30/04/2023
ගල්ලෙනෙන් පන්සල දක්වා විකාශනය..
💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮
"පන්සල" යනු පාලි 'පණ්ණසාලා' සහ සංස්කෘත 'පරණශාලා' යන්නට සමානවේ. "පර්ණ" නම් කොළයයි. එයින් කළ ශාලාව පන්සලයි. පන්සල ඇරඹුණේ මෙසේ වුවද පසුකළ ගල්,ගඩොල් ආදියෙන් කළ ස්ථිර ගොඩනැගිලි වලින් යුක්ත විහාරස්ථානයට " පන්සල" යන නම ව්‍යවහාර විය. භික්ෂු වාසස්ථාන ක්‍රමයෙන්ව විකාශනයට පත් විය.
පළමු සියවසින් පසු ලෙන්, ආවාස තැනිමේ සිරිත අභාවයට ගියේ කෙමෙනි. ඊට හේතුව කළුගල්, ගඩොල්, උළු ආදිය යොදා ස්ථිර ගොඩනැගිලි තැනීමය. පන්සල මුලදී කුටියක් වුවද එයට අදාල වැසිකිළි ,කැසිකිළි ද නිර්මාණය කෙරිණි. පසුව පවුරකින් වටකරනු ලැබීය.
පන්සලේ විසු භික්ෂුහු ප්‍රතිපත්ති ශාසනයට අදාල ලෙසින් පර්‍යාප්ති ශාසනයද රැකගත්හ. ශිල්ප ශාස්ත්‍ර හා ධර්ම විනය හදාලහ. මෙම කරුණු පදනම් කරගෙන පන්සලට 'පිරිවෙන' නාමයද භාවිත කළ බව පැහැදිලිය.
අන්තිමේදී පිරිවෙණ යනු ප්‍රසාද,කූටාගාර, රාත්‍රී ස්ථාන,දිවා ස්ථාන ආදියෙන් යුත් පවුරකින් වට කරන ලද දොරටුවකින් සමන්විත 'ආවාසයක්' ලෙස හඳුන්වනු ලැබීය. ආරාම බිහි වීමෙන් පසු බුදු කුටිය ගැන ද ගැනද අවධානය යොමුවිය බුදුන්වහන්සේ වැඩ සිටි කුටිය 'ගන්ධකුටිය' නමින් හැඳින්විය.
මුල්ම ගඳකිලිය සතරැස් කාමරයකි. ගෘහ නිර්මාණ ශිල්පිය දියුණුව නිසා පන්සල මෙන්ම ගඳකිළිය ද පරිණාමයට පත් විය. ප්‍රතිමාගෘහ තුන් ආකාරයකින් බිහිවිය.
1. ගන්ධකුටි සම්ප්‍රදාය.
2. ප්‍රසාද හෙවත් පංචායතන සම්ප්‍රදාය.
3. ගෙඩිගේ සම්ප්‍රදාය.
ගර්භ ගෘහයකින් හා ද්වාර මණ්ඩපයකින් නිමවන ලද්ද ගන්ධකුටි සම්ප්‍රදායට අයත් වේ.
* පුලියන්කුලම පාචීනතිස්ස පබ්බත විහාරය
* අනුරපුර කිරිබත් කිරිබත්වෙහෙර වැනි ස්ථානවලින් ගන්ධකුටි සම්ප්‍රදාය හමුවෙයි.
ප්‍රසාද හෙවත් පංචායතන සම්ප්‍රදායට අයත් පිළිම ගෙවල්ගෙවල් අයත් ආයාතාකාර ගෘහයකින් හා දිග ද්වාර මණ්ඩපයකින් ද යුක්ත වේ.
'ගෙඩිගේ සම්ප්‍රදායට' තැනූ පිළිම ගෙවල් අනුරාධපුරය හා පොළොන්නරුව දක්නට ලැබේ. ගෙඩිගේ යන්නෙන් අදහස් කෙරෙන්නේ වහලක් සහිත මුළු ගොඩනැගිල්ලම ගඩොලින් නිම කොට ඇති බවයි. ඌවේ මාළිගාවිල ඇත්තේ ලක්දිව ගෙඩිගේ සම්ප්‍රදායට තැනූ පැරණි පිළිම ගෙය යැයි සැලකේ. අනුරපුර මහාපාළී දානශාලාව අසල ද, ජේතවනාරාමයට බටහිරින්ද ගෙඩිගෙවල් සොයාගෙන ඇත.
"විහාරය" යනුවෙන් හැඳින්වෙන්නේ ආරාමික අංග රාශියකින් සමන්විත ස්ථානයයි. පිරිවෙන් රැසක් එක්වීමෙන් මහ විහාරස්ථානයක් ඇතිවිය. මහා වංශය මතය අනුව අනුරාධපුර මහා මහාවිහාරය පිරිවෙන් 364 කි. අභයගිරි ජේතවන මහා විහාරයේ වූ සේවා සේම සිතුල්පව්ව, මිහින්තලය සහ හත්තිකුච්චි ආදිය ද මෙවැනි තවත් මහා විහාරස්ථානයන් විය.
පිරිවෙන් රැසකින් සැදුණු මහා විහාරයක නොයෙක් වර්ගයේ ගොඩනැගිලි බිහිවිය.
ප්‍රාසාද.දීර්ඝ ප්‍රාසාද.චතුරස ප්‍රාසාද, කූටාගාර,ආසනශාලා,පන්ථාගාර, උපෝෂථාගාරය ආදී සංඝයාගේ පරිහරණයට අවශ්‍ය ගොඩනැගිලි මෙන්ම දාගැබ් වහන්සේලා ,බෝධි වහන්සේලා, පිළිමගේ වැනි වන්දනීය ස්ථාන මහා විහාරයක අංග විය.
"ආරාම" නම් විවේක සුවයෙන් විසින් සඳහා පිදූ උයන් වත්තක් යනු විචාරකයන්ගේ අදහසයි. මහා විහාරය වූයේ මහමෙවුනා උයනේය. ජේතවනාරාමය පිහිටියේ ජේතවන හෙවත් නන්දන උයනේය. අභයගිරි කැණීම්වලින් ආරාමය පුළුල් වී ගොස් ආරාම සංකීර්ණ බිහි වූ බවට පුරා පුරාවිද්‍යාත්මක සාක්ෂි හමුවී ඇත..
*බත් ගෙය *පොහොතකර(උපෝසථාගාරය)
*දන්හල
*වෙදහල
*කොටකුළු යන මේ අංග ආරාමයක ප්‍රධාන අංග වී ඇති බැවින් ආරාම සංකීර්ණ මගින් භික්ෂූන් වහන්සේලාගේ ලෞකික අවශ්‍යතාවයන්ද සපුරා ලීමට සමත් විය.
අනුරාධපුර මහාවිහාරය මුලදී 'කාලපසාද' නමැති ගෙයකින් යුක්ත විය. යටත් පිරිසෙයින් සෑයක් ඇති,දහම් දෙසන සිව් දිග මහසඟනට සෙනසුනක් පිළියෙල කොට ඇති,ලැගුම් ගෙන නිදහසේ සිටීමට ඇති ස්ථානය "පන්සල" නමින් භාවිතා විය. 9වන ශතවර්ශයේ සෙල්ලිපියකට අනුව සෑය,ලැගුම් ගෙය,බණ ශාලාව පන්සලක අවශ්‍යම අංග තුන විය.
කෙසේ වුවද සම්පූර්ණ ආරාමයක දොරටුවෙහි 'පැන්මණ්ඩිය' නමින් ගොඩනැගිල්ලක් තිබිණි. මේ වනාහි පැන් කල තබා තිබූ තැන බව ආචාර්ය වල්පොළ රාහුල හිමියන් සඳහන් කරයි. විවිධ අංගයන්ගෙන් සමන්විත වූ ආරාමය පුළුල් මධ්‍යස්ථානයක් විය.
ආරාමික ව්‍යාප්තිය හා භික්ෂූන් වහන්සේලාගේ ව්‍යාප්තිය ද ලක්දිව මහායාන බලපෑම හේතුකොට ගෙන ද ආරාමයට විවිධ ප්‍රදානයන් කිරීමට රාජ්‍ය යාන්ත්‍රණය මෙන්ම ජනතාව ද උත්සුක වූ බවට සාධක හමුවෙයි.
ස්තුති : ඌව විහාර වශය
https://youtube.com/