
12/04/2022
පෙර රජ දවස වැව් දාගැබ් ගනන් කොට
ගල් කණු අසල හපකරමින් බුලත් විට
ඇවිදින විටත් නිදියන දූ පුතුන් ලද
ඒ මගෙ නිජ බිමයි ලෝකෙන් උතුම් රට
කහට කෝප්පේ පොඟවා ගිළින්නට
පාන් කෑල්ලක් යදිනා දනන් හට
ඇස් නැත සිදුව ඇති දේ ගැන දකින්නට
එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට
රැවටී සුවහසක් බොරු කාරයින් හට
පාඩම් ලබා නැත යුග යුග ගනන් සිට
දෑසේ කඳුළු ඉතිරිව නැත හඬන්නට
එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට
උගසට තබා මගෙ රට පිට රටුන් හට
ලොව බලවතුන් අභිමුඛයේ දනින් සිට
සිඟමන් යදිමු සාගින්දර නිවන්නට
එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට 💔
🇱🇰