01/10/2025
අවුරුදු 12 සැරයක් හෝර්ටන්තැනට එන මහා නෙළු වසන්තය මේ දවස් වල..
මට තියන එකම අවුල ඇයි මේවා ගැන වගකිය යුතු අය මේවට කැමති මිනිස්සුන්ව දැනුවත් කරන්නේ නැත්තේ කියලා.
මේ දවස් වල අවුරුදු 12 සැරයක් හෝර්ටන්තැන්නේ පිපෙන මහා නෙලු වසන්තය තියෙන බව දන්නවද?
2013 තමයි අවසාන නෙලු වසන්තය තිබ්බේ.
මට මතක විදියට 2013 නෙලු වසන්තය ගැන මම Update වුනේ ජාතික රෑපවාහිනි එකේ ගිය Program එකකින්. ඒ කාලේ ඕක විකාරයක් වුනා. හැබැයි මේක කවදා හරි බලන්න ඕනේ කියලා හිතාගෙත තමයි හිටියේ.
ඒක ගැන තිබ්බ පත්තර article පවා කියෙව්වා.
කොහොම හරි කනාවට වගේ සැප්තැම්බර් 27, 28 හෝර්ටන්තැන්නට ගියාට පස්සේ
(මේ පාර Dream Everest අපිත් එක්ක Everest Base Camp Trekking එක යන Team එකත් එක්ක කිරිගල්පොත්ත & තොටුපල Trekking එක ආපු ගමන්) තමයි දැන ගත්තේ මේ දවස් වල අවුරුදු 12 කට පාරක් එන නෙලු වසන්තය කියලා.
හෝටර්තැන්නට යන පාර දිගේ, කිරිගල්පොත්ත Trail එකේ, ඒ වගේම හොදටම නෙලු තිබ්බේ තොටුපල කන්ද Trail එකේ. යන අඩි පාර දෙපැත්තෙම නෙලු පිරිලා.
කියන්න වචන නෑ ඒ Feeling එක. 🥺
ඒ කියන්නේ තියන හැම නෙලු ගහකම මල් පිපිලා තියෙන්නේ.
ඒත් එක්කම පොඩි තරහක් ආවා, මෙච්චර කාලෙකට සෙට් වෙන මේ වගේ චාන්ස් එකක් ඇයි අපේ අය එළියට දෙන්නේ නැත්තේ කියලා.
මොකද මම වගේම මේක බලන්න කැමති අය සෑහෙන්න ඇති, මේවට ආදරය කරන.
මට මතක විදියට 2013 තිබ්බ අවසාන මහා නෙලු වසන්තය මාර විදියට හයිප් එකක් වුනා.
ඒ කාලේ දෙස් විදෙස් සංචාරකයන් ගෙන් පිරිලා ගියා. මේ පාර මට තේරෙන විදියට වුනේ "හෝර්ටන් තැන්නට නෙලූ ඇවිත්" කියන ආරංචිය එලියට ගියේ නැති එක.
මේ පාර මිස් වුනොත් ඊලග පාර මහා නෙලු වසන්තය එන්නේ 2037 දී. 🤐
මේ පාර
නිල් පාට නෙලු, Strobilanthes sexennis
දම් පාට නෙලු, Strobilanthes pulcherrima
කහ පාට නෙලු, Strobilanthes calycina
සුදු පාට නෙලු, Strobilanthes viscosa or S.diandra
හෝර්ටන්තැන්නේ බලාගන්න පුලුවන්.
ඒකත් වැඩිපුරම තොටුපල trail එක දිගේ.
ලංකාවේ තියන ගොඩක් නෙලු ලංකාවට ආවේනිකයි. මේවා හෝර්ටන්තැන්න ආශිතව හා ඒ අවට කඳු වල බලාගන්න පුලුවන්.
ඉතින් අවුරුදු ගානකට සැරයක් එන මේ චාන්ස් එක මිස් කර ගන්න එපා.
මේක ගැන Full Video එකකුත් දාන්නම් ලගදි...
...........
වෙන තැනක මේ මල් පිපිනම Promote කරන එකයි, ලංකාවේ Wildlife එක මගින් නිසියාකාරව Maintain වන තැනක මල් පිපිනම ඒක ගැන දැනුවත් කරන එකයි දෙකක්.
හෝර්ටන්තැන්නට ඇලුල් වෙද්දි Entrance ටිකට් එකක් අරන් තමයි යන්න ඕනේ. එහෙම ගියාමත් Trail වල යද්දි බෑග් චෙක් කරලා, පොලිතීන් ඔක්කෝම අයින් කරලා ඒවට කඩදාසි බෑග් දීලා තමයි යනනේ.
ඒ වගේම කපුටෝ බෝ වෙන නිසා දැන් trail වලට බත්, නූල්ඩස් වගේ කෑම ගෙනියන්න දෙන්නේ නෑ.
ඔය විදියට පාලනය වෙන එකක් තමයි හෝර්ටන්තැන්න කියන්නේ.
ඉතින් ඔය වගේ තැනක ගිහිල්ලා අපේ අයට නටන්න ටිකක් අමාරුයි. පැලයක් එහෙම ගැලෙව්වොත් ලක්ෂයක දෙකක දඩ. ඕනේ තරම් හෝර්ටන් වල එහෙම වෙලා තියනවා.
මේ වගේ Special කේස් එකකදි හයිප් එකක් අනිවාර්යවෙන්ම එනවා. ඒක ඉතින් ආදාලා පහසුම් දීලා Control කර ගන්න ඕනේ.
නැතුව මේ වගේ තැනක තියන එකක් වහන් හිටිය කියලා තේරුමක්නෑ.
හැම දේකටම නෑ බෑ එපා කියන එකයි, පුලුවන් ටික විද්‍යාත්මකම ක්‍රම වේදයන් හරහා හරි ආකාරව නියාමනය කරන එකයි දෙකක් අහහහ. නිකන් ඉන්න ගමන් ඕවා Study කරන්න.
මිනිස්සුන්ව ආකල්පව හදන්න බැරි තැන් වල තමයි Rule & Regulations හරි ආකාරව ක්‍රියාත්මක වෙන්න ඕනේ.
..............
මල් පිපිලා ඉවර වුන ගමන් ගොඩක් දුරට නෙලු ගස් ටික මැරෙනවා. "මව් මරා පිපෙන නෙලු" කියන්නේ ඒකයි මේවට. සාමාන්‍යයෙන් මාසයක් වගේ මල් ටික තියෙයි කියලා තමා කියන්නේ.
ඊට පස්සේ ආපහු අවුරුදු 12කින් තමයි හරියට සෙට් වෙලා මල් පිපෙන්නේ.
(Copied)