Round Tripny

Round Tripny Explore Sri Lanka 🇱🇰 With Us

ඔබ සැමට උතුම් පින්බර වප් පුරපසළොස්වක පොහෝ දිනක් වේවා..!! 💚𝐖𝐢𝐬𝐡𝐢𝐧𝐠 𝐲𝐨𝐮 𝐚 𝐛𝐥𝐞𝐬𝐬𝐞𝐝 𝐚𝐧𝐝 𝐩𝐞𝐚𝐜𝐞𝐟𝐮𝐥 𝐕𝐚𝐩 𝐅𝐮𝐥𝐥 𝐌𝐨𝐨𝐧 𝐏𝐨𝐲𝐚 𝐃𝐚𝐲 🌕✨𝐌...
06/10/2025

ඔබ සැමට උතුම් පින්බර වප් පුරපසළොස්වක පොහෝ දිනක් වේවා..!! 💚

𝐖𝐢𝐬𝐡𝐢𝐧𝐠 𝐲𝐨𝐮 𝐚 𝐛𝐥𝐞𝐬𝐬𝐞𝐝 𝐚𝐧𝐝 𝐩𝐞𝐚𝐜𝐞𝐟𝐮𝐥 𝐕𝐚𝐩 𝐅𝐮𝐥𝐥 𝐌𝐨𝐨𝐧 𝐏𝐨𝐲𝐚 𝐃𝐚𝐲 🌕✨

𝐌𝐚𝐲 𝐭𝐡𝐢𝐬 𝐬𝐚𝐜𝐫𝐞𝐝 𝐝𝐚𝐲 𝐛𝐫𝐢𝐧𝐠 𝐩𝐞𝐚𝐜𝐞, 𝐰𝐢𝐬𝐝𝐨𝐦, 𝐚𝐧𝐝 𝐬𝐩𝐢𝐫𝐢𝐭𝐮𝐚𝐥 𝐬𝐭𝐫𝐞𝐧𝐠𝐭𝐡 𝐭𝐨 𝐚𝐥𝐥 𝐛𝐞𝐢𝐧𝐠𝐬. 🙏🪷


දැවී තැවුනු සිත් නිවී පහන් වන පිංබර බිනර පුන් පොහොය දිනයක් වේවා...! 🌼🙏❤
07/09/2025

දැවී තැවුනු සිත් නිවී පහන් වන පිංබර බිනර පුන් පොහොය දිනයක් වේවා...! 🌼🙏❤

ලක්ශ 3 කින් රටවල් ගොඩකට යන්න.මේ කියන්න යන්නේ පිටරට යන්න ආස අයට.ලක්ශ 3කින් කෝමද රටවල් කීපෙකට යන්නේ කියලා.මුලින්ම ඉතින් ලක...
20/07/2025

ලක්ශ 3 කින් රටවල් ගොඩකට යන්න.

මේ කියන්න යන්නේ පිටරට යන්න ආස අයට.ලක්ශ 3කින් කෝමද රටවල් කීපෙකට යන්නේ කියලා.මුලින්ම ඉතින් ලක්ශ 3ක් හොයා ගන්න ඕන.😁😁
කෝම හරි ඒක හොයා ගනිල්ලා. කොහේ හරි තූත්තුකුඩියක යනෝ කියල.(තූත්තුකුඩිය යන්නත් සල්ලි ඕන වීසා ටිකට් වලට. මොකෝ ඒක තියෙන්නෙත් ඉන්දියාවේ)

ඉතින් දැන් ඔය හොයා ගත්ත ලක්ශ 3 දාන්න fixed Deposit එකකට පොලිය account එකත් එක්කම් renew වෙන විදියට .මාස තුනෙන් තුනට.එතකොට නිකම්ම අවුරුද්දක් යද්දි ටික ටික ලක්ශ 3 ලොකු වෙනවා ඔයාට පුලුවන් මේකේන් ලෝන් එකක් ගන්න.මේක ඇපේට තියල.90%ක්.
රු.270,000ක්
ඉතින් ඔයා කෝමහරි රෝල ගහල පලවෙනි ට්‍රිප් එක යන්න.මේකට ඔයා අතින් අමතර දා ගන්න කීයක් හරි මොකෝ පලවෙනියට රටකට යන නිසා පාස්පෝර්ට් එක උකුලෙ තියන් බෝඩිං පාස් එක එක්ක fb පොටො එක upload කරපු වෙලාවෙ ඉදන් ඔයා ඉන්නෙ පට්ට ලල් එකක.ඒ නිසාම කෝමත් චූටි ම චුටි තැග්ගක් හරි හැමෝටම ගේනවා.රට ටුවර් පලවෙනියටම යන හැම එකාම වගේ ගෙදර අයට bf ට Gf ට නැදැයින්ට,ඔෆිස් එකේ අයට,යාලුවන්ට,අහල පහල අයට කොටින්ම ගෙදර බල්ලටයු පූසටයු පවා.අවුලක් නෑ ඕක හැමොටම වෙනවා.තුන්වෙනි ට්‍රිප් එක වෙනකොට ඔයා පරිණත වෙලා .නරි නාවන බාල්දියයි කෝප්පෙයිත් අහක විසික් වෙලා නිකම්ම.
😁😁😁😁😁

දැන් ගෙදර ආපු ගමන් රස්සාවල් වලට පලයල්ලා.මොකෝ අර ගත්ත සල්ලි ගෙවන්න එපැයි.ඒක ගෙව්වත් එකයු නැතත් එකයි .මොකෝ කාටවත් ණය වෙලා ගත්ත හුලන් විස්කෝතුවක් නෙවිනේ. ඔයා මේක ඔයාගෙ ආදායම වියදම අනුව ගෙවන්න.මාස 12න් මාස 24
ඔයා අවුරුදු 2කට පාරක් යනවනම් මාස 24නකට දා ගන්න.පුලුවන් නම් ඉක්මනට ගෙවන්නත් පුලුවන්.
මෙන්න මේ ක්‍රමේට ඔයාලට රටවල් කිපෙකට යන්න පුලුවන්.මේක කරන්න බෑ කියල කියනවනම් ඒක බොරුවක්.දැන් කියයි .බැංකුවේ fixed deposit පොලිය අඩුයි .අරව මේව.ඔව් ඔව්.ඒක.ඉතින් ඔක්කොම.දන්නවනේ.ඒක අල්ලන් නහයෙන් අඩනවනම් ගෙවල් වලට වෙලා ඉදහල්ලා.😁😁

මෙන්න මේ රටවල්.වලට යන්න පුලුවන් උපරිමය ල්ක්ශ 3කට යටත්ව.බොහෝවිට ශොපින් එක්කම
*ඉන්දියා
මේකෙනුත් කේරලා මුම්බායි වගේ යනවනම් ගාන අඩුයු
*තායිලන්තය (Visa on arrival)
*මැලේසියා
Singapore (visa on arrival)
*නේපාල් (visa onarrival first time free once a year)
*Dubai
*vietnam (ඔයා නගර දෙකකට වගේ යනවනම් මේ ගාන ශේප් මොකෝ Domestic flight ගන්න් වෙන නිසා)

ඒ වගේම ඔයාට පුලුවන් මේ පහත ක්‍රම ලක්ශ 3ත් තව අඩු කරගන්න .
*ඔයා තනියම ට්‍රිප් එක ප්ලෑන් කරල.මේක ටිකක් අමාරු දෙයක් මොකෝ මේකට කාලය වැය වෙන නිසා හා අපේ රට යන්න තියෙන බය ඔය වගේ දේවල් නිසා.පුරුදු කාරයෙක්ටනම් මේක නෝ ප්‍රොබ්.ඒත් එහෙම.යන්න අමාරු රටවල් තියෙනවා.
*Direct flight වෙනුවට transist දා ගන්න.
මේකේනම් වාසි අවාසි දෙකම තියෙනවා
ඒවා වෙනම ලියන්නම් බ්ලොග් එකක.
*Group Tour එකකට සෙට් වෙන්න.මෙන්න මේකත් ඔයාට ලාබයි.ඒ වගේම කිසිම ටෙන්ශන් එකක් නෑ.තෝරල බේරල හොද ටුවර් එකක යන්න.
*ඔයා ඒ රටේ ගිහින් පොදු ප්‍රවාහනයේ යනවනම්.හැබයි සමහර රටවලදී භාශා ප්‍රශ්නය,ආරක්ශාව ,දුම්රිය බස් ප්‍රමාදවීම්,නොතේරුම් කම නිසා වැඩියෙන් වියදම් කිරීම මේ වගේ අවාසිත් වෙන්න පුලුවන්

ඉතින් ඔයාලත් මේම යන්න .මේක ලිව්වෙ ඔයාලව උනන්දු කරවන්න.නිකම්ම මේකේ ඉදල මැරිලා යන්න එපා.මේකෙන් එලියෙත් ලෝකයක් තියෙනවා.ඒකත් බලලම මැරෙමු.මොකෝ ඔය කොයික කලත් මැරෙනවා.නොකලත් මැරෙනවා.
🙏🙏🙏ජය
උදව්වක් ඕනනම් කතා කරන්න.
පුලුවන් උපරිමේට සප් එක දෙන්නම්

- Chandima Perera -

𝗙𝘂𝗹𝗹𝗯𝗼𝗮𝗿𝗱 𝟲𝟱𝟬𝟬/-යි වස්ගමුවේ සුපිරිම Hotel එකක්Lavandish Wild Safari Hotel- Wasganuwa.නකල්ස් කඳුවැටිය හා වස්ගමුව වන උද්‍ය...
16/07/2025

𝗙𝘂𝗹𝗹𝗯𝗼𝗮𝗿𝗱 𝟲𝟱𝟬𝟬/-යි වස්ගමුවේ සුපිරිම Hotel එකක්

Lavandish Wild Safari Hotel- Wasganuwa.

නකල්ස් කඳුවැටිය හා වස්ගමුව වන උද්‍යානය ආසන්නයේ දුනුවිල වැවට මායිම්ව අක්කර 3.5 ක සුන්දර වටපිටාවක් සහිත මෙම හෝටලය වස්ගමුව වන උද්‍යානය නරඹන්න පැමිණෙන ඔබ නවාතැන් ගත යුතුම හෝටලයකි

📱0753551085

Rate LKR 6500/- Fullboard - Per Person

ලංකාවේ උසම ගම්මානය නුවරඑළියේ "ශාන්තිපුර ගම්මානය" 🌼🌬️🍀🌾💧⛰️ නුවරඑළිය කී සැනින් අපගේ සිතට ගතට දැනෙනුයේ මිහිඳුම් සළුවෙන් වසා...
16/07/2025

ලංකාවේ උසම ගම්මානය නුවරඑළියේ "ශාන්තිපුර ගම්මානය" 🌼🌬️🍀🌾💧⛰️

නුවරඑළිය කී සැනින් අපගේ සිතට ගතට දැනෙනුයේ මිහිඳුම් සළුවෙන් වසාගත් හිරිගඩු මල් පූදින අධික ශීතලකි.
ශ්‍රී ලංකාවේ උසම ගම්මානය පිහිටියේ මෙවැනි අතිශය සුන්දරවූ පුංචි එංගලන්තයේ හෙවත් නුවරඑළියේය.

ගතේ මෙන්ම සිතේ පතුලටම කිඳා බැසගත් එකී ශීතල පරයමින් මම පසුගියදා ලංකාවේ උසම ගම්මානයේ උසම තැනට මම ගියෙමි.
ශ්‍රී ලංකාවේ උසම ගම්මානය ශාන්තිපුරයයි. නුවරඑළියේ සිට ශාන්තිපුරයට ඇත්තේ කිලෝමීටර් හතරක් වැනි දුරකි.

නුවරඑළිය නගරයේ සිට මහනුවර මාර්ගයේ කෙටි දුරක් පැමිණි පසු වම් අත දෙසට අධික නැග්මක් සමග පිහිටි මාර්ගය වැටී ඇත්තේ ශාන්තිපුරය දක්වාය.
ලංකාවේ උසම ගමේ View Point එකට යන්න පුලුවන් වීම මෙම ගමනේ තවත් එක විශේෂත්වයක්.

නුවරඑළියේ ශාන්තිපුර ගම කියන්නේ පිදුරුතලාගල කන්දට මුහුණට මුහුණ ලා තියෙන කිකිළියමාන කන්දේ මධ්‍යම කොටසේ පිහිටි ගම්මානයක්.
ගම්මානයේ උස ම ස්ථානයේ දළ උස (elevation) මීටර් 2048 පමණ වෙනවා... හරියට බැලුවොත් නමුනුකුළ කඳු මුදුණටත් වඩා මීටර් 12 විතර උසකින් තමයි ගම තියෙන්නේ.

එම ගම්මානය ආරම්භ කොට ඇත්තේ 1962 වසරේදීය. එවකට නුවරඑළිය මහ නගර සභාවේ පුරපතිව සිටි විලියම් ප‍්‍රනාන්දු මහතා මෙම ගම්මානය ආරම්භ කිරීමට අපමණ වෙහෙසක් දරා තිබේ.
විවිධ පුද්ගලයන් ගේ විවිධ වූ බලපෑම් හමුවේ මෙම ගම්මානය ඉදිකර ගැනීම සඳහා විලියම් ප‍්‍රනාන්දු මහතා මාරාන්තික උපවාසයක් පවා ක‍්‍රියාත්මක කොට තිබේ.

ශාන්තිපුර ගම්මානය පිහිටියේ කිකිළියාමාන කඳු මුදුනතය. ලංකාවේ උසම එක Tea Estate සහ එක Tea Factory එක පිහිටා ඇත්තේ මේ සුන්දර ගම්මානයේය
එම ගම්මානය ආරම්භ කොට ඇත්තේ 1962 වසරේදීය. එවකට නුවරඑළිය මහ නගර සභාවේ පුරපතිව සිටි විලියම් ප‍්‍රනාන්දු මහතා මෙම ගම්මානය ආරම්භ කිරීමට අපමණ වෙහෙසක් දරා තිබේ.

විවිධ පුද්ගලයන් ගේ විවිධ වූ බලපෑම් හමුවේ මෙම ගම්මානය ඉදිකර ගැනීම සඳහා විලියම් ප‍්‍රනාන්දු මහතා මාරාන්තික උපවාසයක් පවා ක‍්‍රියාත්මක කොට තිබේ.
ඔහුගේ ඒකී ඒකායන අධිෂ්ඨානය මල්ඵල දරමින් මෙසේ ශ්‍රී ලංකාවේ උසම ගම්මානය බිහිවී ඇත.

පුරපතිවරයාගේ එකී නිර්භීත වැඩපිළිවෙළ නිසා මධ්‍යම කඳුකරයේ ගම්මාන පිහිටුවීම සඳහා පනතක් පවා සම්මත කර ගැනීමට ඔහුට ශක්තිය ලැබී ඇත.
ඒ අනුව ගොවිජන ව්‍යාපාරයක් ලෙස 1962 වසරේදී ශාන්තිපුර ගම්මානය ආරම්භ කොට ඇත.
එවකට පැවැති නුවරඑළිය-මස්කෙළිය බහු ආසනය තුළ තවත් මෙවැනි ගම්මාන 18 ක් ආරම්භ කිරීමට විලියම් ප‍්‍රනාන්දු පුරපතිවරයාට හැකි වී තිබේ.
තලවකැලේ ගුණානන්දපුර, හැටන් රුවන්පුර, ආගරපතන, කිත්සිරිමෙවන්පුර, පතන ජයසිරිපුර, බෝපත්තලාව වලගම්බාපුර ඊට තවත් නිදසුන් කීපයකි.
ලංකාවේ උසම ගම්මානය මෙසේ ශාන්තිපුර ලෙස විලියම් ප‍්‍රනාන්දු පුරපතිවරයා විසින් නම් කොට ඇත්තේ තවත් එක් විශේෂ කාරණාවක් අරභයාය.
ඒ මෙම පුරපතිවරයාගේ දේශපාලන ජීවිතේ නොමැකෙන සෙවණැල්ල සේ ළඟින් සිිටි තම ආදරණීය බිරිඳගේ නම මුල්කර ගෙනය.
ඇයගේ නම ශාන්ති වූ අතර ශ්‍රී ලංකාවේ උසම ගම්මානය එම නිසා ශාන්තිපුර නම් විය.
මුහුදු මට්ටමේ සිට අඩි 7,342 ක් තරම් ඉහළින් පිහිටි මෙම ගම්මානය තුළ තවත් වාර්තා රැුසක් පිහිටා තිබේ.
ශාන්තිපුර ගම්මානය ඉදිකොට ඇත්තේ සුන්දර කිකිළියාමාන කන්ද මතය.
ශ්‍රී ලංකාවේ පිහිටි උසම බස් මගී ආවරණය, උසම පන්සල, උසම නිවස, උසම ප‍්‍රදේශයේ පිහිටි මහාමාර්ග, උසම ජලාශය ආදී බොහෝ උසම ස්ථාන ඇත්තේ මෙහිය.

එපමණක් නොව එංගලන්ත ගෘහ නිර්මාණ සිල්පයට හදපු ශ්‍රී ලංකාවේ උසින්ම පිහිටි 𝙏𝙝𝙚 𝘽𝙡𝙖𝙘𝙠𝙗𝙚𝙧𝙧𝙮 𝘾𝙤𝙩𝙩𝙖𝙜𝙚 පිහිටා ඇත්තේද මේ ගම්මානයේ වීම විශේෂත්වයකි (For Bookings 072 745 6456) 😍🌿🏠

නිතරම මීදුමෙන් වැහිලා තියෙන Cottage එකේ රැයක් ගතකරන සුන්දර අත්දැකීම මාත් විදගත්තේ ජීවිතේ කිසිදාක අමතක නොවන මතකයන් රැසක් සමගිනි වීම විශේශයෙන් සදහන් කරයුතුයි.
මෙම ගම්මානයට පහළින් පිහිටා ඇත්තේ දෙස් විදෙස් සංචාරකයන් වැල නොකැඞී යන එන නුවරඑළිය නගරයයි.

ශාන්තිපුර ගම්මානය බොහෝ ඈත ඉතිහාසයට නෑකම් කියන ප‍්‍රදේශයක් බව ඉතිහාස කතා කාරණාවලින් කියවේ.
ඒ අනුව වීර කැප්පෙටිපොල අධිකාරම් නිලමේවරයා කලක් රහසිගත ලෙස සැඟවී සිටි ගල් ලෙනද පිහිටා ඇත්තේ මෙකී සුන්දර කිකිළියාමාන කන්දේය.
ශ්‍රී ලංකාවේ වඩාත් උසින්ම පිහිටි සිද්ධස්ථානය ලෙස සැලැකෙනුයේ සමනල ගිර පිහිටි ශ්‍රී පාදස්ථානයයි.
මිහිදුමෙන් තොර දිනවලදී ශාන්තිපුර ගම්මානයේ සිට බලන කල සමනල කන්දේ පිහිටි ශ්‍රී පාදස්ථානය සුන්දරව පෙනෙන බව ගම්මු කියති
එහෙත් මෙරට උසින්ම පිහිටි පන්සල පිහිටියේ මෙහිය. එය මුල් කාලයේදී ශාන්තිපුර විහාරය ලෙස නම් කොට තිබුණද එය පසුව ”චේතියගිරි විහාරය” ලෙස නම් කොට ඇත.

විහාර භූමියේ වූ විශාල ගල්තලාවක් මත චෛත්‍යයක් ඉදිකොට ඇති අතර ඉන් පසුව මෙම විහාරස්ථානය චේතියගිරි විහාරය ලෙස නම් කරන ලදැයි එම විහාරස්ථානයේ විහාරවාසී හිමිනමක් කීහ.
ශාන්තිපුර ගම්මානයේ මදක් ඉහළට වන්නට රජය විසින් එහි උස් බිමක නැරඹුම් මධ්‍යස්ථානයක් ඉදිකොට තිබේ. එම නැරඹුම් මධ්‍යස්ථානය දැනට පාලනය කරනු ලබනුයේ නුවරඑළිය ප‍්‍රාදේශීය සභාව මගිනි
මෙම නැරඹුම් මධ්‍යස්ථානයේ ඉහළට ගොඩ වූ විට අවට පරිසරය සිත් සේ නැරඹිය හැක.

එක් පසකින් ශ්‍රී පාදස්ථානය පිහිටි සමනල ගිරත්, තවත් පැත්තකින් පිදුරුතලාගල කඳු වැටියත්, තවත් දෙසකින් නුවරඑළිය නගරයත් එහි පිහිටි ග්‍රෙගරි වැවත් අතේ දුරින් සේ තිබෙනු දැකිය හැකිය.
නුවරඑළියට යන එන ඔබ ශ්‍රී ලංකාවේ උසම ගම්මානයට ගොඩවී ඇද්දැයි මම නොදනිමි. මෙම සටහන නෙත ගැටී ඉන්පසු දිනක ඔබ නුවරඑළියට එන්නේ නම් මෙතැනට ඇවිත් යන ලෙස මම ආරාධනා කරමි.

එවිට ඔබට ඉහළ අහසේ ඈතින් පෙනෙන මීදුම් සළුවෙන් හැඩ වැඩ වී අවට චමත්කාරය නෙතේ රඳවා ගමට, රටට යා හැකිය.

8 දෙනෙක්ට 12000/= Beach cabana එකක්😱😍 10කට උනත් ඉන්න පුලුවන් 15000/=කට😍😍💙Couple එහකට 3500/= විතරමයි cabana එකක්😲😍 On the...
16/07/2025

8 දෙනෙක්ට 12000/= Beach cabana එකක්😱😍 10කට උනත් ඉන්න පුලුවන් 15000/=කට😍😍💙

Couple එහකට 3500/= විතරමයි cabana එකක්😲😍

On the beach මේ වගේ price එහකට cabana එකක් හම්බෙනවා කියන්නෙ සුපිරිම වාසියක් ඉතින්🥹

ගාල්ලෙ ගිංතොට වෙරලේ අලුතෙන්ම ඉදිකෙරූ සුපිරි cabana සෙට් එක💚

Rosa Shashi Cabanas

👩‍❤️‍👨 Couple Day out package 👩‍❤️‍👨
Checking time - 11.00 Am
Checkout time - 5.00 pm
▪️Room only - Rs.3500/- (couple )
▪️For a couple - Rs.7000/-
(Room/ welcome drink/ lunch/ Evening tea )

👩‍❤️‍👨 Couple night out package 👩‍❤️‍👨
Checking time - 2.00 pm
Checkout time - 10.00 Am
▪️Room only - Rs.3500/-(couple)
▪️For a couple - Rs.10000/-
(Room /welcome drink /Evening tea/dinner )

👭👭group night out package👬👬
10 pax 15000/=
8 pax. 12000/=

ඔන්න සෙට්වෙලා සැපක් ගන්න පුලුවන් කොල්ලො කෙල්ලොන්ට සුපිරිම budget තැනක්☺️

ඉතින් මේකාලේ හැටියට මේ budget එකටනම් ඇත්තටම වාසියක් ඔන්න😉

මෙයාලගෙන්ම ඔයාලට foods ගන්නත් පුලුවන් ❤️

ඔයාලගේ ඕන party එකක් arrange කරගන්න 👌

- Copied -

Have a Blessed Esala Poya Day!! 🌼🌺❄පින්බර ඇසල පෝය දිනයක් වේවා!! 🙏🙏
10/07/2025

Have a Blessed Esala Poya Day!! 🌼🌺❄

පින්බර ඇසල පෝය දිනයක් වේවා!! 🙏🙏

නානුඔය දියඇලි පෙනන මානයේ දුම්රියක් තුළ නවාතැන් ගැනීමට ඔබත් කැමතිද?😍 "Odyssey Camper" සංචාරයට ප්‍රිය සැමට පෙර නොවූ විරූ අ...
20/06/2025

නානුඔය දියඇලි පෙනන මානයේ දුම්රියක් තුළ නවාතැන් ගැනීමට ඔබත් කැමතිද?😍

"Odyssey Camper"

සංචාරයට ප්‍රිය සැමට පෙර නොවූ විරූ අත්දැකීමක් ලබාදීමට ශ්‍රී ලංකා දුම්රිය සේවය සූදානම්. 💚

ඒ අනුව නානුඔය දුම්රිය ස්ථානයට ආසන්නව ස්ථිරව ස්ථාපිත කර ඇති මෙම දුම්රියේ ඔබටත් රාත්‍රියක් ගත කිරීමට ළඟදීම අවස්ථාව උදාවනු ඇති.

දුම්රිය මැදිරියේ සකස් කර ඇති සුවපහසු කාමරය, king size ඇඳකින්, හීටර් පහසුකම් වලින් සහ උණුවතුර පහසුකම් සහිත ඇටෑච්ඩ් bathroom එකකින් සමන්විතයි.

Bed and Breakfast ක්‍රමයට සේවා සැපයෙන මෙම camper දුම්රියේ රාත්‍රිය ගත කරන ඔබට නානුඔය දුම්රිය බංගලාවෙන් සැපයෙන ප්‍රණීත උදෑසන ආහාරවේලක් ද සුන්දර පරිසරයක සිට භුක්ති විඳීමට හැකිවනු ඇති.

දැනට එක කාමරයක් සඳහා මිල රු.9500.00කට ලබාදිමට සැලසුම් කර ඇත.

සංචාරයේ යෙදෙන ඔබට, මධුසමය ගත කරන්නට යන ඔබට... ළඟදීම Odyssey Camper විවෘත වනු ඇත.

සටහන - Darshana Chandimal
ඡායාරූප - Indiak Sampath Warnasooriya

* ධාවනයෙන් ඉවත් කෙරූ W1 දුම්රිය එන්ජිමකින් , පැරණි ඉන්දියානු දුම්රිය මැදිරි 2කින් සහ දේශීයව නිපදවූ වානේ දුම්රිය මැදිරියකින් මෙම දුම්රිය කට්ටලය සකසා ඇත.

To the ones who teach us strength without words, and love without limits. ❤️Your presence shapes lives every day. 🥰Happy...
15/06/2025

To the ones who teach us strength without words, and love without limits. ❤️

Your presence shapes lives every day. 🥰

Happy Father’s Day to all the amazing dads out there.💙🙏

පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා...🪷☸️🙏H𝐚𝐩𝐩𝐲 P𝐨𝐬𝐨𝐧 P𝐨𝐲𝐚 D𝐚𝐲.. 🩵🌕       #පොසොන්පෝය  #පොසොන්  #පෝය
10/06/2025

පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා...🪷☸️🙏

H𝐚𝐩𝐩𝐲 P𝐨𝐬𝐨𝐧 P𝐨𝐲𝐚 D𝐚𝐲.. 🩵🌕

#පොසොන්පෝය #පොසොන් #පෝය

Address

Ambalangoda
80300

Alerts

Be the first to know and let us send you an email when Round Tripny posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Round Tripny:

Share

Category