ThiChi Style

ThiChi Style Korean Life

🛑 "අම්මේ.. එයාලා මට කැමති නෑ.. මාත් එක්ක සෙල්ලම් කරන්නේ නෑ.." 😞ඔයාගේ දරුවා කවදා හරි මේ වගේ කතාවක් අරන් ආවොත්, ඔයා දෙන උත...
21/03/2026

🛑 "අම්මේ.. එයාලා මට කැමති නෑ.. මාත් එක්ක සෙල්ලම් කරන්නේ නෑ.." 😞
ඔයාගේ දරුවා කවදා හරි මේ වගේ කතාවක් අරන් ආවොත්, ඔයා දෙන උත්තරය මොකක්ද? 🧐

අපි හුඟක් වෙලාවට දරුවා සනසන්න හිතාගෙන මෙහෙම කියනවා:
❌ "ඔයා හරි දක්ෂයිනේ, ඒකයි එයාලා ඉරිසියා කරන්නේ."
❌ "ඔයා ලස්සනට අඳින නිසා සමහර අයට ඒක බලන් ඉන්න බෑ."
❌ "ගණන් ගන්න එපා පුතේ, ඔයා තමයි හොඳම."
මේ වගේ උත්තර දරුවාට ඒ වෙලාවේ සතුටක් දුන්නත්, දිගුකාලීනව ඒක දරුවාටම හානියක් වෙන්න පුළුවන් කියලා ඔයා දන්නවාද? 😞

⚠️ මෙහෙම කිව්වොත් මොකද වෙන්නේ?

1. වැරදි ලෝක දෘෂ්ටියක්: ලෝකය කියන්නේම ඉරිසියාකාර මිනිස්සු ඉන්න තැනක් කියලා දරුවා විශ්වාස කරන්න ගන්නවා.
2. Self-awareness අඩු වීම: තමන්ගේ පැත්තෙන් වෙච්ච අතපසුවීමක් ගැන හිතන්නේ නැතුව "මම හැමදාම හරි" කියන මතයේ දරුවා හිරවෙනවා.
3. Empathy (සහකම්පනය) නැති වීම: අනිත් අයගේ හැඟීම් තේරුම් ගන්නවා වෙනුවට ඔවුන්ව "නරක අය" විදිහට ලේබල් කරන්න දරුවා පුරුදු වෙනවා.
Stanford විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාඥ Carol Dweck පෙන්වා දෙන්නේ මේ වගේ තත්වයකදී දරුවා තුල Fixed Mindset එකක් හැදෙන බවයි. ඒ නිසා දරුවා වැරදීමකට බය වෙනවා වගේම ලැබෙන Feedback ප්‍රතික්ෂේප කරන්නත් පෙළඹෙනවා.
✅ අපි දරුවාව "Healthy Zone" එකට ගේන්නේ කොහොමද?

දරුවාගේ සාර්ථකත්වය තීරණය වෙන්නේ එයාගේ දක්ෂතාවයට වඩා එයා හිතන විදිහ හෙවත් Mindset එක මතයි. ඒ නිසා අපි පාවිච්චි කරමු මේ "2-Step Method" එක. 🌸

1️⃣ පියවර: හැඟීම්වලට ඉඩ දෙන්න (Validate Feelings) ❤️
දරුවාව ළඟට ගන්න. එයාගේ ඇස් දෙස බලන්න. සන්සුන්ව මෙහෙම කියන්න:
• "පුතේ, ඔයාට දුකයි නේද? මට තේරෙනවා ඒක දරන්න අමාරුයි කියලා..."
• "මම ඔයා එක්ක ඉන්නවා."
2️⃣ පියවර: යථාර්ථය සහ ගෞරවය කියා දෙන්න (The Reality Check) 🥰
හැඟීම් පාලනය වුණාට පස්සේ, ජීවිතයේ ඇත්ත තේරුම් කරලා දෙන්න:
• "පුතේ, හැමෝම අපිට කැමති වෙන්න ඕනේ කියලා නියමයක් නෑ. ඒක එයාලගේ කැමැත්ත. අපි ඒකට ගරු කරන්න ඕනේ."
• "අපිත් බලමු නේද අපේ අතින් මොකක් හරි වැරැද්දක් වුණාද කියලා? එහෙම නැත්නම් අපිට ගැලපෙන හොඳ යාළුවෝ තව ඉන්නවා."

💡 දරුවාට පුරුදු කරන්න පුළුවන් ලස්සනම පිළිතුර:

කවුරු හරි "මම ඔයාට කැමති නෑ" කිව්වොත්, තරහ ගන්නවා වෙනුවට මෙහෙම කියන්න දරුවාට උගන්වන්න:

"ඒක ඔයාගේ කැමැත්ත (Choice). මම ඒකට ගරු කරනවා. Thank you!"

🌟 මේ ක්‍රමයෙන් දරුවාට ලැබෙන වාසි:
• ආත්ම විශ්වාසය (Confidence) වැඩි වෙනවා.
• ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ ශක්තිය ලැබෙනවා.
• හොඳ සමාජ සබඳතා පවත්වාගන්න පුළුවන් වෙනවා.
මතක තබා ගන්න, අභියෝගයක් ආපු වෙලාව තමයි දරුවාට Growth Mindset එකක් ලබා දෙන්න තියෙන හොඳම අවස්ථාව! 😎

✍🏻 තිලිණි ඉරේෂා

🇰🇷 කොරියාවේ ඉන්න අපේ අයගේ අවධානයට!දකුණු කොරියාවේ ජීවත් වෙන අපේ හැමෝටම මේ දේවල් ගැන පොඩි හරි අවබෝධයක් තියෙන එක මේ දවස්වල ...
15/03/2026

🇰🇷 කොරියාවේ ඉන්න අපේ අයගේ අවධානයට!

දකුණු කොරියාවේ ජීවත් වෙන අපේ හැමෝටම මේ දේවල් ගැන පොඩි හරි අවබෝධයක් තියෙන එක මේ දවස්වල ගොඩක් වැදගත්. ලෝකේ පවතින තත්ත්වයත් එක්ක ඕනෑම වෙලාවක හදිසි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා අපි හැමෝම දන්නවනේ. හැබැයි ගොඩක් වෙලාවට එහෙම දෙයක් වුණොත් අපි යන්න ඕනේ කොහෙටද, මොකක්ද කරන්න ඕනේ කියලා අපිට හරි දැනුමක් නැහැ.

ඇත්තටම කොරියාවේ Civil Defense System එක ඕනෑම මිසයිල ප්‍රහාරයකට වුණත් මුහුණ දෙන්න පුළුවන් විදිහට ඉතාමත් ඉහළින් සූදානම් කරලා තියෙන්නේ. ඒ නිසා අපි කරන්න ඕනේ ඒ ගැන කලින්ම දැනුවත් වෙලා ඉන්න එක විතරයි.

✅ ඔයාට කරන්න පුළුවන් දේවල්:
• Korea Shelter App එක ෆෝන් එකට දාගන්න: මේ ඇප් එකෙන් ඔයා ඉන්න තැනටම ළඟම තියෙන ආරක්‍ෂිත මධ්‍යස්ථාන (대피소 - Shelter) ලේසියෙන්ම හොයාගන්න පුළුවන්.
• Emergency Alerts ගැන සැලකිලිමත් වෙන්න: ෆෝන් එකට එන මැසේජ් සහ සයිරන් නලා හඬවල් ගැන වෙනදාට වඩා ටිකක් අවධානයෙන් ඉන්න.
• ළඟම තියෙන තැන් දැනගන්න: හදිසියකදී වතුර ගන්න තැන්, ෆාමසි සහ රෝහල් වගේ අත්‍යවශ්‍ය තැන් මේ ඇප් එක හරහා ඔයාට කලින්ම බලාගන්න පුළුවන්.
හදිසි අවස්ථාවකදී මේ පොඩි දැනුවත් වීම ඔයාගේ ජීවිතය ආරක්ෂා කරගන්න ලොකු උදව්වක් වේවි. මේ ගැන දන්නේ නැති ඔයාගේ යාළුවෝ හැමෝමත් දැනුවත් කරන්න.

පරිස්සමින් ඉමු! 🤝

✍🏻 ThiChi Style

22/12/2025

Korean life

31/07/2024

කොහොමද එයාගේ සිංදුව 🥰

31/07/2024
Ramen 🍜🥰
22/07/2024

Ramen 🍜🥰

21/07/2024
21/07/2024

One day I will go to korea I love korea Thank you mother universe

Korean home view
21/07/2024

Korean home view

Address

Jeongeup

Website

Alerts

Be the first to know and let us send you an email when ThiChi Style posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category