18/10/2022
ඔන්න යාලුවනේ අද ඔයාලට ගෙනාව
තවත් ලස්සන තැනක්😍
- සිංහරාජ ප්‍රාන්ත ආරණ්‍යය සේනාසනය 🥺🌿🙏⛰️❤️🌻☘️
- සිත කය නිවෙන පුදුමාකාර සැනසීමක් දැනන තැනක් 😌🙏🌿🌊💛
දවසේ ඕනිම වෙලාවක මීදුමෙන් බරවුනු සෞම්‍ය දේශගුනයකින් හෙබි සිංහරාජ වන පෙතේ මායිමේ පිහිටි සිංහරාජ ප්‍රාන්ත ආරන්ය අති සුන්දර බිම්කඩකි.
සතර අතින් ගලාහැලෙන නිල් දිය දහරා ,දවස පුරාවටම මීදුමින් වැසි පවතින වටපිටාව මෙහි යන එන අයගේ නෙත් සිත් පැහැරගන්නවා නො අනුමානයි.
ආරනය භූමියේ ඇති පුංචි ලෝකාන්තය වගේම ආරන්‍ය ඇතුලතින් සිංහරාජ කැලේ ඇතුලට ගියෝතින් ඔබට සුන්දර දිය ඇල්ලක් නරඹන්න යන්නත් හැකියාව තියනවා..
රක්වානේ ඉඳන් සිංරාජේට යන පාරේ වංගු දහ පසු කරමින් අති සුන්දර මාර්ගයක් දිගේ තමයි සිංහරජ ආරන්‍ය වෙත එන්න තියෙන්නේ
පොඩ්ඩ පොඩ්ඩ වංගු දහය දිගේ ඉදිරියට යන කෙනෙක්ට පහලින් කුරුමුට්ටන් සේ පෙනෙන බිම්කඩවල් සහ ඈතින් ඇතට දිස්වෙන මනරම් කඳු යායවල් නෙතට රසඳුනක්.ඒ වගෙම මාර්ගය දෙපසින් වැටි තියන ජලදහරා මේ මාර්ගයට අමුතු ගතියක් එකතු කරලා තියනවා.
රක්වානේ ඉඳන් වංගු දහය එහෙම පහු කරලා සූරියකඳ පැත්තට කිලෝ මීටර් එකොලහක් විතර එනකොට කඩමුදුන හංදිය හම්බවෙනවා.එතැන් පටන් තවත් කිලෝමීටර් දෙකක් පමන දුර යනකොට තමයි ඔබට මේ සිංහරාජ ප්රායන්ත ආරන්යක සේනාසනය මුනගැහෙන්නේ.
මේ පාරෙත් සිංහරාජ වන පෙතෙන් ගලා එන ජලදාරා වලින් පොහොසත් උනු දිය ඇල්ලක් වගේම ස්වභාවික ජල තටාකයක් දැක ගන පුලුවනි.අයිස් කැට තරම් සීතල දිය පාරේ මේ ජල තටාකයට බැහැලා නා කියාගන්න නම් මේ දිය පාර පංකාදුයි.
පසෙකින් සිංහරාජ වන පියසටත් තවත් පසෙකින් කදුහෙල් පන්තියකටත් වට වෙලා තමයි මේ ආරන්ය පිහිටන්නේ.හවසේ වැඩි හරියක් මීදුමෙන් බරව පවතින නිසා මේ ආරන්යත භූමිය දවසේ හැම වෙලාවකම morning අසිරියක් සිරිගන්වනවා.
වල් දිවුල් ,බදුල්ල, වල්ල පට්ටා වගේ ශාඛ වර්ග මේ භූමියේ ඕබට දැකගන්න පුලුවනි.ඒ වගේම දිවියන් ගෝනුන් මුවන් වගේම විශගෝර සර්පයනුත් මේ භූමියේ සැරිසරනවා.
ආරන්ය භූමිය වටාම දිය පහරවල් ස්වභාවික ජල පොකුනු දකින්න පුලුවනි.ඒ වගේම මෙහි යන එන සංචාරකයන්ට පුංචි ලෝකාන්තයකුත් මෙහි ආවොත් දකින්න පුලුවනි.
ආරනය භූමියේ ඉඳන් ඇතුලට වන්නට සිංහරාජ මහ වනයේ මැදි පිහිටි දිය ඇල්ලකටත් මේ සේනාසන භූමියේ ඉඳන් ලඟා වෙන්න් පුලුවන් මාර්ගයක් පවතිනවා.ඒ සඳහා වනයට පිවිසීමට නම් අවසරයක් නෑ.මොකද ඒ ගමන ටිකක් විතර අවදානම් ගමන්ක් නිසා.