SOBA Ceylon travel

SOBA Ceylon travel SOBA Ceylon travel . Colombo

29/04/2024
19/03/2024
ලබන සතියෙ විවෘත වන කච්චතිව් දූපත🥰🍀🐬🍃 මේකනම් යන්නම ඕන ගමනක්...අද Fantastic Travelers අපේ කතාව වසරකට වරක් ඇරෙන කච්චතිව් දූ...
17/02/2024

ලබන සතියෙ විවෘත වන කච්චතිව් දූපත🥰🍀🐬🍃 මේකනම් යන්නම ඕන ගමනක්...

අද Fantastic Travelers අපේ කතාව වසරකට වරක් ඇරෙන කච්චතිව් දූපත ගැන...

ඔන්න ගොඩක් Travelers ලගෙ සංචාරක ස්ථානයක් වගෙම කතෝලිකයන්ගේ පූජනීය ස්ථානයක් වන කච්චතිව් දූපත මේ මාසේ ඒ කියන්නේ පෙබරවාරි 23 සහ 24 දින දෙකේදි විවෘත වෙනවා.

මේ දූපත වසරකට දිනක් දෙකක් පමණයි මේ විදිහට විවෘත වෙන්නේ.

ඒ අනුව මේ වසරේදිත් කච්චතිව් දූපතෙ ඉංදියානු හා ශ්‍රී ලංකානු කතෝලික බැතිමතුන් එක්ව පවත්වන දේව මංගල්‍යය එම දෙදින තුල පැවැත්වීමට කටයුතු සූදානම් බව නාවික හමුදාවේ වෙබ් අඩවියේ සදහන්. ඒ අනුව කච්චතිව් ශාන්ත අන්තෝනියාර් දේවාල මංගල්‍යය යාපනය දිස්ත්‍රික් ලේකම්වරයාගේ සම්බන්ධීකරණයෙන් යාපනය පූජක මන්දිරය, ශ්‍රී ලංකා නාවික හමුදාව, නැදුන්තීව් ප්‍රාදේශීය ලේකම් ඇතුළු අදාළ සියලු දෙපාර්තමේන්තුවල සහයෝගයෙන් පැවැත්වීමට නියමිතයි. ඒ සදහා ඉන්දියානුවන් හා ශ්‍රී ලංකානුවන් විශාල පිරිසක් මෙවර සහභාගි වීමට නියමිතව ඇත.

ඉතින් අපිට මෙම ස්ථානයට යෑමට අවසර හිමි වන්නේ අවුරුද්දකට එක වරක් පමණයි. ඒ මෙම ස්ථානයේ පැවැත්වෙන ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පූජාව සදහා පමණයි.

ඒකට හේතුව වන්නේ මෙම දූපත ලංකාවට අයිතිය තිබුනත් ඉන්දියාවට ඉතාමත් ආසන්නයෙන් පිහිටීමයි. දැනගැනීමට ලැබුනු හැටියට ලංකාවට අයිති දුරින්ම පිහිටි දූපත හෙවත් සමුද්‍ර මායිම් රේඛාව ආසන්නයේම පිහිටි දූපත මෙයයි.

ඉමෙම ස්ථානයට යෑමට නම් කුරිකට්ටුවාන් ජැටියට පැමිණිය යුතුයි. එම ස්ථානය වාහන නතර කර තැබීමට හැකිය. බස් එකේ එනවා නම් මෙම ජැටිය දක්වා ගමන් කිරීමට බස් රථ යොදවා ඇත.

එතනින් පටන් ගන්නා මුහුදු ගමන ඔබට ජීවිතයට අමතක නොවන ගමනක් වනු ඇත. විනෝදය/ත්‍රාසජනක බව මේ සියල්ල ඔබට මෙම ගමනේදී විද ගත හැක.
මෙම දූපත අවට මුහුදු තීරය ඉතාමත් අලංකාර වන අතර ඉන්දියාවේ රාමේෂ්වරම් පිහිටි සංඥා කුලුණද පැහැදිලිව දැක ගත හැකිය.

ඉතිම් ගොඩ දෙනෙක් මේ ගමනට සහභාගි වන නිසා සියලුම පහසුකම් නාවික හමුදාව විසින් සපයනවා.


කිසිදු මානව හෝඩුවාවක් නොමැති මෙම දූපත භූ විද්‍යාවෙන් සහ ආර්ථික වශයෙන් ඉහළින්ම සිටී. කච්චතිව් යට මුහුදේ ඇති කොරල් පාෂාණ මත්ස්‍ය අභිජනනය උත්තේජනය කරයි. මේ නිසා දිවයින ධීවර කර්මාන්තයෙන් පිරී ඇත. ශ්‍රී ලාංකික ඉන්දියානු ජනතාව හැරුණු විට ශ්‍රී ලාංකීය ජනතාව සංස්කෘතික වශයෙන් බැඳ තබන තවත් දෙයකි. මෙම විහාරස්ථානය 1913 දී ආරම්භ කරන ලද්දකි. කච්චතිව්හි ආධිපත්‍ය තරඟය නොතකා වසරකට වරක් පැවැත්වෙන අන්තෝනියාර් කෝවිලේ උත්සවයට දෙරටේම ජනතාවට සහභාගී වී වන්දනාමාන කිරීමට අවසර ලබා දී ඇත.

---------Fantastic Travelers

**කච්චතිව් වාර්ෂික දේව මංගල්‍යය උත්කර්ශවත්ව පැවැත්වීම සඳහා නාවික හමුදා සහය**

ඉන්දු - ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ, ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, යාපනය පදවියේ රදගුරු, ගරු ජස්ටින් ඥානප්‍රකාසම් පියතුමාගේ මෙහෙයවීමෙන් 2024 පෙබරවාරි මස 23 සහ 24 දෙදින උත්කර්ෂවත්ව පැවැත්වීමට, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් කටයුතු සූදානම් කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ස්ථාපනය කිරීමේ කටයුතු මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයෙන් සිදු කරනු ලබයි.

ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟපෙන්වීම මත, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් කාංචන බානගොඩ ගේ අධීක්ෂණයෙන්, කච්චතිව් ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය සඳහා සහභාගී වන බැතිමතුන් වෙනුවෙන් තාවකාලික ජැටි ඉදි කිරීම පානීය ජලය, සනීපාරක්‍ෂක පහසුකම්, තාවකාලික කුටි සහ තාවකාලික මංමාවත් සකස් කිරීම මෙන්ම විදුලි බල පහසුකම් ස්ථාපනය කිරීමද මේ දිනවල කඩිනමින් සිදුකරමින් පවතියි.

එමෙන්ම, බැතිමතුන්ගේ ආරක්‍ෂාව සඳහා ජීවිතාරක්‍ෂක කණ්ඩායම් යෙදවීමට අවශ්‍ය ස්ථාන හඳුනා ගැනීම හා වෛද්‍ය පහසුකම් සැලසීම සඳහා තාවකාලික ගිලන්හලක් ඉදිකිරීමද නාවික හමුදාව විසින් සිදුකරනු ලබන අතර, නාවික හමුදාවේ දායකත්වයෙන් ඉදිකරන ලද කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ තීන්ත ආලේප කිරීම ඇතුළු අළුත්වැඩියා කටයුතු සහ දේවස්ථානය අවට ප්‍රදේශය හා මංමාවත් එළි පෙහෙළි කිරීම හා පිරිසිදු කිරීම ද නාවික හමුදාව විසින් සිදුකරනු ලබයි.

වාර්ෂිකව පැවැත්වෙන මෙම දේව මංගල්‍යය සඳහා මෙම වසරේ ඉන්දියානු හා ශ්‍රී ලාංකික කතෝලික බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. ඒ අනුව, කන්කසන්තුරය සහ කුරිකඩ්ඩුවාන් සිට කච්චතිව් දූපත දක්වා පූජකවරුන්, රජයේ නිලධාරීන්, විශේෂ පුද්ගලයින්, බැතිමතුන්, දෙස් විදෙස් මාධ්‍යවේදින් හා දේව මෙහෙය සඳහා අවශ්‍ය විවිධ භාණ්ඩ හා උපකරණ නාවික හමුදාවේ අධීක්ෂණයෙන් ආරක්‍ෂිතව මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කිරීම සඳහා කටයුතු සම්පාදනය කරමින් පවතියි.

Source : sri lanka navy official website

සටහනේ අයිතිය ©Fantastic Travelers™

Photos Credit goes to Respective Owners

12/02/2024
Thank you very much for coming to Sri Lanka.
12/02/2024

Thank you very much for coming to Sri Lanka.

Address

Athurugiriye
Colombo

Telephone

+94711406795

Website

Alerts

Be the first to know and let us send you an email when SOBA Ceylon travel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SOBA Ceylon travel:

Share

Category