Travel with sanka

Travel with sanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Travel with sanka, Travel Company, avissawella, Avissawella.

දැන්  කොලබ ගිහින් එන්න දවසටම RS 9000පමණයි දෙන්ම කතා කරන්න අපිට0774 835 299
28/08/2022

දැන් කොලබ ගිහින් එන්න දවසටම
RS 9000පමණයි
දෙන්ම කතා කරන්න අපිට

0774 835 299

07/08/2022
-සුන්දර පුස්සැල්ලාව 😍🏔🍃🌳🌼🌈⛅️🦋-Peacock Hill | pussellawa | Sri Lanka 🇱🇰       🔺කොළඹ ඉඳලා දවසෙන් ගිහින් එන්න පුළුවන් ගමනක්...
04/09/2021

-සුන්දර පුස්සැල්ලාව 😍🏔🍃🌳🌼🌈⛅️🦋
-Peacock Hill | pussellawa | Sri Lanka 🇱🇰

🔺කොළඹ ඉඳලා දවසෙන් ගිහින් එන්න පුළුවන් ගමනක් තමයි.. ඒ වගේම කෑම්පින් වලටත් ලේසිම තැනක්. කන්ද පහල ඉඳන් විනාඩි 20ක් වගේ කෙටි කාලයකින් view point එකට එන්න පුළුවන් පුදුමාකාර ලස්සනක් තියෙන සුන්දරම තැනක් තමයි.. 🌿💦

📌ගම්පොලින් නාවලපිටිය පාර > උලපනේ හන්දියෙන් වමට > කඩදොර හන්දියෙන් දකුනට (කොත්මලේ ජලාශය නැරබුම් ස්තානය අසල) > දොරගල පාර(මහවැලි සෑය පාර) > දොරගල හන්දියෙන් තේ කර්මාන්ත ශාලාව දෙසට ඇති පාර ඔස්සේ ගොස් පීකොක් කන්ද තරනය කරන ස්ථානයට ලගාවිය හැක.

ඊට අමතරව ගම්පොල නුවරඑලිය මාර්ගයේ පාරදෙක හන්දියෙන් පැමින දොරගල හන්දියටද. තවලන්තැන්න හෝ පුස්සැල්ලව හරහා කඩදොර හන්දියටද ලගාවිය හැක.
පොදු ප්‍රවාහන සේවා ඔස්සේ එන්නේනම් ගම්පොල සිට උලපනේ හරහා දොරගල බස්‍ රතය ගම්පලින් උදෑසන 8ට පිටත්වේ. නැවත දොරගල සිට ගම්පලට එම බස්රතයම සවස 2ට පමන පිටත්වේ. උදෑසන 8 බස් රටය ගම්පලින් මහගැරුනොත් ගම්පලින් මාවෙල / කොත්මලේ බස්රතවල පැමින කඩදොර හන්දියේ සිට ත්‍රීරෝද රතයක් හෝ පා ගමනින් ගමන් කලයුතු වේ.....

ඊට අමතරව පාරදෙක හන්දියේ සිට පොදු ප්‍රවාහන වෑන් රත කීපයක්ද දොරගල දක්වා ක්‍රියාත්මක වේ.

👉කොහොම උනත් මෙහෙ යනවා නම් කොත්මලේ සෑය ළඟින් උඩට තියෙන පාරේ තමයි යන්න ඕනේ. Map එකේ පෙන්නන්න්නේ වෙන පාරක්. ඒ පාරෙ ගියොත් පැය 2ක් විතර යනවා කන්ද උඩට යන්න.

කදු තරනය ආරම්භක ස්තානයේ සිට 500m පමන දුරක් ෆයිනස් කැලය ඔස්සේ තරනය කල යුතුය. වැසි සමය මගහැර සංචාරය කිරීම මගින් කූඩැල්ලන් සහ මීදුම නිසා දර්ශනපතය වැසීයාම යන දුශ්කරතා මගහරවාගත හැක.
කදුමුදුනට පැමිනි විට. වම්පසින් පුස්සැලාව නගරය, තවලන්තැන්න ඊට ඉහලින් පෙරට්ටාසි, චැරුයත් පාත් කදු, රාගල කදු, රම්බොඩ ඇල්ල, ගැරඩි ඇල්ල, පූනා ඇල්ල, නුවරඑලිය කදු, කොත්මලේ ජලාශය හා ඊට ඉහලින් ඇති කදු පන්තිය දැකගත හැක.🍃💦🌿🔥

මේ ගමන පෞද්ගලික වාහනේක යනවා නම්
📌 මොණරගල
📌 කඩදොර විහාරය
📌 කොත්මලේ සෑය
📌 කොත්මලේ වේල්ල
📌 රණමුණේ පිහිල්ල
📌 කඩියන්ලෙන ඇල්ල

මේ සේරම ටික බලන් එන්න පුළුවන්..♥️

පහුගිය කාලයේ වැඩි ආකර්ශනයක් දිනාගත් නිසා අවට පරිසරය යම් තරමක් කුනු කසල වලින් අපවිත්‍රවී ඇත. යනවා නම් අරන් ගිය ඒවා ආපහු අරන් එන්න. 🙏 නැත්නම් එතනත් තහනම් කරයි ළඟදීම 😿

ලුල්කදුර වතුයාය හරහා කොන්ඩගලට - යන අතරමග සුන්දරත්වය ⛰🌸🌲🌺🦌🌈🦋❤️
04/08/2021

ලුල්කදුර වතුයාය හරහා කොන්ඩගලට - යන අතරමග සුන්දරත්වය ⛰🌸🌲🌺🦌🌈🦋❤️

Sri Lanka 🇱🇰 Beautiful Colombo
04/08/2021

Sri Lanka 🇱🇰 Beautiful Colombo

Address

Avissawella
Avissawella

Telephone

+94767608908

Website

Alerts

Be the first to know and let us send you an email when Travel with sanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel with sanka:

Share

Category