10/09/2023
- උසම දිය ඇල්ලටත් ඉහලින් පිහිටන වංගෙඩිගල 🍃
- 𝐖𝐚𝐧𝐠𝐞𝐝𝐢𝐠𝐚𝐥𝐚 𝐒𝐫𝐢 𝐥𝐚𝐧𝐤𝐚 🇱🇰 🏕️
අතිශය මන්ස්කාන්ත කදු මුදුනකට උරුමකම් කියන වංගෙඩිගල ඌව පලාතට අයත් සුන්දර දසුන් මවන කදු පන්තියකි.මෙය කොළඹ -බදුල්ල මාර්ගයේ බෙලිහුල්ඔය පසු කර බෙරගල දෙසට ආසන්න වශයෙන් කිලෝමීටර 17 ක් පමන ගියපසු හමුවන කලුපහන ප්‍රදේශයේ මෙය පිහිට පවති.ලංකාවේ උසම දිය ඇල්ල වන බබරකන්ද දිය ඇල්ලත් මේ ආසන්නේ පිහිටා තිබීම සුවිශේෂී දසුනකි..
ලංකාවේ කදු තරණය කරන්නන් අතර ඉතාමත් ප්‍රසිද්ධියක් උසුලන කන්දක් ලෙස වංගෙඩිගල හදුන්වා දිය හැකිය.එසේම කදු තරණය සහ රාත්‍රි කදවුරු බැදීම ආරම්භ කරන ආධුනිකයන්ගේ ආරම්භක ස්ථාන පහ තුල වංගෙඩිගල ඇතුලත් වී තිබීම සුලභ කරුණකි.මෙයට හේතුව බොහෝ විට වංගෙඩිගල කදු මුදුනේ දක්නට ලැබෙන මනස්කාන්ත දසුන කදු තරනය සහ කදවුරු බැදීමට ඔහුන් තුල පවතින ආශාව තව දුරටත් විශාල ලෙස උත්තේජ කරවන සුලු වීමයි...එසේම කදු මුදුනට ලගා වීමේ මාර්ගය එතරම් අපහසු නොවීමත්,ඝන කැළෑ ප්‍රදේශ හරහා මාර්ග වැටී නොතිබීමත්,පැය දෙකක පමණ ගමනකින් පසු ලොකු අපහසුවකින් තොරව වංගෙඩිගල මුදුනට ලගා වීමට හැකි වීමත් මෙයට හේතු වී ඇති අනෙකුත් කරුණු ලෙස අනුමාන කල හැකිය..
කදු මුදුනට ලගා විය හැකි ප්‍රධාන මාර්ග දෙකකි.එක මාර්ගයයක් නම් වැලිඔය පාලම අසලින් ඉහලට පැමිණ එම මාර්ගය ඔස්සේ කදු මුදුනට ලගා වීමයි.අනෙක බබරකන්ද දිය ඇල්ල අසලින් පිවිසීමේ මාර්ගයයි..
වංගෙඩිගල තරණයේ ආරම්භය ඉතා සුන්දර ෆයිනස් කැලයක් මැදින් දිවෙන මාර්ගයයක් හරහා වැටි තිබීම ආරම්භ යේ සිටම කදු තරණය කරන්නන්ගේ කැමරා කාචයේ ක්‍රියාකාරිත්වයට බොහො විට හේතුවි පවති..මෙය ඉතා සුන්දර අත්දැකීමක් වුවත් තරමක් අවදානම් සහිතය.කුමක් නිසාද යත් වියලී බිම වැටුනු ෆයිනස් කොල තට්ටු වශයෙන් පවතින අතර ඒවා ඉතාමත් ලිස්සන සුලු වීමයි.එමනිසා කෙටි මාර්ග ලෙස සිතු සිතු තැනින් පාරවල් නිර්මාණය නොකර පවතින අඩි පාරේ ගමන් කිරීම වඩාත් ආරක්ශා කාරි වේ..
මෙම නිසා කදු තරණය කරන්නෙකු නොවුනත් සංචාරයෙක් ලෙස හෝ දෙඇසින් දැකීය යුතුම මනස්කාන්ත දසුනක් ලෙස සුන්දර වංගෙඩිගල කදු මුදුන නම් කල හැකිය.
Location : බලංගොඩ, කලුපහන, (බඹරකන්ද ඇල්ල පාරෙ)
තවත් සුන්දර සංචාරයකින් හමුවෙමු ❤️
#වංගෙඩිගල