19/08/2026
There's a place off Sri Lanka's northern coast that's part nature reserve, part ancient legend, and honestly, still not fully understood.
Adam's Bridge Marine National Park stretches out from Mannar Island toward India - a run of limestone shoals, sandy islets, and shallow turquoise water that only became an official national park in 2015.
Underneath the surface, coral reefs and long stretches of seagrass quietly support more life than you'd expect from water this shallow: fish, sea turtles, dolphins, even the endangered dugong. The sandbanks above water matter too - for migratory birds passing through, this is one of the few places to rest along the way.
What really sets this place apart, though, is the story behind it. In the Ramayana, this same chain of shoals is called Rama Sethu — the bridge said to have been built to reach Lanka. And geologically, there's real evidence it was once exactly that: a land connection joining Sri Lanka and India, before the sea eventually took it back.
ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ තීරයේ, මන්නාරමට ආසන්න ව Adam's bridge නොහොත් ආදම්ගේ පාලම පිහිටා ඇත. එය තවත් එක් භූමි ප්‍රදේශයකට වඩා ස්වභාවික සුන්දරත්වය, ජනප්‍රවාද, ඉතිහාසය හා භූ විද්‍යාව එකිනෙකට සම්බන්ධ වන සුවිශේෂී ප්‍රදේශයක් ලෙස හැඳින්විය හැක. මෙහි ඇති නොගැඹුරු මුහුදු ජලය, වැලිවලින් නිර්මිත කුඩා දූපත් (sandy islets), හුනුගල් පර (limestone shoels) සහ කොරල් පරිසර පද්ධතිය නිසා සාගරජීවින් (sea turtles, dolphins) සහ සංක්‍රමණික පක්ෂීන් ඇතුළු ජීවින් සමූහයකට වැදගත් වාසස්ථානයක් වී ඇත.
මෙහි ඇති ජෛව විවිධත්වයට අමතරව, වඩාත් ප්‍රසිද්ධ කරුණ නම්, මෙම භූමිය රාමායණය කතා පුවතේ එන රාම්සේතු ප්‍රදේශය ලෙසද හැඳින්වීමයි. මෙය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර භූමිය යා කරමින් පැවති පාලමක්, බිම් තීරුවක් ලෙස ඉතිහාසය සඳහන් කරන අතර, අද වන විට ඒ සම්බන්ධයෙන් විවිධ පර්යේෂණ ද සිදුකරමින් තිබේ.
කෙසේ වෙතත්, තවමත් මෙම ප්‍රදේශය සංචාරක කර්මාන්තය සඳහා නොදියුණු මට්ටමක පවතින අතර, ඉතිහාසයත් ස්වභාව සෞන්දර්‍යත් එකට හමුවන දුර්ලභ පරිසර පද්ධතියක් ලෙස මෙය හැඳින්විය හැක.
📍Adam’s Bridge Marine National Park