Diyaeli lanka දියඇලි ලංකා

Diyaeli lanka දියඇලි ලංකා එන්න මාත්සමග පියනගන්න
විඩාබර මනසින් ?

51. කඩියන්ලෙන ඇල්ල      Kadiyanlena Waterfallsකඩියන්ලෙන ඇල්ල මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය නගරයේ පිහිටා ඇත.නාවලපිටිය න...
01/11/2021

51. කඩියන්ලෙන ඇල්ල
Kadiyanlena Waterfalls

කඩියන්ලෙන ඇල්ල මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය නගරයේ පිහිටා ඇත.නාවලපිටිය නගරයේ සිට තලවාකැලේ මාර්ගයේ කිලෝමීටර් 10 පමණ එන විට මෙම ඇල්ල හමුවේ. කඩියන්ලෙන ඇල්ල පිහිටි ස්ථානය ගැන කතාකරන විට එය මහනුවර දිස්ත්‍රික්කයේ ද ,නුවර එලිය දිස්ත්‍රික්කයේ ද ,කඩුගන්නාව කොට්ඨාසයේ ද නෝර්වුඩ් කොට්ඨාසයේ ද කිව නොහැකිය.ඒ සියලු දිස්ත්‍රික්ක කොට්ඨාස මායිම් වන්නේ මෙම ඇල්ලෙන් වීම විශේෂ කරුණකි.

කැටඹුලා ඇල්ල නමින්ද හදුන්වන මෙම දිය ඇල්ල කොටස් තුනකට කඩා හැලේ මුල්ම කොටස සිහින් දියපාරක් මීටර් 20ක පමන උසින් කඩා හැලී දෙවන කොටස ඉතා පලල අයුරින් විසිරී කඩා හැලෙන්නේ මීටර් 10 ක පමණ උසින්‍ය. තෙවන කොටස මීටර් 20ක පමන උසකින් පහලට වැටී පහලට ගලාගෙන යයි.

කඩියන්ලෙන ඇල්ල අසල ඇති අනිත් විශේෂත්වය නම් ඇල්ල මැදින් වැටී ඇති එංලන්ත පාලන සමයේ ඉදිකර ඇති ආරුක්කු තුනේ පාලමය.එය ප්‍රතිසංස්කරණ යකට ලක් නොකර පැරණි ආකාරයෙන් ඇති අතර ඇල්ලේ දෙවන අදියර හරහා වැටි ඇත.මෙම පාලම කඩියන්ලෙන ඇල්ලේ නැරඹුම් මැදිරිය වැනිය.

පාලමෙන් පහලට ගියකෙනෙකුට ඇල්ලේ තුන්වන මාලය දිස්වේ. එය ආරුක්කු පාලමේ එක ආරුක්කු වකින් කඩාහැලෙන්නේ ඇල්ලට අපූරු අලංකාරයක්ද දෙමින්‍ය.මේ අසල ඇති අපූරු විදුලි බලාගාරයක්ද ඇත.ඔබත් දවසක නාවලපිටිය ප්‍රදේශයේ සංචාරය කරනවානම් කඩියන්ලෙන ඇල්ල නැරඹීමට අමතක නොකරන්න.

නිශ්ශංක මුවර්

50.  කොම්බුකාරවල රහස් ඇල්ල.        Kombukara Nature pool        Secret fallඉස්සර කාලේ දැන් වගේ නෙවෙයි අපේ රට හැම පැත්තෙන...
28/11/2019

50. කොම්බුකාරවල රහස් ඇල්ල.
Kombukara Nature pool
Secret fall

ඉස්සර කාලේ දැන් වගේ නෙවෙයි අපේ රට හැම පැත්තෙන්ම ස්වයංපෝෂිතයි.රටෙන් භාගෙකට වැඩිය තිබ්බෙ කැලෑව.ඒ කාලේ මිනිස්සු ගහකොල රැකගෙන ගහකොලවලට ආදරය කරගෙන ඉතාම සරල ජීවිතයක් සතුටෙන් ගතකලා.ගොවිතැනක් කරගෙන කැලෑවත් එක්ක ජීවත්වෙච්ච මිනිස්සුට ඉදලා හිටලා පොඩි අකරතැබ්බත් වුණා ඒවා හරිම ඓතිහාසික අකරතැබ්බ.

ඔබට මතක ඇති විජය කුමාරය ලංකාවට ආවට පස්සෙ ඔහුට රට ඇතුලට එන්න පාර පෙන්නලා තියෙන්න බලු සුරතලෙක් කියන වග.ඒ වගේ කතාවක් තමයි මේකත්
බදුල්ල පැත්තේ ටිකක් එපිටහට වෙන්න තියන කැලේක මනුස්සයෙක් අතරමං වෙලා මේ මනුස්සයාට පාර හොයාගෙන හොයාගෙන යනකොට කැලේදි බල්ලෙක් මුනගැහිලා තියනවා අන්තිමට දවස්ගානක් අතරමං වෙච්ච මනුස්සටය පාර කියලා තියෙන්නේ මේ සුරතල් බල්ලා.එදා මේ සුරතලා මනුස්සයෙක්ගෙ ජීවිතය බේරාගත්තා.හැමතැනම මේ කතාව පැතුරුනා. බල්ලත් කැටුව ආව නිසා ඒ ප්‍රදේසෙට බල්ලකැටුව කියලා නම හැදුනා.පස්සෙ කාලේ මේ පලාතේ තේ වගාව ව්‍යාප්ත වෙනවත් සමග දෙමල ජනතාව පදිංචි වෙලා කුඩා නගරයල් නිර්මානය වුනා.ඒ නගරයෙ නම තමයි බල්ලකෙටුව. බල්ලකැටුව බල්ල කෙටුව වුනේ කොහොමද බල්ලව අන්තිමට කොටල මරලවත්ද.නෑ දෙමළ භාෂාවෙ "ඇ " යන්න කියෙවෙන්නෙ නෑනෙ ඒ වෙනුවට ශබ්ද වෙන්නෙ "එ" යන්න දෙමල ජනතාව වැඩිහරියක් ඉන්න මේ පුංචි නගරයේ අයට බල්ලකැටුව කියල ශබ්ද කරන්න බෑ ඒ නිසා තමයි බල්ලකෙටුව වෙලා තියෙන්නෙ.

බල්ලකෙටුව. කියම්නේ මොහොතින් මොහොත මීදුමෙන් වැසීයන පුංචි නගරයක්.මේ නගර පිහිලට තියෙන්නේ ලෝකයෙම ආකර්ෂණයට ලක්වෙලා තියන ඇල්ල නගරයට ඉතාමත්ම ළඟට වෙන්න.ඇල්ලෙ ඇවිදින්න යන අයට තියන ලොකුම ප්‍රශ්නයකට විසඳුම් හොයන්නත් එක්ක මම මේ පාර ඔබ රැගෙන යන්නේ බල්ලකෙටුවට

මේ දවස්වල වැස්ස.ඒ වැස්ස ලේසි පහසු නෑ මොරසූරන වැස්ස ඇල්ලෙ යන රාවනා ඇල්ලෙ ගිහින් නානවා තියා ළඟට යන්නත් අමාරුයි ඒ තරමට ඇල්ල භියකරු වෙලා.පායන දවසක වුනත් රාවනා ඇල්ලෙ නාන එකනම් ඉතාමත් අනතුරුදායකයි.උඩහට වැසොත් හිටපු ගමන් වතුර පාර වැඩිවෙනවා.ඒ බව ඔබ දකින්න ඇති පහුගිය දවස්වල සමාජලා වෙබ් අඩවිවල.
ඉතින් මේ බල්ලකෙටුවෙ තියනවා කවද ගියත් හොඳ හැටි නාලා එන්න සුපිරි තැනක් ඒ තමයි කොම්බුකාර වල .කුඩා දිය ඇල්ලක් එක්ක කඩාහැලෙන මේ ගල්තලාවෙ පහලට
ලෙස්ලා ඇවිත් නාන්නත් පුලුවන් අයිස් කැටේට තියන වතුර ටික ඇගට ගෑවුනත් හරිම සනීපයි.

ඉස්සරනම් මෙතන බිලිගත්තා කියලා කියනවා මේ වලේ සෙබ්බුවක් තිබ්බ කියලත් කටකතා වල එනවා.සෙම්බුකාර වල සමහර විට අදවන විට කොම්බුකාර වල වුනා වෙන්නත් පුළුවන් .ඒ කොහොම වුනත් දැන්නම් මෙතන බිලිගන්නෙ නෑ වැලිගොඩ වෙලා නිසා වල ගැබුරුත් නෑ. ඕන කෙනෙකුට ඇවිත් නාන්න
පුළුවන් හිතේ හැටියට.
ඒ වගේම තමයි මෙතනින් පොඩ්ඩල් උඩට ගියාම තවත් අපූරු තැනක් තියනවා කොම්බුකාර වල පරදන සුන්දරත්වයකට හිමිකම් කියන මේ තැන වැඩිය කවුරුත් දන්නෙ නෑ ඇත්තටම මෙතන තියෙන්නෙත් නිල්වන් තටාකයක්.කවුරුත් දන්නෙ නැති නිසා මෙතන තියන සුන්දර දිය ඇල්ලට secrete ඇල්ලකියල නම පටබැදිලා තියනවා ඇත්තයම මේ දිය ඇල්ලත් හරිම සුන්දරයි ගිය කෙනෙකුට මෙතනින් එන්න හිතෙනවා බොරු.

ඉතින් දවසක ඇල්ලෙ ආවොත් ඔබත් මෙතනට ඇවිත් නාගෙන යන්න හැබැයි විනාශ කරන්න එපා.google map ඔස්සේ ඔබට මේ ස්භාවික නාන තටාකය පහසුවෙන් හොයාගන්න පුළුවන් .

නිශ්ශංක මුවර්..

49.කබරගල ඇල්ල     Kabaragala waterfallදිව්‍යලෝකෙට යන පාරදිගේ කබරගල ඇල්ල බලන්න යමු මන්දාරම්නුවර  හුඟක් අයට මේ නම නුහුරුයි...
03/09/2019

49.කබරගල ඇල්ල
Kabaragala waterfall

දිව්‍යලෝකෙට යන පාරදිගේ කබරගල ඇල්ල බලන්න යමු

මන්දාරම්නුවර හුඟක් අයට මේ නම නුහුරුයි.ඒ නිසාම අපි හිතුවා මන්දාරම්නුවර ගැන ඔබට කියන්න.දවසට පැය කිහිපයක් ඉර පායන බොහෝ වෙලාවක් මන්දාරම් දේශගුනයක් පවතින දිය ඇලි කඳු පන්‍ති වලින් නිර්මානය වෙච්ච ලංකාවේ සුන්දරම අප්‍රසිද්ධ නුවර මන්දාරම්නුවර .
මේ නුවර ගැන කිව්වම සමහරු අහනවා නුවරඑළියද කියල තවත් සමහරු අහනවා නුවරට මන්දාරම්නුවර කියන්නේ කියලත් මේ නුවර තියෙන්නේ පදියපැලැල්ලේ
පදියපැලැල්ලේන් කිලෝමීටර් 15ක් වගේ ගියාම තමයි මන්දාරම්නුවර හමුවෙන්නේ.නුවරඑලිය පරදන සුන්දරත්වයකට හිමිකම් කියන මේ නුවර දේශගුනයත් නුවරඑළියට සමානයි.කොටිම්ම කියනවනම් නුවරඑළියට පයින් යන දුර. මේ නුවර ඔච්චරට මොනාද බලන්න තියන්නේ
මන්දාරම්නුවර යනපාරේ එලමුල්ල හංදියෙන් උඩට යන්න පාරක් තියනවා. ඒපාර වැටෙන්නේ කබරගල වත්තට ඇත්තටම මේ පාර යන්නේ කබරගල වත්තට වුනාට යනකෙනෙකුට හිතෙන්නේ දිව්‍යලෝකෙට යනවා වගේ හැඟීමක් ඒ තරමට ඒ පළාත සුන්දරයි කන්ද මුදුනට යනකොට හුලං කපොලක් හමුවෙනවා එතනින් යනකොට තියන ප්‍රපාතෙ දැක්කම හීංදාඩිය දාල අපායත් මතක්වෙනවා එත් එතනින් එහාට තියෙන්නේ දිව්‍ය ලෝකයක් වගේ පලාතක් අන්තිමට තමයි හොඳම හරිය තියෙන්නේ
මෙහෙමත් සුන්දර දිය ඇල්ලක් කවදාවත් අපි හිතපු නැති. සුන්දරත්වයක් ඒ තමයි කබරගල ඇල්ල මේ පලාතෙ තියන ලස්සනම දිය ඇල්ල .දැක්කම ඕනම කෙනෙක්ට කෑගැස්සෙන්න පුළුවන් සතුටට ඒ තරම්ම මේ ඇල්ල සුන්දරයි වතුර පුළුන් බවට පත් කරමින් කඩාහැලන සොබාව දුටු කෙනෙකුට මෙතනින් හෙලවෙන්නවත් හිතෙන්නෙ නෑ.

කබරගල කිව්වම ඔබට හිතෙන්න පුළුවන් මාතලේ පැත්තේ තියන කබරගල කියලා. හැබැයි මේ පැත්තෙත් තියනවා කබරගලක් .තට්ටු දෙකකට කඩා හැලෙන කබරගල ඇල්ල උසින් මීටර් 50ක් විතර ඇති.ඉතින් මේ පින්තූර බලන
කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි මොනාද මෙච්චර කල් බලල තියන ඇලි කියලා ගමන නම් ටිකක් දුෂ්කරයි ඒත් අවසානය ගැන කියලා වැඩක් නෑ ගිහින්ම බලන්න දවසක
හැබැයි බීලා පිස්සු නටන ට්‍රැවල් කාරයොනම් නොගියට කමක් නෑ.

නිශ්ශංක මුවර්

48. මාපලාන ඇල්ල       Mapalana fallsමල් පෙති ඉහිරුණු රජ මාවතේ දිය ඇලිරජ මාවත එහෙමනැතිනම් සුරංගනාවියන් ගිය පාර මෙහෙම කියන...
08/06/2019

48. මාපලාන ඇල්ල
Mapalana falls

මල් පෙති ඉහිරුණු රජ මාවතේ දිය ඇලි

රජ මාවත එහෙමනැතිනම් සුරංගනාවියන් ගිය පාර මෙහෙම කියනකොට ඔබ රත්නපුරේ ජීවත් වෙන කෙනෙක් නම් දන්නවා මොකක් ගැනද කියන්නයන්නේ කියලා.නිශ්ශංක මල්ලව රජතුමාගේ මල් වත්තේ මල් කවුරුන්දෝ හොරකම් කරනවා කියල රජතුමාට දැන ගන්න ලැබිලා රජතුමා හොරැ අල්ලන්න රජවාසලේ හිටපු කොටාට වැඩේ භාර දීලා තියනවා.ඉතින් මේ කොටා මල් පඳුරක් ඇතුලේ හැංගිලා බලා ඉදලා තියෙනවාකවුද රජතුමාගේ මල් වත්තේ මල් හොරකම් කරන හොරා කියල බලන්න. ඔන්න ඔහොම ඉන්නකොට අමුතු එලියකුත් එක්ක සුරංගනාවියන් කිහිපදෙනෙක් ඇවිල්ලා මල් කඩන් යනවා කොටා දැකලා තියනවා මේ ගැන කොටාට අදහගන්න බැරිවෙලා හනිකට රජතුමා බැහැදැකලා කතාව කියලතියනවා.රජතුමා විගසම මල්වත්තට ඇවිත් සුරංගනාවියන් ගිය පැත්ත අහල තියනවා ඒ ගිය පාරේ මල් පෙති වැටිලා තිබිලා රජතුමා ඒ මල් පාර දිගේම ගිහින් ඊට පස්සේ තමයි රජතුමා දැන ගත්තේ මේ මල් අරන් ගිහින් තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ගේ උතුම් සිරිපතුලවන්දනා කරන්න කියලා එදාරජ තුමා සුරංගනාවියන් නිසා සිරිපතුල සොයාගත්තා කියලා ජනවහරේ එනවා.ඒ පාර තමයි රජමාවත කියන්නේ.මේ පාරේ ගිහින් ඔබත් මමත් ඇතුලුව සුරංගනාවියන් සත්තු දහස්ගානක් අද වෙනකොට සිරි පතුල වැඳලා ඇති.
මේ සිරිපා අවාරේ අපේ සූදානම රජ මාවතෙන් සිරිපාදේ වඳින්න යන්න එහෙමනම් නෙවෙයි ඒ පාරේ තියන විශේෂ තැන් දෙකක් බල්න්න යන්න.හැම අවුරුද්දේ මේ පාරේ ගමන් කරන ඔබ මේ ගැන හරියට නොදන්නවා ඇති.ඔබ දන්නවාද ලංකාවේ උසින් සිව්වැනි දිය ඇල්ල තියෙන්නේ මේ පාරේ කියලා .ඒ තමයි මාපලාන ඇල්ල ඒ විතරක් නෙවෙයි තවත් ලස්සන පුංචි දිය ඇල්ලක් මේ පාරෙ තියනවා මාපලාන ඇල්ල ගැන දන්න ඔබ හාල්මැහි ඇල්ල ගැන නම් කවදාවත් නොඅසා ඇති.
සිරිපාගම බස් නැවතුම ආසන්නයෙන් ඇතුලට තියන පාරේ කිලෝමීටර් එක හමාරක් විතර ගම ඇතුලට වෙන්න තමයි දිය ඇල්ල පිහිටල තියෙන්නේ තේ වතු මැදින් බොරලු පාරේ අපි පයින්ම තමයි ඇල්ල ළඟට ගියේ දුංහිද ඇල්ලටත් වඩා උස ඇල්ලක් අපේ ඉදිරියෙ කඩා හැලෙනවා දැක්කම අපිට හිතුනේ අපි මෙච්චර කල් හිටියෙ කොහෙද කියලා .ඒක මට විතරක් නෙවෙයි ඔබටත් මෙතනට ආව දවසක දැනේවි.
කලු ගඟේ අතුගන්ගාවක් සිරිපා අඩවියේ තියෙන අතිදුර්ලභ බෙහෙත් පැලෑටි සිබිමින් ඇවිත් කොන්ඩගල නම් ඉස්තානයෙන් මීටර් 141ක් පමන ප්‍රපාතයට පහලට කඩා වැටෙමින් මේ ඇල්ල නිර්මානය කරන්නේ ඔසුපැන් වැනි ජලය පුළුන් බවට පත් කරමින් .මේ ඇල්ල පූජනීයයි එක අතකින් බලනකොට මේ සබරගමුවේ උසම ඇල්ල සිරිපා පහස ලද ලංකාවේ උසමඇල්ල ඒ විතරක් නෙවෙයි මේ දිය ඇල්ල ගමේ මිනිස්සුන්ගේ වන්දනාමානයට පවා ලක්වෙනවා.
ඔබ කලින් අහල තියද ලංකාවේ දිය ඇල්ලක් වන්දනාමානයට ලක් වෙනවා කියලා.වැස්ස නැති කාලෙට ගමේ මිනිස්සු මේ ඇල්ල ළඟට ඇවිත් පුදපූජා පවත්වනවාලු ඊට පස්සේ මහ වැසි කඩා හැලෙනවා කියලා ගම්මුන්ගේ විශ්වාසයක් තියනවා.මහ වැහි ඇද හැලෙන කොටනම් මාපලාම ඇල්ල ළඟට යන්න අමාරැයි ඒතරමට ඇල්ල බියකරැයි ඉතින් මේ තමයි රත්න්පුරේ සම්පත සබරගමුවේ දුංහිද ,එන්න දවසක ඔබත් මෙතනට අමතක වේවි ඔබේ සියලු ප්‍රශ්න.

සඳනි කෞෂල්‍යා රාමනායක.. පින්තූර නිශ්ශංක මුවර්

47. හාල්මැහි ඇල්ල      Halmahi Ella falls
08/06/2019

47. හාල්මැහි ඇල්ල
Halmahi Ella falls

46. යකා ඇඬූ ඇල්ල       Yaka Endu Ella falls
08/06/2019

46. යකා ඇඬූ ඇල්ල
Yaka Endu Ella falls

45. ලේන්තැරි ඇල්ල. / ලේන්කිරි ඇල්ල     Lanthiri falls. / Lankiri ella fallsමාකන්දා කැලයේ ගල මත විසිරෙන ලේනතිරි..කොළඹ  කි...
25/05/2019

45. ලේන්තැරි ඇල්ල. / ලේන්කිරි ඇල්ල
Lanthiri falls. / Lankiri ella falls

මාකන්දා කැලයේ ගල මත විසිරෙන ලේනතිරි..

කොළඹ කිට්ටුම මහ වනාන්තරේ ඇවිදින්න යන්න ඇත්නම් කියල හිතුන නිසා අපි මේ පාර සංචාරේ යොදාගත්‍තෙ කිතුල්ගල.කිතුල්ගල කිව්වම හැමෝගෙම හිතට එන්නේ කැළනි ගඟේ වෝටර් රාෆ්ටින්.හුඟක් අය කිතුල් ගල ගින් නාලා කාලා එනවා මිස කිතුල්ගල බලන්න තියන තැන් ගැන දන්නේ නෑ.ඒකයි අපි මේ පාර කිතුල්ගල තියන මහ කැලෑවට යන්න හිතුවේ.
කිතුල්ගල පැත්තෙ තියන ශාක වර්ග ගැන දැන ගන්න නම් මාකන්දාව රක්ෂිතයට යන්න ඕන.මේ රක්ෂිතයට යන්න තියෙන්නෙ කැලනි ගඟෙන් එහොඩ වෙලා.පාරුවකින් එහොඩ වෙලා යන්න තියන ගමනක් නිසා ඒක හැමෝටම වෙනස් අත්දැකීමක්.ගඟෙන් එගොඩ වෙලා පොල් .පුවක් .කෝපි වතු මැදින් කිලෝමීටරයක් විතර පාගමනින් ඉදිරියට ගියාම තමයි මාකන්දාව රක්ෂිතයට ඇතුළු වෙන්න තියෙන්නේ.

මුහුදු මට්ටමේ සිට මීටර් 250ත් 760 ත් අතර උසකින් යුත්ත මේ වනාන්තරය.මාකන්දා මූකලාන.බන්ඩාර කැලය වශයෙන් කොටස් දෙකකට ව්‍යාප්ත වෙලා තියෙන්නේ .කැලනි ගංඟා නිම්නය අද්දරින් හෙක්ටයාර 154ක් දක්වා බන්ඩාර කැලය විහිදිලා තියන අතර මාකන්දා මූකලාන හෙක්ටයාර 195ක් විහිදිලා තියනවා.

වනාන්තරටය ඇතුල්වෙනකොටම තියන සංචාරක මද්‍යස්තානයෙන් මෙහෙට එන අයට අවශ්‍ය තොරතුරු ලබාගන්න පුලුවන් .හැබැයි වනාන්තයේ මංපෙත්වල ඇවිදින්න වෙන්නේ නාමපුවරු බලාගෙන.ඒ මොකද කියනවනම් කන්නෙලියෙ සිංහරාජෙ වගේ මෙහේ ගයිඩ් කරන අය අඩුයි.

කුරුල්ලො බලන්න එන අයට නම් මාකන්දාව කියන්නේ අපූරු තෝතැන්නක් ලංකාවට ආවේනික කුරුලු විශේෂ 33න් 28ක්ම මාකන්දාවේ ජීවත්වෙනවා.ඒ වගේම මාලූ විශේෂ 33න් 13ක්ම මාකන්දා වට ආවොත් බලාගන්න පුලුවන් .අපි හැබැයි අද ඔබට කියන්න යන්නේ මාකන්දාවෙ වන අසිරියෙ තියන එක කොටසක් ගැන ඒ තමයි ලේන්තැරි ඇල්ල.

මාකන්දාවේ දිය ඇලි දෙකක් තියනවා. එකක් මකුළු ඇල්ල අනිත් එක ලේන්තැරි ඇල්ල.මාකන්දාවෙ තියන ඇලි දෙකෙන් ලස්සන වගේම දුරින්ම පිහිටලා තියන ඇල්ල තමයි ලේන්තැරි ඇල්ල.මාකන්දාවෙ තොරතුරු මධ්‍යස්ථානයෙ ඉදලා කිලෝමීටර් 3ක් විතර ගියාම තමයි ඇල්ල හමුවෙන්නේ.

අපේ ගමන ආරම්භ වුනේ උදේ නවයට විතර රැහැයියන්ගේ ගෝශාකාරී හඬ මැද්දෙන් අපි කැලේට ඇතුළු වුනා.මේ වනාන්තරයත් හරියට සිංහරාජෙ වනාන්තරේ වගේ.මහා රෑස්ස ගස් අස්සෙන් තිය පාර දිගේ අපි ඉදිරියටම ගියා.හොර බේරු කොල පාර මැදට වැටිලා පාර දිගට හරියට කොල පලසක් එලල වගේ කැලේට එලිය වැටෙන්නෙත් ගස් අතරින් නිසා අභ්‍යන්තරය ටිකක් අන්දකාරයි.

කන්නෙලියෙ වගේම මාකන්දාවේ ඇතුලෙත් පුලුල් මාර්ග තියනවා ඒ 1975 කාලයේ කැලේ ගස් කපලා කොටන්. ඇදපු පාරවල් .නාම පුවරැ බලාගෙන පාර හොයාගෙන යන්න තිබුනත් සමහර පාර බෙදෙන තැන්වල නාමපුවරු නැති කම නිසා අපට පාර වැරදුන වාරනම් අනන්තයි.ඔහොම එක තැන කැරකි කැරකි ඉන්න කොට අපිට කැලේදි හම්බුන ගමේ මනුස්සයෙක් ඇල්ල ළගට යන විදිහ ගැන කිව්වා.හැබැයි ඒ පාර හොයා ගන්න එකත් ලේසි වුනේ නැහැ.

දිය කඳුරැ කිහිපයක් පහුකරල මහ කන්දක් නැගල අපි ඇල්ල තියන තැන හොයාගත්‍තට මොකද අපි ගිහිත් තියෙන්නෙ ඇල්ල ඉහලට වෙලාව ගිහින් තිබ්බ නිසා අපි මුලිම්ම කලේ උදේට ගෙනිච්ච කෑම ටික බඩට දාගත්ත එක.ඉහල ඉදල ඇල්ල බලන කොට හරියට පේන්නේ ලේන්තැරි වල්ලක් වගේ ඒ නිසා වෙන්න ඇති මේකට ලේන්තැරි ඇල්ල කියන්නේ.
උස මීටර් 30ක් විතර වන මේ ඇල්ලෙ අමුතුම සුන්දරත්වයක් තියනවා උඩින් තනිව වැටෙන ඇල්ල පහලදි ගල්පර වල හැප්පිලා කුඩා ජල බිංදු විසිරවනවා.ඒවා හරියට ලේන්තැරි ගෙඩි වගේ . ලේන්තැරි වල්ලක් පොලවෙ ගැහුවා වගේ හැමතැනම විසිරිලා යන ජල බිංදු අයිස් වගේ සීතලයි.
අපි බොහොම අමාරුවෙන් ඇල්ල පාමුල ට ම ගියා එතකොට ඇල්ල පේන්නේ මාහා විශාල දිය ඇල්ලක් විදිහට.ඉහලින් දැකපු ඇල්ලට හාත්පසින්ම වෙනස් ඇල්ලක් පහලින් අපට දකින්න ලැබුනා.ඒ කොහොම උනත් ඇල්ල හරිම සුන්දරයි. මිනිස්සු වැඩිය නොයන නිසා ජලය හරිම පිරිසිදුයි.බොන්න කියාපු වතුර.

මෙතැනට අමතරව සති ගානක් වුනත් නැවතිලා බලන්න දේවල් මාකන්දාව කැලේ තියනවා.ඒ ගැන අපි ඔබට තවත් දවසක කියන්නම්.

නිශ්ශංක මුවර්.

44.Puna Ella Falls       පූනා ඇල්ලගංගා දෙකක් දියඇලි දෙකක් විදිහට එකතැනට කඩා හැලෙන ලංකාවේ එකම ඇල්ලසිතල මල් පිනි වැටෙන හිර...
27/03/2019

44.Puna Ella Falls
පූනා ඇල්ල

ගංගා දෙකක් දියඇලි දෙකක් විදිහට එකතැනට කඩා හැලෙන ලංකාවේ එකම ඇල්ල

සිතල මල් පිනි වැටෙන හිරිගඩු පිපෙන ලංකාවේ අපේ සුරපුරය නුවරඑළිය මේ දවස්වලනම් හරිම කාර්‍යබහුලයි.ඒ වෙන මොකවත් නිසා නෙවෙයි ළඟ එන අවුරුදු කානිවල් නිසා.නුවරඑළියට එන්න ප්‍රධාන පාරවල් හතරක් තියනවා.ඒ හතරෙන් බොහෝ දෙනා භාවිතා කරන මාර්ගය තමයි පේරාදෙණිය පුස්සැල්ලාව හරහා තියන කොළඹ නුවරඑළිය මාර්ගය. මේ පාරේ ගිහින් තියන කෙනෙකුට ආයේ යන්න හිතුන් නැතොත් ඒක වෙන්න බැරි වැඩක් ඒතරමටම මේ පාර සුන්දරයි.හැබැයි මේ පාරේ අය එක් ස්ථානයක් ගැන වැරදි වැටහීමක් ඇතිකරගෙන තියනවා.ඒ මොකද්ද කියල පස්සේ කියන්නම්.
නුවරඑළියට කොයි පාරෙන් ගියත් හමුවෙන්නේ සුන්දර දිය ඇලි කොළඹ පාරෙන් ගියොත් හමුවෙන දිය ඇල්ලතමයි රම්බොඩ හැබැයි මෙතන එක දිය ඇල්ලක් නෙවෙයි තියෙන්නේ දිය ඇලි පහක් තියනවා.රම්බොඩ ඉහල ඇල්ල ,රම්බොඩ පහළ ඇල්ල, දේවතුරා ඇල්ල, ගැරඬි ඇල්ල ,සහ පූනා ඇල්ල .මේ ඇලි අතරෙන් ගැරඬි ඇල්ල සහ පූනා ඇල්ල ටිකක් ඈතින් පිහිටලා තියෙන්නේ ඒත් රම්බොඩට මේ ඇලි දෙකත් හොඳට පේනවා.
ඉස්සර කාලේ නම් මේ රම්බොඩ කියන්නේ හරිම ත්‍රාසජනක මාර්ගයක්.ඉතාම පටු මාර්ගයක් තමයි රම්බොඩ තිබුනෙ.මේ පටු මාර්ගය විශාල කරන්න බැරි නිසා තමයි පස්සේ කාලෙක කන්ද විදලා ලංකාවෙ මහාමාර්ගයක් හරහා ඇති පලවෙනි උමං මාර්ග මේ ස්තානයේ ඉදිවෙන්නේ.රම්බොඩ උමග අපේ රටේ මහාමාර්ග ඉතිහාසයේ ප්‍රදාන සංදිස්තානයක් නිසාත් එතන තියන අමුතුම සුන්දරත්වය නිසාත් නුවරඑළියේ යන සංචාරකයො මෙතන ටික වෙලාවක් නතරවෙලා යන්න අමතක කර්න්නේ නෑ.
මේ රම්බොඩ උමග ළඟට ඈතින් පේනවා මහා විශාල දිය ඇල්ලක්.උමග බලන්න නතරවෙන අය තමන්ගේ දුවා දරුවන්ට අර ඈත පේන දිය ඇල්ල පෙන්නලා කියනවා අරතියෙන්නේ රම්බොඩ ඇල්ල කියලා.හැබැයි ඒ තියෙන්නේ රම්බොඩ ඇල්ල නෙවෙයි පූනා ඇල්ල.ඒක තමයි මෙතනට එන අය කරන වැරැද්ද .ඇත්තටම ඒක වැරැද්දක් නෙවෙයි නොදැනුවත්කම .ඉතින් අපි මේ සතියේ හිතුවා හැමෝම රම්බොඩ ඇල්ල කියලා රැවටෙන පූනා ඇල්ල බලන්න යන්න.
පූනා ඇල්ලට යන ගමන නම් හිතන තරම් ලේසි නෑ .මේ ඇල්ලට යන්න පාරක් නැති නිසා ඒ අවට ඉන්න අය කියන්නේ පූනා ඇල්ල ළඟට යන්න බෑ පාරේ ඉදල බලල යන්න කියල.එහෙමයි කියල ඇල්ල ලගට නොයා යන්නේ කොහොමද.ඒ නිසා අපි මේ ගැන තව පොඩ්ඩක් විපරම් කරලා බැලුවා.ඒ වෙලාවේ තමයි අපිට ගාමිණී අයියා හමුවුනේ .
" මේ පූනා ඇල්ල ළඟට යන්න පාරක් තියනවා හැබැයි නොදන්න කෙනෙකුට හොයාගන්න අමාරුයි මහත්තයලට යන්නම ඕනනම් මම එක්ක යන්නම්"
ගාමිණී අයියා කිව්වදේට අපි එකඟ වුණා.මේ ඇල්ලට යන්න තියෙන්නේ ඔහුගේ ඉඩම මැදින්.ඉතාම.බෑවුම් සහිත මාර්ගක් ඔස්සේ තමයි පහලට යන්න තියෙන්නේ.යන පාරේ කූඩැල්ලන්ගෙන් නම් අඩුපාඩුවක් නෑ.තේ වතු මැදින් කෝපි වතු මැදින් ඇවිදගෙන යන්කොට ගාමිණී අයියා හරි අපූරු කතාවක් කිව්වා.

" මේ ඇල්ලට යන්න පාරක් නැති එක ගැන නම් මම සතුටු වෙනවා.පේනවනේ රම්බොඩ හැටි කාලා බීලා ඔකෝම කුනු ජරාව එතනම දාලා යන ජාතියක් තමයි අපේ රටේ ඉන්නේ ගියොත් ගිය තැන ඉවරයි. ඒකට කියන්නේනම් අපි මහා ඉතිහාසයක් තියන ජාතියක් කියලා.ඔව් ඒ කතාව ඇත්ත දැන් අපේ පොළවෙන් මතුවෙන්නේ රන් රිදි මුතු මැණික් ඒ වගේම පුරා වස්‍තු.හැබැයි මේ යන විදිහට තව පරම්පරා දෙකතුනක් ගියොත් පොලොවෙන් මතුවෙන්නේ පොලිති ප්ලාස්ටික් වගේ දේවල්.අපි සතුටු වෙනවා ඉතිහාසය ගැන කියලා ඒත් අපේ.මතුපරම්පරාව අපි පරිසරයට කරලා තියන විනාසේ දැක්කම අපි මැරිච්ච වලවල්වලටත් හෙන ඉල්ලයි මහත්තයෝ"
ගාමිණී අයියගේ කතාවනම් මසුරම් වටින කතාවක් .ඒ වගේම පරිසරය විනාශ කරන අයට හොඳ කනේ පාරක්.කතාවෙන් කතාවෙන් අපි ඇල්ල.කිට්ටුවටම ඇවිත්.
ඇල්ලේ හෝ ගාන හඬ දැන් අපට ළඟ ළඟම ඇහෙනවා.ඒත් ඇල්ල පොඩි කඳු ගැටකින් වැහිලයි තියෙන්නේ අපිට ඇල්ල ළඟට යන්න කඳු ගැටය උඩන නගින්න වුණා.ඊට පස්සේ තමයි අපට ඇල්ල.ළඟටම ගස් අතරින් දකින්න.ලැබුනේ.

මේ පූනා ඔය ඇල්ලට ලංකාවෙ තියන වෙනස්ම ආකාරයේ දිය ඇල්ලක් .දෙපැත්තෙන් එන ගංගා දෙකක් එක තැනකදි y අකුරෙ හැඩයට කඩා හැලෙනවා.වැස්ස දවසට මේ එක ඇල්ලක වතුර කහ පාටට කඩා හැලෙනවලු අනිත් ඇල්ලේ වතුර සුදුපාටට කඩා හැලෙනවලු .පූඬළු ඔය තමයි මෙහි ප්‍රධාන ඇල්ල නිර්මාණය කරන්නේ ඒ නිසා මේ දිය ඇල්ල පූනා ඇල්ල නමින් හඳුන්වනවා කියලත් කියනවා. කලින් මේ ඇල්ල
ඇල්ලේ හෝ ගාන හඬ දැන් අපට ළඟ ළඟම ඇහෙනවා.ඒත් ඇල්ල පොඩි කඳු ගැටකින් වැහිලයි තියෙන්නේ අපිට ඇල්ල ළඟට යන්න කඳු ගැටය උඩන නගින්න වුණා.ඊට පස්සේ තමයි අපට ඇල්ල.ළඟටම ගස් අතරින් දකින්න.ලැබුනේ.

මේ පූනා ඔය ඇල්ලට ලංකාවෙ තියන වෙනස්ම ආකාරයේ දිය ඇල්ලක් .දෙපැත්තෙන් එන ගංගා දෙකක් එක තැනකදි y අකුරෙ හැඩයට කඩා හැලෙනවා.වැස්ස දවසට මේ එක ඇල්ලක වතුර කහ පාටට කඩා හැලෙනවලු අනිත් ඇල්ලේ වතුර සුදුපාටට කඩා හැලෙනවලු.පූඬළු ඔය එක ඇල්ලක් නිර්මාණය කරනකොට පූනා ඔය අනිත් ඇල්ල නිර්මාණය කරනවා.පූඬලු ඔය ඇල්ල කියල ඩන්සිනන් ඇල්ලටත් කියන නිසා මේ ඇල්ලට පූනා ඔය ඇල්ල කියනව කියල තමයි අපට ආරංච් වුණේ.
.... තේ වත්ත මැදින් ටිකක් දුර ගියාම පාර එතනින් ඉවර වුණා .ඒත් ඇල්ල ළඟටම.යන්න නම් මනං කැලය තලාගෙන යන්න ඕන.මෙච්චර ළඟට ඇවිත් ආපහු යන එකේ තේරුමක් නැති නිසා අපි කැලය තලව් කරගෙන ඇල්ල පාමුලටම ආවා.ගංගාවල් දෙකක් දෙපැත්තෙන් එක් ස්තානයකට කඩා හැලෙනවා.මම හිතන විදිහට පූනා ඔය ඇල්ල විතරයි ලංකාවටම මෙහෙම ඇල්ලකට තියෙන්නේ සමහරු කියනවා මේ ඇල්ල ලංකාවෙ 11 උස ඇල්ල කියල.ඒ අපට හරියටම කියන්න බෑ ඒ කතාව ඇත්‍තක්ද කියල.මොකද ලංකාවෙ ඇලිවල තාම හරියට උස ගණනය කරලා නැති නිසා.

නොමිනිසුන්ගේ ග්‍රහනයට ලක්වෙලා නැති නිසා ඇල්ල අවට ඉතාම පිරිසිදුයි .ඒ වගේම ඇල්ල ළඟටම යන්න් පුළුවන්.මෙහි උසම ඇල්ල මීටර් 103 ක් පමණ උසකින් යුක්තයි කියලා කියනවා.අපි ගිය දවසෙනම් ඇලි දෙකේම වතුර පුළුන් වගේ සුදො සුදුයි වතුර පාර දැක්කම.නොනා එන්න හිතුන් නෑ එත් මෙතන ගංගා දෙකක එකතුවක් නිසා කොයි පැත්තෙන්වතුර පාර සැරවෙයිද කියල කියන්න බෑ ඒ නිසා නාන එකනම් අවදානම්.පූනා ඇල්ල ළඟට ගියාම අපට හිතුනා මේ තමයි.ලංකාවෙ ලස්ස්නම ඇල්ලද කියල ඒ තරමට ඇල්ල සුන්දරයි.ඒ වගේ බියකරු යි.ඔබත් මේ ඇල්ල ළඟටත් එන්න පාරක් ප්‍රාදේශීය සභාවෙන් හදනවා කියල අපට ආරංච් වුණා .හැබැයි එහෙම හැදුවොත් ඇල්ල විනාශ වෙන්නත් ඉඩ තියනවා.

නිශ්ශංක මුවර්

43.Kuda Dunhinda ella fall    කුඩා දුන්හිඳ ඇල්ලඅක්කට නොදෙවෙනි  දුන්හිඳ නංගිදුන්හිද ‍යන පාරේ දුන්හිද අක්කට නොදෙවෙනි තවත් ...
16/01/2019

43.Kuda Dunhinda ella fall
කුඩා දුන්හිඳ ඇල්ල

අක්කට නොදෙවෙනි දුන්හිඳ නංගි

දුන්හිද ‍යන පාරේ දුන්හිද අක්කට නොදෙවෙනි තවත් කොමලියක් ඉන්නවා ඒ තමයි ඒ තමයි දුන්හිද නංගි මේ අක්කා නගෝ එක ගෙදර හිටියට අක්ක තරම් නංගි නම් ජනප්‍රිය නෑ ඒ ලස්සන නැති නිසා නෙවෙයි හැමෝම දන්නේ අක්කා නිසා.මෙහෙට එන අය අක්කා ලගට ගිහින් බලලා සමහරු නංගි ඈත ඉදලා බලලා යනවා.දැන්නම් කැලෑ ගස් වැවිලා නංගිව පේන්නෙම නෑ. අපේ මිනිස්සු ගිහින් අක්කාව විනාශ කරන නිසා නංගිව ආරක්ෂා කරන්න ස්භාදහමත් හවුල් වෙලාද කොහෙද.
මොක්ද්ද මේ අක්ක නගෝ පලහිලව්ව අපේ මිනිස්සු ගියතැන කාල බීලා විනාශ කරලා එන නිසාතමයි අක්කව එහෙමත් නැත්නම් දුන්හිද ගැන එහෙම කිව්වෙ හැබැයි දුන්හිද කොමලියගෙ නංගි කුඩා දුන්හිද ඇල්ලගැන කවුරුත් වැඩිය දන්නේ නෑ.ඉස්සරනම් මේ ඇල්ල බලන්න නැරඹුම් මැදිරියක් තිබුණා.දැනුත් ඒ වේදිකාව තියනවා ගස් වැවිලා නිසා එතනට කිසි දෙයක් පේන්නේ නෑ.එතනට කවුරුත් වැඩිය නොයන නිසා එතන දැන් පෙම්වතුන්ගේ පාරාදීසයක් .
මම කලින් කිව්වනෙ බදුලු පෙම්වතුන්ගේ පාරාදීසය කියලා ඒ ක වෙනත් කතාවක් කුඩා දුන්හිද ඇල්ල බලන්න යන්න ලේසි නෑ.ඒකමතමයි ඇල්ල සැගවී තීබීමට හේතුව.හුඟක් අය මේ ඇල්ල සොයාගෙන පහළට යනවා ඒත් ටික දුරක් යනකොට හමුවෙන්නෙ මාහා ප්‍රපාතයක් කලින් දෙවතාවක් අපටත් මේ ඇල්ල බලන්න ගිහින් පාර වැරදුනා ඒත් මේ වතාවෙ ගමන ගියෙ කොහොම හරි එතනය යන අදහස හිතේ තබාගෙන.

දුන්හිදට යන පාර දිගේ ටික දුරක් ගියාම පහලට යන්න පෙනෙන නොපෙනන අඩි පාරක් තියනවා.ඒ පාර දැක්කම ඕනමකෙනෙකුට හිතෙන්න පුලුවන් හරි පහසුවෙන් ඇල්ල ලගට යන්න පුලුවන් කියලා හැබැයි ටික දුරක් යනකොට හැම තැනටම පාරවල් තියනවා.ඒ දිය ඇල්ලට යන ඒවනම් නෙවෙයි.බදුල්ලේ පෙම්වතු පෙම්කෙලියේ යෙදෙන්න ගිය පාරවල්.අපි යනකොටත් පෙම්වතුන් විශාල ප්‍රමානයක් හමු වුනා.අපි නොදැක්ක වගේ පහලට ගියෙ ඔවුන්ගේ නිදහසට භාදාවක් නොවෙන විදිහට.

පෙර දෙපාරෙම වගේ මේ පාරත් පාර වැරදුනා අන්තිමට නතර වුනේ මහ ගල් පර්වතයක් මුදුනක.බලාපොරොත්තු සුන් වුනා ඒ වෙලාවෙ තමයි අපිට සලමන් අප්පු මාම හමුවුනේ සලමන් අප්පු කියන්නේ අවුරුදු ගානක් දුන්හිද පාරේ වෙලදාම් කරන ගමෙ මනුස්සයෙක් ඒයාලා ඉතින් මේ කැලේ පීරල කරක් ගහල තියන නිසා පොඩි ඇල්ල ලගට යනඑක මහ කජ්ජක් නෙවෙයි
මාත් එක්ක ආපු යාලුවා කඩේ වෙලදාම් කරන්න තියලා අප්පු මාමයි මමයි ගමන ගියා අපිට මග පෙන්න්වන්න බලු සුරතලෙකුත් හවුල් වුනා.මේ කැලේ නොදන්න කෙනෙක් ඇවිදින එකනම් ටිකක් අවදානම් කියලා තේරැනේ අප්පු මාම එක්ක යනකොට.සතා සර්පයාගෙන් ලොකුවට කරදරයක් නැති වුනාට සපත්තු පසාරු කරගෙන යන්න තරම් උල් සහිත විෂකුරැ ශාක මේ කැලේ තියනවා .ඒ හැම ශාකයක්ගෙන්ම මාව ආරක්ෂා කරෙන තමයි අප්පු මාම පහලට ගියෙ.
විනාඩි 45ක් වගේ යන කොට අපි ඇල්ල ලගට ආවා .මෙතන රජ කෙනෙන් සැගවී සිටිය බවට කටකතා තියනවා කියලා අප්පු මාමා ගෙන් දැනගන්න ලැබුණ.ඒ වගේම විශාල ගල් කනු සිටුවීමට යොදාගත්ත ගල් කුහර අටක් මෙතන තියනවා ලු ඒ අපි ගිය දවසෙ වතුර වැඩි නිසා අපට එතනට ලගාවෙන්න බැරි වුනා.බදුල්ල කියන්නේ රාවනා රජුගෙ අගනුවර .සමහර විට රාවනා රජුගෙ මාලිගාවක් මෙතනත් තියෙන්න ඇති.
කුඩා දුන්හිද මීටර් 30ක් විත උස වුනාට පලලින් වැඩි නිසා ඒ බව වැඩිය පේන්නේ නෑ .මහ ගංගාවක් ඇද් හැලෙන නිසා ඇල්ලේ චම්ත්කාරය දෙගුන තෙගුන වෙනවා.දුන්හිද පාමුල වගේම මෙතනත් දිය නාන්නනම් බෑ හරිම ගුප්ත භයංකර තටාකයක් මෙතන තියන නිසා යන ඕනම කෙනෙකුට හිතට භියකුත් දැනෙනවා. මහන්සියෙ ප්‍රතිඵලය උපරිමයෙන් නෙලාගන්න ලැබුනෙ අප්පු මාමට පින් සිද්ධ වෙන්න.ඔබත් කවද හරි මේ ඇල්ල බලන්න යනවනම් අවදානමක් ගන්නැතිව අප්පු මාම එක්ක යන්න.

‭(76) 393 1631‬ මේ නම්බර් එකට කලින් කතා කරල යනවනම් අප්පු මාම ඔබට ගමේ රහට කෙහෙක් කොලේ ඔතපු කෑමත් සූදානම් කරලා තියාවි.
නිශ්ශංක මුවර්

42. වම්බටු හේන ඇල්ල,      Wambatuhena Falls ,   මාතලේ රිවෙස්ටන් කිව්වම ඕනම කෙනෙකුට සිතේ ඇදෙන දුම්බර කඳුවැටිය හා ඒ වටා එත...
30/04/2018

42. වම්බටු හේන ඇල්ල,
Wambatuhena Falls ,

මාතලේ රිවෙස්ටන් කිව්වම ඕනම කෙනෙකුට සිතේ ඇදෙන දුම්බර කඳුවැටිය හා ඒ වටා එතී පවතින මිහිදුම් වළාපටල.නකල්ස් රජදහනට අයිතිවාසිකම් කියන දුම්බර කඳුවලල්ල හැඩකරන දිය ඇලි කොමලියන් සොයා යන ගමනෙදි අපට හමු වුණ කාගෙත් නෙත නොගැටෙන තැනක් තමයි මේ වම්බටු හේන ඇල්ල.
රිවෙස්ටන් පහුකරල පිටවල පතනත් පහුකරලා ගියාම හමුවෙන පුවකපිටිය කියන සුන්දර ගම්මානේ තමයි මේ ඇල්ල පිහිටලා තියෙන්නේ.අද වම්බටු හේන හඳුන්වන මේ ඇල්ල ඉස්සර මේ කලින් හඳුන්වලා තියෙන්නේ කහගල ඇල්ල කියලා.

උසින් මීටර් 10 ක් වගේ වෙන මේ ඇල්ලේ ඉහළින් තවත් කුඩා දිය ඇලිකිහිපයක් තියනවා.තෙල්ගම් ඔයේ නිල්වන් ජලදහරාවන් මුතු අහුරු මෙන් විසිකරමින් නිර්මාණය වන වම්බටු හේන ඇල්ල නිවාස 60 කට පමණ පානීය ජලය සපයනවා. පුවක්පිටිය කහගල පාරේ එහෙමත් නැතිනම් සේර ඇල්ලට යන පාරේ අසලම ඇල්ල පිහිටලා තිබුණත් ස්භාවිම තුරු ලතා වලින් සෑදුන පවුරක් ඇල්ල ආවරණය කරන නිසා කාටත් අසල දිය ඇල්ලක් තියනවා කියා සීතා ගැනීමට අපහසුයි.

නිශ්ශංක මුවර්

41. දුන් ඇල්ල      Dun ella fallsලංකාවේ  හත්වෙනි උස ඇල්ල දුන් ඇල්ල කිව්වට කවුරුත් මේ ගැන වැඩිය දන්නෑ .කොටිම්ම කිව්වොත් g...
03/10/2017

41. දුන් ඇල්ල
Dun ella falls

ලංකාවේ හත්වෙනි උස ඇල්ල දුන් ඇල්ල කිව්වට කවුරුත් මේ ගැන වැඩිය දන්නෑ .කොටිම්ම කිව්වොත් google map එකේ ඇල්ල සටහන් කරල තියන තැන නෙවෙයි ඇල්ල තියෙන්නෙත්.ඉතින් කවර කතාද.හදිසියේ බදුලු ගිය වෙලාවක මට හිතුන මේ ඇල්ල හොයාගෙන යන්න.බදුල්ලෙන් මීගහකිවුලට ගිහින් ඇහුවම දුන්හිද ගැන කියනවා.පස්සේ වෙන කඩේකට ගියා.ඒ කඩේ හිටියෙ ටිකක් තරුණ පහෙ කෙනෙක්.කොල්ලො ඉතින් හැම අස්සක් මුල්ලක් ගානෙම රින්ගනවනේ ඒ නිසා කෝකටත් කියල මේ ගැන ඇහුවා.
"ඇල්ලක් නම් තියනවා හැබැයි ඔයකියන එකද දන්නෑ.පිටමාරුවෙ බස් එකේ ගිහින් බෝගහපිටිය පහුවුනාම බහින්න." ඔහු කිව්ව විදිහට බස් එකේ නැගලා ගියා.ඒ පාරත් හරියට 18 වංගුව වගේ යනව යනව ඉවරයක් නෑ.,බෝගහ තැන්නේ බහින්න කිව්වට ඇල්ලට යන්න නම් වැව තැන්නෙන් බහින්න ඕනැලු.බස් එකේ කොන්දොස්තර වැව තැන්න කිට්ටු වෙද්දී ගෑහැනු කෙනෙක් ව පෙන්නල කිව්ව ඔය මිස් ඉන්නේ ඇල්ල තියන ගමේ එයා එක්ක යන්න කියල.
අපේ අළුත් මග පෙන්න්වන්නා එහෙමත් නැත්නම් ඉටිතම්පල ඉස්කෝලේ හාමිනේගෙන් අපිට අදහගන්න බැරි ඉතිහාස කතාවක් ඇල්ල ගැනයි ගම ගැනයි දැනගන්න ලැබුණේ යන අතරමගදි.දුටුගැමුණු රජතුමා යුද්ධයට දුනු හදල තියෙන්නේ අපි යන ගමේ.දුනු හදන්න ඉටි තම්බපු නිසා ඉටිතැම්බූ වල කියන නම ගමට යෙදිලා.පස්සේ ඉටිතැම්බූ වල ඉටිතම්පල වෙලා.ඒ කාලේ රජ්ජුරුවෝ ගමට යනව එනව කියල කතාවක්

තියනවා.දුනු හදපු නිසා ගමේ අයට දුනුකාරමුදියන්සෙලාගේ කියන නම්බුනාමේ ගමේ අයට දීලා අදටත් ගමේ හැමෝගෙම වගේ වාසගම දුනුකාරමුදියන්සෙලාගේ.අපි යන ඇල්ලට ගමේ අය කියන්නේ දුම් පිහිල්ල කියල.ඒකත් ඇල්ල ප්‍රසිද්ධ නොවෙන්න හේතුවක් වෙන්න ඇති.කතාවෙන් කතාවෙන් අපි ගමට අවා ඉස්කෝලේ හාමිනේ අපිට ඇල්ලට යන පාර පෙන්නල එනගමන් එන්න කියල ගෙදර තියන තැන පෙන්නල අපෙන් සමුගත්තා.

සුන්දර හෙල්මළු කුඹුරු වලින් හැදිලා තියන ගම මැදින් අපි ඇල්ල හොයාගෙන ගියා.අතර් මගදි පාර වැරදුනත් කුඹුරු වල වැඩ කරන අයගෙන් අහගෙන ඇල්ල ළඟට ගියා.තට්ටු කිහිපකට ඇල්ල පහළට කඩා හැලෙනවා.උඩ ඇල්ලෙන් වැටෙන වතුර දුම් බවට පත්වෙලා යට තට්ටුවට වැටෙනවා.ඇල්ල.පාමුල ලොකු ගල්ගුහාවක් තියනවා.ඒ ගුහවට පල්ලේ තියන ගල් වලවල් වලතමයි දුනු හදන්න ඉටි තම්බල තියෙන්නේ.ඒ කාලේ දුටුගැමුණු රජතුමා මේ ඇල්ලේ දිය කෙලියේ යෙදිලා ගල් ගුහාවේ ගිමන් නිවන්න ඇති.ඇල්ල හොයාගෙන කවුරුත් එන් නැත්තේ කිලෝමීටර් 10විතර ඇතුළට වෙන්න පිහිටලා තියන නිසා වෙන්නත් පුළුවන්.කොහොම උනත් ලංකාවේ හත්වෙනි උස ඇල්ල බලන්න අපි ගියා ඇල්ල සුන්දරයි ඒ වගෙම ගුප්තයි .මෙතන ගොඩක් අය බිලි අරන් තියනවා ඒ නිසා ගමේ අය මෙතනට එන් නෑ
අපි ටිකවෙලාවක් ඉඳලා ඇල්ලට සමුදීලා මිස්ලගෙ ගෙදර ආවා.එනකොට කිරිකොස් මාළුව එක්ක මිස් අපිට කෑම ලෑස්තිකරල.යකෙක් කන්න බඩගින්නේ හිටිය අපිට දිව්‍ය භෝජන හම්බුනා වගේ.මිස් අපිට සැලකුවෙ ගෙදර කෙනෙක්ට වගේ.ඉටිතම්පල ඉස්කෝලේ ඉන්ද්‍රාවතී විදුහල්පති නෝනා නොහොටින්න අපිට ඇල්ල හොයාගන්න මේ කපේදි හම්බෙන් නෑ.

ලංකාවේ නොදන්න දිය ඇලි ගොඩක් තියනවා
අපේ වැඩේ හොඳයිනම් පේජ් එකට ලයික් කරල නොදන්න අයටත් විස්තර දැනගන්න shere කරන්න

නිශ්ශංක මුවර්

40.   මවුන්ට් වර්නන් ඇල්ල        Mount Vernon Ella falls නුවරඑළියේ ගියාට මේ වාගේ ඇල්ලක් දැකල තියද? නුවරඑළිය දිස්ත්‍රික්ක...
29/06/2017

40. මවුන්ට් වර්නන් ඇල්ල
Mount Vernon Ella falls

නුවරඑළියේ ගියාට මේ වාගේ ඇල්ලක් දැකල තියද? නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවාකැලේ ඩෙවොන් දිය ඇල්ල ගාව තියෙන මේ ඇල්ල එච්චර ප්‍රසිද්ධ ඇල්ලක් නෙවෙයි.සංචාරය කරන අය කිහිපදෙනෙක් ඇරුණම තලවාකැලේ ජනතාව වත් මේ ඇල්ල ගැන හරි හැටි නොදන්න තරම්.මීටර් 30 පමණ මේ අපූරු දිය කොමලිය පළලින් මීටර් 10 ක්, ගොඩක් අය මේ වාගේ තැන් හොයාගෙන ගිහින් විනාශ කරන නිසා තියන තැන හරියටම කියන්නෙ නෑ..ඇල්ලට ඉහළ වතු නිවාස තියෙන නිසා දිය නෑමටනම් මෙතන සුදුසු නෑ..කොත්මලේ ඔයේ අතු ගංඟාවක් තමයි ඇල්ල නිර්මාණය කරන්නේ..page එක හොඳයි නම් Shere කරන්න...
Nishshanka moore

Address

Colombo
Colombo

Telephone

+94770433115

Website

Alerts

Be the first to know and let us send you an email when Diyaeli lanka දියඇලි ලංකා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category