සංචාරකයා සමඟ Travel

සංචාරකයා  සමඟ Travel රට වටේ ඇවිදින්න එන්න......... �

මාතලේ ලග්ගල නකල්ස් රක්ෂිතයේ භාවනා යෝගීව  වැඩ සිටින විදෙස් ස්වාමීන්වහන්සේලා.
26/01/2020

මාතලේ ලග්ගල නකල්ස් රක්ෂිතයේ භාවනා යෝගීව වැඩ සිටින විදෙස් ස්වාමීන්වහන්සේලා.

මුහුද මැද තියෙන දූපතක නිවාඩුවක්බත්තලංගුණ්ඩුව කියන්නේ දූපතක්. පුත්තලම කල්පිටියේ ඉඳලා පැය 4ක් විතර බෝට්ටු ගමනකින් පස්සේ මෙ...
19/01/2020

මුහුද මැද තියෙන දූපතක නිවාඩුවක්

බත්තලංගුණ්ඩුව කියන්නේ දූපතක්. පුත්තලම කල්පිටියේ ඉඳලා පැය 4ක් විතර බෝට්ටු ගමනකින් පස්සේ මෙ දූපතට යන්න පුළුවන්. ඇත්තටම සුපිරි සංචාරයක, සුව පහසු ගමනක් බලාපොරොත්තු වෙනවා නම් සංචාරය සඳහා බත්තලංගුණ්ඩුව තෝරා නොගත යුතුයි. බත්තලංගුණ්ඩුවේ ගිහිල්ල ගන්න තියෙන අත්දැකීම අමුතුම එකක්. ඉතා අවම පහසුකම් යටතේ මහ මුහුදින් වටවෙච්ච කර්කෂ වැලි පොළවක රැයක් ගත කරලා ගන්න අත්දැකීම වෙනස්ම එකක්.

බත්තලංගුණ්ඩුවට යනවා නම් කල්පිටියට යන්න ඕන. කල්පිටියෙන් උදේ 8.30 ට බෝට්ටුවක් යනවා. ඒ බෝට්ටුවේ යන එක තමයි හොඳ.බස් එකේ යනවා නම් මීගමුවෙන් කල්පිටියට බස් එකක් පටං ගන්නවා පාන්දර 4.30 ට ඒ බස් එක 8.30 වෙනකොට කල්පිටියට එනවා. ඒ බස් එක ආවම තමයි කල්පිටියෙන් බත්තලංගුණ්ඩුවට බෝට්ටුව පිටත් වෙන්නේ. පාන්දර 4.30ට මීගමුවේ පෙරියමුල්ල හංදියේ අන්සාර් ආදී රෑ කඩ ටික අසලට ගියොත් කල්පිටි බස් එක අල්ලගන්න පුළුවන්. මේ නිසා කලිං දවසේ හවස ගිහිල්ලා මීගමුවේ නතරවෙලා කන්න බොන්න අවශ්‍ය දෙවල් අරගෙන, උදේම පිටත් වෙන එක තමයි හොඳ. අපහු දවල් 1.30 විතර බෝට්ටුව පිටත් වෙනවා. රැයක් ඉන්නවා නම් පස්සේ දවසේ දවල් 1.30 ට සෙට් වෙලා හිටියම බෝට්ටුවෙන් ආපහු කල්පිටියට එන්න පුළුවන්.

ගෙනියන දේවල් වලට පුළුවන් තරම් බොන්න වතුර අරං යන්න වෙනවා. ‍ වෙරළ අයිනේ කූඩාරමක නතර වෙනවා නම් ඒකට කූඩාරම් ඇතුළු දෙවල් අරං යන්න වෙනවා. උදේ 8.30ට කල්පිටියෙන් පිටත් වන බෝට්ටුව දවල් වෙනකොට දූපතට යනවා. ඊට වඩා ඉක්මනින් යන්න ඕන නම් රුපියල් 10000ක් විතර ගෙවලා පුද්ගලිකව බෝට්ටුවක් වෙන් කරගෙන යන්නත් පුළුවන්. හැබැයි දූපතට ගියාම පොලිස් මුරපොලේ වගේම නාවුක හමුදා‍වට දැනුම් දෙන්න ඕන. මොකද දූපතේදී හදිසි අනතුරක් වුනොත් නේවි එකේ හයිස්පීඩ් බෝට්ටු වලින් තමයි ගෙනියන්න වෙන්නේ ඒ නිසා එයාලව දැනුවත් කරන එක වැදගත්.

අවශ්‍ය දේවල් සියල්ලම අරං ගියාම එහෙදි අවශ්‍ය විදිහට කෑම බීම හදාගන්න පුළුවන්. උයාගෙන කනවා නම් දරලිපක් හදනවට වඩා පුංචි ගෑස් එකක් අරං යන එක මරු. නැත්තං එහෙන් දූපතේ කවුරු හරි සෙට් කරගෙන කෑම හදවාගන්නත් බැරි නෑ.

කොහොම හරි මහ මුහුදේ දූපතක අත්දැකීම විදගන්න වගේම අතිශයට සුන්දර වෙරළාශ්‍රිත පරිසරයක සිරිය විඳින්න, ඉර බැහැලා යන හවසක වගේම ඉර නැගගෙන එන උදයක සිරිය එක වගේ දූපතක ඉදලා විදින්න බත්තලංගුණ්ඩුව නියම තැනක්. හැබැයි එහේ යන ගෙඩාක් දෙනෙක් කරන වැරැද්දක් තමයි පොලිතින්, ප්ලාස්ටික්, බෝතල් , බියර් ටින් දාලා සුන්දර වෙරල වනසන එක. එහෙම නොකර පරිස්සමින් සිරිය විඳින්න පුළුවන් අය විතරක් මේ ගමනට යන්න. ඒ වගේම යන අයට පුළුවන් තමන්ට පුළුවන් හැටියෙන් අනිත් අය දාල ගිහිල්ලා තියෙන කුණු කසල ගිණිතියලා හරි වෙන ක්‍රමයකට හරි අයිං කරලා සුද්ද කරන්න ඒක ඉදිරියෙදී එහෙ යන අයට වැදගත් වෙයි ගෙඩාක්.

(ඡායාරූප අන්තර්ජාලයෙන් සහ Diluka ගෙන්)

06/01/2020
Check this amazing place ❤❤❤
04/01/2020

Check this amazing place ❤❤❤

 ුරිදුටත්_අමතකවූ_අසරණයින්.....“‍වෙල පල්ලෙහා ඉන්න මොනරුන්ට මොකක් හරි ලෙඩක්, පහු ගිය දවස් ටිකේම මැරෙන්න වැටිලා වගේ ගැහී ගැ...
29/12/2019

ුරිදුටත්_අමතකවූ_අසරණයින්.....

“‍වෙල පල්ලෙහා ඉන්න මොනරුන්ට මොකක් හරි ලෙඩක්, පහු ගිය දවස් ටිකේම මැරෙන්න වැටිලා වගේ ගැහී ගැහී මොනරු කීප දෙතුන් දෙනෙක්ම හිටියා, ඔන්න අදත් අර පල්ලෙහා කෑල්ලේ මැරෙන්න වැටිලා“ පාන්දරම වෙලට ගිහින් ගෙදර ආව තාත්තා කීව කථාව කන වැකුනේ අහම්බෙන් වුවද, මොකක්ද වෙලා තියෙන්නේ කියලා නැවතත් තාත්තාගෙන් ඇහුවේ, ඇහුන කථාවේ විශේෂයක් දැනුන නිසාවෙනි... ඒ අනුව ඔහු පැවසූ කථාවට සංවේදීවූ අප සුලු වේලාවක් තුල ගියේ ඒ කීව ඉසව්ව සොයාගෙනය...

ඒ අනුව අප, මොරගොල්ලාගමට නුදුරු, තිබ්බටුවැව වෙල්යායේ කෙරවලට ගිය අප තාත්තා කීව තොරතුරු අනුව යම් කිසි රෝගයකින් පෙලෙන මොනරුන් සොයන්නට වූ අතර, විනාඩි කිහිපයක් තුල අපට හමුවූයේ මෙම තත්ත්වය හේතුවෙන් පසුගිය දින කිහිපය තුල මිය ගිය දැනට කුණුවී දුර්ගන්ධය හමන අසරණ සතුන්ගේ මළකුණුය. ගණන් අනුව එය 05 කි. ඇතැම් විට ප්‍රෙද්ශය පුරාවටම සෙව්වේනම් මෙම ගණන මීට වඩා ඉහළ අගයක් ගැනීමට තිබින.

තවදුරටත් සෙවිල්ලෙන් කටයුතු කල අපට හමුවූයේ දැනට ඉතා අසරණව, රෝගී තත්ත්වයෙන් පීඩා විදින තවත් අසරණ සතෙකි. කඩිනමින් මෙන්ම ප්‍රෙව්ශමින් එම ස්ථානයෙන් එම සතා ඉවත් කර ගැනීමට කටයුතු කල අතර, පරීක්ෂා කිරීමේදී පෙනී ගියේ මෙම රෝගී තත්ත්වය හේතවෙන් සතාගේ ඇස් දෙකම සුද වැසීම නැමති තත්ත්වට පත්ව ඇස් දෙකම ආවරණව වී ඇති බවයි.

එම අවස්ථාවේදී, කුඹුරේ සිටි ගොවීන්ගේ විමසීමේදී ඔවුන් සදහන් කලේ මොනරුන්ගෙන් වන වගා හානී අවම කිරීම පිණිස ඇතැම් ගොවීන් කුඹුරට වී වැපිරීමේදී ඒවාට කුරේට හෝ එවැනි අධි අන්තරාදායක කෘමිනාශක කලවම් කරමින් යොදන බවයි. තවත් සමහරෙකුගේ අදහස වූයේ කුඹුරු සදහා කෘමිනාශක යෙදු පසු කුඹුරු වල සිටින කෘමි සතුන් හා කුඩා සතුන් මොනරුන් විසින් ආහාරයට ගැනීමෙන් මෙම උපද්‍රවයට ලක්වන බවයි.

‍කෙසේ නමුදු බොහෝ දෙනාගේ අදහස මත, මෙම අසරණයින් හට මෙම අවසනාවන්ත ඉරණම අත්ව තිබෙනුයේ සෘජු හෝ වක්‍ර ආකාරයෙන් යෙදූ කෘමිනාශක හේතුවෙන් බවයි. ඒ අනුව බලන කල මේ තුලින් මෙපරිද්දෙන් පෙනෙන හා නොපෙනෙන සතුන්ට මෙන්ම වක්‍ර ආකාරයෙන් මිනිසාට කෙතරම් හානියක් සිදුකරන බවද? ඒ අනුව දැඩි ලෙස සොයා බලා ගොවීන් කටයුතු කල යුතුව ඇත. තවත් පැත්තකින් රටේ මේ වන සියලුම වගාවන් සදහා මොනරැන්, ඌරන්, වදුරන්, වන අලීන් මෙන්ම තවත් බොහෝ සතුන්ගෙන් දැඩි ලෙස වගා හානී සිදුවන අතරම, ඉන් මිදීම වස් ගොවීන් විසින් නානාවිධ ක්‍රෙමා්පායන් යොදාගනු ලබයි.

තත්ත්ව කෙබදු වුවද, මිනිසුනේ.......... බඩගින්න, තිබහ මෙන්ම අනෙකුත් අවශ්‍යතාවයන් හඩගා කියා සිටිමේ හැකියාවක් නොමැති, ඉල්ලා සිටීමට නොහැකි ඔවුන් වෙනුවෙන් හඩක් නැගීමට කෙනෙක් නොමැති වූ කල ඔවුන්ගේ සිරිත සීමා මායිම් නොතකා කෑම, බීම සොයා ආක්‍රමනයන් සිදුකිරීමයි. එහෙත් මනුසත්බවින් පරිපූර්ණ, මනුසත් බව අගය කර, සැම මත නිරෝගීත්වය අගය කරන උතුම් මිනිසුනේ, තම වගාවට හානී කරන සතුන් පලවා හැරීමට මීට වඩා නම්‍යශීලී, අමානුෂික නොවූ ක්‍රමවේදයන් භාවිත කරන ලෙස කරුණාවෙන් සිහිපත් කරන්නෙමි. කිසිත් කරකියා ගත නොහැකිව තම බඩගින්න නිසා උරුම වූ මරනයේ බියෙන් වේදනාවෙන් පීඩා විදින අසරණයන් හට මෙවැනි දඩුවම් කිරීමෙන් අප වැලකී සිටිමු.

‍කෙසේ වුවද අප විසින් මුදවා ගත් අසාධ්‍ය තත්වයේ පසුවූ මොනරා කඩිනමින් හේරත්ගම වනජීවී කාර්යාලය වෙත භාරදීමට කටයුතු කල අතර, ඔවුන් විසින් ඔහු භාරගෙන ප්‍රතිකාර ලබාදීමට පොරොන්දු විය.

උපුටා ගැනීමකි ..

මහසෝනා හිටිය රිටිගල ...මහසෝනා (දුටුගැමුණු සේනාවේ සිටි යෝධයෙක් වූ ගෝඨයිම්බරගේ පහරින් හිස අහිමි වෙලා වලස් හිසක් සවි කරගත් ...
28/12/2019

මහසෝනා හිටිය රිටිගල ...
මහසෝනා (දුටුගැමුණු සේනාවේ සිටි යෝධයෙක් වූ ගෝඨයිම්බරගේ පහරින් හිස අහිමි වෙලා වලස් හිසක් සවි කරගත් ජයසේන තමා පස්සේ මහසෝනා වෙන්නේ ..ඒ ගැන රසවත් කතා ගොඩක් තියෙනවා ..හොයල බලන්න ) අංගම් පොර සටන් , මෙන්ම ‍රාවණා රජ සමය දක්වාම යන ජනප්‍රවාද හා බැඳණු ඉතිහාසයක් තියෙන ආරාම සංකීර්ණයක් විදිහට රිටිගල හදුනාගන්න පුලුවන් ..
මෙය තවත් වැදගත් වෙන්නෙ ශ්‍රී ලංකාවේ දැනට පවතින වනජීවී දැඩි රක්ෂිත 🌳තුනෙන් එකක් විමත් එමෙන්ම අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ උසම කඳුවැටියවිමත්⛰(මීටර් 765).. ...
මෙය අට්ඨගිරි හෙවත් අරිට්ඨ පබ්බත ලෙසත් හදුන්නනවා ඊට හෙතුව මෙරට පැවිදි ශාසනයට ඇතුළු වූ ප්‍රථම භික්ෂූන් වහන්සේ වන අරිට්ඨ මහා මහරහතන් වහන්සේ වැඩ වාසය කිරීම සඳහා තෝරා ගත් ස්ථානයක් ලෙස විශ්වාස කිරිම. තවද සූරතිස්ස රජු( ක්‍රි. පූ. 187-177) මේ කඳු පාමුල මකුලක විහාරය කරවා ඇති අතර ලජ්ජතිස්ස රජු( ක්‍රි. පූ. 119-110) අරිට්ඨ විහාරය විශාල කර ප්‍රතිසංස්කරණය තිබෙනවා,පසු කාලිනව පළමුවන පරාක්‍රමබාහු රජු රුහුණේ මානාභරණට එරෙහිව මේ කඳු ආශ්‍රිතව බලකොටු තනා සේනා සංවිධානය කළ බවත් ඉතිහාසයේ සඳහන් වනවා.... ( මෙ ඉතිහාස ගැන් තොරතුරු නම් මං හොයාගත්තේ අන්තර්ජාලයෙන් 💻)
පොකුණ 🌊,ශෛලමය වේදිකා , පොත්ගුල📚, ගල් පාලම්➖, පියගැට පේළි 📶 , බෙහෙත් ඔරු, සලපතල මළු, ගිමන්හල්⛩, සෙල්මුවා පහන්, තටාක, පහන් කනු, කැසිකිලි ගල් ආදී බොහොමයක් නටබුන් ⚒ මෙම භූමියේ දී අපට අදටත් දකින්න පුලුවන් ... 🇱🇰👣📸

උපුටා ගැනීමකි ...

ජීවිතේ කතාව රූලෙන් රූල පිටුවෙන් පිටුව ලියන්න. දවසක පොත කියවද්දි ඔබටම සතුටුවෙන්න පුලුවන් වෙයි. කෑම අරන් යනගමන්. කඩේකටවත් ...
25/12/2019

ජීවිතේ කතාව රූලෙන් රූල පිටුවෙන් පිටුව ලියන්න. දවසක පොත කියවද්දි ඔබටම සතුටුවෙන්න පුලුවන් වෙයි.
කෑම අරන් යනගමන්. කඩේකටවත් ගොඩ නොවී ගෙදරින් අරගෙන ආව බත් එක මෙහෙම කන්නේ වැටෙන්න පුලුවන් අන්තෙටම වැටිලා හින්දා කියලද හිතන්නෙ.නෑ.
ඔහුගෙන් ඇහුවොත් හේතුව කියයි. සමහරුන් ට කොච්චර ලැබුනත් මදි රස්සා තියෙද්දි
👉ලැබෙන දේ ඉතුරුකරන මේ කොලුවා දවසක මේ රටේ කාට හෝ සැප රස්සා කීපයක් නිර්මානය කරල දෙයි. 👍
සාර්ථක ව්‍යාපාර බොහෝමයක් බැබලෙන්නෙ මෙවන් මහන්සි වෙලා වැඩකරපු අයගේ කර මතින්.
ඉතින් සහෝදරයා නුඹ දියුනුවෙන් දියුනු වේවා!!😍😍😏

උපුටා ගැනීමකි

බොහෝ දුරුකතර පියමැන, පොඩිවුන් මුව අගිස්සෙහි සිනහ උපද්දනු වස්, නත්තලට උන් පැතූ සැමරුම උහුල එන අම්මා!ජර්මානු අධිරාජ්‍යයේ ක...
25/12/2019

බොහෝ දුරුකතර පියමැන, පොඩිවුන් මුව අගිස්සෙහි සිනහ උපද්දනු වස්, නත්තලට උන් පැතූ සැමරුම උහුල එන අම්මා!

ජර්මානු අධිරාජ්‍යයේ කිසියම් බිමෙක, නත්තල් දිනට පෙර හිරු බසින හවසක, 1895!

සුබ නත්තලක් වේවා ඔබ සැමට ❤❤❤

ඔබ දෙනියාය ප්‍රදේශයේ සංචාරය කරනවා නම් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු ස්ථාන කීපයක් 👌🇱🇰
21/12/2019

ඔබ දෙනියාය ප්‍රදේශයේ සංචාරය කරනවා නම් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු ස්ථාන කීපයක් 👌🇱🇰

ආයුබෝවන් 🇱🇰ශ්‍රී ලංකාවේ පුරන් කුඹුරු අස්වද්දවමු.අති සුන්දර දැදිගම්පුරට පැමිණි සියළුම අමුත්තන් සාදරයෙන් පිළිගනිමු. සියළුම...
15/12/2019

ආයුබෝවන් 🇱🇰

ශ්‍රී ලංකාවේ පුරන් කුඹුරු අස්වද්දවමු.

අති සුන්දර දැදිගම්පුරට පැමිණි සියළුම අමුත්තන් සාදරයෙන් පිළිගනිමු.

සියළුම උදවියට ජයම වේවා.

නිහතමානී ගෞරවනීය ස්තුතිය
කෘෂිකර්ම අමාත්‍යංශය මාධ්‍ය අංශයට.

නාලක සේනාධීර.

Address

Colombo

Opening Hours

Monday 00:00 - 23:59
Tuesday 00:00 - 23:59
Wednesday 00:00 - 23:59
Thursday 00:00 - 23:59
Friday 00:00 - 23:59
Saturday 00:00 - 23:59
Sunday 00:00 - 23:59

Telephone

0777295905

Website

Alerts

Be the first to know and let us send you an email when සංචාරකයා සමඟ Travel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to සංචාරකයා සමඟ Travel:

Share

Category