04/01/2026
දැක්ම නිරවුල්නම් 👁️✨ – බොක්ක හොඳයිනම් ❤️ – වරෙන් යන්න අපිත් එක්ක 🤝 කියලා,
හෂියයි පූර්ණයි බයික් වලින් 🏍️ ලංකාවේ අහු මුළු සොයා චාරිකා යන්න කණ්ඩායමක් නිර්මාණය කරේ, දැනට අවුරුදු ගානකට කලින් ඉඳලා හෂියා හිටපු නඩේ ගුරා සංවිධානයේ ආදර්ශයත් අරගෙන.
ඊට පස්සේ අපි හා සමානම තව තවත් කණ්ඩායම් හතු පිපෙන්නක් මෙන් 🌱 බිහි වුනත් ඒවාට රඳා පවතින්න බැරිවුනා. සමහරු තමන්ගේ කණ්ඩායමේ ආදර්ශයට ගත්තේත් අපේ Bike Hikers කණ්ඩායම සහ අපතුල තුබුණ ගුණාංග සහ සංචාරයේදී අනුගමනය කරන ක්‍රම විදියි. ඒ ගැන දැනගන්නට ලැබීම අපට එක්තරා නිහතමානී ආඩම්බරයක් 🙏 දැනෙනවා.
අපේ කණ්ඩායම ඉහත කාලය තරන් සක්‍රීයව සංචාරක කටයුතුවල දැන් නිරත වන්නේ නෑ. සමහර සංචාර අප ගියත් පෙරමෙන් අප මෙහි පලකරන්නේත් නෑ. හේතුව, ඊට බලපෑ හේතු කාරණා කීපයක් පහුගිය කාලයේ අප පුද්ගලිකව මුහුණ දුන් නිසා.
කේසේ වෙතත් සමනළ කන්ද රසික එකමුතුව මගින් දියත් කෙරෙන සමනළ කන්ද පිරිසිඳු කිරීමේ ශ්‍රමදානයට ♻️ අප ඔවුන් සමඟින් මේ ක්‍රියාවේ මුල් කාලයේ සිටම දායක වුනා. මුල් කාලයේ අපට ස්ථීර ස්ථානයක් නොතිබුණු නිසා අපි අම්බලම් වලට බඩු රැගෙන ගොස් සහය දීම, මග දෙපස නාම පුවරු සිටුවීම 🪧, මග දෙපස එලි පෙහෙලි කරමින් කොඩිවැල් එල්ලීම යනාදී වැඩ භාරව කටයුතු කරා.
එම කාලවලදී අපට නිරීක්ෂණය වූයේ පහල අම්බලම් සහ මාවත් පිරිසිඳු කිරීම සඳහා පිරිස වැඩිපුර දායක වූවත් ඉහල අම්බලම් වන ඉඳිකටුපාන සහ ආන්ඬියාමල තැන්න අම්බලම සඳහා වැඩි පිරිසක් යොමු නොවීමයි. එයිනුත් හැටන් පාර හරහා ආන්ඬියාමල තැන්න අම්බලමට ලඟවිය හැකි වූවත් ඉඳිකටුපාන අම්බලම වෙත පිරිසේ අවදානයක් හෝ දායකත්වයක් නොමැති බවයි.
ඒ අනුව හෂියාගේ යෝජනාව පරිදි අප කණ්ඩායම ඉඳිකටුපාන අම්බලම අලුත්වැඩියා කටයුතු බාරගත්තේ ඉතාමත් උනන්දුවෙන් සහ කැමැත්තේන් 💪. ඒ අපේ කණ්ඩයමේ, අභියෝග හබායෑමේ සහ දුෂ්කර බාධක සමඟ සටන් කිරීමට ඇති කැමැත්ත සහ ස්වභාවයයි.
ඒ අනුව අපි එතැන් සිට හැම වාරයකම, අවරයේදී දුෂ්කර මාර්ග ඔස්සේ 🥾 සමනල කන්ද තරණය කරලා ⛰️ ඉඳිකටුපාන අම්බලමත ලඟ වෙලා, අම්බලම සහ ඒ අවට පරිසරයට හානි නොවන අන්දමින් වටාපිටාව පිරිසිඳු කරලා, ඒවගේම වතුර ටැංකිය සහ වැසිකිලියද 🚰 පිරිසිඳු කර වාරයේ පැමිණෙන බැතිමතුන් සඳහා සූදාන්ම් කර, අවසානයේ අප කණ්ඩායමද ශ්‍රී පාද මළුවට ගොස් 🕉️ වැඳපුදාගෙන නැවත පහලට කරුණාකර පහල නවතා ඇති අපගේ යතුරුපැදිවලින් 🏍️ නැවත අපගේ ගම්බිම් කරා පැමිණියෙමු.
ඒ අනුව ගියවරද මේ ක්‍රියාව සංවිධානය කෙරුනත් හෂියාට සහ පූර්ණ යන දෙදෙනාටම සහභාගී වීමට නොහැකි වුනා. නමුත් අප කරගෙන ආ ඒ කාර්‍යය නොනවත්වා කරගෙන යාම සඳහා කණ්ඩායමේ සාමාජිකයින් වන චතුරංග සහ කසුන් යන දෙදෙනා මත එහි බර තබනු ලැබුවා. චතුරංග අප කණ්ඩායමේ පරණම සාමාජිකයෙක්, මෙහිදී කසුන් විශේෂවන්නේ ඔහු අප කණ්ඩායම හා සම්බන්දවූයෙම මේ සමනල කන්ද ශ්‍රමදානය හරහායි. එතැන් සිට ඔහු මේ වෙනකන්ම අප කණඩායමේ සියලු වැඩ කටයුතු සමඟින් අපහා ශක්තියක්ව 🤝 රැඳී සිටින සාමාජිකයෙක්. ඒ අනුව ගියවර ඉඳිකටුපාන අම්බලම අලුත්වැඩියා කටයුතු ඔවුන් අප සංවිධානය කල අයුරින්ම අනෙකුත් සමාජිකයන් මෙහෙයවා ඉතා ලස්සනට කර තිබුනා.
ඒ අනුව මේවරත් ශ්‍රමදානයේදී සමනල කන්ද රසික එකමුතුවේ නියමුවන්වන මිගාර සහ අචින්ත යන දෙදෙනාගෙන් අප කණ්ඩායමට ඉඳිකටුපාන අම්බලම අලුත්වැඩියා කටයුතු කරගෙන යෑම සඳහා ආරාධනා ලැබුනා. අපි මහත් ආසාවෙන් ඒ ඇරයුම බාරගෙන ඒ සඳහා කථිකාවක යෙදුනා. එහිදී ගියවර ශ්‍රමදානය ගැන කසුන් සහ චතුරංග පැවසූ විස්තර අනුව ඇත්තටම දැන් අමබලමේ අලුත්වැඩියා කටයුතු අවසන්. අවුරුදු කීපයක් අප කරගෙන ආ ඒ ක්‍රියාවේ ප්‍රථිපලයක් වශයෙන් දැන් අම්බලම නවීකරණය වෙලා ඉවරයි. දැන් අම්බලමට ඉස්සරට වඩා පිරිසත් එකතුවෙනවා. දැන් ඇත්තටම තියෙන්නේ අම්බලම අලුත්වැඩියා කිරීමක් නොව, අප අතින් අලුත්වැඩියා වූ ඒ අම්බලම ඒ අකාරයෙන් ඊටත් වඩා හොඳින් පවත්වා ගැනීමයි. දැන් ඒ අමබලමට එකතුවෙන ඒ පිරිසට ඒක කලහැකි වැඩක්. ඒනිසා ටික කාලයකට අපි අම්බලමේ අලුත්වැඩියා කටයුතු අලුත් පිරිසට භාරදීලා, පිරිස අඩු ආඬියාමලතැන්න අම්බලමේ අලුත්වැඩියා කටයුතු සඳහා දායක වීමට තීරණය කරා.
ඒ අනුව යොදාගත් දින අප පාන්දරින්ම 🌅 ශ්‍රීපාදය බලා පිටත් උනේ ආඬියාමලතැන්න වැසිකිලි පද්ධතිය අලුත්වැඩියා කිරීම සඳහා බාරව සිටින පිරිසත් සමඟ ඔවුන්ගේ බස් රථයේමයි 🚌.
නමුත් අපි මරේ වත්ත ලඟින් බැහැලා, සඳගලතැන්න හරහා ඉහලට ගමන් කර හැටන් පාරේ ඇහැල කණුව ලඟට ඇවිල්ලා, එතනින් ඉහලට හැටන් පාර දිගේ මළුවට ගිහින් ශ්‍රී පාදය වැඳපුදාගෙන 🕉️ රත්නපුර පාරදිගේ ආඬියාමලතැන්නට පහල බැහැලා එතැන ශ්‍රම දානයට සහභාගිවුනා.
ඉතාම සහයෝගීශීලී පිරිසක් තමයි ආඬියාමලතැන්න වැසිකිලි පද්දතිය අලුත්වැඩියා කටයුතු බාරව සිටියේ. ඔවුන් පිරිස හා සමඟින් අපගේ පිරිස ඉතාමත් සහෝදරත්වයෙන් 🤝 ශ්‍රමදානයේ වැඩකටයුතු නිම කලා. ඒ අතරේ අපගේ සාමාජිකාවන් දෙදෙනා පෙර සංවිධානය නොකල තේපැන් ☕ සහ නූඩ්ල්ස් 🍜 දන්සලක් ලබාදුන්නා. සියල්ලන්ම ඔවුන් දෙදෙනාට ස්තූතිවන්ත වූවා සහ පිං ලබා දුන්නා 🙏
ශ්‍රමදාන වැඩකටයුතු අවසාන කර අප නැවත රත්නපුර – හැටන් හරස් පාර හරහා හැටන් පාරට පැමිණ, එහි සිට නල්ලතන්නිය දක්වා පහල ගමන් කර එහි නවතා තිබූ අප පැමිණි බස් රථයට නැග 🚌, අප සමඟ පැමිණි සහෘදයන් සමගින් නැවත අපගේ ගම්බිම් කරා සතුටින් 😊 පිටත් වුනා.
මේ ආකාරයෙන් ඉතා ලස්සනට සමනල කන්ද රසික එකමුතුව මඟින් සංවිධානය කල 2025 ශ්‍රමදානය 🌱 සාර්ථකව නිමාවට පත්වුනා.
දැක්ම නිරවුල්නම් 👁️✨ – බොක්ක හොඳයිනම් ❤️
වරෙන් යන්න අපිත් එක්ක….. 🏍️🤍
අපි,
BIke Hikers Club Sri Lanka.