Air Tickets and Visa Consultancy services

Air Tickets and Visa Consultancy services Air tickets booking at Lowest rate and VISA consultancy services

25/10/2024
09/09/2024

ශ්‍රී ලංකාවට කඩුලු 8 ක ජයක්
--------------------------------------------

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසාන ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 8 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 325 ක් ලබා ගත් අතර පන්දුවට පහරදීමේදී Ollie Pope ලකුණු 154 ක් ලබාගත් අතර පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මිලාන් රත්නායක කඩුලු 3 ක් හා විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර හා ධනංජය ද සිල්වා කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 263 ක් පමණක් වන අතර පන්දුවට පහරදීමේදී පැතුම් නිස්සංක හා කමිඳු මෙන්ඩිස් ලකුණු 64 බිඟින් සහ ධනංජය ද සිල්වා ලකුණු 69 ක් ලබා ගත්තා.

දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදීමට පැමිණි එංගලන්ත කණ්ඩායමට සිය දෙවන ඉනිම සඳහා සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 156 ක් පමණක් වන අතර පන්දු යැවීමේදී ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් ළහිරු කුමාර කඩුලු 4 ක්, විශ්ව ප්‍රනාන්දු කඩුලු 3 ක් හා අසිත ප්‍රනාන්දු කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.

ලකුණු 219 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2 ක් පමණක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගිය අතර පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නොදැවී පන්දුවට පහරදුන් පැතුම් නිස්සංක ලකුණු 127 ක් ලබා ගත්තා.

තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 2 ට එකක් ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

Address

Colombo

Telephone

+94719614574

Website

Alerts

Be the first to know and let us send you an email when Air Tickets and Visa Consultancy services posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Air Tickets and Visa Consultancy services:

Share

Category