21/04/2025
බදුල්ල නයිට්මේල් එකට කැමති හැමෝම කියවන්න ඕන කතාවක් ♥️
ලෝකයේ තියන සුන්දරම දුම්රිය ගමන් වලින් එකක් තමයි ලංකාවේ උඩරට දුම්රිය ගමන. මේ ගමන තවත් සුන්දර කරගන්න ක්‍රම සහ විධිත් තියනවා. මේ කියන්න යන්නේ මේ සුන්දර උඩරට ගමන සමහර අයට සුන්දර වෙන තවත් සමහර අයට අසුන්දර වෙන බදුල්ල නයිට්මේල් එකේ ගමන ගැන.
🔴 මුලින්ම කියන්නම්කෝ බදුල්ල නයිට්මේල් එක ඇයි මේ තරම් විශේෂ කියලා.
බදුල්ල නයිට්මේල් එක කියන්නේ ලංකාවේ ධාවනය වන දුම්රිය වලින් වඩාත් වැඩිම කාල වේලාවක් ගමන් ගන්න දුම්රිය වගේම උඩරට මාර්ගයේ ධාවනය වන දුම්රිය අතුරින් වැඩිම දුම්රිය මැදිරි ගණනක් ධාවනය වන එකම දුම්රිය තමයි මේක. බොහෝ විට උපරිමයෙන් මැදිරි 12ක් හෝ 13ක් මේකට අන්තර්ගත වෙනවා.
ඒ වගේම තමයි බලවේග කට්ටල දුම්රිය හැරුණුකොට දුම්රිය එන්ජින් දෙකක් මගින් දිනපතාම ධාවනය වන එකම දුම්රිය විදියට බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය හඳුන්වන්න පුලුවන්.
🔴 ගොඩක් අය ඇයි මේ බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියේ ගමනට මේ තරම් කැමති.
උඩරට සංචාරය කරන ගොඩක් අය සංචාරය කරන්නෙ කෝච්චියෙ ලස්සන බලන්න යන්නම නෙවෙයි විවිධ කඳු තරණය කරන්න , දිය ඇලි බලන්න ,හයිකින් වලට වගේ විවිධ ක්‍රියාකාරකම් වලට එතකොට රෑ 8 හමාරට කොළඹින් පිටත් වුනාම පහුවදා උදේ වෙද්දී අදාල ගමනාන්තයට යන්න පුලුවන් නිසාම දවසේ කාලය ඉතුරු කරගන්න ගොඩක් අය මේක භාවිතා කරනවා. ඒ එක කාරණයක්. අනික තමයි බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය නියමිත වෙලාවට ගමන් කරොත් ඔහිය,ඉදල්ගස්හින්න ,හපුතලේ ආසන්නයෙන් ගමන් කරද්දී උදේ පාන්දර ඉර පායගෙන එන වෙලාව ඒ දර්ශය වළාකුලු වලටත් ඉහළින් දුම්රියක ඉදන් බලන්න පුලුවන් එකම අවස්ථාව තමයි බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය . මේ මනස්කාන්ත සුන්දර දසුන් පෙල බලන්නම මේකේ ගමන් කරන පිරිසකුත් ඉන්නව . ඒ වගේම පට්ටිපොලදි මේ දුම්රියේ සිදුවන එන්ජින් පයිලට් කිරීමේ ක්‍රියාවලිය හරි විශේෂ වගේම අපූරු සිදූවීමක්. ඒක බලන්නත් ගොඩක් අය ඇලුම් කරනවා.
🔴 බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියේ යන්න සමහර අය අකමැති ඇයි.
සමහර දවස්වලට මේ දුම්රිය ගොඩක් පරක්කු වෙනවා විශේෂයෙන්ම කාර්මික දෝෂ, මාර්ග අවහිරතා එක්ක . ඉතින් ඒ හින්දා සමහර අයට මේක අප්‍රසන්න දුම්රියක්. ඒ වගේම පහසුකම් අතින් සසඳනවිටත් සමහර අයට සෑහීමකට පත් වෙන්න බැරි හින්දා මේ දුම්රියට සමහර අය කැමති නෑ .
⭕ බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියේ මැදිරි සැකැස්ම තියෙන්නේ මෙහෙමයි.
ඉදිරිපස M6 පන්තියේ දුම්රිය එන්ජිම + තුන්වෙනි පන්තියේ මැදිරි 3ක් + තුන්වෙනි පන්තියේ භෝජන රථය+ පාර්සල් තිරිංග මැදිරිය+ තැපැල් මැදිරිය+ පළමු පන්තියේ නිදන මැදිරිය+ දෙවනි පන්තියේ නිදන මැදිරිය+ තුන්වෙනි පන්තියේ නිදන මැදිරිය+ දෙවන පන්තියේ මැදිරි දෙකක්+ තුන්වෙනි පන්තියේ තිරිංග මැදිරිය + පසුපස M6 පන්තියේ සහයක එන්ජිම
සතියේ දිනවල මෙහි පේරාදෙණිය දක්වා පසුපසින් තැපැල් මැදිරියක් ධාවනය වන අතර එය පේරාදෙණියෙන් ගලවා මහනුවර බලා යවනු ලබයි
🔆 දැන් බලමු මේ බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියේ කතාව.
වටේම රන්වන් පැහැ ගැන්වෙමින් අඳුර වැටීගෙන එද්දි රැකියා නිමාවෙලා නිවසට යන අය වගේම, බස්, වාහන ,සෙනඟ මේ සියල්ලන්ගෙන් කොළඹ නගරය කාර්යබහුල වෙන වෙලාව. කොළඹ කොටුව දුම්රිය ස්ථානයත් හරි කාර්යය බහුලයි., ජනාකීර්ණයි .... හතරවටින් දුම්රිය නලා ශබ්ද . දුම්රිය නිවේදන කන පුරා.... ඒ අතර එක හඩක් කන වැකෙනවා....
🔊🔊🔊 " තුන්වෙනි වේදිකාවේ නවතා ඇති රාත්‍රී තැපැල් දුම්රිය රාත්‍රී අටයි තිහට බදුල්ල බලා පිටත්වේ.... දුම්රිය නවත්වන්නේ රාගම , ගම්පහ , වේයන්ගොඩ , පොල්ගහවෙල , රඹුක්කන , කඩුගන්නාව , පේරාදෙණිය හංදිය , ගම්පොළ ,උලපනේ නාවලපිටිය ..... නාවලපිටිය සිට ඉහලවටවල, රදැල්ල , හැර සෑම දුම්රිය ස්ථානයකම නවත්වනු ලැබේ....... 🔊🔊🔊
රැකියා නිම කරලා නිවෙස් බලා යන අය, නිවාඩුවට ගම්බිම් බලා යන අය , යාලුවෝ ටික සෙට්වෙලා විනෝද චාරිකා යන අය වගේම විවිධ , විවිධ අයගෙන් බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය පිරෙනවා. සති අන්තයේ නම් බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය කියන්නේ එකම කාල ගෝට්ටියක්.
බදුල්ල නයිට්මේල් එකේ විනෝද චාරිකා යන සෙට් වල හැම සෙට් එකේම ඉන්නව නයිට්මේල් එකට මගින් නගින එකෙක්
" මචං ට්‍රේන් එක දැන් අද්දනවා උඹ පොල්ගහවෙලින් නැගපං එහෙනම් , උඹ පේරාදෙණියෙන් නැගපං ඈ" කෝච්චියට කොළඹින් නගින එවුන් ඔය විදියට කෝල් එකක් දීලා උන්ට කියනවා.
ඔය සෙට්වලම තව ඉන්නව හැමදාම පරක්කු වෙලා එන එකෙකුත් " කොහෙද *ත්තෝ ඉන්නෙ ඉක්මට වරෙන් දැන් ට්‍රේන් එක අද්දන්න ලෑස්ති " හරි හරි බං ලඟ ඉන්නෙ *කන ට්‍රැෆික් එකක්නෙ තියෙන්නේ ." ඔය උන් අතර වෙන දුරකථන සංවාදයි.
වෙලාව රෑ 8 හමාර වෙද්දී විසිල් ශබ්දයක් සමඟම M6 පන්තියේ දුම්රිය එන්ජිමේ ගාම්භීර නළා ශබ්දය වටේම දෙවනත් කරමින් දුම්රිය හෙමින් හෙමින් ඉදිරියට ඇදෙනවා. නගරය තාමත් කාර්ය බහුලයි හැමතැනම පේන්නේ විදුලි බුබුලු , එක පැත්තකින් පේන්නෙ නෙලුම් කුලුණ . දුම්රිය මරදාන පසු කරන තෙක්ම යන්නේ හරි කීකරු විදියට ලෝකෝ ජන්ශන් එකත් පහු කරලා හෙමීට ඇදුණ දුම්රිය දැන් එන්න එන්නම වේගය වැඩි වෙනවා.. M6 එන්ජිමේ බීට් එක හරි ලස්සනට ඇහෙනවා.
රැකියා නිමාවෙලා නිවෙස් වලට යන අය, නිවාඩුවට කඳුකරයේ තම ගම්බිම් බලා යන වගේම සංචාරය සඳහා යන අය මේ සියල්ලගේම දහසක් බලාපොරොත්තු මැද දුම්රිය සාමාන්‍ය පරිදි රාගම හංදිය, ගම්පහ , වේයන්ගොඩ පසු කරමින් පොල්ගහවෙල හංදියට ළඟා වනවා. මේ වෙද්දී රැකියා නිමාවෙලා නිවෙස් වල යන බොහෝමයක් දුම්රියෙන් බැස ගොසින්. දැන් දුම්රිය කඳුකරයට අවතීර්ණ වෙන්න ආසන්නයි. රඹක්කන දක්වාම සුපුරුදු පරිදි පැමිණි දුම්රිය දැන් කඳුකරයට අවතීර්ණ වීමට නියමිතයි.
රඹුක්කන සිට කඩුගන්නාව දක්වාම ඇත්තේ සීග්‍ර නැග්මක් නිසා මැදිරි 12/13 ක් පමණ ඇති රාත්‍රී තැපැල් දුම්රියට එම නැග්ම තරණය කිරීමට අමතර එන්ජිමක බලයක් අවශ්‍ය වනවා. එම අමතර දුම්රිය එන්ජිම බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියේ පසුපසට සවිකර මෙම නැග්ම තරණය කිරීමට පසුපසින් බලය ලබා දෙනු ලබනවා. බොහෝ විට එය M5 හෝ W3 පන්තියේ දුම්රිය එන්ජිමක් වනවා. බිංගෙවල් පසු කරමින් සීග්‍ර නැග්ම තරණය කරමින් දුම්රිය දැන් ළගා වන්නේ කඩුගන්නාවටයි රඹුක්කන සිට කඩුගන්නාව දක්වා කිසිදු දුම්රිය ස්ථානයක රාත්‍රී තැපැල් දුම්රිය නවත්වන්නේ නෑ. කඩුගන්නාවට ළගාවු දුම්රියෙන් රඹුක්කන සිට පසුපසින් සහය දුන් එන්ජිම ගලවා ඉවත් කරනවා. එතැන් සිට නැවත වරක් රාත්‍රී තැපැල් දුම්රිය කඩුගන්නාව සිට ගම්පොළ දක්වා ගමන් කරන්නෙ තනි එන්ජිම මගින්.
කඩුගන්නාව, පිළිමතලාව පසු කරමින් දුම්රිය දැන් ළගා වන්නේ පේරාදෙණිය හංදිය දුම්රිය ස්ථානයටයි. දුම්රිය පේරාදෙණිය තුන්වෙනි වේදිකාව හරහා බදුල්ල දෙසට ගොස් නැවත පසුපසට පැමිණෙමින් දෙවනි වේදිකාවට ළගාවේ.මෙයද රාත්‍රී තැපැල් දුම්රිය ගමන් ගන්නා අයට අත් විදින්නට ලැබෙන ස්විශේෂි සිදුවීමකි. " මේ පේරාදෙණිය හංදිය දුම්රිය ස්ථානයයි, මහනුවර බලා ගමන් ගන්නා මගීන් පළමු වේදීකාවේ ඇති දුම්රියට මාරු වන්න" නිවේදනයක් නාද වෙයි. දුම්රියේ සමහර අයට මෙය ඇසෙන්නෙ අඬ නින්දෙනි. වෙලාව මධ්‍යම රාත්‍රී 12ට ආසන්න වෙමින් ඇත. මේ අතර විනෝද චාරිකා යන සමහර පිරිස් සිංදු කියමින් සතුටු වෙති. රාත්‍රී තැපැල් දුම්රියේ පැමිණි මහනුවර බලා ගමන් ගන්නා මගීන් පේරාදෙණිය හංදියෙන් බැස මහනුවර හරහා යන සම්බන්ධක දුම්රියට ගොඩ විය යුතුයි.මේ අතරම මහනුවර බලා රැගෙන යන තැපැල් මැදිරිය බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියෙන් ගලවා ඉවත් කරනු ලබයි. මේ හේතු නිසාම පේරාදෙණිය හංදිය දුම්රිය ස්ථානයේ ටිකක් වැඩි වෙලාවක් දුම්රිය නවතා තබනු ලබයි. ඉඳ හිට මැදිරි හරහා එහා මෙහා යන වඩේ , රෝල්ස් වෙළෙන්දෙකුගෙ හඬ, සුවඳ ,මධ්‍යම රාත්‍රීයේ වුවත් කටට කෙල උනන්නකි.
නළාව නාද කරමින් දුම්රිය දැන් ඇදෙන්නෙ ගම්පොළ දෙසටයි. රඹුක්කන සිට කඩුගන්නාව දක්වා පැමිණි මන්දගාමී ස්වාභාවය පරදා දුම්රිය තරමක් වේගයෙන් ඇදෙනවා. මෙතෙක් පැමිණි ගමනේ අමාරුම කොටස , දුෂ්කරම කොටස ඇත්තෙ මීළගටයි .ගම්පොළට රාත්‍රී තැපැල් දුම්රිය පැමිණෙන තුරු ගම්පොළ දුම්රිය ස්ථානයේ තවත් දුම්රිය එන්ජිමක් බලා සිටියි. ඒ M6 පන්තියේ දුම්රිය එන්ජිමක්. මෙලෙස ගම්පොළට ලගාවූ රාත්‍රී තැපැල් දුම්රියට එම එන්ජිම පසුපසින් සවි කරන්නෙ ගම්පොළ සිට පට්ටිපොල දක්වා ඇති සීග්‍ර නැග්ම තරණය කිරීමට සහය දීම සඳහායි. මේ ක්‍රියාවලියේදී දුම්රිය රියදුරන් සන්නිවේදනය පවත්වාගන්නෙ නළා නාද කිරීම මගිනුයි. දැන් දුම්රිය ඇදෙන්නෙ නාවලපිටිය කරායි.
නාවලපිටියට ළගාවූ රාත්‍රී තැපැල් දුම්රිය මේ දුෂ්කර ගමනේ විඩා නිමන නවාතැන විදියට හදුන්වන්න පුලුවන් . කොළඹ සිට රාත්‍රී තැපැල් දුම්රිය රැගෙන ප්‍රධාන දුම්රිය එන්ජිමේ ආ රියදුරු මහතා සහ රියදුරු සහයක මහතා මෙන්ම දුම්රිය නියාමක මහත්වරුන් නාවලපිටියෙන් තම රාජකාරිය නිමාකර දුම්රියෙන් බසින්නෙ මෙතැන් සිට දුෂ්කරම ගමන වෙනත් රියදුරු මහතෙකුට සහ සහයක මහතෙකුටත් නියාමක දෙපළකටත් භාර කරමිනුයි. දුම්රිය එන්ජිමට අවශ්‍ය ජලයද ලබා දී සියල්ල පරික්ෂා කර නාවලපිටියෙන් දුම්රිය නික්මෙන්නෙ සීතල කඳුකරයේ දුෂ්කරම කොටසට අවතීර්ණ වෙමිනුයි. දැන් මධ්‍යම රාත්‍රීයද ඉක්ම ගොස් අවසන්ය. සෙමින් ගමනකට පසු දුම්රිය දැන් ළගා වන්නෙ ඉඟුරුඔය දුම්රිය ස්ථානයටයි. මෙය උඩරට මාර්ගයේ තවත් ස්විශේෂි දුම්රිය ස්ථානයක් ඒ උඩරට මාර්ගයේ හරි මැද පිහිටි දුම්රිය ස්ථානය ලෙස මෙය නාමිකව හඳුන්වන්න පුලුවන්. කිලෝමීටර් දෙකක වෙනසක් හැරෙන්නට මෙම දුම්රිය ස්ථානයේ සිට බදුල්ලට සහ කොළඹට ඇත්තේ එක හා සමාන දුරකි.
ඉඟුරුඔය දුම්රිය ස්ථානයේදි රාත්‍රී තැපැල් දුම්රිය මදකට නවතා තබන්නෙ බදුල්ලේ සිට පස්වරු 6:05ට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියට ඉඩ දීමටයි බොහෝ විට මෙම දුම්රිය දෙක ඉඟුරුඔය දුම්රිය ස්ථානයේදී මෙන්ම නාවලපිටිය සහ ගල්බොඩ දුම්රිය ස්ථානවලදීද මාරුවන අවස්ථා ඇත.
මඳ වෙලාවකින් M6 එන්ජින් ද්විත්වයක් සමඟින් ඉඟුරුඔය දුම්රිය ස්ථානයේ අනෙක් වේදිකාවට ළගා වන්නෙ බදුල්ල සිට කොළඹ බලා යන කඳුකරයේ සිට පල්ලම් බහින රාත්‍රී තැපැල් දුම්රියයි. බැලු බැල්මට ලොකු සෙනඟක් නැතත් දුම්රියේ ඇති බොහෝමයක් මගීන් බෙඩ්ශීට් පොරවන් ජැකට් දාගෙන, මැදිරිවල ජනෙල් දොරවල් පවා වසා දමා නින්දේ පසුවෙයි, දුම්රිය කවුලු වල වීදුරුවල ජල බිංදු මෙන්ම මීදුම මෙන් බැඳී ඇත. ඒ සියල්ල මවා දෙන්නෙ තව ටිකකින් අප පිවිසෙන කඳුකරයේ කාලගුණ තත්වයයි.
දුම්රිය දෙකෙහි හුවමාරුවෙන් පසුව කොළඹ බලා යන රාත්‍රී තැපැල් දුම්රිය පිටත්ව ගිය පසු බදුල්ල බලා යන රාත්‍රී තැපැල් දුම්රියද ඉඟුරුඔයෙන් නික්ම යයි. දැන් දුම්රිය කඳුකරයට පිවිස තිබේ වේලාවද මධ්‍යම රාත්‍රීයද ඉක්ම ගොස් ඇත. කෑලි කැපෙන ඝණ අඳුරේ වුවද මීදුම මැදින් කඳුකරයේ ඇති ආවේණික කඳුකර ලක්ෂණ දැකගන්නට හැකිවේ විටෙක ඈත කඳු අතරින් පිහිටි නිවසක දැල්වෙන ආලෝකයක් , වංගු සහිත තැනකදී දුම්රියේ කෙලවරවල් දෙකත් . දුම්රිය එන්ජින් දෙකේ කඳු අතරින් දෝංකාර දෙන නලා ශබ්දත්, තාලයකට මෙන් ඇසෙන එන්ජින් දෙකේ කඳු තරණයේ ශබ්දයත් මේ ගමනට අමුතු ජීවයක් එකතු කරයි. දැන් දැන් බොහෝ දෙනෙක් නින්දට වැටී ඇති අතර අතරින් පතර දුම්රියේ ඇසුනු බජව් ශබ්දද අඩුවී ඇත. බොහෝ දුම්රිය කවුලු වසා දමා ඇත්තේ ශීතල නිසාවෙනි.
අඩ නින්දට බාධා කරමින් " කෝපි කිරි කෝපි, කිරි කෝපී, පාල්, පාල්" යනුවෙන් කෑ ගසමින් දුම්රිය මැදිරි හරහා යන්නෙ කොපී වෙලෙන්දෙකි. " දැන් බොන්න බෑ බං නානුඔය දිහායින් බොමු" සමහර එවුන් කියන්නේ එහෙමයි. ගල්බොඩ , වටවල, රොසැල්ල පසු කරමින් දැන් දුම්රිය ළගා වන්නෙ හැටන් දුම්රිය ස්ථානයටයි. සිරිපා වන්දනා සමයේ නම් හැටන් දුම්රිය ස්ථානය කියන්නේ කාර්යයබහුලම දුම්රිය ස්ථානයක්.
හැටන් දුම්රිය ස්ථානයේ මද විවේකයකට පසු දුම්රිය නැවතත් ගමන ආරම්භ කරා.දැන් වෙලාව අලුයම 2 පසුවී ඇත. හැටන් දුම්රිය ස්ථානය පසුකර ටික දුරක් යන විට ඉස්සර නම් ලංකාවේ දිගම දුම්රිය බිංගය.වර්තමානයේ නම් දෙවන දිගම බිංගය විදියට හදුන්වන සිංගිමලේ බිංගය හරහා දුම්රිය ගමන් කරයි . නමුත් බිංගය ඇතුලෙන් දුම්රිය ගමන් ගන්නා බව හදුනාගන්නෙ නැගෙන ශබ්දය නිසාම පමණි. දුම්රිය එන්ජිම අසල මැදිරියක ගමන් කරනවා නම් බිංගෙක් තුලින් යනවිට ශීතල පරදමින් එන්ජිමෙන් නැගෙන උණුසුම ගතම සැපවත් කරන බවක් දැනේ. මේ මහ පාන්දර බිංගයක සේයාවක්වත් කොහෙ දකින්නද. කොටගල , තලවාකැලේ ,වටගොඩ පසු කරමින් දැන් දුම්රිය ඉදිරියට ඇදෙයි.සිරිපා සමයේ පැහැදිලි දවසක නම් දුම්රිය කවුලුවෙන් නල්ලතන්නිය සිට සිරිපා මලුව දක්වා දිවෙන හැටන් මාර්ගයේ විදුලි ආලෝකය ලස්සනට දැකගන්න පුලුවන් .
ග්‍රේට්වෙස්ටර්න් පසු කරමින් දැන් දුම්රිය ළගා වන්නෙ උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රධානතම දුම්රිය ස්ථානයක් වන නානුඔය දුම්රිය ස්ථානයටයි. මෙතෙක් පැමිණි ගමනේ ශීත කාලගුණය දැන් වැඩියෙන් දැනෙන්නට පටන් ගෙන ඇත. ලිපි සහ භාණ්ඩ බෑමටත් පැටවීමටත් නානුඔය දුම්රිය ස්ථානයේ දුම්රිය අනෙකුත් දුම්රිය ස්ථානවලට වඩා වැඩි වෙලාවක් නවතා තබනු ලබයි. ඒ අතරතුර හොඳ උණු උණු කෝපි කෝප්පයකින් සප්පායම් වීමටද දුම්රිය රියදුරු මහත්වරුන් අමතක කරන්නෙ නෑ .
දැන් වෙලාවක අලුයම 3 පසුවී ඇත.නානුඔයෙන් නික්මෙන දුම්රිය පැරකුම්පුර පසුකරමින් ඇදේ. දහවලක නම් වන මැද හුදෙකලාවේ ඇද හැලෙන එල්ජින් ඇල්ලේ අපූරුව දැකගන්නට හැකිවේ දුම්රිය කවුලුවෙන් හොඳින් කන් දුන්නොත් අඳුරේ වුවද එහි ශබ්දය නම් යන්තමින් හෝ අසා ගැනීමට පුලුවන් . අඹේවෙලට ළගාවූ දුම්රිය දැන් පිටත් වෙන්නෙ මෙතෙන් ආ ගමනේ ස්විශේෂිම සංධිස්ථානයකටයි. දැන් දුම්රිය ළගාවන්නෙ ශ්‍රී ලංකාවේ මුහුදු මට්ටමේ සිට උසින්ම පිහිටි දුම්රිය ස්ථානය වන පට්ටිපොල දුම්රිය ස්ථානයටයි.සුන්දර හෝර්ටන් තැන්න , ලෝකාන්තය නැරඹීමට යන සංචාරකයින් බොහෝමයක් මෙම දුම්රිය ස්ථානයෙන් බහිනවා.
දැන් අලුයම 4ද ඉක්ම ගොස් ඇත. ගම්පොළ සිට පට්ටිපොල දක්වාම රාත්‍රී තැපැල් දුම්රියට මේ සීග්‍ර නැග්ම තරණය කිරීමට පසුපසින් සහය දුන් බෑන්ක් එන්ජිම දැන් පට්ටිපොල දුම්රිය ස්ථානයේදී ගලවා ඉදිරියට ගෙනවිත් සවිකර ප්‍රධාන දුම්රිය එන්ජිම ලෙස ද්විත්ව එන්ජින් සමගින් මෙතැන් සිට බදුල්ල බලා ගමන් ගන්නව .පට්ටිපොල සිට බදුල්ල දෙසට ඇත්තෙ දුම්රිය මාර්ගයේ බෑවුම සහිත කොටසක්. මේ ක්‍රියාවලිය එන්ජින් පයිලට් කිරීම ලෙස හදුන්වන අතර මෙය සිදුවන එකම දුම්රිය ස්ථානයද පට්ටිපොල දුම්රිය ස්ථානයයි. මෙම ක්‍රියාවලිය දැක බලාගැනීමට දුම්රිය තුල සිටි බොහෝමයක් උනන්දුවක් දක්වනව.අලුයම හතරත් පහත් අතර කීරී ගැහෙන සීතලේ පට්ටිපොල උණුසුම් කරන මේ ජර්මන් හාදුව සැබැවින්ම අපූරු දසුනකි.ඉදිරියේ එන්ජින් ද්විත්වයක් සමඟින් දැන් රාත්‍රී තැපැල් දුම්රිය පට්ටිපොලින් නික්ම යන්නේ ඩයිනමික් තිරිංග ශබ්දයද නලාවේ හඩ පරයමින් . දැන් වෙලාව අලුයම 5ටත් ආසන්නව ඇත.
දුම්රිය ඔහිය දුම්රිය ස්ථානයද පසු කරමින් බිංග 14ක් මැදින් ඉදල්ගස්හින්නට ලංවන විට දැන් දැන් හිමිදිරි හිරු කිරණ පොළොව සිප ගණිමින් සිටී රත්තරන් පාටට ඇති හිරු රැස් කඳු අතරින් සීතල මීදුම් සලු අතරින් වැටෙන අයුරු රාත්‍රී තැපැල් දුම්රියේ සිට දකින්නෙ හරියට උඩු ගුවනේ සිට දකින දර්ශනයක් මෙනි. මේ ගමනේ පට්ටිපොලින් පසුව මේ කොටස තුල දුම්රිය එන්ජින් වල ඩයිනමික් තිරිංග ශබ්දය දැන් වැඩි වැඩියෙන් ඇසෙන්නට ලැබේ. දැන් දුම්රිය ළගාවන්නෙ ලංකාවේ ඇති ලස්සනම සුන්දරම දුම්රිය ස්ථානය වන ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයටයි.වටේම මිහිදුම් සලු සහ කිරි මුහුදෙන් වැසුනු ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයට මේ නැවුම් උදෑසන අමුතුම චමත්කාරයක් එකතු කරයි. එය මිහිපිට දිව්‍යලෝකයක්ම තමයි . දැන් අඳුර මැකි ගොස් හිරු රැස් පතිත වෙමින් තිබේ.
උඩරට දුම්රිය මාර්ගයේ තියන ලස්සනම කොටසක් තමයි ඉදල්ගස්හින්න සහ හපුතලේ අතර කොටස.ඔය කොටසේ සුන්දරත්වය හොඳටම බලාගන්න පුලුවන් බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියේ නියමිත වෙලාවට යන දවසකම තමයි . ඈතින් ලස්සනට ඉර පායගෙන එන දර්ශනය වළාකුළු වලටත් ඉහල ඉදන් දුම්රියක යන ගමන් දකින්න පුලුවන් .
ලංකාවේ ලස්සනම සහ සුන්දරම දුම්රිය ස්ථානය ලෙස සැලකෙන්නෙ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයයි. ඉදල්ගස්හින්න සිට හපුතලේ දක්වා ගමන් ගන්නා විට දුම්රිය මාර්ගය වැටී ඇත්තේ තංගමලේ අභයභූමිය මැදින් වීමද ස්විශේෂි කරුණකි..
ඉදල්ගස්හින්නත් හපුතලේත් අතර ගමන් ගන්නා විට දැක ගත හැක්කේ වැලිමඩ සානුවට අයත් නිම්න භූමියයි. මෙහි සිට නැගෙනහිර හා ඊසාන දිශාවන් බැලූ කල දැකිය හැක්කේ ඈතින් ඈතට විහිදී යන බදුලු බණ්ඩාරවෙල සානු ප්‍රදේශයයි. ලංකාවේ උසම කඳු නාරටිය විහිදී ඇත්තේ නැංගුරමක ආකාරයෙනි සමනළ, නමුණුකුල , පිදුරුතලාගල නකල්ස් යන කඳු පංතීන්ගෙන් සමන්විත නැංගුරමේ පාදය ඇත්තේ හපුතලේ නමුණුකුල කඳු පන්තියයි.
ඉදල්ගස්හින්නේ සිට හපුතලේ දක්වා වූ කිලෝමීටර් හතක් වන දුම්රිය මාර්ගයේ වැටී ඇත්තේ මේ හපුතලේ කඳු පන්තියේ දකුණු ප්‍රපාතය මුදුනේයි. ඒ නිසාම උඩරට දුම්රිය මඟේහි අන් කිසිදු තැනක දැකිය නොහැකි මනස්කාන්ත දසුන් පෙළක් මෙහිදී නැරඹිය හැකියි.
විනාඩි කීපයක ,නමුත් අතිශයින්ම සුන්දර දුම්රිය ගමනකට පසු රාත්‍රී තැපැල් දුම්රිය දැන් ළගාවන්නෙ හපුතලේ දුම්රිය ස්ථානයටයි හපුතලේ යනු තවත් බොහෝ දෙනෙක් ඇලුම් කරන සුන්දර නගරයක්. හපුතලේ, දියතලාව පසු කරමින් දැන් දුම්රිය ලගා වන්නෙ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයටයි බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේදි ගම්පොල සිට පට්ටිපොල දක්වා සහය දුන් පට්ටිපොල සිට ප්‍රධාන එන්ජිම බවට පත්වූ දුම්රිය එන්ජිමේ රියදුරු සහ සහයක මහත්වරුන් තම රාජකාරිය නිම කරන්නෙ බණ්ඩාරවෙල සිට බදුල්ල දක්වා වෙනත් රියදුරු සහ සහයක දෙදෙනකුට රාජකාරිය පවරමින්.නමුත් කොළඹ සිට පැමිණි ප්‍රධාන එන්ජිමට නාවලපිටියෙන් ගොඩ වූ දුම්රිය රියදුරු සහ සහයක මහතා මෙහි දෙවනි එන්ජිම ලෙස ධාවනය වන එම දුම්රිය එන්ජිමේ නාවලපිටිය සිට බදුල්ල දක්වාම ගමන් කරයි.
මෙතෙක් පැවති කඳුකරයේ ශීත කාලගුණය නිමා කරමින් දැන් දුම්රිය ඇදෙන්නෙ කඳුකර වියලි කලාපයටයි. හීල්ඔය දුම්රිය ස්ථානයට ළගාවන සෙමෆෝ සංඥාව කියා පැවේ තව දුරටත් රාත්‍රී තැපැල් දුම්රියට ඉදිරියට යාමට අවසර නැති බවයි. දුම්රිය එන්ජිමේ නලාවේ නොනවත්වා නැගුණු නාදයෙන් මොහොතකට පසු දුම්රිය ඉදිරියට ධාවනය කරන්නට අවසර හිමි සංඥාව ලැබුණා. අලුයම 5:45ට බදුල්ල සිට මහනුවර හරහා කොළඹ කොටුව බලා යන උඩරට මැණිකේ සීග්‍රගාමී දුම්රිය S14 පන්තියේ බලවේග කට්ටලයක් සමඟින් හීල්ඔය ස්ථානයේ දෙවනි මාර්ගයේ නවතා තිබුණෙ රාත්‍රී තැපැල් දුම්රියට ඉඩ දීමටයි.
උඩරට මැණිකෙට සහ හීල්ඔයට සමුදී දැන් දුම්රිය ඉදිරියට ඇදෙන්නෙ මෙතෙක් පැවති ගමනේ ශිතල මකමින් වැටී ඇති හිරු රශ්මිය මැදින්.කිතල් ඇල්ල පසුකර ඇදෙන දුම්රියට එක් පසෙකින් ඇල්ල රොක් අලංකාරව දැකගත හැකි වනවා. දැන් දුම්රිය ලගා වන්නේ සංචාරක පුරවරවරයටයි ඇල්ල දුම්රිය ස්ථානයේ මදක් නවතා තැබූ දුම්රිය දැන් ගමන් ආරම්භ කරන්නෙ මෙතෙක් ගමනේ අවසන් කොටසටයි .වෙලාව උදෑසන 7 පසුවී ඇත. ඇල්ල දුම්රිය ස්ථානය පසුකර මද දුරක් ගිය විට ශ්‍රී ලංකා දුම්රිය ඉතිහාසය මෙන්ම ලෝක දුම්රිය ඉතිහාසයම උඩුයටිකුරු කල ස්විශේෂි නිමැවුමක් මතින් දුම්රිය ගමන් කරනව ඒ ආරුක්කු නවයේ පාලම මතින්. දැන් දුම්රිය ළගාවන්නෙ දෙමෝදර දුම්රිය ස්ථානයටයි දෙමෝදර දුම්රිය ස්ථානයද ස්විශේෂි දුම්රිය ස්ථානයක් බව අමුතුවෙන් සඳහන් කරන්නට අවශ්‍ය නෑ .ඒ සුප්‍රසිද්ධ දෙමෝදර රේල් ගැටය නිසා. දෙමෝදරින් සමුගන්නා රාත්‍රී තැපැල් දුම්රිය දැන් මේ ගමනේ අවසානට එළඹ තිබේ. මෙතෙක් දුම්රිය තුල සිටි මගීන්ගෙන් 75%ක් පමණම මේ වන විටත් දුම්රියෙන් බැසගොස් ඇත.බොහෝ දුම්රිය මැදිරි දැන් හිස්ව පවතී උඩුවර , හාලිඇල පසු කරමින්, නියමිත වේලාවට ධාවනය වූවොත් උදෑසන 7:50/8.00 පමණ වන විට පැය 12කට ආසන්න කටුක, දුෂ්කර එහෙත් සුන්දරම දුම්රිය ගමනකට පසු බදුල්ලට ලගා වන්නෙ රාත්‍රී තැපැල් දුම්රියේ සුන්දර ගමනක් නිමා කරමිනුයි.
සටහන සහ ජායාරූප : ශශින් විජේතුංග
Everyone who loves the Badulla Night Mail, please read this story ♥️
One of the most beautiful train journeys in the world is Sri Lanka’s Upcountry Railway. There are ways and rituals to make this journey even more magical. Here I’ll describe why the Badulla Night Mail trip is enchanting for some, and not so much for others.
🔴 First, why is the Badulla Night Mail so special?
The Badulla Night Mail is the longest-running train service in Sri Lanka, covering the greatest duration of travel among all trains on the Upcountry Line. It routinely hauls 12 or 13 carriages on its run. It’s also the only train on the Upcountry route that’s powered by two locomotives daily, apart from the power sets—it’s often called the “Badulla Night Mail.”
🔴 Why so many people love to ride the Badulla Night Mail.
Travelers into the hills aren’t just going to admire the coaches—they’re here for winding mountain passes, waterfalls, hiking, and more. Leaving Colombo around 8:30 PM and arriving early morning at their destination, passengers save precious daytime hours for trekking and sightseeing. That’s one reason for its popularity.
Another reason is the spectacle of sunrise over the mountains: if the train runs on time past Ohhiya, Idalgashinna, or Haputale, you see the dawn breaking above the clouds from the carriage window—a view unmatched anywhere else. Railway buffs also come to Pattipola to watch the double-heading engine operation, a rare and thrilling event.
🔴 Why some people dislike the Badulla Night Mail.
On certain days the train is severely delayed by mechanical faults or track blockages. For those travelers, its unpredictability is frustrating. Others find the onboard amenities insufficient compared to day services, so they avoid it as well.
⭕ Here’s the usual composition of the Badulla Night Mail:
Leading: M6 locomotive
Three third‑class carriages
Dining car
Parcel van
Postal van
Sleeper cars in first, second, and third class
Two second‑class carriages
Third‑class parcel van
Assistant engine (M6) at the rear
On select days a postal van is coupled at the very back from Peradeniya, then detached and sent to Kandy.
The Story of the Night Trip
The city is still bustling with people, buses, and cars even as darkness falls. At Colombo Fort Station, crowds press around the platform and the rumble of steel wheels fills the air. Then a clear voice over the loudspeaker:
🔊 “Night Mail train number 803, standing at platform three, departing at 8:30 PM for Badulla. Calling at Ragama, Gampaha, Veyangoda, Polgahawela, Rambukkana, Kadugannawa, Peradeniya Junction, Gampola, and onwards…”
Commuters finishing their day’s work, holidaymakers with backpacks, groups of friends on outings—all pour aboard the train. On weekends it’s always packed.
Someone in one carriage yells, “Hey, the train’s waiting—get on at Polgahawela or Peradeniya!” Passengers shout back from nearby seats, “Where are you? Hurry up, the train’s leaving!”
Around 8:30 PM, the deep whistle of the M6 engine echoes twice, and the Night Mail glides forward. The city lights fade behind; lotus lanterns flicker beside the tracks. The engine’s steady beat is almost musical.
At Ragama, Gampaha, Veyangoda and beyond, many travelers alight to go home. But the train presses on into the hill country. Past Rambukkana, the gradient grows steep. A helper engine—often an M5 or W3 class—is engaged at the rear to conquer the climb to Kadugannawa. Once at Kadugannawa, the helper engine detaches, and the single leading locomotive continues alone.
At Peradeniya Junction, the Badulla Night Mail stops on platform three, then reverses to platform two for connections to Kandy. Announcements ring out: “Change here for Kandy services.” For some passengers, lulled by the midnight hour, it’s almost sleep-inducing. As the clock nears midnight, a few groups break into song, celebrating the journey.
Kandy-bound mail vans are uncoupled and attached to the local service. This causes an extra pause at Peradeniya Junction. Vendors hawk warm rolls and pipes of sweet scents drift across the platform at 12 AM.
The train resumes toward Gampola. The helper engine added at Gampola assists through the next steep climb toward Nawalapitiya. Once there, the guard and assistant hand over duties to the incoming night crew; water tanks are refilled, safety checks done, and the train readies for the coldest, most challenging section ahead.
Beyond Nawalapitiya comes Ingiriya Oya—the route’s midpoint—where the Badulla Night Mail often crosses paths with the up‑country express leaving Badulla in the evening. Passengers, bundled in blankets and jackets, peer through fogged windows at the mist-shrouded hills.
Vendors call, “Coffee, milk coffee, tea!” Their cries cut through the pre-dawn stillness. Passing through Hatton and its quiet station at around 2 AM, the train threads through tea plantations and passes the historic second-longest rail tunnel, Elgin Tunnel, whose echoing roar breaks the night’s silence.
Soon the train climbs into the highest reaches of Sri Lanka’s rail network, arriving at Pattipola—the highest station—just after 4 AM. Tourists heading to Horton Plains disembark here. The double‑heading engines switch positions: the helper engine becomes the lead unit for the descent toward Badulla. Watching this “engine pilot” procedure at Pattipola in the chilly pre‑dawn is a highlight for many.
At around 5 AM, as the sun’s first rays tint the mist, the train sweeps into Idalgashinna Station. Here the plateau opens out, offering a celestial panorama of cloud-scattered valleys. The stretch between Idalgashinna and Haputale is often deemed the most breathtaking segment of the Upcountry Line. At sunrise, you can glimpse the sun breaking above the clouds from your carriage window.
Between Idalgashinna and Haputale lie the rolling plains of the Bumdelwala Sanctuary—a unique sight for this mountain route.
After a short halt at Haputale—an attraction in its own right—the train continues to Bandarawela, where the locomotives and crew change over once more. From here the line leaves the cool hills and returns to drier, lower terrain.
A signal at Heel Oya warns of a brief hold, then the train glides into Ella Station just past 7 AM, drawing many watchers who’ve come to see the famous Nine Arch Bridge. The final leg takes the train over the Demodara Spiral, another engineering marvel. At Demodara, 75% of the passengers have already disembarked. The empty carriages roll on through Hali Ela, approaching 7:50–8 AM.
After nearly 12 hours of a challenging yet breathtaking journey, the Night Mail arrives at Badulla, completing its storied run.
Notes by Sashin Wijetunga
Understanding hashtag request
The user is asking for hashtags to be provided one by one, not in separate groups. They want all the hashtags in a single list, not separated by categories. I'll avoid grouping them into sections and instead produce a single string or list, with each hashtag on a new line or separated by spaces. It's clear they want it to be a continuous list of hashtags, not broken down. I'll make sure to deliver this in the format they're asking for.
Reviewing hashtag request
The user wants hashtags related to train travel in Sri Lanka. I'll make sure to provide a list of hashtags, including , , , , and more. Additionally, the user wants citations. Previously, I got incorrect citations by referencing non-existent websites. I need to properly search for the right hashtags using reliable sources. I'll conduct a search for popular Facebook hashtags related to train travel in Sri Lanka, with queries like "Badulla Night Mail hashtags" and related terms. Then, I’ll provide the correct citations!
Citing and listing hashtags
The user asks for hashtags one by one, not in groups. I need a list of hashtags like , , and others, each properly cited. For popular hashtags like , citations can be clustered, but for more specific ones like , we may need to create our own tags due to limited search results. I'll make sure to include citations, likely after each hashtag, while balancing their quantity. I'll use reliable sources and ensure they meet the needs of the user in a clear and structured way.
Selecting hashtags and citations
The user wants hashtags listed one by one, each with a citation. I'll include hashtags I found, like , , , and , and reference sources for each one. For tags like and , I'll cite sources where applicable. If no direct citations exist, I'll mention them using available knowledge. I'll adhere to their request by formatting the list with one hashtag per line, keeping citations clean and grouped for related hashtags. I'll exclude tags with no available citation.