Travel with chana

Travel with chana Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Travel with chana, Travel Company, Galboda.

ගල්බොඩ දියඇල්ල 👫🌼❤️🏞️🐕🐐🐦🐠🦋🐛              🗻 පස්බාගේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වැවේගම ග්‍රාමයෙහි ගලබොඩ ඇල්ල පිහිටා ඇ...
23/11/2022

ගල්බොඩ දියඇල්ල 👫🌼❤️🏞️🐕🐐🐦🐠🦋🐛

🗻 පස්බාගේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වැවේගම ග්‍රාමයෙහි ගලබොඩ ඇල්ල පිහිටා ඇත. වටවල ප්‍රදේශයෙන් ආරම්භ වන කෙන්දෝ ගඟ මූලාශ්‍ර කර ගනිමින් මෙම දිය ඇල්ල නිර්මාණය වී ඇත. ඇල්ල උසින් මීටර 30ක් පමණ වේ. එමෙන්ම මුහුදු මට්ටමේ සිට උස මීටර 950ක් පමණ ඉහළින් පිහිටා ඇත.

🚂 කොළඹ සිට ගමන් කරන අයෙකු⁣ට උදෑසන 5.55 පොඩි මැණිකේ දුම්රියෙන් උදෑසන 10.30 පමණ වන විට ගලබොඩ දුම්රිය ස්ථානයට ළඟා විය හැකිය. දුම්රිය ස්ථානයේ සිට පයින් විනාඩි 45ක පමණ වේලාවකින් දිය ඇල්ල වෙත ළඟා විය හැකිය. දිය ඇල්ල නැරඹීමට සංචාරකයින් රු.50/- ක ප්‍රවේශ පත්‍රයක් ලබා ගත යුතු වේ. නැවත ගලබොඩින් 2.28 ට සහ 4.06 ට කොළඹ දෙසට දුම්රිය දෙකක් ධාවනය වේ.

🍩 ඉතින් පැය 3ක වගේ කාලයක් තියෙනවා අසිරිය නැරඹීමටත්, නෑමටත්, කෑමටත්, හැබැයි ගලබොඩ කඩවල් නම් මුකුත් නැහැ ඒ නිසා තමන්ට අවශ්‍ය දේවල් රැගෙන යනවා නම් හොඳයි.

😍 ගල්බොඩ දිය ඇල්ල ආශ්‍රිත ප්‍රදේශය අදටත් හරිත පැහැයෙන් දිස්වෙනවා වගේම, පරිසර දූෂණයට ලක් නොවෙමින් පැවතීම විශේෂත්වයකි. ඉතින් සුන්දරත්වයෙන් අනූන මෙම සංචාරක ස්ථානය රැක ගැනීම එහි යන අප සැම අමතක නොකළ යුතු කරුණකි..... 🙏

👫 🌼 ඩන්සිනන් ඇල්ල / ශීන් ඇල්ල 🌄 🛵                      ( පූඩළුඔය )           ඩන්සිනන් ඇල්ල නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්...
01/08/2022

👫 🌼 ඩන්සිනන් ඇල්ල / ශීන් ඇල්ල 🌄 🛵
( පූඩළුඔය )
ඩන්සිනන් ඇල්ල නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා තිබෙන ඉතා සුන්දර දිය ඇල්ලකි. පූඩළුඔය - නුවරඑළිය මාර්ගයේ 2km පමණ දුරක් ගිය පසු එම මාර්ගය අසලම පිහිටා ඇති මෙය පියවර දෙකකින් කඩා හැලේ. ඇල්ලේ උස අඩි 328ක් පමණ වේ.

අඩි 7000ක් පමණ උස ග්‍රේට් වෙස්ටර්න් කඳු පන්තියෙන් පෝෂණය වන පූඩළුඔය අතර මැද දී ඩන්සිනන් ඇල්ල ලෙස කඩා හැලෙමින් කොත්මලාඔයට ගලා බසී. ඇල්ල මධ්‍යයේ සරස්වතී මෑණියන්ගේ පිළිරුවක් මෙන්ම ඊට පසෙකින් හින්දු භක්තිකයන්ගේ කෝවිලක්ද ඉදිකර ඇති බැවින් ඉන් ඇල්ලට පූජනීය බවක් මෙන්ම අමුතුම චමත්කාරයක් ගෙන දෙමින් ගලා යයි.

🛣️ ඩන්සිනන් ඇල්ලට ලඟා වීමට මාර්ග කිහිපයකි.
🛵 මහනුවර සිට - තවලන්තැන්න - පූඩළුඔය - ඩන්සිනන්
🛵 තලවකැලේ සිට - වටගොඩ - පූඩළුඔය - ඩන්සිනන්
🛵 නාවලපිටිය සිට - හපුගස්තලාව - නියන්ගංදොර - කුඹල්ඔළුව - පූඩළුඔය - ඩන්සිනන්
🛵 නුවරඑළිය සිට - කිකිළියාමාන - ඩන්සිනන්
නුවරඑළිය සිට 24km පමණ දුරකින් ඇල්ල පිහිටා ඇත.

නිවාඩුවකට ඔබත් ගොස් අවට පරිසරයට හානියක් නොවන අයුරින් හැසිරීමට වගබලා ගනිමින් එහි චමත්කාරය රිසි සේ විඳගන්න.

27/07/2022
⛰️ පෙට්ටිගල ⛰️හිරු උදාවත් හිරු බැසීමත් නැරඹිය හැකි,නුවර තියෙන ලස්සන තැනක් 😍 🌄☘️🌅🐦🌞❤️               මහනුවර දිස්ත්‍රික්කයේ...
27/03/2022

⛰️ පෙට්ටිගල ⛰️
හිරු උදාවත් හිරු බැසීමත් නැරඹිය හැකි,
නුවර තියෙන ලස්සන තැනක් 😍 🌄☘️🌅🐦🌞❤️

මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙණිය ප්‍රදේශයේ බඹරගල රජමහා විහාරස්ථාන භූමියට යාබදව මෙම පෙට්ටිගල පර්වතය පිහිටා ඇත. පර්වතය මුදුන පෙටටියක හැඩයක් ගන්නා බැවින් මෙයට පෙට්ටිගල නමින් හදුන්වන්නට ඇත. මෙය මීටර් 760ක් පමණ උසකින් සමන්විත වේ.

මෙම ස්ථානයට ළඟාවීම සඳහා මහනුවර දෙසින් පැමිණෙන්නේ නම් මහනුවර - මහියංගනය මාර්ගයේ කිලෝමීටර් 17 ක පමණ දුරක් පැමිණි පසු හමුවන දිගන හන්දියෙන් දකුණු දෙසට හැරී තවත් කිලෝමීටර් 05 ට ආසන්න දුරක් පැමිණිය යුතුය.
ඉන් අනතුරුව හමුවන බඹරගල විහාරස්ථානයේ සිට තරමක් දුෂ්කර මාර්ගයක් ඔස්සේ පැයක පමණ තරණයකින් පසුව කඳු මුදුනට ළඟාවිය හැකිය.

කඳු මුදුනට පැමිණි පසු ඉතා චමත්කාර 360° ක දර්ශනයක් දැකගත හැකිවේ. පහළින් වික්ටෝරියා ජලාශයේ මනරම් දසුනක්ද දැකගත හැකිවේ. පෙට්ටිගල පර්වතය මුදුනේ සිට හන්තාන කඳු, නාරම්පනාව, හුන්නස්ගිරි කඳු වගේම නකල්ස් කඳු පන්තිද දැකගත හැකිය.

බඹරගල වසර 2500ක පමණ පෞරාණික මෙන්ම ඓතිහාසික වටිනාකමකින් යුත් විහාරස්ථානයක් බැවින් එහි ඇති නටබුන් හා ඇඳි සිතුවම් වලට මෙන්ම නොකිලිටි පරිසරයට ද කිසිදු හානියක් නොවන අයුරින් ඔබගේ සංචාරය සිදුකර පැමිණෙන ලෙස ඉල්ලා සිටිමි. 🙏

😍 සුන්දර ඉදල්ගස්හින්න 😍❤️ මිහිපිට දිව්‍යලෝකයේ වළාකුළුවලටත් උඩින් ❤️                   🚂  ඉදල්ගස්හින්න යනු, ඌව පළාතෙහි බද...
29/08/2021

😍 සුන්දර ඉදල්ගස්හින්න 😍

❤️ මිහිපිට දිව්‍යලෝකයේ වළාකුළුවලටත් උඩින් ❤️

🚂 ඉදල්ගස්හින්න යනු, ඌව පළාතෙහි බදුල්ල දිස්ත්‍රික්කයට අයත් කුඩා රමණීය ගම්මානයකි. ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය හා හපුතලේ දුම්රිය ස්ථාන අතර පිහිටා ඇත. මෙය මුහුදු මට්ටමේ සිට අඩි 5300 ක් පමණ උසින් පිහිටා ඇත. බදුලු දුම්රිය මාර්ගයේ 68 වන දුම්රියපල වන මෙය ශ්‍රී ලංකාවේ 5 වෙනි උසින් පිහිටි දුම්රිය ස්ථානයයි.

🏔️ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය සුළං කපොල්ලක ඉදිකර ඇති නිසාවෙන් එක් මොහොතක පැහැබරවද තවත් මොහොතක මීදුමෙන් වෙළාගන්නා දේශගුණයක්ද ඇති අපූර්වතම ස්ථානයක් ලෙස හැදින්විය හැකිය.

🚦 කොළඹ කොටුවෙන් රාත්‍රී 8 ට පිටත්වන රාත්‍රී තැපැල් දුම්රියෙන් පැමිණියහොත් අලුයම 5 පමණ වනවිට ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයට ළගාවිය හැකිය.

🏕️ රාත්‍රී කඳවුරු බැදීම් වලට කියාපු ස්ථානයක් තමයි ඉදල්ගස්හින්න මීදුම් කන්ද. ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේ සිට පෙනෙන මානයේ ඇති නිසාවෙන් මෙය අපහසුවකින් තොරව සොයාගැනීමට හැකිවේ. පැයක පමණ තරමක් වෙහෙසකර තරණයකින් පසුව කන්ද උඩටම ( Camping Site ) ළඟාවිය හැකිය. සැන්දෑ යාමයේ දී මීදුමෙන් වෙලාගන්නා දර්ශනය ද, උදෑසන හිරු නැගීම වගේම වළාකුළු වියනෙහි දර්ශනය ද ඉදල්ගස්හින්න කඳු මුදුනේ ඇති චමත්කාරය විදහාපායි.

🏃 ඔබත් මෙහි සංචාරය කර එහි සුන්දරත්වය විදගනිමින් නොකිළිටි පරිසරයට හානියක් නොකර පැමිණීමට වගබලා ගන්න.

📷 Chanaka M Warnakulasuriya
09/08/2021

📷 Chanaka M Warnakulasuriya

කඩියන්ලෙන ඇල්ල  (කැටඹුලා ඇල්ල ) 🏄 🏊                           නාවලපිටියේ සිට තලවකැලේ මග ඔස්සේ ගමන් කිරීමේදී මෙම කඩියන්ල...
02/05/2021

කඩියන්ලෙන ඇල්ල (කැටඹුලා ඇල්ල ) 🏄 🏊

නාවලපිටියේ සිට තලවකැලේ මග ඔස්සේ ගමන් කිරීමේදී මෙම කඩියන්ලෙන ඇල්ල හමුවේ. එම මාර්ගය හරහා ගලා බසින බැවින් පහසුවෙන් ළගා වීමට හැකියාව ඇත. මෙම දිය ඇල්ල පිහිටා ඇත්තේ නාවලපිටිය නගරයේ සිට 13km පමණ දුරකින් වේ. මෙම ඇල්ල ප්‍රසිද්ධ වී ඇත්තේ එය පිහිටා ඇති ගමේ නමිනි. ඇතැමුන් කැටඹුලා ඇල්ල නමින්ද හදුන්වයි.

කඩියන්ලෙන ඇල්ලෙහි විශේෂ කරුණක් වන්නේ මහනුවර දිස්ත්‍රික්කයත් නුවරඑළිය දිස්ත්‍රික්කයත් වෙන් කරනු ලබන එක් මායිමක් ලෙසින් ගලා යාමයි. නාවලපිටිය තලවකැලේ මාර්ගය හරහා මෙය ගලා බසින්නේ ඉතා පැරණි ආරුක්කු පාලමක් හරහා වේ. ගොඩක් උසින් වැඩි ඇල්ලක් නොවුනත් කඩියන්ලෙන දිය ඇල්ල ගොඩක් ලස්සන ඇල්ලක් වෙයි. ඇල්ල අවට පරිසරයත් ඊට නොදෙවෙනි සොබා සෞන්දර්යයෙන් පිරි තෝතැන්නකි.

ඔබත් එහි සංචාරය කර එහි ඇති සුන්දරත්වය විඳගෙන නොයිදුල් පරිසරයට හානියක් නොකර පැමිණීමට වග බලා ගන්න.

❤️ 🛵 🏞️ 🐦 🦀 🐠 🐌 🦋 🚶 🏊 👌 ❤️

ගලබොඩ ඇල්ල ❤️📷 Click by Chanaka M Warnakulasuriya
24/01/2021

ගලබොඩ ඇල්ල ❤️
📷 Click by Chanaka M Warnakulasuriya

14/01/2021

කබරගල්ල දිය ඇල්ල
මන්දාරම්නුවර
❤️

Address

Galboda

Website

Alerts

Be the first to know and let us send you an email when Travel with chana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category