03/10/2025
හෝටන්තැන්නේ යනවා නම් මේ විදිහට යන්න ❤🤩🍀🐬🌿🦀🌳🐙
මහඑලිය තැන්න එහෙම නැත්තන් හෝර්ටන් තැන්න (horton plains) කියන්නේ ලංකාවේ සුන්දරම ස්ථාන අතරින් එකක්. ලංකාවේ වෙන තැනකදී දකින්න නැති වෙනමම ලෝකයක් තමා එතන තියෙන්නේ. (මිට ආසන්න පරිසරයක් මාතලේ පිටවල පතන හරියේ තියනවා.එත් මේ තරම්ම සුන්දර නෑ ) හෝර්ටන් තැන්නේ තියන ප්‍රධානම ස්ථාන ටික බලන්නන පැය 5ක් විතර පයින් ඇවිදින්න තියනවා. හැබැයි මෙච්චර දුරක් ඇවිද්දේ මේ ටික බලන්නද කියලා කියන අයත් ඉන්නවා. ඒ එක එක්කෙනාගේ රසාස්වාදය තමා.
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යාන භුමිය
1969.12.15 ස්වභාවික රක්ෂිතයක් ලෙසත්
1988.03.16 දින වනෝද්‍යානයක් ලෙසත්
2010.08.02 යුනෙස්කෝ (UNESCO) ලෝක උරුමයක් ලෙසත් ප්‍රකාශයට පත් කර ඇත.
දිස්ත්‍රික්කය:- නුවරඑළිය / රත්නපුර/ බදුල්ල
GPS Reading:- 6.814626, 80.771075
Google Map:- මෙතැන click කරන්න
එන අයට මුලින්ම පොඩි දේවල් ටිකක් කියන්නම්
ටොපි කොලයක දෙයක් හරි ගිය තැන දාලා එන කෙනෙක්නම් ඔබ මෙහි නාවාට කමක් නෑ.
කොහොමත් ඇතුලට යද්දී පොලිතින්, ප්ලාස්ටික් වතුර බෝතල් ඇතුලට ගෙනියන්න දෙන්නෙත් නෑ.
චායාරුප හා මතක සටහන් වලට අමතරව කිසි දෙයක් මෙහෙන් ගෙදර ගේන්න යන්නත් එපා.
වතුර අවශ්‍යතරම් ගෙනියන්න. ප්ලාස්ටික් බෝතල් ගෙනියන්න දෙන්නේ නෑ. (තැන් කීපයක tap තියනවා)
ඇතුලට ගියාම phone වලට signal නෑ. ඒ නිසා නඩේ කෙනෙක් අතපසු උනොත් එන්න තැනක් කතා කරලා තියා ගන්න.
Google map පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවනම් අවශ්‍ය කොටස offline download කරලා තියා ගන්න.
ඔබ හෝර්ටන් තැන්නේ යන්න plan කරනවානම් උදේ 10 (උපරිමයෙන් 12) වත් වෙද්දී එතනට එන්න සැලසුම් කරගන්න. ඒ වගේම තරමක් පැහැදිලි කාලගුණයක් තියන දවසක් තෝරාගත්තොත් ලෝකාන්තයෙන් පහල ලස්සනට බලා ගන්න පුළුවන් වෙනවා.
එන අතරමග ලොකු අන්තට්ටු තියන ගොනුන් බල ගන්න පුළුවන්.සමහර උන් ගොඩක් හිලෑ වෙලා ඉන්නේ මිනිස්සු දාන කෑම කන්න පුරුදු වෙලා ඉන්නේ.
ලොකු දුරක් ඇවිදින්න තියනවා. හර්දයාභාධ තියන කෙනෙක් එහෙම යනවනම් ටිකක් ප්‍රවේසමෙන්. මොකද අපි ගිය දවසේ කෙනෙක් ඇවිදින්න අමාරු වෙලා පපුව රිදෙනවා කියලා අමාරුවෙන් හිටියා. ඇතුලට වාහනයක් ගෙන්න ක්‍රමයක් නෑ. ගිය විදිහට පයින්ම එන්න වෙනවා.
ඒ වගේම සමහර කාල වලට මල් තුහින වැටිලා තියන කාලෙකුත් මෙහෙට තියනවා. එතකොටත් අමුතුම ලස්සනක් මෙහෙ තියනවා.
ඔයාලා හෝර්ටන් තැන්නට එනවනම් මේ තුනෙන් එකක් තෝරාගෙන බලන්න යන්න පුළුවන්
ලෝකාන්තය/පුංචි ලෝකාන්තය/බේකර්ගේ ඇල්ල/ චිමිනි පොකුණ
කිරිගල්පොත්ත කන්ද
තොටුපොල කන්ද
අද ලියන්න යන්නේ පලවෙනි ටික ගැන විස්තරයක්. ඔයාලා හෝර්ටන් තනන පිවිසුමට අවට පස්සේ එතනින් කිරිගල්පොත්ත කන්දට යන්න වෙනමම පාරක් තියනවා. එකට යනවනම් 7Km පයින් යන්න වෙනවා.
ඒ පාරේ නොයා අනිත් පාරේන් ලෝකාන්තය ඇතුළු තැන ටික බලන්න යන්න පුළුවන්. එකේ ටික දුරක් ගියාම Y හන්දියක් හම්බවෙනවා. එතනින් සම්පුර්ණ වට රවුමක් තියෙන්නේ. එක පාරකින් පටන් ගත්තම සම්පුර්ණ රවුම ගිහින් අනිත් පාරෙන් එන්න පුළුවන්.
අපිනම් වම ගියේ වම අත පැත්තේ පාරෙන්. සමහරු එක පැත්තකින් ගිහින් ලෝකාන්තය විතරැක බලල ආපහු ඒ පාරේම එනවා. එහෙම කරන්නේ නැතුව සම්පුර්ණ වටයම යන්න. සම්පුර්ණ වටය 7Km වෙනවා.
මේ පැත්තෙන්යද්දී මුලින්ම හම්බවෙන්නේ පුංචි ලෝකාන්තය. එතනින් අපුරු දර්ශනයක් බලා ගන්න පුළුවන්. හොද පැහැදිලි දවසට මුහුදත් පේනවා කියලා එතන සදහන් කරලා තියනවා.
ගොඩ දෙනෙක් චයාරුප ගන්න කැමති තැනක්නේ මෙතන. (මමත් එහෙමයි) හැබැයි පරෙස්සම් වෙන්න ඕනේ වග අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ.
එතනින් එහාට ගියාම තමා ලෝකාන්තය හම්බ වෙන්නේ. පල්ලෙහායින් රත්නපුර දිස්ත්‍රික්කය/කිරිකැටි ඔය/ Nonpareil Estate බලා ගන්න පුළුවන්.
එතනින් එහාට යදිදී හම්බ වෙනවා බේකර්ගේ ඇල්ල (baker's falls). මේක නම් කරලා තියෙන්නේ ඉංග්‍රීසි ජාතික සැමුවෙල් බේකර් ගේ නමින්. ඔහු මෙහි අලින් ගොනුන් දඩයමේ යද්දී තමා ඔහුට මේ දිය ඇල්ල හමු වෙලා තියෙන්නේ. ඒ ගැන ඔහු 1853 ලියපු THE RIFLE AND THE HOUND IN CEYLON පොතේ සදහන් වෙනවා. මේක නිර්මාණය වෙන්නේ බෙලිහුල් ඔයෙන්.
හැබැයි දැන්නම් මෙහෙ අලි ඇත්තු ඇත්තෙම නෑ. හැබැයි ලංකාවේ ඉන්න ලස්සනම දිවියෝ ඉන්නේ මෙහෙ. සීතලට ඔරොත්තු දෙන්න හොදින් වැවුණු ලොම් පිරුණු පෘෂ්ටිමත් දිවියෝ ඉන්නවා. මෙහෙ camping site එකේ හිටියොත් පාන්දරට සමහ විට බල ගන්න පුළුවන් වෙනවා. ඒක ඉතින් කලාතුරකින් ලැබෙන අවස්ථාවක්,
එතනින් එහාට එදිදී හමු වෙනවා chimini pool හෙවත් චිමිනි විල. මෙතන අමුතුම ලස්සනක් තියන තැනක්.
හෝර්ටන් තැන්න පුරාවටම ලංකාවට අවේනික උන මහරත්මල් දැක ගන්න පුළුවන්. ඊට අමතරව බෝවිටියා හා තවත් බොහොමයක් අවේනික ශාක තියනවා. එත් ඔයාලා දකින්න ඇති ලස්සන කහ පාට මල් පිපුන ගස් වගයක් දැන් හැමතැනම පැතිරිලා.මේ ආක්‍රමණික ශාකය නිසා ලංකාවේ අවේනික ශාක බොහොමයකට තර්ජනක් වෙලා තියනවා.
කොහොම හරි සම්පුර්ණ ගමනට අපිට පැය 5කට කිට්ටුව ගත උනා. එලියට එන්න කිට්ටු වෙද්දී මුළු පළාතම තද මීදුමෙන් වැහිලා තිබ්බේ. පාරේ මීටර් කීපයකට එහා පෙන්නේ නැති තරම් තද මීදුමක් අව නිසා බොහොම හෙමින් තමා වාහනේ එන්න උනේ.
උපුටාගැනිමකි
📷 credit goes to original photographer