02/09/2026
🚂 රත්තරන් වාශ්ප කල මහා දුම්රිය රන් මංකොල්ලය
1855 මැයි 15 වැනිදා රාත්රියේ ලන්ඩනයේ London Bridge දුම්රිය ස්ථානයෙන් පිටත් වූ South Eastern Railway රාත්රී තැපැල් දුම්රියේ තිබුණේ සාමාන්ය ගමන් මලු පමණක් නොවේ.
දුම්රියෙන් Folkestone වෙතත්, එතැනින් නැවකින් ප්රංශයේ Boulogne හරහා Paris වෙතත් යැවීමට නියමිත රන් කාසි සහ රන් කුට්ටි පිරවූ පෙට්ටි තුනක් එහි තිබුණා. ඒවායේ එකල වටිනාකම පවුම් £12,000ක් පමණ වූ අතර, රත්තරන් බර කිලෝග්රෑම් 100කට ආසන්න විය.
මේ රත්තරන් සොරකම් කිරීම කොච්චර අපහසුද කිව්වොත්, රත්තරන් පුරවපු පෙට්ටි යකඩ පටිවලින් බැඳ, මුද්රා තබා, ඉතා ශක්තිමත් යකඩ සේප්පු තුළ තැන්පත් කර තිබුණා. සේප්පු විවෘත කිරීමට යතුරු දෙකක් අවශ්ය වූ අතර ආරක්ෂාව සඳහා ඒවා වෙනත් වෙනත් පුද්ගලයින් දෙදෙනෙක් අත ආරක්ශිතව වෙන් කර තිබුණා.
නමුත් මේ ආරක්ෂක පද්ධතියේ තිබුණු දුර්වලතා ගැන දැන සිටි පුද්ගලයෙක් සිටියා.
ඔහු නමින් William Pierce. ඔහු South Eastern Railway හි කලින් සේවය කළ අයෙක්.
Pierceට අවශ්ය වුණේ මේ රත්තරන් තමන්ගේ කරගන්න.
🔑 මාස ගණනක් තිස්සේ සකස් කළ සැලැස්ම
Pierce මේ වැඩේට තවත් තිදෙනෙකු එකතු කරගත්තා.
Edward Agar — පළපුරුදු සොරෙකු සහ සේප්පු විවෘත කිරීමට දක්ෂයෙක්.
James Burgess — රත්තරන් ප්රවාහනය කරන දුම්රියේ guard වරයෙක්.
William Tester — South Eastern Railway හි සේවය කළ clerk වරයෙක්.
මෙහි වටිනාම දේ වුණේ කණ්ඩායමේ දෙදෙනෙක්ම දුම්රිය සේවකයන් වීමයි.
ඔවුන් එක රැයකින් මේ සැලැස්ම හදාගත්තේ නැහැ.
මාස ගණනක් තිස්සේ සේප්පුවේ යතුරු ලබාගත හැකි ආකාරය නිරීක්ෂණය කළා. අවස්ථා ලබාගෙන සැබෑ යතුරුවල wax impressions, ඉටි අච්චු ලබාගත් ඔවුන් ඒවා භාවිතයෙන් duplicate යතුරු නිර්මාණය කළා.
ඒවා හදාගත් පසුත් ඔවුන් වහාම මංකොල්ලයට ගියේ නැහැ.
Agar කිහිප වතාවක්ම London–Folkestone මාර්ගයේ ගමන් කරමින් තමන් සෑදූ යතුරු සේප්පුවලට ගැළපෙනවාදැයි පරීක්ෂා කර ඒවා තවදුරටත් සකස් කළ බව වාර්තා වෙනවා.
ඊළඟට ඔවුන්ට තවත් දෙයක් අවශ්ය වුණා.
ඊයම් බෝල , lead shot.
ඒවාත් විශාල ප්රමාණයක් දුම්රියට ගෙන යාමට සූදානම් කළා.
හේතුවත් පස්සේ දැනගන්න පුලුවන්!
🚂 මංකොල්ලය ඇරඹෙයි...
1855 මැයි 15.
අවසානයේ ඔවුන් බලා සිටි විශාල රන් තොගයක් London Bridge වෙත පැමිණියා.
රාත්රී 8.30ට දුම්රිය London Bridge වෙතින් Folkestone බලා පිටත් වුණා.
Guard ලෙස සිටියේ ඔවුන්ගේම කණ්ඩායමේ James Burgess.
Agar, ගාඩ් වරයාගේ මැදිරියට ඇතුළු වුණා.
දුම්රිය අඳුරු රාත්රිය හරහා වේගයෙන් ඉදිරියට යද්දී ඔහු duplicate යතුරු භාවිත කරමින් රත්තරන් තිබුණු සේප්පු විවෘත කළා.
ඉන්පසු රන් පෙට්ටිත් විවෘත කළා.
රත්තරන් පිටතට ගත්තා.
නමුත් ඔවුන් පෙට්ටි හිස් කරලා දාලා ගියේ නැහැ.
එත්න දී තමයි ඊයම් බෝල වල අවශ්යතාවය ආවේ!!!
රත්තරන් වෙනුවට ඔවුන් පෙට්ටිවලට දැම්මේ කලින් රැගෙන ආ ඊයම් බෝලයි!!!!
ඒ නිසා පෙට්ටිවල බර සම්පූර්ණයෙන් නැති නොවී, ඒවා තවමත් වටිනා භාණ්ඩවලින් පිරී ඇති බවක් පෙනුණා.
Redhill වෙත ළඟා වූ විට Tester රත්තරන් කොටසක් භාරගත් අතර Pierce ද ගාඩ් මැදිරියේ සිට වැඩේ අවසන් කිරීමට උදව් කළා.
පෙට්ටි නැවත වසා දැමුණා.
සේප්පුත් නැවත lock කළා.
බැලූ බැල්මට කිසිම දෙයක් සිදු වී තිබුණේ නැහැ.
😳 Paris වලදී පෙට්ටි විවෘත කළ විට...
රන් තොගය Folkestone වෙත ළඟා වී එතැනින් English Channel හරහා Boulogne වෙත ගෙන ගියා.
Boulogne හිදී එක් පෙට්ටියක බර කලින් වාර්තා කළ බරට වඩා රාත්තල් 40කින් අඩු බව පෙනුණත්, පෙට්ටිවලට පිටතින් හානි වූ බවක් පෙනුණේ නැහැ.
අවසානයේ Paris වලදී පෙට්ටි විවෘත කළා.
ඇතුළේ තිබිය යුතු රත්තරන් අතුරුදහන්.
ඒ වෙනුවට තිබුණේ...
ඊයම් බෝල!!!
අන්න එහෙමයි දුම්රිය ඉතිහාසයේ වඩාත් ප්රසිද්ධ මංකොල්ලකෑම්වලින් එකක් අනාවරණය වුණේ!!!!
🕵️ එතකොට මේ හොරු අහු වුනාද?
මුලදී මේක විසඳගන්න පොලීසියටත් අමාරු වුණා.
පෙට්ටිවලට විශාල හානියක් නැහැ. සේප්පු බලහත්කාරයෙන් කඩා ඇති බවක් පේන්න තිබ්බෙත් නෑ.
ඒ නිසා මුලින්ම සැකය ප්රංශය දෙසටත් යොමු වුණා. බ්රිතාන්යය සහ ප්රංශ බලධාරීන් මාස ගණනක් පරීක්ෂණ කළත් සැලැස්ම සාර්ථකව සැඟවී තිබුණා.
මංකොල්ලකරුවන්ට මේ අපරාධයෙන් බේරිලා අපූරුවට හිටියා.
හැබැයි ඔවුන් අල්ල ගන්න පොලීසියට පුලුවන් වුණා!!!
ඔවුන්ව අල්ලා ගත්තේ රත්තරන් පෙට්ටියක තිබ්බ හෝඩුවාවකින් වත්, දුම්රිය සේවකයෙක්වත් නොවේ.
ඒ කතාවේ තීරණාත්මක චරිතය වුණේ F***y Kay නම් කාන්තාවක්.
Edward Agar වෙනත් වරදකට සිරගත වූ පසු, ඔහු තම සහකාරිය වූ F***y සහ ඔවුන්ගේ දරුවා බලාගැනීම සඳහා තමන් සතුව තිබූ මුදල්වලින් කොටසක් ඇයට ලබාදෙන්නැයි Pierce ට භාර දී තිබුණා.
නමුත් Pierce එය කළේ නැහැ.
F***y දැඩි ආර්ථික අපහසුතාවයට පත්වුණා.
අවසානයේ ඇය බලධාරීන් හමුවට ගොස් තමන් දන්නා දේ හෙළි කළා.
Pierce ගේ ක්රියාව ගැන කෝපයට පත් Agar ත් නිහඬව සිටියේ නැහැ.
ඔහු සම්පූර්ණ මංකොල්ලයේ රහස හෙළි කළා.
1856 නොවැම්බර් මාසයේදී William Pierce, James Burgess සහ William Tester අත්අඩංගුවට ගනු ලැබූ අතර 1857 ජනවාරියේ ඔවුන් Old Bailey හි නඩු විභාගයට ඉදිරිපත් කෙරුණා. Edward Agar ඔවුන්ට එරෙහිව සාක්ෂි ලබා දුන්නා.
එලෙස මාස ගණනක් සැලසුම් කර, duplicate යතුරු සාදා, දුම්රිය ඇතුළේදීම රත්තරන් ඊයම් බවට "පත් කළ" අපරාධය අවසානයේ හෙළිවුණා.
🚆 දුම්රිය ඉතිහාසයට ඉතිරි වූ කතාව
The Great Gold Robbery of 1855 අදටත් බ්රිතාන්ය දුම්රිය ඉතිහාසයේ ප්රසිද්ධම අපරාධ කතා අතර එකක්.
එහි විශේෂත්වය රත්තරන් සොරකම් කළ ප්රමාණය පමණක් නොවේ.
සේප්පු කැඩුවේ නැහැ.
දුම්රිය නතර කළේ නැහැ.
රන් පෙට්ටි අතුරුදහන් කළේත් නැහැ.
රත්තරන් අරගෙන, ඒ වෙනුවට ඊයම් දමා, සියල්ල නැවත තිබුණු ආකාරයටම තබා ගියා.
ඒත් අවසානයේ මාස ගණනක් සකස් කළ සම්පූර්ණ සැලැස්ම බිඳ වැටුණේ...
තමන්ගේම සගයෙකු කළ ද්රෝහිකමක් නිසා!!!!