Kevingtours

Kevingtours Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kevingtours, Travel Company, Sri Lanka, 271/A Suriyamal Mawatha, Boralasgamuwa, Colombo.

02/08/2026
01/06/2026
01/06/2026

IPL ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවුණු දැවැන්තම පිතිකරුවන්ටවත් හිතන්නවත් බැරි වුණු, ක්‍රිකට් පොතේ නැති අලුත්ම පරිච්ඡේදයක් ලියන්න මේ අවුරුදු 15ක කොල්ලා මෙවර තරගාවලියට එන්න කලින්ම ලොකු කතාවක් කිව්වා.

ඒ "මං ක්‍රිස් ගේල්ගේ වාර්තා අලුත් කරනවා" කියලා. හැමෝම හිතුවේ ඒක හුදෙක් යොවුන් ක්‍රීඩකයෙකුගේ නිකන්ම නිකන් ප්‍රකාශයක් විතරයි කියලා. හැබැයි, අන්තිමේදී ඔහු කිව්ව දේ ඒ විදිහටම පිටිය මැද ඔප්පු කරලා පෙන්වූවා!

වසර 14ක් තිස්සේ කිසිවෙකුට අත තියන්නවත් බැරිව තිබුණු, ක්‍රිස් ගේල් තනි කරගෙන සිටි IPL තරගාවලියක වැඩිම හයේ පහරවල් සංඛ්‍යාවේ වාර්තාව මෙවර සූර්‍යවංශි තමන්ගේ සන්තකයට ගත්තේ මුළු මහත් ක්‍රිකට් ලෝකයම මවිත කරවමින්.

ක්‍රිස් ගේල්, ඒබී ඩි විලියර්ස් වගේම ඩේවිඩ් වෝනර් වැනි IPL පිටිය හොල්ලපු සුපිරි වීරයන්ට පවා තනි තරගවාරයකදී ළඟා විය නොහැකි වූ අදහාගත නොහැකි සන්ධිස්ථානයකට වෛභව් ළඟා වුණා.

තරගාවලියක් තුළ ලකුණු 700 සීමාව පසුකරමින්, 200+ සීමාවෙන් ඔබ්බෙහි ප්‍රහාරාත්මක වේගයක් (Strike Rate) පවත්වාගත් ලොව එකම සහ ප්‍රථම පිතිකරුවා වන්නේ වෛභව් සූර්‍යවංශි පමණයි!

කණ්ඩායමේ අවාසනාවකට රාජස්ථාන් පිලට අවසන් මහා තරගය දක්වා යාමට නොහැකි වුණත්, අවසන් තරගයෙන් පස්සේ පැවති සම්මාන රාත්‍රියේ වැඩිපුරම කියවුනේ එක නමයි. ඒ තමයි වෛභව් සූර්‍යවංශි !

Orange Cap ✅
Super Striker of the Season ✅
Emerging Player of the Season ✅
Super Sixes of the Season ✅
MVP Season Award ✅

මේ සියලු සම්මානයන් හිමි කරගන්න මේ අවුරුදු 15ක පොඩි එකා සමත් වෙද්දී පිතිකරුවෙක් ලෙස මෙවර තරගාවලියේ ඔහුට ලබා ගැනීමට නොහැකි වුනේ තරගාවලියේ වැඩිම හතරේ පහරවල් වලට හිමි සම්මානය පමණයි.

RCB ශූරයින් වුනත් රාජස්ථානයේ මේ පුංචි කොලු ගැටයා මුලු IPL අවසන් මහා තරග රාත්‍රියම තමන්ගේ නමට සින්නක්කර ලියාගන්නවා.

දැන් මුළු ලෝකයේම ක්‍රිකට් ලෝලීන් දෑස් දල්වා බලා සිටින්නේ එක දෙයක් ගැන විතරයි. ඒ මේ සුපිරි පිතිකරුවා නිල් පැහැති ඉන්දීය ජාතික ජර්සියෙන් සැරසී ලෝක ක්‍රිකට් පිටියට පාබන දිනය එළඹෙන තුරුයි!

✍ | Rishie Bro
Powered by - Kanvox

Kandy
23/03/2026

Kandy

Pidurangala
23/03/2026

Pidurangala

17/03/2026

Address

Sri Lanka, 271/A Suriyamal Mawatha, Boralasgamuwa
Colombo

Alerts

Be the first to know and let us send you an email when Kevingtours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kevingtours:

Shortcuts

Share

Category