තම්බපණ්ණි Travels

තම්බපණ්ණි Travels Finding Hidden Beauties of Sri Lanka

Mahawali Frills Nature Resort : Gampola076 876 9994
21/09/2022

Mahawali Frills Nature Resort : Gampola

076 876 9994

🧡🙏☸️
07/11/2021

🧡🙏☸️

ලොකේක නාථ වදනම් ඛුජ රාජ හංසංවේනෙය්ය කොමුද වනං වලි සීතලංහිඅද්ධින්දුකාර වර රූප විරාජ මානංවන්දාමි සාදු මමලං - ජින දන්ත ධාතු...
22/08/2021

ලොකේක නාථ වදනම් ඛුජ රාජ හංසං
වේනෙය්ය කොමුද වනං වලි සීතලංහි
අද්ධින්දුකාර වර රූප විරාජ මානං
වන්දාමි සාදු මමලං - ජින දන්ත ධාතුං

උතුම් වූ ශ්‍රී දළදා වහන්සේගේ බලයෙන්, ආනුභාවයෙන් සියලු වසංගත රෝග දුරලා රටවැසි, ලෝවැසි සියලූම සත්ත්වයෝ නිදුක් නීරෝගී සුව ලබත්වා! 🙏

සාදූ! සාදූ!! සාදූ!!! 🙏

සිරිලක් පිං බිමට මීටත් වඩා ආශිර්වාදයක්, පිංබර ආඩම්බරයක් තියෙනවද 🇱🇰☸️🙏

මාකෙළි ඇල්ල....🏞🌿📷 unique travelers
09/08/2021

මාකෙළි ඇල්ල....🏞🌿

📷 unique travelers

"X-PRESS PEARL නැවේ ඛේදවාචකය" 🛳️X-PRESS PEARL නමැති බහාලුම් ප්‍රවාහන නෞකාව සිංගප්පූරුවේ X-Press Feeders සමගාමට අයත් 2021...
02/06/2021

"X-PRESS PEARL නැවේ ඛේදවාචකය" 🛳️

X-PRESS PEARL නමැති බහාලුම් ප්‍රවාහන නෞකාව සිංගප්පූරුවේ X-Press Feeders සමගාමට අයත් 2021 වර්ෂයේ චීනයේ Zhoushan Changhong International Shipyard Co. Ltd විසින් නිපද වූවක්.

දිගින් මීටර් 185 ක් වූ අතර, පළල මීටර් 36 ක් වුණ X-PRESS PEARL නැවේ බර මෙට්‍රික් ටොන් 31,629 ක් වන අතර, එහි ගෙන යා හැකි බහලුම් වල උපරිම බර වෙන්නේ මෙට්‍රික් ටොන් 36,150 ක්.

මැලේසියාවේ Klang සිට සිංගප්පූරුව හා එමීර් රාජ්‍යයේ Jebel Ali හරහා කටාර් හි Hamad වරායට ගමන් කළ X-PRESS PEARL නැවේ නැවත එන ගමන යෙදී තිබුණේ ඉන්දියාවේ Hazira සහ ශ්‍රී ලංකාවේ කොළඹ හරහායි. මේ නැවත එන ගමනේදී තමයි මෙම අනතුර සිදු වුණේ.

නැවේ නයිට්‍රික් ඇසිඩ් ගබඩාවේ ලීක් එකක් ගැන නැවේ කාර්ය මණ්ඩලය සොයාගන්නේ කටාර් වලදී. එහෙත් එවැනි අවස්ථාවකට සුදුසු ය තමුන් ළඟ නැති බව පවසමින් Hammad සහ Hazira වරායන් දෙකම නැවෙන් ඒවා ඉවත් කිරීම ප්‍රතික්ෂේප කරනවා.

එවැනි පසුබිමක තමයි නැව කොළඹට පැමිණෙන්නේ.

කොළඹ වරායට කිලෝමීටර් 18 ක් වයඹ දිශාවෙන් මැයි 19 වෙනිදා නැංගුරම් දාන නැව පලමු වරට ගින්නක් පිලිබඳ වරායට දැනුම් දෙන්නේ මැයි 20 වෙනිදා.
නැවේ කාර්ය මණ්ඩලය විසින් තමන්ගේ ගිනි නිවීමේ ක්‍රම මගින් ගින්න පාලනය කරගන්න උත්සාහයක් දෙනවා.
නාවුක ගමනාගමනයේ කේන්ද්‍රස්ථානයක් වන කොළඹ වරාය තමන්ට සිටින විශේෂඥයන්ගේ සහය නැවට ලබා දීමට සූදානම් වෙන්නේ ඔය අතරෙයි.

මැයි 21 වෙනිදා ගින්න පැතිරෙන එක වැඩි වීමත් සමඟම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ගිනි නිවීමේ යාත්‍රා සහ ගුවන් හමුදාවේ Bell 131 ගුවන් යානාවක් නැව තියෙන ප්‍රදේශයට පිටත් කර හරිනවා.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පිරිස නැවට ඇතුල් වූ පසුවයි තේරුම් ගන්නේ වාර්තා කලාට වඩා දරුණු ගින්නක් නැවේ පවතින බව.

මේ මුදාගැනීමේ මෙහෙයුමට Posh Teal, Posh Hardy, Megha, Hercules සහ Mahawewa ගිනි නිවීමේ යාත්‍රා යොදා ගැනුනා.

මැයි 23 වෙනිදා නැවේ කාර්ය මණ්ඩලයේ 12 දෙනෙක් නැවෙන් ඉවත කෙරෙනවා. ඒ අතර ගිනි නිවීමේ භටයන් 12 දෙනෙක් නැවට ඇතුල් වෙනවා.

මැයි 24 වෙනිදා නැවේ සෑහෙන්න ප්‍රමාණයකට ගින්න පැතිරෙන එක සිදු වෙනවා.

මැයි 25 වෙනිදා සිදු වුන විශාල පිපිරුමත් එක්කම නැවේ ඉතිරි කාර්ය මණ්ඩලයේ 13 දෙනාත්, ගිනි නිවීමේ භටයන් 12 දෙනාත් නැවෙන් ඉවත් කරගන්නවා.

දවස් කීපයක් නාවික හමුදාවේ සහ ඉන්දියානු වෙරළාරක්ෂක බලකායේ යාත්‍රා ගින්න මැඩපැවැත්වීමට මහත් පරිශ්‍රමයක් යොදනවා.
ගින්න නිවා දැමීමෙන් අනතුරුව එය ගැඹුරු මුහුදට ඇද ගෙන යාමේ මෙහෙයුමක් දියත් වුණත් නැවට පිරුණු වතුර නිසාම නව අස්ථාවර වීමෙන් නැව ක්‍රමයෙන් ඉන්දියන් සාගරයේ ගිලුනා.

මෙම X-PRESS PEARL නැවේ,
මෙට්‍රික් ටොන් 297 ක දැවි තෙල් ද,
මෙට්‍රික් ටොන් 51 ක සමුද්‍රීය දැවි තෙල් ද,
මෙට්‍රික් ටොන් 25 ක නයිට්‍රික් අම්ලය ද,
මෙට්‍රික් ටොන් 78 ක් බර ප්ලාස්ටික් පබළු (Nurdles) බිලියන 4 ක් පමණ ද,
අන්තර්ගත වුනා.

මේ වනවිට ඇති වී තියෙන පාරිසරික ගැටළු පිලිබඳ තවම හරි තක්සේරුවක් නැහැ. ඒත් එය මේ ඉතිහාසයේ සිදු වුණු විශාලතම පාරිසරික ව්‍යසනය හැටියටයි පරිසරවේදීන් හඳුන්වා දෙන්නේ.

- විකුම් හර්ෂණ -

උපුටා ගැනීමකි ©️

Address

Amaragedara
Bulatsinhala
12300

Telephone

+94715674222

Website

Alerts

Be the first to know and let us send you an email when තම්බපණ්ණි Travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to තම්බපණ්ණි Travels:

Shortcuts

Share

Category