21/08/2026
හිස් මිනිසුන්ගේ කුස් පුරවන්නට ගයන්නට නොපැමිණි ඇය, ජාතියක හිස දේශප්‍රේමයෙන් ආදරයෙන් පුරවා සදහට නික්ම ගොස් ඇත.
දශක ගණනාවක් පුරා ඇගේ හඬ ශ්‍රී ලාංකික හදවත් තුළ ආදරය, දේශප්‍රේමය, සංවේදීත්වය සහ මනුෂ්‍යත්වය අවදි කලා සේම ඇය ගැයූ ගීත හුදෙක් ගීත නොවීය, ඒවා යුගයක මතකයන් විය. ජනතාවකගේ හැඟීම් විය, රටක හෘද ස්පන්ධනයම විය.
අද ඇය අප අතරින් නික්ම ගියද, ඇගේ හඬ කිසිදා නිහඬ නොවනු ඇත. ඇය අපට දායාද කළ ගීතත්, වටිනාකම්ත්, මතකයත් පරම්පරාවෙන් පරම්පරාවට ජීවත් වනු ඇත.
නන්දා මාලනී මැතිණියනි,
ඔබේ හඬ නිහඬ වී ඇතත්,
ඔබ අවදි කළ ජාතියේ හෘද සාක්ෂිය සදාකාලිකයි.
විශාරද ආචාර්ය නන්දා මාලනී (1943 – 2026)
ඔබට නිවන් සුව ලැබේවා! 🕊️