23/09/2026
බියර් පාටි බියර් පාටි..
ජර්මනිය තමා මේ බියර් උත්සවය සම්ප්‍රදායක් හැටියට හැම අවුරුද්දෙම සැප්තැම්බර් මාසෙ අවසාන සති දෙකේ ඉඳන් ඔක්තොම්බර් මාසෙ මුල් සතිය වෙනකන් සමරන්නෙ..ඒකෙ අනුකරණයක් විදියට ඒ නමින්ම ඉතාලියෙත් සමහර පැතිවල මේක සමරනවා..
ජර්මනියේ නම් මේ උත්සවයට යනකොට අඳින්න වෙනම ඇඳුම් පවා තියෙනවා..මෙහෙ ඉතින් ඒ තරමටම නැති උනත් මේ උත්සවය සංවිධානය කරන සමහර අය ඒ විදියට ඇඳලා හිටියා..හැබැයි ඉතින් ඒකත් හරිම විදිය නෙමෙයි..
මේ දවසට හැම තැනම බියර් තමා..කන්න කලිනුත් බියර්..කෑවට පස්සෙත් බියර්.ඇවිදින ගමනුත් බියර්..
බියර් පාටි කියන්නෙ නිකන්යෑ..
සමහර රටවලට ආවේණික දේවල් පොඩ්ඩ පොඩ්ඩ හරි මෙහෙම දකිනකොට ආසයි ඉතින්..ඒක ඉතින් වෙනස්ම දෙයක්නෙ..🍺🍻