Hanguk traveler

Hanguk traveler සුන්දර දකුණු කොරියාවේ ලස්සන දකින්න විඳින්න අප සමඟ එකතුවන්න.

POCHEON ART VALLYපැරණි ගල් කොරියක නටඹුන් ඇසුරෙන් නිර්මාණය කර ඇති මේ උද්‍යානයෙහි 2014 දී තාරකා විද්‍යා නිරීක්ෂණාගාරයක් ද ...
26/05/2024

POCHEON ART VALLY

පැරණි ගල් කොරියක නටඹුන් ඇසුරෙන් නිර්මාණය කර ඇති මේ උද්‍යානයෙහි 2014 දී තාරකා විද්‍යා නිරීක්ෂණාගාරයක් ද නිර්මාණය කර විවෘත කිරීමෙන් පසු ජනතාව අතර වඩාත් ජනප්‍රිය සංචාරක ස්ථානයක් බවට පත්විය.ඇත්තෙන්ම එය ඔබ යායුතුම ගමනාන්තයකි.වෙනස්ම අත්දැකීම් ලැබියහැකි අංග ගණනාවකින්ම යුතු මෙය කොරියානු k-drama රූ ගත කල ස්ථානයකි.ඉතා අලංකාරව නිර්මාණය කල කෘතීම දිය ඇල්ලක් පොකුණක් ද සහිතය.තව ද මොනෝ රේල් දුම්‍ රිය අත්දැකීමක්ද ලබාගැනීමට හැකි කදිම ස්ථානයකි.එමෙන්ම hike කිර්‍රිමට කැමති අයටද එම අත්දැකීමක් ලබාගැනීමට හැකි අයුරින් අලංකාරවත් වන පෙත මැදින්. පිටවීම්ව්ව් දොරටුව දක්වා ගමන් මාර්ගයක් සකසා ඇත.සෝල් අගනුවර සිට පැයක් වැනි කෙටි කාලයකින් ලඟාවිගහැකි මෙම උද්‍යානයට ඔබත් දිනක ගොස් මේ නිදහස් අත්දැකීම් විඳගන්න.

Created from the ruins of an old quarry, this park has also become a popular tourist spot after opening an astronomical observatory in 2014. It is definitely a must-visit destination. There is a beautifully designed artificial waterfall with a pond. It is also a great place to experience the monorail train. Also, those who want to hike can also enjoy the same experience in the midst of a beautiful landscape.that route has been set up to the entrance of the exit. one day you should visit this park and enjoy this experience, which can be reached in just one hour from the capital city of Seoul.

Location-
234, Art valley-ro, Pocheon-si, Gyeonggi-do
경기도 포천시 신북면 아트밸리로 234

චෙර්වොන් වල පිහිටි තවත් ඉතා දර්ශණීය ස්ථානයක් වන මෙය සම්බුයොන් දිය ඇල්ල ලෙස හැඳින්වේ.කොටස් තුනකට ඇදහැලෙන මෙම දිය ඇල්ලේ පහ...
27/12/2022

චෙර්වොන් වල පිහිටි තවත් ඉතා දර්ශණීය ස්ථානයක් වන මෙය සම්බුයොන් දිය ඇල්ල ලෙස හැඳින්වේ.කොටස් තුනකට ඇදහැලෙන මෙම දිය ඇල්ලේ පහළ කොටස වට්ටක්කා මෙන් දිලිසෙන බැවින්, වට්ටක්කා යන අරුත ඇති “බු” යන වචනය යොදා ගනිමින් සම්බුයොන් දිය ඇල්ල යන වදන නිර්මාණය වී ඇත.මෙම දිය ඇල්ලට සම්බුයොන් යන නම ලබා දී ඇත්තේ මුල් ජොසොන් රාජවංශයේ කොන්ෆියුෂියානු විශාරදයෙකු සහ කවියෙකු වූ කිම් චං-සොක් (1653-1722) ය.සින්චෙර්වොන් ප්‍රදේශයේ ඇති මියොංසොං කන්ද (මීටර් 870) මධ්‍යයේ කලුගලින් යුතු ප්‍රදේශයේ පිහිටා ඇති සම්බුයොන් දිය ඇල්ල මීටර් 20 ක් පමණ උසකින් යුක්තවේ.සින්චෙර්වොන් නගර මධ්‍යයේ සිට 2.4km පමණ දුරින් පිහිටි මෙම දිය ඇල්ල චෙර්වොන් ප්‍රදේශයේ ඇති දර්ශණීයම ස්ථාන වලින් එකකි.

This is an another very scenic place in Cherwon is called Sambuyon Falls. The lower part of this waterfall, which falls into three parts, is shiny like a pumpkin, so the word Sambuyon Falls was created using the word "bu" which means pumpkin. The name Sambuyeon was given to the falls by Kim Chang-seok (1653-1722), a Confucian scholar and poet of the early Joseon Dynasty. It is located in the middle of Myeongseong Mountain (870m) in Sincherwon, Sambuyeon Falls is about 20 meters high.sambuyeong fall is located about 2.4km from Sincherwon city center, this waterfall is one of the most scenic places in Cherwon.

#여행


゚viral
#කොරියන්_life❤️
korea
🇰🇷🇱🇰
#කොරියාවේ_අපි

මේවොල්දේ දිය ඇල්ල..චෙර්වොන් වල ඇති ඉතාම දර්ශණීය දිය ඇලි තුනෙන් එකක් වන මෙම දිය ඇල්ල, චෙර්වොන් ගුන් හී ගන්නම්‍යන් වල ඇති ...
17/11/2022

මේවොල්දේ දිය ඇල්ල..චෙර්වොන් වල ඇති ඉතාම දර්ශණීය දිය ඇලි තුනෙන් එකක් වන මෙම දිය ඇල්ල, චෙර්වොන් ගුන් හී ගන්නම්‍යන් වල ඇති බොග්‍යොක් කන්දෙහි නැගෙනහිරට වන්නට පිහිටා ඇත.අතීතයේ ගන්ග්වොන් දෝ වල ජීවත් වූ සුප්‍රසිද්ද ලේඛකයෙකු වූ කිම්-සි සප් ගේ ව්‍යවහාර නම වූ මෙවොල්දං නමින් නම් කල මෙම දිය ඇල්ල වර්තමානයේ මේවොල්දේ ඇල්ල නමින් හඳුන්වයි.මේවොල්දේ රථ ගාලේ සිට ඇති කුඩා අඩිපාර දිගේ මිනිත්තු 20ක් පමණ ගියවිට මෙම දිය ඇල්ල දැකගතහැක.වනමැද පිහිටි මෙම දිය ඇල්ල නෙත් පිනවන මනරම් දර්ශනයක් මවයි..එමෙන්ම ඉතා නිස්කලංක පරිසරයක පිහිටා ඇති මෙහි අවශ්‍යනම් දිය ඇල්ල ඇදහැලෙන ස්ථානයට ද කන්දෙහි අනෙක් පසින් ගොස් ලඟාවියහැක.නිවාඩුවක් ගතකිරිමට යන්නෙකුට අවශ්‍යනම් රථගාල අසලම කඳවුරු භූමියක් ද සකසා ඇත.මේවොල්දේ දිය ඇල්ල නැරඹීමට අවශ්‍යනම් එහි ලිපිනය පහතින් දක්වා ඇත.

Maewoldae Waterfall..One of the three most scenic waterfalls in Cherwon, this waterfall is located east of Bogyok Mountain in Geunnam-myeon, Cheorwon-gun. Maewoldang was the pen name of Kim-si Seup, a famous writer who lived in Gangwon-do in the past, this waterfall named in his name, it is now known as Mewoldae Falls. You can see this waterfall after walking for about 20 minutes along the small footpath from the Mewolde car park. This waterfall in the middle of the forest creates a beautiful view. The waterfall can be reached from the other side of the mountain. If you want to spend a vacation, there is a camping site near the car park. If you want to visit the waterfall, its address is given below.

Maewoldae Falls, Jamgok-ri, Geunnam-myeon, Cheorwon-gun, Gangwon-do

මේ මගෙ පලවෙනි පෝස්ට් එක.රට පුරා ඇවිදින්න කලින් ඉන්න ගමේ ඇවිදලා ඉන්නෙපැයි.ඇත්තටම මමත් මේ රටට,මේ ගමට ඇවිත් පොඩි කාලයයි.මේ ...
05/11/2022

මේ මගෙ පලවෙනි පෝස්ට් එක.රට පුරා ඇවිදින්න කලින් ඉන්න ගමේ ඇවිදලා ඉන්නෙපැයි.ඇත්තටම මමත් මේ රටට,මේ ගමට ඇවිත් පොඩි කාලයයි.මේ තමයි මම ඉන්න ගම.කිම්හ්වා..මේ ගම තියෙන්නෙ ගන්වොන්-දෝ කියන පලාතේ, චොර්වොන් කියන ප්‍රදේශයේ...උතුරු කොරියානු දේශ සීමාවට ඉතාම ආසන්නයේ තමයි මේ ලස්සන ගම පිහිටලා තියෙන්නෙ.කලින් උතුරු කොරියාවට අයිති වෙලා තිබුනත් කොරියානු යුද්ධයෙන් පස්සෙ මේ ගම දකුණු කොරියාවට අයිතිවෙලා.ලොකු ජනාකීර්ණ බවකුත් නැති, ලස්සනම ලස්සන කඳු වලල්ලකින් වටවුන වගා බිම්,කුඹුරු, ගංගාවලින් පිරුණු මේ ගම ගොඩාක් නිදහස්. ඒ ලස්සන ඒ විදියටම පෙන්නන්න බැරිවුනත් පුළුවන් විදියට පුන්චි උත්සාහයක් ගන්නම්..

This is my first post. Before walking across the country, I want to walk around the village. Actually, I have come to this country and this village little time ago.so i have no more big experience about this area yet.This is the village I live in. Kimhwa.. This village is in the province called Ganwon-do, in the area called Chorwon... This beautiful village is located very close to the border of North Korea. It used to belong to North Korea, but after the Korean War, this village belongs to South Korea. This village is surrounded by the most beautiful mountain range, surrounded by the most beautiful mountains, and this village is very free. Even if I can't show that beauty in the same way, I will try my best.

Address

Cherwon

Telephone

+821059063311

Website

Alerts

Be the first to know and let us send you an email when Hanguk traveler posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hanguk traveler:

Share