Bike Hikers Club Sri Lanka

Bike Hikers Club Sri Lanka Sri Lanka's first and only tourism and conservation motorcycle organization. And Bike Riding and Camp area Activities Conducting by Poorna Surath.

-BIKE HIKERS CLUB SRI LANKA-

We are the Pioneer team which is Non-profitable and keen on reaching enthusiasm through riding. We are traveling by Motorcycles to various adventurous places in Sri Lanka Since March 2011. Our Founder is Harshana Udayanga ( හෂියා ) and Poorna Surath ( SP) is the Co-Founder of Bike Hikers Club Sri Lanka. Our Adventurous Activities, Hiking, Trekking, and other things ar

e Conducting by Harshana Udayanga. We are not Bring any materials which will be harmful to the Environment ( Ex- polythene/plastics/Disposable items.....etc ) during the Journey, also we advise our members to follow that rule in their civil life too. Also, We are a group that comes forward without any fear of any environmental problem in Sri Lanka. Our mission is to be a role model as a pioneer for other groups and to dedicate their lives to protecting nature by engaging in motorcycle tours and environmental conservation. Our Watchword

"සීමාවෙන් එහා යන යතුරුපැදි ගමනක්'
දැක්ම නිරවුල්නම් - බොක්ක හොඳයිනම්'
වරෙන් යන්න අපිත් එක්ක....."
-Bike Hikers Club Sri Lanka-

🏍️🇱🇰 Bike Hikers කණ්ඩායමෙන් – කච්චතිව් දූපතට අමතක නොවන ගමනකඉතින් Bike Hikers Club Sri Lanka අපි අද ඔයාලට කියන්න යන්නේ ලං...
12/04/2025

🏍️🇱🇰 Bike Hikers කණ්ඩායමෙන් – කච්චතිව් දූපතට අමතක නොවන ගමනක
ඉතින් Bike Hikers Club Sri Lanka අපි අද ඔයාලට කියන්න යන්නේ ලංකාවේ ඈත කෙලවරේතියන පුංචිම දුපතකට ගිය සුන්දර ගමනක් ගැන කියන්න. "කච්චතිව් වල කිතු දේව මංගල්‍යක් තියෙනවලු. අවුරුද්දටම එක පාරලු තියෙන්නෙ. ඉන්දියාවෙ ඉඳලත් කට්ටිය එනවලු." ඔන්න ඔහොම පනිවිඩයක් අවා දැනට අවුරුදු කීපයක කලින්. ඉතින් ඒ ගමන යන්න මුල ඉඳලාම අපේ පූර්ණ අයියා සූදානම් උනා, හෂී අයියත් පූර්ණ අයියට ඒ ගමන යන්න උපරිම සහය ලබා දුන්නා. ඒත් නොවැලැක්විය හේතුවක් නිසා අපිට ඒ ගමන යන්න බැරිවුනා. ඊට පස්සේ අවුරුද්දෙත් අපි යන්න කථාවුනාට ඒක කරගන්න බැරිවුනා හෂියගේ වෙඩින් එක නිසා මට මතක හැටියට. කොහොමෙන් කොහොමහරි ගිය අවුරැද්දේ දෙසැමිබරේ ඒ අපේ BHCSL කොල්ලෝ ඉදිකටුපාන අමිබලම පවිත්‍ර කරද්දි ඔය ගමන ගැන ආයේත් ඒ ගමන ගැන කථාවක් ඇදිලා ආවා. ඒක අහපු ගමන් අපි ට මාරම සතුටක් දැනුනා. ඒත් වැඩේ සංවිධාන කටයුතු බාර උනේ මට. මොකද දැන් හෂියයි, පූරයි දෙන්නම පවුල් කාරයෝ වෙලා. ඉතින් කෝම කෝම හරි ගමන යන්න දාගත්තු දවස උදා උනා. හැබැයී මේ ගමන යන්න හෂියා, පූරා, කසුන් අයියා, කට්ටා, ධනුෂ්කයා හිටියේ නෑ. අපි මේ ගමන යන්නේවෙනසකටත් එක්ක කෝච්චියේ. මොකද අපි එහේ ගිහින් බෝට්ටුවේ යද්දී බයික් අරගෙන යන්න වෙන්නේ නෑ. ඒ නිසා කෝකටත් කියලා බයික් ගෙදර තියලා කෝච්චියේ ගියා. මට තවත් සතුටට කාරණයක් තමයි, මේපාර ගමනට මම අපේ අම්මවත් එක්කන් ගියා, එක්කන් යන්න කලින් ගමනේ ස්වභාවය ගැන මම හෂියගෙන් අහලා දැනුවත් උනා. හෂියගේ උපදෙස් අනුව තමයි මම අම්මව එක්කන් යන්න තීරණය කරේ, මොකද මම හිතාගෙන හිටියේ ඒ ගමන අපේ අම්මගේ වයසත් එක්ක යන්න පුළුවන් ගමනක් නෙවෙයි කියලයි. ඉතින් අපේ කන්ඩායම ණිඝ්ට් මේල් එකේ කන්කසන්තුරේට ඇවිත් එදා දවස කන්කසන්තුරේ ඇවිදලා බැලුවා. මොකද අපිට කුරිකට්ටුවාන් ජැටියට යන්න බස් එක තියෙන්නේ පහුවදා පාන්දර. ඉතින් අපි දවසෙම ඇවිදලා මහන්සි නිසා පහුවදා පාන්දර යාපනේ ටවුන් එකට යන්න හිතාගෙන ලැගුම්හලට ගිහින් අපේ අද දවස සතුටින් නිමා කරා. පහුවදා පාන්දරම අවදි වෙලා අපි යාපනේ ටවුන් එකෙන් 4.45ට බස් එකෙන් පිටත් උනා කුරිකට්ටුවාන් බලා. ඒ බස් ගමනත් අමුතුම අත්දැකීමක් උනා, දමිල සංස්කෘතික පසුබිමක් එක්ක දමිල භාෂාව කථා කරන මිනිසුන් අතරේ, ඔවුන්ගේ දමිල ගීත අසමින්, ඔවුන් සමග අල්ලාප සල්ලාපයේ යෙදෙමින් සතුටෙන් ගමන් කිරීම. කොහොම හරි අපි නොදැනිම කුරිකට්ටුවාන් ජැටිය ලගටම ආවා. මෙතන ඉඳන් තියෙන්නේ බෝට්ටුවේ මහ මුහුද මැදින් ලංකාවේ ඈත කෙලවරේ තියෙන අන්තිම දූපත දක්වා පැය 4ක පමණ මුහුදු ගමනක්. ඒ නිසා අපෙ කට්ටිය ඒ ගමන යද්දී මගදී බඩගින්නට කන්න අවශ්‍ය දේවල් සහ ප්‍රධාන වශයෙන් ෆිල්ටර් කරපු වතුර බෝතල් මිලදී ගත්තා. මොකද ඒ ගමනේදී වැඩිපුරම අවශ්‍ය වෙන්නේ පිරිසිඳු පානීය ජලයයි. දැන් ඉතින් පෝලිමේ ඉන්න ඕනේ බෝටිටුවට යන්න, කොහොමහරි අපේ වාරය ආවා බෝඅට්ටුවට නැගගන්න. ජීවිතාරක්ශක කබායවල් දාගෙන අපි අපේ බඩු මලුත් අරගෙන බෝට්ටුවට නැගලා දැන් කච්චතිව් දූපත දක්වා නොනැවතී ගමනේ, මීට කලින් මේ වගේ මුහුදු සංචාරයක ගිහින් නැති නිසා මට මේ ගමනත් නවමු අත්දැකීමක් වුනා. යන ගමම්න අතරමග තැනින් තැන නාවික හමුදාවේ ට්‍රෝලර් යාත්‍රා දාලා අපේ ආරක්ෂාවට. පැය කීපයක මුහුදු ගමනකින් පසු අපි දූපතට ආවා. ඇත්තටම ලස්සනයි ඒක දකින්න, දූපත වටේටම අපේ කොඩි දිලෙනවා. දූපතේ වටේම නේවි කොල්ලෝ ඉන්නවා එතනට එන සංචාරකයන්ට සහ බැතිමතුන්ට අවශ්‍ය සහය සහ ආරක්ෂාව ලබා දෙන්න. මාරම ගැමිමික් ඒකනම්. දූපතේ එක් කොටසක් ස්වදෙශියන්වන ශ්‍රී ලාංකික අපටත් තවත් කොටසක් විදෙශිකයන් වන ඉන්දියානුවන්ටත් ලැගුම් ගැනීම සහ අනෙකුත් කටයුතු සඳහා වෙන් කර තිබුනා. අපේ කණ්ඩායම ස්වදෙශිකයන්ට අයත් භූමියට ගොස් එහි කඳවුරු භූමියක් සකසා ගත්තා. මේ වෙලාවේ මට අපේ කණ්ඩායමේ මුල් පුරුක් දෙක මතක් උනා " අනේ මුන් දෙන්නා හිටියනම් කියලා" මොකද කඳවුරු ගහන්න හොඳටම දැනුම තියෙන පුද්ගලයා තමයි අපේ හෂියා, ඒකට හොඳටම සහය දෙන්න දන්නේ අපේ පූරා. ඇත්තටම උන් දෙන්නා හොඳ කණ්ඩායමක්. උන් දෙන්නම එනවා කියන්නේ අපි කිසිම දෙයකට බය වෙන්න ඕන නෑ. උන් දෙන්නා මෙතන හිටියනම් මෙතන තියෙන හොඳම කඳවුර ගහනවා විතරක් නෙවෙයි, සමහරවිට අපිටම කියලා ලිඳකුත් මේ හරියෙන් හාරනවා ශුවර්. ඒ තරමට බුලට් දෙකක් උන්. ඉතින් එතන කටයුතු ඉවර කරලා, රස්නේ නිසා නා ගන්න ඒ යද්දි අසල්වාසි රටේ අයත් ඊට එහායින් මුහුදට බාල්දි දාලා වතුර අරන් නානවා. ඉන්දියන් කාරයෝ කොච්චර මෝඩද කියනවනම් සමහරු සබනුත් ගානවා මුහුදේ නාද්දී. ඒ ආතල්, අපේ ආතල් බල බල අපි නාලා ඉවර වෙද්දී හොදටම රෑ වෙලා . ඉතින් රෑට කාලා, පල්ලියේ පුඡාවට ඉදලා පහුවදා උදේම නැවත අපේ ගම්බිම් කරා එන්න පිටත් උනා. අවුරුද්දකට සැරයක් ලැබෙන මේ අවස්ථාවේ ඒ අපූරු අත්දැකීම විඳගන්න ඔයාලත් කච්චතිව් යන්න. හැබැයි පරිසරය සුරකින්න. මම චතුරංග ජයකොඩි. - Bike Hikers Club Sri Lanka 💥🏍️🏁🍻🚬🔥🤘❤️🇱🇰 #සීමාවෙන්_එහා_යන_යතුරුපැදි_ගමනක් ාල_නෑ.... ාලම_නෑ.... #දැක්ම_නිරවුල්නම් - #බොක්ක_හොඳයිනම් #වරෙන්_යන්න_අපිත්_එක්ක Bike Hikers Club Sri Lanka

🎄✨ Merry Christmas from Bike Hikers Club Sri Lanka! ✨🎄To all our cherished members and every incredible soul around the ...
25/12/2024

🎄✨ Merry Christmas from Bike Hikers Club Sri Lanka! ✨🎄

To all our cherished members and every incredible soul around the world:
May your roads be smooth, your journeys safe, and your hearts full of joy this festive season! 🚴‍♂️🌟🎅

Let’s pedal into the new year with love, laughter, and unforgettable adventures. 🌍❤️🚵‍♀️
Wishing you and your families peace, happiness, and miles of smiles! 🎁🎄🌟



🎅🚴‍♂️💚🎄 Ride safe, ride strong, and keep the spirit alive! 🎄🚴‍♀️✨

💥🏍️🏁🍻🚬🔥🤘❤️🇱🇰

#සීමාවෙන්_එහා_යන_යතුරුපැදි_ගමනක්
ාල_නෑ....
ාලම_නෑ....
#දැක්ම_නිරවුල්නම් - #බොක්ක_හොඳයිනම්
#වරෙන්_යන්න_අපිත්_එක්ක
Bike Hikers Club Sri Lanka

නොනවත්වා 6වෙනි වරටත් අතිසාර්ථක ලෙස අපි,🥹👣🌿⛰ 💚.🥹👣🌿⛰ 💚මේ කියන්න යන්නේ ලංකාවේ සිටින පරිසරයට ආදරය කරන තරුණ සහ වැඩිහිටි පිරිස...
02/12/2024

නොනවත්වා 6වෙනි වරටත් අතිසාර්ථක ලෙස අපි,
🥹👣🌿⛰ 💚.🥹👣🌿⛰ 💚

මේ කියන්න යන්නේ ලංකාවේ සිටින පරිසරයට ආදරය කරන තරුණ සහ වැඩිහිටි පිරිස එකතුවෙලා කරන හරි ලස්සන වැඩක් ගැනයි. මේ වැඩේ පටන් ගන්නේ අපිට මතක විදියට 2019 අවුරුද්දේ. මේක සංවිධානය කරන්නේ සමනල කන්ද රසික එකමුතුව කියල ෆේස්බුක් එකේ සංවිධානය කරගෙන ඉන් එහාට ප්‍රායෝගික තලයට ගෙනාපු අපේම සහෝදරයෝ කීප දෙනෙක්. ඔවුන් අතරින් අපිට මේ සඳහා එකතුවෙන්න කියලා ආරාධනා ලැබෙන්නේ මිගාරගෙන්. එතන ඉන්න සමනල කන්ද රසික එකමුතුවේ සංවිධායක වරුන්ගෙන් මිගාරයා තමයි අපේ එකා.

ඉතින් ඌගෙන් ආරාධනය ලැබුණු අවුරුද්දේ ඉඳලා මේ වෙනකන්ම නොකඩවා අවුරුදු 6ක්ම අපි මේ උතුම් කර්තව්‍යයට දායක වුණා කණ්ඩායමක් හැටියට, ඒ තමයි බයික් හයිකර්ස් අපි.

මෙවර කණ්ඩායමේ කිහිපදෙනෙකුට ඔවුන්ගේ පුද්ගලික රාජකාරීවලින් මිදීමට නොහැකිවුන නිසා මේ ගමනට එකතුවෙන්න බැරිවුනා. ඒත් අපි කරන් ආපු ක්‍රියාව මේතනින් නවත්තන්න බැරි නිසා කණ්ඩායමේ සිටි අනික් සමාජිකයන් අතරින් ජේෂ්ඨත්වය අනුව ඊළඟට සිටින්නේ චතුරංග සහෝදරයා සහ කසුන් සහෝදරයායි. ඒ අනුව ඔවුන් දෙදෙනාගේ මූලිකත්වය ඇතිව අපේ කණ්ඩායමේ ඉතුරු සාමාජිකයන් සමඟින් මෙවර ඉඳිකටුපාන අම්බලමේ ශ්‍රමදානයේ මූලිකත්වය ගෙන සංවිධාන කටයුතු අපි පටන් ගත්තා.

ගියවර ශ්‍රමදානයේදී අපේ කණ්ඩායමේ යෝජනාවක් වූයේ මෙවර ශ්‍රමදානයේදී ඉඳිකටුපාන අම්බලමේ නම සහිත පුවරුවක් සහ උපදේශන මාලාවක් සහිත පුවරුවක් සවිකරමු කියායි.ඒ අනුව මෙවර ගමනට පෙර හෂියා ඒ සඳහා පුවරු දෙකක් නිර්මාණය කර ලබා දුන් අතර එය මුද්‍රණය කිරීම සඳහා පූරණ, කසුන්, චතුරංග යන සහෝඅදරවරුන්ගේද දායකත්වය ලැබුනා.

මෙවර අපිට ලොකුම අභියෝගය වූයේ අපේ පිරිස අඩුවීමයි. ශ්‍රමදානයේදී යන්න අසීරුම අම්බලමයි අපි බාර අරගෙන තියෙන්නේ. අපේ කණ්ඩායමේ ශක්තියට එය විශාල අභියෝගයක් නෙවෙයි, ඒත් මේපාර පිරිස අඩුවීම නිසා එය අභියෝගයක් වුනා.

නමුත් ශ්‍රමදාන දිනය ලංවෙලා අපිට සමනල කන්ද රසික එකමුතුවේ සංවිධායකවරු තවත් පිරිසක් අපිට ලබා දීමට කටයුතු කරා. ඔවුන් අපිට ලොකු ශක්තියක් වුනා මේ ශ්‍රමදානයේ කටයුතු සාර්ථකව නිම කරන්න.

යන අතරමග හමුවුණු බාධක එමටයි, නමුත් ඒ සියලු බාධක අපි කණ්ඩායමක් ලෙස කණ්ඩායම් හැඟීමෙන්, කණ්ඩායමේ ශක්තියෙන් ඒ සියල්ල ජය ගත්තා. සිදුවුණු සියල්ල මෙතන විස්තර කිරීමට අනවශ්‍යයි, ඒ මොකද මේ වෙද්දිත් ඒ සිදුවීම් ගැන ඊට මුහුණ දුන්නුනය, අපි එම බාධක තරණය කරනවා බලා ගෙන හිටපු අය දැනටමත් ඒ ගැන ෆේස් බුක් එකේ දමා අවසන්. එනිසා නැවත නැවත අපි, අපි ගැනම පාරම්බෑමට අවශ්‍ය නෑ.

සියල්ල අවසානයේ ඉඳිකටුපාන අම්බලමට මෙවරත් අපේ දායකත්වය ලබාදෙමින් අපේ නම තබා මතකයන් ගොන්නක් අරන් සහෝදර සහෝඅදරියන් රැසකගේ ආදරයත් අරන් අපි නැවත පහලට කරුණාකර අපේ නිවෙස් බලා විසිර ගියේ ලබන වසරෙත් මෙම උතුම් ක්‍රියාවට දායක වීමේ අධිෂ්ඨානය පෙරදැරිවයි.

අපිත් එක්ක මේවර ඉඳිකටුපාන අම්බලමේ සිටි සහෝදර සහෝදරියන්ගේ නම් ගම් පුද්ගලිකව නොදන්නා නිසා ඔබ සියලු දෙනාට පොදුවේ ස්තූතිය, කෘතඥතාව සහ කණ්ඩායමේ ආදරය පුදනවා.

ඒ වගේම කණ්ඩායමේ වගකීම කරට අරන් මෙවර ගමණ සංවිධානය කර ඊට නායකත්වය ලබාදීපු චතුරංග සහ කසුන් යන සහෝදරයන් දෙදෙනාට කණ්ඩායමේ ගෞරවය සහ ස්තූතිය පුද කරනවා.
ඒ වගේම වෙනදා වගේම මේ සඳහා දායකත්වය ලබා දුන් කණ්ඩායමේ සෙසු සාමාජිකයින්ටත් බෙහෙවින්ම ස්තූතිවන්ත වන අතර, අපිට නන් අයුරින් සහය දැක්වූ මිගාර සහ අචින්ත යන සොහොයුරන් දෙදානටත් ආහාරපාන ආදියෙන් අපිට සංග්‍රහ කල හර්ෂණටත් බොහොමත්ම ස්තූතියි.

මේ අපේ රැහේ.... මේ අපේ එවුන්......

සීමාවෙන් එහා යන යතුරුපැදි ගමනක්.....
දැක්ම නිරවුල්නම් - බොක්ක හොඳයිනම්
වරෙන් යන්න අපිත් එක්ක.....

💥🏍️🏁🍻🚬🔥🤘❤️🇱🇰

#සීමාවෙන්_එහා_යන_යතුරුපැදි_ගමනක්
ාල_නෑ....
ාලම_නෑ....
#දැක්ම_නිරවුල්නම් - #බොක්ක_හොඳයිනම්
#වරෙන්_යන්න_අපිත්_එක්ක
Bike Hikers Club Sri Lanka

01/12/2024

fans
මේ අපේ රැහේ.... මේ අපේ එවුන්......🥇💪💥❤️🏆🥇😉

මුහුදු මට්ටමේ සිට මීටර් 1460කට වඩා ඉහලින් පිහිටි ශ්‍රී පාදයේ ඉඳිකටුපාන අම්බලම මෙම වාරය සඳහා, Bike Hikers Club Sri Lanka අපි අතින් 6 වෙනි වරටත් සූදානම් කරමින්....💪💪💪

🥹👣🌿⛰ 💚.🥹👣🌿⛰ 💚

💥🏍️🏁🍻🚬🔥🤘❤️🇱🇰

#සීමාවෙන්_එහා_යන_යතුරුපැදි_ගමනක්
ාල_නෑ....
ාලම_නෑ....
#දැක්ම_නිරවුල්නම් - #බොක්ක_හොඳයිනම්
#වරෙන්_යන්න_අපිත්_එක්ක

Bike Hikers Club Sri Lanka

 🥹👣🌿⛰ 💚සමණළ කන්ද රසික එකමුතුවෙන් ක්‍රියාත්මක කරන කුරුවිට - එරත්න ශ්‍රී පාද මාර්ගය පිලිසකර කර අම්බලම් පිරිසිදු කර මීළඟ ශ්...
10/11/2024


🥹👣🌿⛰ 💚සමණළ කන්ද රසික එකමුතුවෙන් ක්‍රියාත්මක කරන කුරුවිට - එරත්න ශ්‍රී පාද මාර්ගය පිලිසකර කර අම්බලම් පිරිසිදු කර මීළඟ ශ්‍රී පාද වාරය සඳහා සූදානම් කිරීමේ ශ්‍රමදානයට අති සාර්ථක ලෙස Bike Hikers Club Sri Lanka අපි 6වන වරටත් ඉඳිකටුපාන අම්බලමේ අලුත්වැඩියා කටයුතු වලට දායක වෙන්න සූදානම්.🥹👣🌿⛰ 💚

💥🏍️🏁🍻🚬අපිත් එක්ක මේ පරිසර සුරැකීමේ කටයුත්තේ නියැලීමට කැමති නවක ඔබ සියලු දෙනාට ආරාධනා.💥🏍️🏁🍻🚬

💥🏍️🏁දිනය - නොවැම්බර් මස 30 දින සිට දෙසැම්බර් මස 01 දින දක්වා.
( සැ.‍යු. - කාලගුණ තත්වයන් හේතුවෙන් නිෂ්චිත දිනයන් ගණන වෙනස්විය හැක. එනිසා ඊට සූදානම්ව පැමිණෙන්න. )💥🏍️🏁

වැඩි විස්තර සඳහා කතා කරන්න අපිට :
💥චතුරංග - 077 900 38 14
💥කසුන් - 076 837 8110

සීමාවෙන් එහා යන යතුරුපැදි ගමනක්
දැක්ම නිරවුල්නම් - බොක්ක හොඳයිනම්
වරෙන් යන්න අපිත් එක්ක.

💥🏍️🏁🍻🚬🔥🤘❤️🇱🇰

#සීමාවෙන්_එහා_යන_යතුරුපැදි_ගමනක්
ාල_නෑ....
ාලම_නෑ....
#දැක්ම_නිරවුල්නම් - #බොක්ක_හොඳයිනම්
#වරෙන්_යන්න_අපිත්_එක්ක

Bike Hikers Club Sri Lanka

09/11/2024

fans
වාර්ෂිකව පවත්වනු ලබන කුරුවිට එරත්න මාර්ගය පිරිසිදු කිරීමේ ශ්‍රමදානයට සමගාමීව නොවැම්බර් 30වන දින Bike Hikers Club Sri Lanka අප විසින් ඉඳිකටුපාන අම්බලමේ අලුත්වැඩියා කටයුතු සිදුකරනවා.
කවුද එන්නේ අපි එක්ක මේපාර ශ්‍රමදානයට?

Hey there, friends!We’d love for you to subscribe to our channel! Check out our travel videos—your thoughts and feedback...
27/10/2024

Hey there, friends!

We’d love for you to subscribe to our channel! Check out our travel videos—your thoughts and feedback mean the world to us.

Thanks a bunch!

Cheers,
Admin,
Bike Hikers Club Sri Lanka

-BIKE HIKERS CLUB SRI LANKA- We are the Pioneer team which is Non profitable and keen on reaching enthusiasm through riding. We are traveling by Motorcycles to various adventurous places in Sri Lanka Since 2012. Our Founder is Harshana Udayanga ( හෂියා ) and Poorna Surath ( SP) is the Co-F...

26/10/2024

කොච්චර දුර වුනත් සමහර ගමන් යන්නම වටිනවා 🥹👣🌿⛰ 💚
💥🏍️🏁🍻🚬🔥🤘❤️🇱🇰


#සීමාවෙන්_එහා_යන_යතුරුපැදි_ගමනක්
ාල_නෑ....
ාලම_නෑ....
#දැක්ම_නිරවුල්නම් - #බොක්ක_හොඳයිනම්
#වරෙන්_යන්න_අපිත්_එක්ක

Bike Hikers Club Sri Lanka

25/10/2024

" කොළ පාට හීන 🌿🕊 "
දවසක විදින්නම ඕන හැගීමක් 💚
💥🏍️🏁🍻🚬🔥🤘❤️🇱🇰


#සීමාවෙන්_එහා_යන_යතුරුපැදි_ගමනක්
ාල_නෑ....
ාලම_නෑ....
#දැක්ම_නිරවුල්නම් - #බොක්ක_හොඳයිනම්
#වරෙන්_යන්න_අපිත්_එක්ක

Bike Hikers Club Sri Lanka

Many Happy Returns of the Day Himal Haritha  🏍️🏁🎂🔥🤘🇱🇰Congratulations on your new age. We wish you a lifetime of peace, l...
21/10/2024

Many Happy Returns of the Day Himal Haritha 🏍️🏁🎂🔥🤘🇱🇰

Congratulations on your new age.
We wish you a lifetime of peace, love, and happiness.
Our entire BHCSL team wishes you a wonderful birthday celebration.
May happiness be yours on your special day and all the days of your life.


#සීමාවෙන්_එහා_යන_යතුරුපැදි_ගමනක්
ාල_නෑ....
ාලම_නෑ....
#දැක්ම_නිරවුල්නම් - #බොක්ක_හොඳයිනම්
#වරෙන්_යන්න_අපිත්_එක්ක

Admin.
Bike Hikers Club Sri Lanka

Many Happy Returns of the Day චතුරංග මල්ලියා.🏍️🏁🎂🔥🤘🇱🇰Congratulations on your new age. We wish you a lifetime of peace, l...
18/10/2023

Many Happy Returns of the Day චතුරංග මල්ලියා.
🏍️🏁🎂🔥🤘🇱🇰

Congratulations on your new age.
We wish you a lifetime of peace, love, and happiness.
Our entire BHCSL team wishes you a wonderful birthday celebration.
May happiness be yours on your special day and on all the days of your life.


#සීමාවෙන්_එහා_යන_යතුරුපැදි_ගමනක්
ාල_නෑ....
ාලම_නෑ....
#දැක්ම_නිරවුල්නම් - #බොක්ක_හොඳයිනම්
#වරෙන්_යන්න_අපිත්_එක්ක

Admin.
Bike Hikers Club Sri Lanka

Address

Kajugahawatta, Gothatuwa, New Town
Colombo
10620

Alerts

Be the first to know and let us send you an email when Bike Hikers Club Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bike Hikers Club Sri Lanka:

Share

Category