13/06/2026
⭕️.තිරුපති වෙංකටේශ්වර කෝවිල. 🛑.01 කොටස.
🛑.කොහෙද තියෙන්නේ ❓
ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ, තිරුපති දිස්ත්‍රික්කයේ තිරුමලයි කඳු ගැට 7 උඩ. උස මීටර් 853ක්.
මේ කඳු 7 ට කියන්නේ ශේෂාචලම් කඳු පන්තිය කියලා.
"සප්තගිරි" කියලා කියන්නේ ඒකයි - කඳු 7 කෝවිල.
🛑.දෙවියෝ කවුද ❓
ප්‍රධාන දෙවියෝ ශ්‍රී වෙංකටේශ්වර - විෂ්ණු දෙවියන්ගේ කලියුග අවතාරයක්.
උතුරු ඉන්දියාවේ අය කියන්නේ බාලාජි,
දකුණේ අය කියන්නේ ගෝවින්දා, ශ්‍රීනිවාසා කියලා.
විෂ්ණු දෙවියෝම ස්වයම්භූවෙන් පහළ වුණා කියලා විශ්වාසයක් තියෙනවා.
ඒක නිසා මේක 108 දිව්‍ය දේශම් වලින් 75 වැනි එක.
🛑.ඉතිහාසය ❓
ආරම්භය: ක්‍රි.ව. 300 විතර කාලේ තොන්ඩයිමාන් රජෙක් හදන්න පටන් අරන් තියෙනවා
පළවෙනි වාර්තාගත දානය: ක්‍රි.ව. 966 දී පල්ලව රැජින සමාවයි දේවී රන් ආභරණ සහ ඉඩම් දන් දුන්නා
විශාල වුණේ: චෝල, පාණ්ඩ්‍ය, විජයනගර අධිරාජ්‍යයන්ගේ කාලේ. විශේෂයෙන් ක්‍රිෂ්ණදේවරායා රජතුමා රන් වලින් ආනන්ද නීලයම් ගෝපුරය රන්වන් කළා 1517 දී
වර්තමානයේ: ආන්ද්‍ර ප්‍රදේශ් රජය යටතේ තිරුමලයි තිරුපති දේවස්ථානම් (TTD) මගින් පාලනය වෙනවා.
🛑.ගෘහනිර්මාණ ❓
දකුණු ඉන්දියානු ද්‍රාවිඩ ශෛලිය.
ගර්භගෘහය: "ආනන්ද නීලයම්" කියන රන් ආලේපිත 3 තට්ටු ගෝපුරය යට තමයි මුල් පිළිමය තියෙන්නේ
මුල් පිළිමය: අඩි 8ක් උස, ස්වයම්භූ පිළිමයක් කියලා විශ්වාස කරනවා. කිසිම ශිල්පියෙක් හදපු එකක් නෙවෙයි කියන කතාව තියෙනවා
වෛඛානස ආගම අනුව තමයි පූජා විධි සිද්ධ වෙන්නේ.
🛑.ලෝකේ වැඩියෙන්ම මිනිස්සු යන කෝවිලක්: අවුරුද්දට මිලියන 24ක් විතර බැතිමතුන් එනවා. දවසකට 60,000 - 1,00,000 අතර මිනිස්සු.
පොහොසත් කෝවිලක්: ලෝකේ දෙවැනියට පොහොසත් කෝවිල
තිරුපති. දවසකට කෝටි ගණනින් පඩුරු එකතු වෙනවා.
ලඩ්ඩු: තිරුපති ලඩ්ඩු ප්‍රසිද්ධයි. TTD එකෙන් දවසකට ලක්ෂ ගණනින් හදනවා. ප්‍රසාධ ලෙස
හිස මුඩු කිරිම : බාරයක් ඉෂ්ට උනාම කොණ්ඩේ කපනවා. ඒකට වෙනම ගොඩනැගිලි තියෙනවා.
එක ලොකූ කතාවක් වෙනම කියන්නම්කෝ එ ගැන. 🙂
🛑.උත්සව ❓
බ්‍රහ්මෝත්සවම්: සැප්තැම්බර්-ඔක්තෝබර් මාසේ දවස් 9ක්.
ලක්ෂ ගණනක් මිනිස්සු එනවා
වෛකුණ්ඨ ඒකාදශී: මේ දවසට විශේෂ වෛකුණ්ඨ ද්වාරය අරිනවා
රතෝත්සවම්: රථ පෙරහැර
"කලියුග වෛකුණ්ඨය"
තිරුපතිට කියන්නේ කලියුගයේ වෛකුණ්ඨය කියලා. කලියුගයේ දුක් කරදර වලින් මිනිස්සුන්ව බේරගන්න වෙංකටේශ්වර දෙවියෝ මෙතන පහළ වුණා කියලා විශ්වාස කරනවා.
⭕️. රටක රාජ්‍යයක ජනාධිපති කේනේකු හෝ රජකෙන් දැකගැනිමට පාහාසුයි නමූත් ශ්‍රී ශ්‍රීමත් ශ්‍රී අපත්භාණ්ඩව ශ්‍රීණිවාසයන් හෙවත් වේන්කටේශ්වර දෙවියන් දැකිම ඉතා අල්පය 🙏🥰.
🛑.ඔම් නමෝ භගවතේ වාසුදේවාය 🙏🌺
⭕️. තවත් ලිපියකින් හමුවේමු. 🙏❤️