02/09/2026
🚨 බදුල්ලට අලුත් ප්රාදේශීය ලේකම්වරයෙක්!
ඉන්දික ගයාන් පතිරණ මහතා බදුල්ල නව ප්රාදේශීය ලේකම් ලෙස වැඩ භාර ගනී
බදුල්ල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ අභිනව ප්රාදේශීය ලේකම්වරයා ලෙස ඉන්දික ගයාන් පතිරණ මහතා ඊයේ (01) දින සිය රාජකාරි කටයුතු ආරම්භ කළේය.
ශ්රී ලංකා පරිපාලන සේවයේ පළමු ශ්රේණියේ නිලධාරියෙකු වන ඒ මහතා, 2010 කණ්ඩායමේ සාමාජිකයෙකි.
දකුණු පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ සහකාර ආණ්ඩුකාර ලේකම්වරයෙකු ලෙස ශ්රී ලංකා පරිපාලන සේවයට එක් වූ ඒ මහතා, පසුව මැතිවරණ කොමිෂන් සභාව යටතේ වසර හතකට ආසන්න කාලයක් මොනරාගල දිස්ත්රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයා ලෙස කටයුතු කර ඇත.
බදුල්ල ප්රාදේශීය ලේකම් ධුරයට පත්වීමට පෙර ඇල්ල ප්රාදේශීය ලේකම්වරයා ලෙස වසර පහකට වැඩි කාලයක් ජනතා සේවයේ නිරත වූ ඒ මහතා, පළපුරුදු හා කීර්තිමත් රාජ්ය නිලධාරියෙකු ලෙස සැලකේ.
බදුල්ල මධ්ය මහා විද්යාලයේ ආදි ශිෂ්යයෙකු වන ඉන්දික ගයාන් පතිරණ මහතා කොළඹ විශ්වවිද්යාලයේ ආදි විද්යාර්ථියෙකු ද වේ.
📍 බදුල්ල | නව ප්රාදේශීය ලේකම්වරයාට උණුසුම් සුබ පැතුම්! 🇱🇰