One Day Travel

One Day Travel 🇱🇰 සංචාරයට ආදරය කරන ඔබට
📸 Travel Diaries | Nature Vibes

ඔයාලෙගෙ ඒවත් දාන්න 😍      |🇱🇰
24/09/2022

ඔයාලෙගෙ ඒවත් දාන්න 😍

|🇱🇰

29/08/2022

මා සොයනා ජීවිතයම නුඹත් සොයනා දිනක, නුඹට මා හමුවනු ඇත.. 🥀

අපිට මොනවගෙන්ද අඩුපාඩු
04/04/2022

අපිට මොනවගෙන්ද අඩුපාඩු

හදවතින්ම ශ්‍රී ලාංකිකයි 🇱🇰❤️
04/04/2022

හදවතින්ම ශ්‍රී ලාංකිකයි 🇱🇰❤️

සාප ලත් දූපත අවට මුහුදු ජීවීන්
01/06/2021

සාප ලත් දූපත අවට මුහුදු ජීවීන්

මුහුදු මාළු කන අපි නැවේ විසවලින් මැරුන මාළුන්ට අඩන එකෙ හරිද? අනිවාරෙන් කියවන්න
01/06/2021

මුහුදු මාළු කන අපි නැවේ විසවලින් මැරුන මාළුන්ට අඩන එකෙ හරිද? අනිවාරෙන් කියවන්න

මුහුදෙ මාළු කකා, නැවේ විසවලින් මැරුණ මාළුන්ට අඬනවද ?

ජීවිතේ එක පාරක් හරි සූරිය අරණ බලලා තියනවනං ඔබට මතක ඇති සුද්දයි, ආරච්චියි මහ කැලේ මැද්දෙ වෙඩි තියලා ඇතා මරපු තැනට සේදිරිසුයි කොල්ලයි ආව දර්ශනය.

දළ ඇතා කැලේ මැද්දෙ වෙඩි වැදිලා වැටිලා පණ ඇද ඇද ඉන්නකොට "නූගත් වැද්දෙක්" වුණ සේදිරිස් අහන්නෙ හරි සරල ප්‍රශ්ණයයි.. මේකගෙ මොකක් කන්නද බොල ? කියලා.

මහ ඒජන්ත උන්නාන්සෙට ඇතාගෙ දළ කපලා දෙන්න කියලා කිව්වම සේදිරිස් කියන්නෙ "ඕකගෙ අ හ ව ල් එකත් කඩාගෙන කාපියව්. පව්කාර හැ...." කියලා. මුන්ට හෙඥ ගහන්න කියලා සේදිරිස් දෙයියන්ට කන්නලව් කරනවා.

අනිත් දර්ශනේදි සේදිරිසුයි කොල්ලයි දඩයමේ ගිහින් කොල්ලා මුව රංචුවකට තුවක්කුව මානගෙන ඉන්නවා. සේදිරිස් පොඩි එකාගෙන් අහනවා "මොකාටද උඹ කුරුමානම් අල්ලන්නෙ" කියලා. පොඩි එකා කියනවා "අර පැටියා එක්ක ඉන්න එකාට" කියලා.
එතකොට සේදිරිස් කොල්ලගෙ අත අයින් කරලා අහනවා "අම්මව මැරුවම පැටියා කිරි බොන්නෙ තොයෙ අ ම් ම ගෙන් ද බොල ? " කියලා

සේදිරිස් ගමේ නරකම මිනිහා. සේදිරිස් දඩයක්කාරයෙක්. සත්තු මරලා මස් කරලා විකුණනවා. හැබැයි සේදිරිස් පණ රැක ගන්න සත්තු මැරුවට සේදිරිස් තක්ඩියෙක් නෙමෙයි. සේදිරිස් ලොකු ඉස්කෝලෙකට නොගිහින් ඉගෙනගත්තෙ නැති ඉංග්‍රීසි බැරි නූගත් අමුඩෙ අඳින රා මදින වැද්දෙක් වුණාට සේදිරිස්ට තේරෙනවා බඩගින්නට සතෙක් මරන එකෙයි දළ ගන්න ඇතෙක් මරන එකෙයි වෙනස. කන්න මුවෙක් මරන එකෙයි පැටියෙක් ඉන්න අම්මා මරන එකෙයි වෙනස.

සරලවම බඩගින්නට සත්තු මරලා කන එකයි, ආයෙ හරවන්න බැරි විදිහට පරිසර පද්ධතියක් විනාස කරලා, බඩටත් නැතුව, ගහටත් නැතුව ඔහේ මර මර යන එකෙයි වෙනස , කැලෙන් දර ටිකක් කපන, කිතුලක් මදින එකෙයි, හෙංචයියන්ට ගෙවල් හදලා දෙන්න , ඉස්කො කොටු දාන්න රක්ෂිතයක් ඩෝ ස කරන එකෙයි වෙනස සේදිරිස් වගේ වැද්දෙකුත් දන්නවා.

එතකොට මෙතන තියෙන්නෙ පිං පව් කතාවක් නෙමෙයි. වැද්දෙක්ට තේරෙන සරල විද්‍යාවක්.

වර්තමාන කතාවට ආවොත් ඔබ දන්නවා මුහුදෙ මාළු අල්ලන්න පුලුවන් වුණාට ඩයිනමයිට් දාලා මාළු අල්ලන්න දෙන්නෙ නෑ කියලා.

එතකොට අර දරුවො ටිකගෙ ඔලුවට එන්න පුලුවන්, දැල් දාලා අල්ලලා කන්න හොඳයි, ඩයිනමයිට් දැම්මම උ ඹ ල ට කහනවද කියලා.

නෑ දරුවො ඒ දෙක දෙකක්. දැල් දැම්මම අහුවෙන්න මාළු විතරයි. ඒ අහුවෙන ප්‍රමාණය සීමා සහිතයි. නමුත් ඩයිනමයිට් දැම්මම කන මාළුයි නොකන මාළුයි දාස් ගාණක් නිකං මැරෙනවා. ඒ වගේම මුහුදෙ තියන කොරල්පර වගේ මාළුන්ගෙ වාසස්තාන විනාස වෙනවා. ඒවා විනාසවුණාම මාළු බිත්තර දාන්නෙ ඔය ප්‍රස්ණෙ අහන උන්ගෙ අ ම් ම ල ගෙ බඩේද කියලා අහයි සේදිරිස් හිටියනං. බිත්තර දාන්න තැනක් නැතිවුණාම මාළු වඳවෙලා යනවා. එක ජීවියෙක්ගෙ වඳවීමක් සමස්ථ පද්ධතියටම බලපාන ආහාර දාම ආහාර ජාල පාඩම මම ඉගෙනගත්තෙ හතේ විද්‍යාවට.

එතකොට ගිනිගත්ත නැවේ රසායනික ද්‍රව්‍ය වලින් විසවෙලා මාළු මැරෙනවා. මුහුදෙ ඔක්සිජන් ප්‍රතිසතය අඩුවෙනවා. ප්ලාස්ටික් කෑලියි, රසායනික ද්‍රව්‍යයයි ගිහින් කොරල්පර මැරෙනවා. කොරල් මැරුණම මාලුන්ගෙ අභිජනන (වර්ගයා බෝ කිරීම) ස්ථාන නැතිවෙනවා. ඊටපස්සෙ උන්ව කන ලොකු උන් වඳවෙනවා. මළ මුහුදක් බවට පත්වෙනවා. ඊළඟට කුරුල්ලන්ගෙ තටුවල තෙල් තැන්පත් වෙලා, අර මාළුන්ව කාලා වගේ දේවල්වලින් උන් මැරෙනවා. මුහුදු ශාක, ඔක්සිජන් හදන ඇල්ගි මැරෙනවා, මීගමුව වගේ කලපුවකට ගියාම කඩොලාන පරිසර පද්ධතියක් විනාස වෙනවා. අර ප්ලාස්ටික් ඇට කෑලි අවුරුදු බර ගාණක් නොදිරා තියනවා. වෙරළට ඇවිල්ලා වෙලා තියන දේ පේනවනෙ. ගිනිගත්ත ඒවා වලින් අම්ල වැසි වහිනවා.

අන්තිමේදි ආහාර දාමයක් දිගේ ඇවිල්ලා ඔය ඇයි දුක්වෙන්නෙ කියලා අහන මන්ද බුද්ධිකයෙක්ගෙ දරුවෙක් කන මාළු කෑල්ලකින් අර විස ශරීරගත වෙලා වකුඩඩු රෝග, පිළිකා, අක්මා රෝග පවා ඇතිවෙනවා.

පරිසර පද්ධතියට හානිවෙනවා වගේම ධීවර කර්මාන්තෙ කරගන්න බැරිවෙලා රටේ ජාතික ආර්ථිකේට පවා දැඩිව බලපානවා.

ඊටපස්සෙ ගෙදරදීම සාලයො කිලෝ එකක් හදාගමු වගේ එකක් කරන්න තමයි වෙන්නෙ.

දැන් තේරෙනවද මාළු මැරෙනවට අඬනවා වගේ ලොන්ත තැනකින්, අවුරුදු සිය ගාණකට හරවන්න බැරි මහා විනාසයක් දිහා බැලුවම වෙන්නෙ මොකක්ද කියලා.

ඔය ප්‍රශ්නෙ අහන අය ඕක අහන්නෙ මේවා නොදැන නෙමෙයි. කාගෙ හරි ගැලවුණ රෙද්දක් අන්දන්න ඕන හින්දා. ඒකට කමක් නැහැ.

නමුත් ෆේස්බුක් එකට එන අනිත් දරුවොත් ඔ‍ය කතා අහලා ඒ වගේම පැපොල් ඇට ලොන්තයො බවට පත්වුණාම තමයි සිංහරාජෙ මැද්දෙ වැව් දෙකක් කපලා හිලව්වට රබර් හිටවන්නයි, ඔක්සිජන් කන්නද වගේ කතා අහන්න හිතෙන්නෙ. ඒක හින්දා මේ ගැන දන්න අය නිහඬව ඉන්න එපා. කැස්බෑවා මැරිච්ච එකට වැඩිය මේ ප්‍රශ්ණෙ සෑහෙන ලොකුයි.

හත වසරට ඉස්කෝලෙ නොගියට කමක් නැහැ.
නූගත් සේදිරිස් තරංවත් බුද්ධිමත් වෙන්න.
රත්තරං බිත්තර දාන කිකිළිගෙන් බිත්තර ගන්න, බඩකපන්න යන්න එපා. !

සටහන - චමල් අකලංක පොල්වත්තගේ

#උපුටාගැනීමකි

ඒ ටික 😍 මතක් වෙන්න දැම්මෙ
30/05/2021

ඒ ටික 😍 මතක් වෙන්න දැම්මෙ

වෙසක් පෝහොය දිනයෙන් මේම වසරේ සිරිපා වන්දනා වාරය අවසන් විය.සමන් දෙවිදුන්ගේ ආශිර්වාදයෙන් ලබන වසරේ ඔබ සියලු දෙනාටම සිරිපා ක...
27/05/2021

වෙසක් පෝහොය දිනයෙන් මේම වසරේ සිරිපා වන්දනා වාරය අවසන් විය.
සමන් දෙවිදුන්ගේ ආශිර්වාදයෙන් ලබන වසරේ ඔබ සියලු දෙනාටම සිරිපා කරුණා කරන්න ලැබෙවා 🙏

    |🇱🇰බ්‍රැන්ඩි ගල, මාතලේබ්‍රැන්ඩි ගල යනු මාතලේ පිහිටි අද්විතීය පර්වතයකි. එය මීටර් 1130 ක් උස වන අතර අද්විතීය හැඩයක් ඇත...
27/05/2021

|🇱🇰
බ්‍රැන්ඩි ගල, මාතලේ

බ්‍රැන්ඩි ගල යනු මාතලේ පිහිටි අද්විතීය පර්වතයකි. එය මීටර් 1130 ක් උස වන අතර අද්විතීය හැඩයක් ඇති අතර එය බයිබල් පර්වතයට (බතලේගල) සමාන වේ. නකල්ස් කඳු වැටියේ පාමුල විල්ට්ෂයර් විසින් මෙම පර්වතය සඟවා ඇත. එය සුප්‍රසිද්ධ කඳු නැගීමේ ප්‍රදේශයකි.

නෞකාවේ ගින්න නිසා විනාශ වූ අපේ සුන්දර වෙරළ තීරය 😥
26/05/2021

නෞකාවේ ගින්න නිසා විනාශ වූ
අපේ සුන්දර වෙරළ තීරය 😥

ශ්‍රී ලංකාවේ සැතපුම් (0) බිංදුවේ කණුවමස්කෙලිය පැත්තෙ ඉඳලා ලක්ෂපාන දිය ඇල්ල තියෙන පැත්තට පල්ලම් බහින කොට මේන් මේ වගේ කණුව...
25/05/2021

ශ්‍රී ලංකාවේ සැතපුම් (0) බිංදුවේ කණුව

මස්කෙලිය පැත්තෙ ඉඳලා ලක්ෂපාන දිය ඇල්ල තියෙන පැත්තට පල්ලම් බහින කොට මේන් මේ වගේ කණුවක් තියෙන හන්දියක් සෙට් වෙනවා. හප්පට සිරි මේ විදියෙ බිංදුවෙ කණුවක් මොකටද?

යටත් විජිත කාලයේ ලංකාවේ එක එක නගර වලට දුර මනින්න පටන් අරන් තියෙන්නෙ මෙතන ඉදන්.(සැතපුම් වලින් ) මේක තියෙන්නෙ කොළඹ සිට හැටන් පාරේ එනකොට ගිනිගත් හේන පහු කරලා දියගලින් නෝටන් බ්‍රිජ් පාරේ ඇවිත් නෝටන් බ්‍රිජ් වලින්, ලක්ෂ පාන දිය ඇල්ල (මස්කෙලිය) පැත්තකට එනකොට සැතැපුම් 0 කණුව දැකගන්න පුලුවන්.
ලංකාව හරහා මැදින් සිරස් රේඛාවක් ඇදලා (පේදුරු තුඩුවේ ඉදන් දෙවුන්දර තුඩුව දක්වා) බැලුවොත් ඒ රේඛාව මේ සැතපුම් 0 කණුව හරහා තමයි වැටෙන්නේ........

  🌿   |🇱🇰කිරිගල්පොත්ත, හෝටන් තැන්නකිරිගල්පොත්ත යනු පිදුරුතලගලෙන් පසු ශ්‍රී ලංකාවේ දෙවන උසම කන්දයි. මුහුදු මට්ටමේ සිට මීට...
24/05/2021

🌿 |🇱🇰
කිරිගල්පොත්ත, හෝටන් තැන්න

කිරිගල්පොත්ත යනු පිදුරුතලගලෙන් පසු ශ්‍රී ලංකාවේ දෙවන උසම කන්දයි. මුහුදු මට්ටමේ සිට මීටර් 2,388 පිහිට් කිරිගල්පොත්ත හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ උසම ස්ථානය වේ. කිලෝමීටර 7 ක මෙම මාවත (එක් මාර්ගයක්) සඳහා පැය 5 1/2 ක පමණ කාලයක් ගතවේ. මෙම මාර්ගයේ ගමන් කිරීමේදී උසට වැඩුණු තෘණ බිම්,දොල පහරවල් හා තාල වර්ගයේ ශාක පද්දති දැකගත හැකිය. තවද අවට පරිසරය ගැන නිරීක්ෂණයෙන් ගියහොත් ගෝණුන්, දිවියන් වැනි විශාල සතුන්ද අප රටට ආවේනික සර්පයන්, කටුස්සන්, කෘම් විශේෂ හා ඔබ වාසනාවන්තයකු නම් පක්ෂින්ද දැකගත හකිය.

Address

Gampaha

Telephone

+94777488516

Website

Alerts

Be the first to know and let us send you an email when One Day Travel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share