Maha Ravana SL

Maha Ravana SL Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Maha Ravana SL, Historical Tour Agency, Colombo.

06/04/2026
🔴 (විශ්වයම දණ ගැස්සූ ආයුධය) මේ නිකන්ම යකඩ කඩුවක් නෙවෙයි! මේ ශිව දෙවියන්ගෙන් රාවණා රජුට ලැබුණු, විශ්වයේ ප්‍රබලම ශක්තිය (C...
11/01/2026

🔴 (විශ්වයම දණ ගැස්සූ ආයුධය) මේ නිකන්ම යකඩ කඩුවක් නෙවෙයි! මේ ශිව දෙවියන්ගෙන් රාවණා රජුට ලැබුණු, විශ්වයේ ප්‍රබලම ශක්තිය (Cosmic Energy) කැටි කළ "චන්ද්‍රහාස අසිපතයි"! ⚔️⚡😱

#චන්ද්‍ර #හාස #අසිපත

​රාවණා රජු යනු නිකන්ම රජෙක් නොවේ, තුන් ලෝකයම ජයගත් මහා බලවතෙකි. දඬුමොණරයෙන් අහස ජයගත් එතුමාගේ "අසීමිත බලයේ" සැබෑ සංකේතය වූයේ එතුමා සතු වූ මේ අති භයානක දිව්‍යමය ආයුධයයි.

​⚔️ 01. මොකක්ද මේ "චන්ද්‍රහාස"? (The Ultimate Weapon)

පුරාවෘත්තවලට අනුව මෙය සාමාන්‍ය යකඩ හෝ ලෝහ වලින් තැනූ කඩුවක් නොවේ. මෙය ශිව දෙවියන්ගේ (Lord Shiva) අසීමිත විශ්ව ශක්තිය කැටි කොට නිර්මාණය කළ, කිසිදා විනාශ කළ නොහැකි "ශක්ති කිරණයක්" (Directed Energy Weapon) බඳු ආයුධයකි.

මෙය අතැතිව සිටින තාක්, විශ්වයේ කිසිදු බලවේගයකට රාවණා රජු පරාජය කළ නොහැකි බව පැවසේ.

​🏔️ 02. මෙය ලැබුණේ කෙසේද? (The Origin Story)

වරක් රාවණා රජු තමන්ගේ අසමසම කායික ශක්තිය පෙන්වීම සඳහා හිමාලයේ ඇති ශුද්ධ වූ "කෛලාශ පර්වතය" (Mount Kailash) තම දෑතින් ඔසවා තැබීමට උත්සාහ කළේය.

එම මොහොතේ රාවණාගේ භක්තිය සහ නොසැලෙන වීර්යය ගැන පැහැදුණු ශිව දෙවියන්, විශ්වය ජයගැනීම සඳහා මෙම "චන්ද්‍රහාස" නම් අසිපත ත්‍යාගයක් ලෙස ලබා දුන්නේය.

​(එහි නමේ තේරුම: "හඳ මෙන් සිනාසෙන" යන්නයි. එනම් එය ඇදගත්විට හඳ පායන්නාක් මෙන් දීප්තිමත් එළියක් විහිදේ).

​⚡ 03. අසිපතේ බලය:

මෙම අසිපතට අහසේ විදුලිය පවා පාලනය කළ හැකි බවත්, හිතන පමාවෙන් සතුරන් දහස් ගණනක් අළු කර දැමිය හැකි බවත් පැවසේ. රාමායණයේ පවා සඳහන් වන්නේ රාවණා රජු යුධ පිටියට මේ කඩුව රැගෙන එන විට දෙවිවරු පවා බියෙන් වෙවුලූ බවයි.

​🤔 04. අද මේ අසිපත කෝ? (The Mystery)

රාම-රාවණා යුද්ධයෙන් පසු මේ මහා බලගතු ආයුධයට සිදුවූයේ කුමක්ද යන්න අදටත් අභිරහසකි.

​සමහරුන් කියන්නේ එය නැවත ශිව දෙවියන් වෙත ගිය බවයි.

​නමුත් හෙළ පුරාවෘත්ත විශ්වාස කරන අය කියන්නේ, රාවණා රජු නැවත අවදි වන තුරු, මේ අසිපත ලංකාවේ අතිශය රහසිගත "නිල් දිය පොකුණ" පතුලේ හෝ "රාවණා ගුහාවක්" තුළ අදටත් සුරක්ෂිතව ඇති බවයි.

​නිගමනය:

අපේ මුතුන් මිත්තෝ සතුව තිබුණේ ගල් කටස් නෙවෙයි. ඔවුන් සතුව තිබුණේ අද ලෝකයේ න්‍යෂ්ටික අවි වලටත් වඩා ප්‍රබල තාක්ෂණයක් සහ බලයක්!

​ප්‍රශ්නය:

ඔයා හිතන විදියට මේ "චන්ද්‍රහාස අසිපත" තාමත් ලංකාවේ කොහේ හරි හැංගිලා ඇතිද?

ඔයාගේ අදහස පහලින් කියන්න! 👇

​(අපේ රජුගේ බලය ගැන ආඩම්බර එකම එක සිංහලයෙක් හරි ඉන්නවා නම් Share පාරක් දාගෙන යමු! ⚔️❤️🇱🇰)


#

06/12/2025

රාවණා

සීගිරියේ සඟවා දැමූ අභිරහස්සිගිරිය කියල කියන්නේ අභිරහස්වලින් අඩුවක් නැති බොහෝම අපූරු විශ්මිත නිර්මාණයක්. මේ කියන්න යන කතා...
17/09/2025

සීගිරියේ සඟවා දැමූ අභිරහස්

සිගිරිය කියල කියන්නේ අභිරහස්වලින් අඩුවක් නැති බොහෝම අපූරු විශ්මිත නිර්මාණයක්. මේ කියන්න යන කතාව එහි අපි වැඩිය අහපු නැති පැත්තක් ගැන. සූරිය ගුණසේකර කියන්නේ සිගිරිය, රාවණ රජු ඇතුළුව ලංකාවේ සැඟවුණු ඉතිහාසය ගැන පරීක්ෂණ කරන කෙනෙක්. ඒ සම්බන්ධව පොත් ගණනාවකුත් රචනා කරල තියෙනවා. ඒ මහත්මය තරුණ කාලේ, ඒ කියන්නේ එකදාස් නවසිය හැට ගණන්වල සීගිරියට ගිහිල්ලා තියෙනවා තව තරුණ කණ්ඩායමක් එක්ක විශේෂ ගවේෂණයකට. එහිදී එයාලා දවල්ට කන්න ගිහිල්ලා තියෙනවා සිගිරිය පේන මානේ තියෙන පුංචි කටු මැටි ගෙදරකට. ඔය ගෙදර මිදුලේ හිටියලු වයසක සීයා කෙනෙක්.

කෑම කාලා කට්ටිය එලියට ආපු වෙලේ මෙයාලා ඔය සීයා එක්ක කතාවට වැටිලා. එයා දැනගත්තම මේ කට්ටිය ඇවිල්ලා තියෙන්නේ සිගිරිය ගැන හොයන්න කියලා. ඒ පාර තමයි මේ කතාව කියල තියෙන්නේ.

''මහත්තයල දන්නවද, මම ඉස්සර අන්ධ කෙනෙක් නෙවේ. මට මෙහෙම උනේ මට මහ විශාල පවකට සම්මාදන් වෙන්න උනු නිසා''

මෙහෙම කිව්වම කට්ටිය අන්දුන්කුන්දුන්...

"මොකද්ද සීයේ උනේ...?"

මහත්තයලට කියන්න, මම H.C.P. Bell මහත්තයගෙ කාලේ මෙතන සීගිරියේ එයා යටතේ කැණීම වලට අත් උදව් දීපු සේවකයෙක්. ඒ කාලේ හිටපු
අයගෙන් දැන් මම විතරයි ඉතුරු.
(H.C.P. Bell කියන්නේ ලංකාවේ මුල්ම පුරාවිද්‍යා කොමසාරිස්වරයා. ඔහු බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. ලංකාවේ පුරාවස්තු බොහොමයක් හොර රහසේම බ්‍රිතාන්‍ය කෞතුකාගාරය වෙත ගෙනගිය බවට මොහුට චෝදනා එල්ල වෙනවා)

ඉතින් ඒ කතාව සීයා ඒ පාර කිව්වලු.

අපි සීගිරියේ කැණීම කර කර ගල මුදුනටම ගියා. ගල මුදුනේ නොයෙක් පුදුම හිතෙන නිර්මාණ අපිට හම්බුනා. එතන කට්ටිය කැණීම කරනකොට අපිට හොයාගන්න පුළුවන් වුණා පඩිපෙලක්. මේ පඩිපෙළ සිගිරිය ගල මුදුනේ ඉඳං ගල පාමුල වෙනකන්ම යනවා ගල ඇතුලෙන්. ඒ ගැන හාන්කවිසියක් පිටට පේන්නේ නෑ. පඩිපෙලේ තැනින් තැන ගිමන් නිවන්න කාමර තියනවා. ඒ කාමර වල තිබිල අපිට බොහොම වටිනා පුරාවස්තු හුගක් හම්බුනා. බෙල් මහත්තයා ඒ ඔක්කොම එකතු කරගෙන එලියට ගෙනාවා. පස්සෙ අපිට කිව්වා ඒ පඩිපෙලේ ගල මුදුනේ දොරකඩ කොන්ක්‍රීට් දාලා සම්පුර්ණයෙන් වහන්න කියල.. අපිට පුදුම හිතුනා, ඒත් අපි කිව් විදියට කරා.

එදායින් පස්සෙ ඒ වැඩේට ගිය අපි කාටවත් හොඳක් උනේ නෑ. සමහරු ලෙඩ උනා. සතා සීපාවා ගහල මැරුණා. ගහක් ගලක් වගේ හිටපු මම දවසක් උදේ නැගිට්ටේ මෙහෙම අන්ධ වෙලා.

මෙහෙම කියපු ඒ සීයා අඬන්න ගත්තලු.

මේ කතාවේ ඇත්ත නැත්ත ඔයාලම තීරණය කරන්න.

හැබැයි ඇත්තටම කියනවනම්. සිගිරිය ඉහලට රජ කෙනෙකු, අද අපි යන්න වගේ දාඩිය පෙරාගෙන ගිනිකුට අව්වේ අර වගේ පටු පඩිපෙලක් දිගේ ගියා කියලනම් හිතන්න බෑ. රජුට ඉක්මනින් පහසුවෙන් සහ රජ කෙනෙක් විදියට යන්න විශේෂිත ගමන් මාර්ගයක් තිබිය යුතුමයි.

මේ ගැන පරීක්ෂණ කරපු මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සුසිර උඩලමත්ත මහතානම් කියන්නෙ, ඒ කාලේ රජුට ඉහලට ගමන් කිරීමට විශේෂ සෝපානයක් තිබුන කියලා. මේක හඳුන්වන්නේ කර්කටක යන්ත්‍රය කියලා. මොකද මේක කකුළුවෙක් වගේ හැඩයක් සහ යාන්ත්‍රණයක් තියෙන නිසා. සිගිරිය ගලේ එක අන්තයක කෙලින්ම සිරස්ව ඉහලට යන සහ තිරස්ව යන ඉනිමගක් වැනි කුඩා track පද්ධතියක් ගලේම කොටලා තියෙනවා දැකගන්න පුළුවන්. මේක තියෙන්නෙ කර්කටක යන්ත්‍රයේ දැති රෝද වලට ගමන් කරන්න කියල තමයි කියන්නේ.

සිගිරිය ජල උද්‍යානය ගත්තත් ඒක සුවිශේෂයි. එහි ප්‍රධාන දොරටු හදල තියෙන්නෙ කෙලින්ම ඉහළට ඔසවන විදියට. මේ සඳහා යොදාගත්තු විශාල ගල් උලුවහු අදත් දැකගන්න පිළිවන්. මේ විශාල ලී ද්වාර එසවීමට යොදාගෙන තියෙන්නෙ අලි ඇතුන්.

ඒ වගේම සිගිරිය ජල උද්‍යානය ගත්තත්, ඒක හදල තියෙන්නේ ඒකට ඇතුල් වෙන කෙනෙක්ව එක්වරම මුලා වෙන විදියට. හොඳින් නිරීක්ෂණය කරොත් පේනවා ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වෙලා යනකොට එක හරියකදී එකපාරටම සිගිරිය ගල නොපෙනී යන බව. ඒ විදියටයි ඒ ගමන් මාර්ගය හදල තියෙන්නේ. ඒ වගේම සිගිරිය ජල උද්‍යානයේ තියෙන වතුරමල් අදටත් වැඩ කරනවා. ඒත් වතුර එන්නෙ බොහොම අඩුවෙන්. මේකට හේතුව තමයි සිගිරිය වැවේ ජල මට්ටම ඉතාමත් අඩු වීම.

අතීතයේදී සිගිරිය වතුරමල් සහ ජල උද්‍යානයට ඉහළින් තමයි සිගිරිය වැවේ ජල මට්ටම පිහිටලා තියෙන්නේ. ඒකෙන් ඒ කාලේ සීගිරියට සතුරන්ගෙන් ආරක්ෂාවත් ලැබුණා. මේ නිසා ඉතා විශාල ජල පීඩනයක් යටතේ මේ වතුර මල් බොහොම උජාරුවෙන් ඉහළට වතුර විදින්න ඇති. ඒත් පසුකාලීනව සිගිරිය අවට ප්‍රදේශය සංචාරක කලාපයක් විදියට සංවර්ධනය කරන්න ගත්තම සිගිරිය වැව ගොඩ වුණා. Sigiriya Village වගේ සුපිරි හෝටල් අද තියෙන්නෙ සිගිරිය වැව තිබුන හරියේ. අද සිගිරිය වැව දිය හිඳුනු නිකං නමට වැවක්. සීගිරිය ගල මුදුනට වතුර ගෙනගිය ආකාරයද අභිරහසක්. මේ සඳහා ජල පොම්ප කිරීමේ තාක්ෂණයක් යොදාගෙන තියෙන බවයි සමහරු කියන්නේ. ඒත් වර්තමානයේ පරීක්ෂකයන්ගේ මතය වෙලා තියෙන්නේ මේ සඳහා ඊට වඩා බොහොම සරල ක්‍රමයක් භාවිතා කර ඇති බවයි. එනම් සංසක්ති බල.

විද්‍යාව කරපු අය දන්නවා සංසක්ති බල කියන්නේ මොනවද කියලා. ඒ කියන්නේ එකම වර්ගයේ අංශු අතර ඇති වන ආකර්ෂණ බල (මට මතක විදියට වැන්ඩවාල් බල)

ඒ අය කියන විදියට සිගිරිය ගල මුදුනේ නිර්මාණය කර තිබෙන ජල පොකුණු වලට නිරන්තරයෙන් වැහි වලාකුළු ආකර්ෂණය වෙනවා. හේතුව සිගිරිය මුදුනේ තියෙන පොකුණු වල ජලයේ ජල අංශු සහ වැහි වලාකුළු වල ජල අංශු එකිනෙක ආකර්ෂණය වීම. මේ සංසිද්ධිය වෙනත් උස් කඳු මුදුන් සහ උස ගල් පර්වත මුදුනේ ඇති ජලය රැස්වෙන ස්ථාන වල දැකගන්න පුළුවන්. එමගින් ලැබෙන වර්ෂාවෙන් නිරන්තරයෙන් සිගිරිය ගල මුදුන ජලයෙන් ස්වයංපෝෂිත වෙනවා.

මෙවැනි ක්‍රමයක් මේ සඳහා යොදාගැනීමට තවත් හේතුවක් තියෙනවා. එනම් හදිසියෙවත් සතුරු හමුදාවක් සිගිරිය ආක්‍රමණය කරා කියල හිතමු. සීගිරියට ජලය ගෙනියන්නේ විශාල පොම්පයකින් නම් හතුරන්ට මේ පොම්පය විනාශ කරල හරි පහල තියෙන ජල මුලාශ්‍ර වලට වස මිශ්‍ර කරල හරි ගල මුදුනේ ඉන්න පිරිසව අසරණ කරන්න පුළුවන්. ඒත් මම මුලින් විස්තර කරපු සංසක්ති බල ක්‍රමය නිසා ගල මුදුනේ ඇති වගාවන් හෝ ඔවුන්ගේ පානිය ජල අවශ්‍යතා එතැනින්ම සුරක්ෂිතයි. ස්වයන්පොෂිතයි.

සිගිරිය ගැන කතා කරන්න පුළුවන් දේවල් එමටයි. එහෙනම් ඔයාලත් දන්න දේවල් බෙදාගන්න.

24/08/2025

MAHA RAVANA මහා රාවණා

06/06/2025

Ravana SL

16/03/2025

මහා රාවණා

24/02/2025

ravana

මේ කතාව ඇහුවොත් ඔයා පුදුම වෙයි😱😮 ඉතිහාසයේ ගුප්ත දොරින් වැසී තිබෙන, දැනුත් විවාදයට ගත හැකි "පිදුරංගල"  ♥️👣☘️😍🙏🌧️පිදුරංගල ...
13/01/2025

මේ කතාව ඇහුවොත් ඔයා පුදුම වෙයි😱😮 ඉතිහාසයේ ගුප්ත දොරින් වැසී තිබෙන, දැනුත් විවාදයට ගත හැකි "පිදුරංගල" ♥️👣☘️😍🙏🌧️

පිදුරංගල කියන්නේ සීගිරියට ආසන්නයෙම කිලෝමීටරයක් විතර දුරකින් තියෙන ශේෂ කන්දක්.

සීගිරියට නැග්ගොත් හරි නැත්නම් ලගට ගියත් මේ තැන බොහොම ලේසියෙන් හදුනගන්න පුළුවන් මොකද සීගිරිය අයිති වෙන්න ශ්‍රී ලංකාවේ පහත රට තැනිතලාවට නිසා ඒ ආසන්නයේ තියෙන්නේ එකම කන්ද පිදුරංගල.

සීගිරිය ගොඩනැගුවේ කාශ්‍යප රජතුමා කියලා පිලිගත්තට, සීගිරිය කියන්නේ ඊට වසර දහස් ගානකට කලින් ඉදලා යක්ශ ( රාවනා පරපුරේ ) ගෝත්‍රිකයන්ගේ වාසස්ථානයක් කියලා පිලිගැනීමකුත් තියෙනවා.

පිදුරංගල ඉතිහාසය හුගක් පැරණි වෙන්න පුළුවන් කියලා කියන්න හේතුවක් තමයි; සීගිරි චිත්‍ර වල ඉන්නේ පිදුරංගල විහාරය වදින්න මල් අරන් යන කශ්‍යප රජතුමාගේ අන්තංපුරයේ කුමාරිකාවන් කියන එක.

ඊට අමතරව භික්ෂුන්ට වාසස්ථාන වුන ගල් ලෙන් රාශියක් තිබීම හා ඒවායේ කොටන ලද කටාරම් වලින් ( බ්‍රාහ්මීය අක්ශර වලින් ) මේ පුදබිම ක්‍රි.පූ 3 - 1 සියවස් දක්වා පැරණි ඉතිහාසයකට උරුම කියන බවට ලිඛිත සාක්ෂි සපයනවා.

පිදුරංගල Google map එකේ බැලුවොත් ත්‍රිකෝණාකාර විදිහකට තමයි පෙනෙන්නේ. ඊට අමතරව පිදුරංගල Google map එකෙන් බලන්න බැරි වුනත් සීගිරියෙන් පිටට ආසන්න වශයෙන් ඒකම අගයක් තියෙන කෝණයකින් ( අංශක 21 ක විතර ) ආනතියක් තියෙනවා.

මේක මුළු පෘෂ්ඨය පුරාම ඒකාකාරී වෙනවා. නමුත් බෑවුමේ උඩ කොටසට වෙන්න ටොන් 5,000ක විතර අඩමානයේ, ඒ කියන්නේ අපි දන්න විදිහට සතුරු ආක්‍රමණයකදී පෙරලන්න හදපු උගුලක ආකාරයේ ගලක් ස්ථාපනය කරලා තියෙනවා.

මේ ආනතියටම සමාන වුන නවීන දෙයක් ගැන හොයල බැලුවොත් අභ්‍යවකාශ වස්තු වලින් එන තරංග ග්‍රහණය කරන්න පාවිච්චි කරන රෙඩියෝ දුරදක්න ගැන සොයාගන්න ලැබෙනවා.

ඔය ස්ථානයේ මේ ආකාරයේ තරංග ග්‍රාහකයක් / සම්ප්‍රෙශකයක් සවිකලා නම් ඒකෙන් සම්ප්‍රෙශණය / ග්‍රහණය කරන්න පුළුවන් පරාසය සොයන්න ඊට ලම්භකව අපි රේඛාවක් පෘතුවි පෘශ්ඨය දිගේ බොහෝදුරක් අදින්න පුළුවන්.

මේ රේඛාව දිගේ ගියොත් අපිට හරි විශ්මිත දෙයක් බලාගන්න පුලුවන්..

මේ රෙඛාව ඊජිප්තුවේ ගීසා වල 'පිරමීඩ' අසලිනුත් , ඊට පස්සේ ක්‍රි.පූ යුගයේ ඉතා දියුණු ශිෂ්ඨාචාරයක්ව පැවතුණා වගේම ස්භාවික ව්‍යයසනයක් නිසා එක් රැයකින් මුහුදුබත් වුනා කියලා විශ්වාස කරන "ඇට්ලාන්ටික්" නගරය තිබුණායි කියා විශවාස කරන අත්ලාන්තික් සාගරයේ මුහුදු කලාපයෙනුත්, ඉන් අනතුරුව ලතින් ඇමරිකාවේ එම යුගයේම දියුණු ශිෂ්ඨාචාරයක්ව පැවතුණ 'මායාවරුන්ගේ ශිෂඨාචරය' ගොඩනැගුණ ප්‍රදේෂයෙනුත් ගමන් කරනවා.

සමහර විටකදී සමකාලීන ශිෂ්ඨාචාර වුන මේ සියල්ලම සන්නිවේදනය කරන්න මේවගේ උපක්‍රමයක් පාවිච්චි කලාද කියන සැකයත් අපට මතුවෙනවා

ආගමික හා සංස්කෘතික විශ්වාසයන් වලට එහා ගිය ගැඹරු තාක්ෂණයක් විද්‍යාමාන වෙන නමුත් ඉතිහාසයේ ගුප්ත දොරින් වැසී තිබෙන, දැනුත් විවාදයට ගත් හැකි 'පිදුරංගල' ගැන සාකච්ඡාවට නැගේවා!!!!!

උපුටා ගැනීමකි

27/11/2024

මාහා රාවණා

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Maha Ravana SL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share