HDR Tours Lanka

HDR Tours Lanka HDR Tours Lanka

පන්හල් ගල මත ඉදිවූ ලංකාතිලක විහාරයLankathilaka Viharaya🇱🇰 Sri Lanka 🇱🇰HDR Tours Lanka☎ +94777665997☎ +94717665997
21/06/2022

පන්හල් ගල මත ඉදිවූ ලංකාතිලක විහාරය
Lankathilaka Viharaya
🇱🇰 Sri Lanka 🇱🇰
HDR Tours Lanka
☎ +94777665997
☎ +94717665997

ලොව්තුරු සදහම් පණිවුඩය ලක්දිවට දායාද වුපින්බර පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි!සම්බුදුසසුන කෙරෙහි  අතිශයින්ම පැහැදුනු...
14/06/2022

ලොව්තුරු සදහම් පණිවුඩය ලක්දිවට දායාද වු
පින්බර පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි!

සම්බුදුසසුන කෙරෙහි අතිශයින්ම පැහැදුනු අශෝක අධිරාජ්‍යයා විසින්, බුදුදහම ව්‍යාප්ත කරවන ධර්මවිජය වැඩපිළිවෙළෙහි ප‍්‍රතිඵලයක් ලෙස ,දේවානම් පියතිස්ස රජ සමයේ සිදූ වූ මේ අසිරිමත් සිදු වීම් ලක් ඉතිහාසයේ අතිශය වැදගත් කේන්ද්‍රස්ථානයකි.

ලක්වාසී බෞද්ධ ජනතාව ලෙස,කිසිලෙසකවත් කෘතගුණ සලකා නිම කළ නොහැකි ඒ අනුබුදු මිහිඳු මහ රහතන්වහන්සේ විසින් එදා මිසදුටු ඇදහීම් දුරලා අප රටට නිර්මල ශ්‍රී සද්ධර්මය දායාද කරලමින්,ගෞතම බුදු සසුන ලක්දෙරණේ ස්ථාපිත කරලීමෙන් සිදුකළ අනුපමේය මෙහෙවර කෘතවේදීව සිහිපත් කරමි.

පොසොන් පොහොය නම් මහින්දාගමනය මිහින්තලාව අනායාසයෙන් සිහිපත් වන තරමට එය ලක්වැසි බොදුනුවන්ගේ ජීවිතයට පටිබද්ධ වූ දිනයකි.තෙරුවන් සරණ මූලික කරගත් සොඳුරු සංස්කෘතියකට ඉඩ සලසා දීමේ ඒ උත්තුංග සඟගුණ සිහිකරමින්,මේ පොසොන් පුන් පොහෝ දිනයේදී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් සිදුකරන්නටත්,හිංසාවාදී,දුර්ගුණ බැහැර කර අවබෝධයෙන් ජීවිත ගමන සකස්කර ගන්නට ,මේ ලක්දිවට දායාද කළ අකාලික වූ නිර්මල ශ්‍රී සද්ධර්මයේ පිළිසරණ ලබාගන්නට අදිටන් කරගනිමු..

ඔබ සැමට උතුම් තෙරුවන්සරණයි !

18/05/2022

සාපලත් කුරිරු 30ස් වසරක යුද්ධය නිමා කර අදට 13 වසරක්
දිවි අහිමි කර ලේ මහ පොළවට හෙලා
ලාංකීය දේශය රැකගත්
සියලු විරුවන්ට අප සදා ණය ගැතිය

ලෝ වාසී සියලු බෞද්ධ ජනයාගේ පූජනීයම දිනය  වන" උතුම් වෙසක් පුන්පොහොය දිනය අදයි!සිදුහත් කුමාරයාගේ උපත, මහා බෝසතාණන් වහන්සේ ...
15/05/2022

ලෝ වාසී සියලු බෞද්ධ ජනයාගේ පූජනීයම දිනය වන" උතුම් වෙසක් පුන්පොහොය දිනය අදයි!

සිදුහත් කුමාරයාගේ උපත, මහා බෝසතාණන් වහන්සේ ගෞතම නමින් උතුම් සම්බුද්ධත්වයට පත්වීම, ලෝ සතුන් කෙරෙහි පතල මහා කරුණාවෙන් පන්සාලිස් වසක් අමාදම් දෙසූ අමා මෑණී බුදුරජාණන්වහන්සේගේ සම්බුද්ධ පරිණිර්වානය යන සම්බුදුතෙමගුල අද වැනිම වෙසක් පොහෝ දිනයක සිදු විය.

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ හිඳිමින් සක් දෙවිඳුන්ට පැවසුවේ,
මාගේ සසුන ලංකාද්වීපයෙහි පිහිටන්නේය. එනිසා පිරිවර ද සමගින් ඒ ලක්දිව මනාව රැකිය යුත්තාහ ලෙසය.ඒ උතුම් සිදුවීම ද වෙසක් පෝ දිනෙකම සිදු වූ බව මහාවංශය සාක්ෂිදරයි.

එමෙන්ම විජය කුමරුගේ ලංකාවට ගොඩබැසීම ද සිදුවූයේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාළ වෙසක් පුන් පොහෝ දිනයේදී මය. එනම් ශ්‍රී ලංකාද්වීපය තුල සිංහල ජාතියේ ආරම්භය සිදුවූයේද වෙසක් පුන් පොහෝ දිනයකයි.දේවානම්පියතිස්ස රජුගේ දෙවන රාජාභිෂේකයත්, ධර්මාශෝක රජතුමා රාජ්‍ය අනුග්‍රහය ලබාදී ප්‍රථම වරට වෙසක් දිනය සැමරීමත්, දුටුගැමුණු රජතුමා අසදෘශ මහා ස්තූපය වූ රුවන්වැලි මහා සෑයේ ඉදිකිරීම් ආරම්භ කිරීමත් යන ඓතිහාසික සාසනික සිදුවීම් අද වැනි උතුම් වෙසක් පුර පසලොස්වක පොහොය දිනයේදී සිදුව තිබෙයි.


බෞද්ධ දර්ශනය තරම් ලෝකය ප්‍රායෝගිකව තේරුම් ගත හැකි වෙනත් දර්ශනයක් නොමැති තරම්ය.බුදු දහමේ සැබෑ හරය වූ සියළුදේ අනිත්‍ය බව එනම්, හටගත් සියල්ල වෙනස් වෙමින් පැවත නැතිවීම යන ස්වභාවය වටහාගැනීම තුළම එකිනෙකා කෙරෙහි වෛරී සහගතබව අතහැර දයාව,මෛත්‍රීය,කරුණාව ආදී මානවගුණධර්ම ජීවිතයට එකාබද්ධ කරගැනීමට මනා පිටුවහලක් වනබව මා විශ්වාස කරමි. මන්ද වෙනස්වීම්වල ස්වභාවය යථාර්ථය ලෙස විනිවිද දැකිය හැකිනම් එ තුළින්ම යහපත් ආකල්ප සංවර්ධනය කරගනිමින් ,රටත් ජාතියත් අභිවෘද්ධිය කරා රැගෙනයාම ප්‍රායෝගිකවනු නොඅනුමානය .
ශ්‍රී බුද්ධ වර්ෂ 2566 වෙනි වෙසක් මංගල්‍යය
ලංකාවාසී හා ලෝකවාසී සියළුම බෞද්ධජනතාවට,ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්හි නියලීමට මෙන්ම ,බෞද්ධ ධජයෙන් හා වෙසක් පහන් කූඩුවෙන් දොරින් දොර සැරසෙන්නාක් මෙන් සියලු සිත් මෙත් ගුණයෙන් සැරසී ලෝකයම ඒකාලෝක කරන ශ්‍රී සුභ වෙසක් මංගල්‍යයක් වේවායි මම ප්‍රාර්ථනය කරමි.

ඔබ සැමට උතුම් තෙරුවන්සරණයි !

උතුම් බක් පුන් පොහෝ දිනය අදයි...!"චූලෝදර - මහෝදර" නම් නා රජුන් අතර ඇතිවීමට ගිය මහා යුද්ධය නවතාලනු පිණිස සම්බුදු රජාණන් ව...
16/04/2022

උතුම් බක් පුන් පොහෝ දිනය අදයි...!

"චූලෝදර - මහෝදර" නම් නා රජුන් අතර ඇතිවීමට ගිය මහා යුද්ධය නවතාලනු පිණිස සම්බුදු රජාණන් වහනේසේ දෙවන වරට ලක්දිව නාගදීපයට වැඩම කරවූ ද "මණි අක්ඛිත" නා රජුන් උන් වහන්සේට කැළණියට වැඩමවන ලෙස ආරාධනා කලේද උතුම් බක් පුර පලොස්වක පුන් පොහොය දාය.

එලෙස ආශිර්වාද ලැබූවා වූ අද වැනි උතුම් පොහෝදිනක සියලු ශ්‍රී ලාංකික ජනතාවට යහපත සැලසෙන, පින්බර පොහෝ දිනයක් වේවා !

ඔබ සැමට තෙරුවන් සරණයි!

ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේඅපි සියළු දෙනාම එක්ව අභියෝග ජයගනිමින් ආර්ථික , සමාජීය හා සංස්කෘතික සංවර්ධනය කරාඅධ...
15/04/2022

ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ
අපි සියළු දෙනාම එක්ව
අභියෝග ජයගනිමින්
ආර්ථික , සමාජීය හා සංස්කෘතික සංවර්ධනය කරා
අධිෂ්ඨානශීලිව පියනගමු

- HDR Tours Lanka (pvt)Ltd -

பிறந்துள்ள சிங்கள மற்றும் தமிழ் புத்தாண்டில் நாம் அனைவரும் ஒன்றாக இனைந்து சவால்களை சமாளித்து பொருளாதார, சமூக மற்றும் கலாச்சார வளர்ச்சியை நோக்கி உறுதியுடன் பறப்போம்

මැදින් පුරපසළොස්වක පොහෝ දිනය අදයි...බුදුරජාණන් වහන්සේ සිය නැදෑ හිතමිතුරාදින්ට සහ ජන්ම භූමියට කළගුණ සැලකිම සඳහා වැඩම කිරී...
17/03/2022

මැදින් පුරපසළොස්වක පොහෝ දිනය අදයි...

බුදුරජාණන් වහන්සේ සිය නැදෑ හිතමිතුරාදින්ට සහ ජන්ම භූමියට කළගුණ සැලකිම සඳහා වැඩම කිරීම.
කිඹුල්වත් නුවරට වැඩමකොට සුද්ධෝදන රජුට දහම් දෙසීම. එහිදි රජතුමා සෝවාන් විම හා ධර්මපාල ජාතක කතාව දේශනා කිරිම.
යසෝධරා දේවිය උදෙසා චන්ද කින්නර ජාතකය (සඳ කිඳුරු ජාතකය) දේශනා කිරිම.
රාහුල කුමාරයා සහ නන්ද කුමාරයා පැවිදි කරවිම. එමෙන්ම දහම් අවබෝධ ලබාගත් ආනන්ද, අනුරුද්ධ, දේවදත්ත, උපාලි යන තරුණ කුමාරවරු පැවිදි වීම.
මහා ප්‍රජාපති ගෝතමි දේවිය සෝවාන් ඵලයට පත්විම.
ප්‍රථම වතාවට දෙමාපිය අවසර නොමැතිව ශාසනය තුළට පුද්ගලයින් පැවිදි නොකරන ලෙස බුදුරජාණන්වහන්සේ විසින් විනය නිතියක් ද පනවන ලද්දේද අද වැනි මැදින් පුරපසලොස්වක පොහොය දිනකයි.

ඔබ සැමට පින්බර මැදින් පුරපසළොස්වක පොහොය දිනයක් වේවා...

ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා වෙසෙන හින්දු බැතිමතුන් ඉමහත් බැතියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදට යෙදී තිබේ. මේ උතුම් දිනය...
01/03/2022

ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා වෙසෙන හින්දු බැතිමතුන් ඉමහත් බැතියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදට යෙදී තිබේ. මේ උතුම් දිනය සමරන හින්දු බැතිමතුන්ට පළමුකොට මාගේ උණුසුම් සුබපැතුම් පිරිනමමි.

ශිව දෙවිඳුන්ට ගෞරවය පුද කරමින් එතුමන් පාර්වතිය සමඟ විවාහ වීම හා බැඳුණු සිදුවීම් මුල්කර ගනිමින් මහා ශිව රාත්‍රී දිනය සැමරීම ඇරඹි බව පුරාවෘත්තයන්හි සඳහන් වේ. මෙම දිනය සැමරීම වෙනුවෙන් හින්දු බැතිමත්හු උපවාසයෙහි නිරත වීම, උත්සව දිනයට පෙරදා රාත්‍රියේ කෝවිලට ගොස් පූජෝත්සව පැවැත්වීම, ශිව දෙවිඳුන් උදෙසා දේව ගීතිකා ගායනා කිරීම ආදී වත් පිළිවෙත් වල යෙදෙති.

අවිද්‍යාව දුරුකිරීම සහ තෘෂ්ණාව, මෝහය, කෝපය, ඊර්ෂ්‍යාව, වෛරය වැනි දුර්ගුන දුරු කර දැනුම සොයා යාම ඉහත වත්පිළිවෙත්හි මූලික අරමුණ වී තිබේ. මෙමගින් සිය ජීවිතවලට සහ සමාජයට සාමය සහ සමගිය ළඟා කරගැනීම ද හින්දු බැතිමතුන්ගේ තවත් අරමුණකි.

බෞද්ධ ඉතිහාසයේ  ශාසනික සංසිද්ධීන් රැසක්  සිදු වූ  උතුම් නවම් පුන් පොහෝ දිනය අදයි !– ගෞතම බුදු සසුනේ ප්‍රථම මහා සංඝ සන්නි...
16/02/2022

බෞද්ධ ඉතිහාසයේ ශාසනික සංසිද්ධීන් රැසක් සිදු වූ උතුම් නවම් පුන් පොහෝ දිනය අදයි !

– ගෞතම බුදු සසුනේ ප්‍රථම මහා සංඝ සන්නිපාතය සිදුවීම.
– ප්‍රථම වරට ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම.
– ගෞතම බුද්ධ රාජ්‍ය යේ අග්‍රශාවක තනතුරු ලබා දීම.
– මහා කාරුණික සම්බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරයන් අත්හැරීම වැනි,

කරුණු කාරණා හේතුවෙන් නවම් පොහොය බෞද්ධ ජනතාවට සුවිශේෂ වැදගත්කමක් ගෙනදෙයි.

සමාජය හා ජීවිතය දෙස තථාගත දහමට අනුගතව යථාර්ථවාදීව බැලීමට හා අවිහිංසාවාදී බුදුදහමේ ප්‍රභාව ලොවට හෙළි කිරීමට අවස්ථාවක් කර ගැනීමට උදා වූ පින්බර දිනය ආශිර්වාදයක් ම වනු ඇත.

මේ පූජනීය නවම් පොහොය දිනයේදී ඔබ සැමට මම උතුම් තෙරුවන්සරණ ප්‍රාර්ථනා කරමි !.

04/02/2022
උතුම් වූ දුරුතු පොය දිනය අදයි...!!!බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවූයේ අද වැනි දුරුතු පොය දිනයකදීය. ඒ බුදුබව ල...
17/01/2022

උතුම් වූ දුරුතු පොය දිනය අදයි...!!!

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවූයේ අද වැනි දුරුතු පොය දිනයකදීය. ඒ බුදුබව ලබා 9 මසකට පසු ලංකා ද්වීපයේ මහියංගණයට වැඩම කර යක්ෂ හා නාග ගෝත්‍ර අතර සිදුවු ගැටුමක් සමතයකට පත්කීරීම සඳහාය.
තවද එම අවස්ථාවේදී බුදුන් වහන්සේගේ ධර්මය අසා සොවන් ඵලයට පත් වූ සුමන සමන් දෙවියන් හට කේශ ධාතූන් වහන්සේලා ලබා දීම, බිම්බිසාර රජුගේ ආරධනාවෙන් බුදුන් වහන්සේ උරුවෙල් දනව්වේ සිට රජගහ නුවරට වැඩම කිරීම, තුන්බෑ ජටලයින් ප්‍රධාන දහසක් ජටලයින්ට දහම් දෙසීම ඇතුලුව වැදගත් සිදුවීම් රැසක් මෙම දුරුතු පොහොය දිනයේදී සිදුවිය.

Address

Colombo
01

Alerts

Be the first to know and let us send you an email when HDR Tours Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to HDR Tours Lanka:

Share

Category