ඒක සතුටක් වෙයි කියලා..මොකද එයාගෙ පුංචි හිතට තේරෙන්නෙ නෑනෙ අද තියෙන එක තමයි හෙට සමරන්න දාගෙන ඉන්නෙ කියලා..එයා කැමති ඒ දවසට එයාට විශ් කරනවනම්,ඒ දවසට එයාට තෑගි ලැබෙනවනම්නෙ..ඊයෙ කවුරුහරි කෝල් කරලා"කෝ පුතා ඉන්නවද"කියලා ඇහුවම ෆෝන් එක ලඟට එන්නෙ හිනා කටක් පුරෝගෙන..
ඉස්කෝලෙ ඇරිලා ගෙදර එනකොට පොඩි පොඩි කෑම ටිකක් හදලා කඩෙන් පොඩි කේක් එකක් ගෙනාවා..තාත්තත් වැඩ ඇරිලා ආවම අපි හතර දෙනා පුංචියට සැමරුවා..අම්මා එයා වෙනුවෙන්මයි මේ කෑම හදලා ලෑස්ති කරේ කිව්වම මාව බදාගෙන ලොකු උම්මා එකකුත් දුන්නා..🥺
ඒ වෙලේ එයාගෙ මූණෙ තිබ්බ සතුට මට හොඳටම පෙනුනා..උදේ ඉඳන් හිටගෙන කෑම හදලා,ඒ අතරෙ රෙදි හෝදලා වනලා නවලා,ගෙවල් අස් කරලා,වැඩ කරපු එකේ මහන්සිය එයාගෙ හිනාව දැක්කම නැති වෙලාම ගියා..
අද උපන්දිනේ අදම සමරන්න ඕන කියලා මට හිතුන එකට අවසානෙට මට සතුටු හිතුනා..😍
මෙයා හරි අහිංසක,හුරතල්,එයාගෙ පේන මානෙන් මන් නැති උන ගමන් ඇවිත් හොයලා බලන මගේ කොහොල්ලෑ ගුලිය..🥺♥️

පොඩි පොඩි වීඩියෝ කෑලි ටිකක් අරන් වීඩියෝ එකක් හදන්න අමතක කරෙත් නෑ...🫣

සැර මාලුපාන් එකක් එක්ක උණු මයිලෝ එකකුත් මරු හවසට..😍
07/03/2025

සැර මාලුපාන් එකක් එක්ක උණු මයිලෝ එකකුත් මරු හවසට..😍

07/03/2025

ඉඳි ආප්ප පිටි වලින් කඩේ විදිහටම මුරුක්කු හදමු..😍

මට ලේසියකට හීන පේන කෙනෙක් නෙමෙයි..පෙනුනත් හරි අමුතු,විකාර වගේ හීන තමයි පේන්නෙ..ඒත් දැන් දවස් කීපෙකට උඩදි මන් "සෙක්කුවක්"...
06/03/2025

මට ලේසියකට හීන පේන කෙනෙක් නෙමෙයි..පෙනුනත් හරි අමුතු,විකාර වගේ හීන තමයි පේන්නෙ..ඒත් දැන් දවස් කීපෙකට උඩදි මන් "සෙක්කුවක්"හීනෙන් දැක්කා..සෙක්කුවක් විතරමයි දැක්කෙ..එතනින් එහාට කිසිම දෙයක් ඒ හීනෙ තිබ්බෙ නෑ..ඒක දැක්ක ගමන්ම මාව ඇහැරුනා..මන් දැනගත්තා මන් දැක්කෙ හීනයක් බව..ඒත් එක්කම මට මතක් උනා ඉස්සර දවසක තාත්තා සෙක්කුවක් හදලා මාව ඒකෙ තියාගෙන කැරකුව හැටි..රෑ මැද ඒකත් මතක් උනාට මට ආයෙත් නින්ද ගියා..පහුවදා උදේ පොඩි අය ඉස්කෝලෙ ගියාට පස්සෙ පොඩ්ඩක් ඇඳට වෙලා ඉන්නකොට මට ආයෙත් අර හීනෙ මතක් උනා..මොන එහෙකට දැක්කද කියන එක මට හිතන්න ඕන නැති උනත් අවුරුදු ගානකට කලින් තාත්තා හදලා දීපු සෙක්කුව මට මතක් උනා..
මන් ඇස් දෙක වහගෙන ටිකක් වෙලා යනකන් ඒක මතක් කරා..ඉස්සර සිංහල පාඩමක ඔය සෙක්කුව ගැන පාඩමක් තිබුනා..මට ඒ පාඩම මොකක්ද කියලා නම් මතක නෑ..ඉස්සර මිනිස්සු සෙක්කුව පාවිච්චි කරලා තෙල් හින්ද හින්ද බවත්,ඒක හදන විදිහ සහ එක ගවගෙයෙක් හෝ ගවයින් දෙන්නෙක්ගෙ එකතුවෙන් ඒක කරකවන බවත් ඒ මගින් තෙල් හිඳෙන බවත් තමයි ඕකෙ තිබුනේ..එදාම තමයි මන් ඔය සෙක්කුව කියන එක ගැන ඇහුවෙත්..අහලා තිබුනට දැකලා තිබුනෙ නෑනෙ..ඒ කාලෙ වෙනකොටත් සෙක්කු පාවිච්චිය සෑහෙන දුරකට අඩු වෙලා තිබ්බ නිසා බලන්න පුලුවන් කමක් තිබ්බෙත් නෑ..
ගෙදර ඇවිත් මන් ඔය විස්තරේ කියනකොට අම්මයි තාත්තයි දෙන්නම හිටියා..ඒක අහගෙන හිටපු තාත්තා ඒ කාලෙ ඒවා පාවිච්චි කරපු විදිහ ගැනත් කියලා මන් සෙක්කුවක් හදලා දෙන්නම්කො කියලා කිව්වා..
ඉස්සර අපේ ගේ පිටි පස්සට වෙන ඉඩ ගොඩක් තිබුනා..කිව්වා වගේම තාත්තා සෙක්කුව හදන වැඩේ පටන් ගත්තා..උස යකඩෙ අරන් හයියට හිටින්න පොලවෙ වළලලා ‍යකඩේ මැදට වෙන්න පොල්ලෙලි ගැහුවා..ඊට පස්සෙ දිග පොල් පිත්තක් අරගෙන ඒකෙ ඔලුව වගේ පැත්ත හිල් කරලා යකඩෙ මැදින් ගැහුවා..ඊටත් පස්සෙ පොල් පිත්තට උඩින් යකඩෙ උල ලඟට වෙනකන්ම ආපහු පොල්ලෙලි දැම්මා..තාත්තා ඒ හදලා දුන්නෙ තාත්තට පුලුවන් හොඳම විදිහට..තාත්තට ඕන උනේ තෙල් හිඳලා පෙන්නන්න නෙමෙයි..සෙක්කුවක් කියන්නෙ මොකක්ද කියන එකේ අදහස මට දෙන්න..
ඔය ටික හදනකන් මන් එතන්ටම වෙලා බලන් හිටියා..ඊට පස්සෙ තාත්‍තා මට කිව්වා අර පොල් පිත්ත උඩින් වාඩි වෙන්න කියලා..කකුල් දෙක දෙපැත්තට දාලා පොල් පිත්ත උඩ වාඩි උන මන් හිටියේ නොසෑහෙන්න සතුටකින්..මන් ඉඳගත්තට පස්සෙ පොල් පිත්තෙ අනිත් කොනෙන් අල්ල ගත්තු තාත්තා වටේට කැරකුනා..ඒ යන ගමන් මේ හරිම සෙක්කුව නෙමෙයි මේක හැදුවෙ ඔයාට අදහසක් දෙන්නයි කියලා කියන ගමන්ම හරිම සෙක්කුවෙයි තාත්තා හදපු සෙක්කුවයි අතරේ වෙනස්කමුත් පැහැදිලි කරලා දුන්නා..පුංචි මට ඒක හරිම විනෝද වැඩක් උනා..වට තුන හතරක් යනකොට මට තාත්තා පව් කියලා හිතුනා..මන් ඉඳගෙන ගියාට තාත්තා එපැයි ඒක කරකවන්න..ඒ වෙලේ ඇත්ත සෙක්කුවෙ කරකවන්න ඉන්න ගවයො ගැනත් දුක හිතුනා..
තාත්තා පව් නිසා ඇති කියලා කිව්වට එක පැත්තකින් ඒක සතුටු හිතුන වැඩක් නිසා නංඟි එක්ක එකතු වෙලා මාරුවෙන් මාරුවට අපිට ඇති වෙනකන්ම පැද්දා..ඕක පදින වෙලාවට අම්මා හරි තාත්තා හරි බලාගෙනමයි හිටියෙ..මොකද මැද තියෙන්නෙ යකඩෙ නිසා..දවස් දෙකක් විතර තිබුනට පස්සෙ අපිටම ඇති වෙලා දැන් ඇති කිව්වම තාත්තා ආයෙ ඒක ගලවලා අයින් කරා..
ඔන්න ඔහොමයි මන් හරියටම සෙක්කුව ගැන දැනගත්තෙ..හීනෙ පෙනුනෙ මොකක් නිසා උනත් මට ආයෙ ඒ කාලෙ ගැන මතක් උන එකට සතුටු හිතුනා..අමතකම වෙලා යන්න හදන දේවල් හීනයක් වෙලා හරි පෙනිලා ඒ මතක අලුත් වෙනවට මන් හරි ආසයි..ඒවා කාටවත් හිරිහැරයක් කරදරයක් වෙන දේවල් නෙමෙයිනෙ..

(පින්තූරය අන්තර්ජාලයෙන්)

(ජනා..🌼)

06/03/2025

බෙල් පෙපර් පාස්තා..🫑😍

05/03/2025

වෙනස් විදිහකට පතෝල..😍

03/03/2025

කර්නෙවාලෙ කියන්නෙ ඉතාලියේ තියෙන වර්ණවත්ම සැණකෙළියක්..ලොකු පොඩි භේදයක් නැතුව විවිධ වර්ගයේ ඇඳුම් ඇඳගෙන විවිධ චරිත නිරූපණය කරන කාලයක්..මේක පාස්කු වලට මිනිස්සු සූදානම් කරන උත්සවයක් කියලා තමයි කියන්නෙ..හැම අවුරුද්දෙම කර්නෙවාලෙ සමරන්නෙ මේ දවසේ කියලා නිශ්චිත දවසක් නැත්තෙ පාස්කු දවස අවුරුද්දෙන් අවුද්දට වෙනස් වෙන නිසා..පාස්කු දවස අනුව කර්නෙවාලෙ සමරන දවසුත් වෙනස් වෙනවා..
කර්නෙවාලෙ කියන වචනය carnem-levare කියන විදිහට බෙදීම තුළින් "මස් ඉවත් කිරීම" ඒ කියන්නෙ "මස් වලින් වැලකී සිටීම"ලෙසින් අදහස් වෙනවා..කර්නෙවාලෙ අවසන් වෙන අළු බදාදා දිනට පසුව මෙහෙ ගොඩක් අය මස් අනුභව කිරීමෙන් වැලකිලා පැණි රස ආහාර වැඩිපුර අනුභව කරන්න පුරුදු වෙලා ඉන්නවා..ගොඩාක් දුරට මස් අනුභව කරන එකෙන් වැලකිලා ඉන්න මෙයාලා තෝරගන්නෙ සිකුරාදා දවස..අනිත් දවසට කොහොම වෙතත් ගොඩක් දෙනෙක් සිකුරාදා දවසට මස් වර්ග ආහාරයෙන් වැලකිලා ඉන්නවා..පාස්කු උත්සවය මහ ඉහළින් සමරන නිසා ඊට කලින් තියෙන මේ වගේ චාරිත්‍ර කරන්න මෙයාලා ලොකු උනන්දුවක් දක්වනවා..
කර්නෙවාලෙ උත්සවයට පාවිච්චි කරන විවිධ දේවල් ඒ කාලය පුරාවට හැම තැනකම වගේ තියෙනවා..එක එක පාට චූටි චූටි කොල දාපු පැකට් ,විවිධ පාටවල spray වර්ග,වෙස් මූණූ,වගේ මේ සඳහා පාවිච්චි කරන්න පුලුවන් දේවල් මේ කාලෙදි හැම කඩේකම තියෙනවා..
පොඩි අය මේ කාලෙට හරිම ආසයි..ඉස්කෝල වලත් පොඩි අය එක්ක හරි හරියට මේක සමරනවා..
මෙහෙ ඉතින් එක එක කාලෙට මේ වගේ පුංචි පුංචි උත්සව තියෙනවනෙ..ඒවා මග නොඇර පුංචියට හරි සමරන අය තමයි මෙහෙ ඉන්නෙ..දැන් අපිත් ඒවට හුරු වෙලා නිසා ඒ ඒ කාල එනකන් අපිත් බලන් ඉන්නෙ හරිම ආසාවෙන්..ඒකාකාරී ජීවිත වලින් මිදිලා කාලෙන් කාලෙට එක එක විදිහට සතුටු වෙන්න තියෙන අවස්ථාවන් එනකන් මග බලන් ඉන්න එකත් එක්තරා විදිහක සතුටක්..😍
ඒ වෙනුවෙන් මගෙ පැටව් දෙන්නවත් එයාලට ඕන කිව්ව ඇඳුම් අන්ඳගෙන නිවාඩු දවසෙ එලියට ගියා..එයාලගෙ සතුට පුංචි වීඩියෝ එකකට ගත්තා..♥️

මාර්තු මාසය සුභම වේවා..✨💫♥️
01/03/2025

මාර්තු මාසය සුභම වේවා..✨💫♥️

28/02/2025

ඊයෙ රෑට බත්..🙈

Indirizzo

Casalnuovo Di Napoli
80124

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando JaNa-ජනා pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Video

Condividi