Sanchara Vlogs

Sanchara Vlogs Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sanchara Vlogs, Eco tour agency, 306/133/b, kimbulgoda, yakkala, Gampaha.

Beyond the Best places in the world more and more attractive scenarios 🌿Please be with us සංචාර 🌿

YouTube :- https://youtube.com/-i8e?si=xl7HX6tzT-NQz0mA

Tiktok :- https://www.tiktok.com/?_t=ZS-901CqVUVeMB&_r=1

21/09/2026

💙 _ Some memories are very fond _ 🌊

20/09/2026

🐿️ _මෙයාගෙන් දත් ඉල්ලපු කාලයක් අපිටත් තිබ්බා_ 🐿️

සියලු දෙනා ලොව සුවපත් වේවා 🙏
19/09/2026

සියලු දෙනා ලොව සුවපත් වේවා 🙏

🤍 _ මිහිඳු ගුහාව _🤍•මහා වෘක්ෂ, මහා පර්වත, හිරු, සඳු වන්දනා කර­මින් ජීවත් වූ ලාංකි­ක­යන් බුද්ධ දර්ශ­නයේ ප්‍රභා­වෙන් විචා­...
17/09/2026

🤍 _ මිහිඳු ගුහාව _🤍

•මහා වෘක්ෂ, මහා පර්වත, හිරු, සඳු වන්දනා කර­මින් ජීවත් වූ ලාංකි­ක­යන් බුද්ධ දර්ශ­නයේ ප්‍රභා­වෙන් විචා­ර­ශීලී මිනි­සුන් පිරි­සක් බවට පත් වීමේ ආර­ම්භය සිදු වන්නේ මහි­න්දා­ග­ම­න­යත් සමඟ බව අප අවි­වා­දි­තව පිළි­ගන්නා කරු­ණකි. ඒ අනුව සිංහල බෞද්ධ ශිෂ්ටා­චා­ර­යේත්, ලාංකේය සංස්කෘ­තික ප්‍රවේ­ණි­යේත් උල්පත ලෙස හඳු­නා­ගන්නේ මිහිඳු මාහි­මි­යන් වැඩම කළ මිහි­න්ත­ලය යි.

තුන් වැනි ධර්ම සංගා­ය­නාව අව­සා­න­යේදී එයට ප්‍රධා­න­ත්වය ලබා­දුන් මොග්ගලී පුත්ත­තිස්ස තෙරුන් සහ අනු­ග්‍ර­හය ලබා­දුන් ධර්මා­ශෝක රජු විදේ­ශ­යන්හි බුද්ධ දර්ශ­නය ප්‍රච­ලිත කිරී­මට අදි­ටන් කර­ගත්හ. ඒ අනුව ලක්දි­වට මිහිඳු මාහි­මි­යන් ප්‍රමුඛ ඉට්ඨිය, උත්ථිය, සම්බල, භද්ද­සාල, සුමන සාම­ණේ­ර­යන් සහ භණ්ඩුක උපා­සක යන පිරිස පිටත් කර එවන ලදි. එසේ මෙර­ටට වැඩම කළ පිරිස එකල මෙරට පාල­කයා වූ දේවා­න­ම්පි­ය­තිස්ස රජුට මුණ­ගැ­සෙන්නේ මිහි­න්ත­ලා­වේ­දීය. සොළො­ස්ම­ස්ථාන අත­රින් එකක් සේ සැල­කෙන මිහි­න්ත­ලය “අම්බ­ස්ත­ලය” එනම් අඹ­ත­ලය යන නාම­යෙන්ද හඳු­න්වනු ලබන අතර තවද සෑගි­රිය, චේති­ය­ගි­රිය හා මිස්සක පව්ව යන නාම ද භාවිතා වේ.

අනු­රා­ධ­පුර නග­රයේ සිට කිලෝ­මී­ටර් 11ක් පමණ දුරින් එයට ඊශාන දිශා­වෙන් මිහි­න්තලා පුද බිම පිහිටා තිබෙන අතර මුහුදු මට්ටමේ සිට මීටර 309.27ක් උස් වූ එම ඓති­හා­සික ශේෂ කන්ද ප්‍රාග් ඓති­හා­සික යුගයේ පටන් මේ දක්වාම දිවෙන දිගු ඉති­හා­ස­යක් හිමි ඉතා වැද­ගත් පූජ­නීය ස්ථාන­යකි. අක්කර 450ක පමණ භූමි ප්‍රදේ­ශ­යක පැතිර පව­තින එම ශුද්ධ භූමිය ඉති­හා­සය පුරා අවි­ඡි­න්නව රාජ්‍ය අනු­ග්‍ර­හ­යෙන් පෝෂි­තවූ බිමකි.

මිහිඳු මාහි­මි­යන් යනු ගිහි කල ධර්මා­ශෝක රජුගේ එකම පුත්‍ර­යාය. ධර්මා­ශෝක රජු පැළ­ලුප් නුවර අධි­රා­ජයා බවට පත් වන විට මහින්ද කුම­රුගේ වයස අවු­රුදු 14ක් වූ අතර ඉන් වසර 6කට පසු එනම් කුමරු වයස අවු­රුදු 20දී පැවිදි දිවි­යට ඇතු­ළත් වී ඇති බවත් පැනේ. මහ­ණ­දම් පිරීම අර­භයා වසර කිහි­ප­යක් ගිය කල උන්ව­හන්සේ රහත් ඵල­යට පත් වූහ. සස­ර­මඟ කෙටි කර­ගත් මහින්ද මහ­ර­හ­තන් වහන්සේ තම පියාගේ ඉල්ලීම පිරිදි උතුම් වූ බුද්ධ දර්ශ­නයේ හරය රැගෙන ලක්දි­වට වැඩම කළහ.

මිහිඳු මාහි­මි­යන් ඇතුළු භික්ෂු පිරි­වර තමන්ගේ වාස­ස්ථා­නය ලෙස මිහි­න්තලා පුද බිමම තෝරා ගත්හ. මිහිඳු හිමියෝ මිහි­න්ත­ල­යේම වැඩ උන්හ. වංශ­කථා සාධක අනුව දෙවන පෑතිස් රජ දවස සංඝයා උදෙසා පූජා කළ ලෙන් 68න් එක් ලෙනක මිහිඳු මාහි­මි­යන් වාසය කර ඇති බවත් වර්ත­මා­නයේ මිහිඳු ගුහාව ලෙස ජන­ව­හරේ ප්‍රච­ලිත වන්නේ එම ගුහාව බවත් පිළි­ගැනේ.

අම්බ­ස්තල දාගැබේ සිට නැඟෙ­න­හිර දිශා­වට ගමන් කරන විට එම ස්ථාන­යෙන් පහ­ළට යොමු වූ අඩි පාරක් දැක­ගත හැකි වේ. ස්වාභා­වික ගල් පිහි­ටීම් හා තැනින් තැන ගොඩ­නැඟූ ශිලා­මය පිය­ගැට පේළි ඔස්සේ එම මඟ සකස් වී ඇති අතර එම මග ඔස්සේ ටික දුරක් ගිය විට මිහිඳු ගුහාව දැක­ගත හැකිය.

මිහිඳු ගුහා­වට එම නම ලැබී­මට හේතුව ලෙස ජන­ප්‍ර­වා­දයේ සඳ­හන් වන්නේ එය මිහිඳු මාහි­මි­යන් වැඩ සිටි ලෙන යන විශ්වා­සය මතය. ජන­ප්‍ර­වා­දයේ නිර­ව­ද්‍ය­තාව සනාථ වන සාධක ලෙනෙන් මෙන්ම ලෙන අවට පරි­ස­ර­යෙන්ද ලැබෙන බව පෙනේ.

මිහි­න්තලා කන්දේ එක් බෑවු­මක පිහිටි ලෙන තුළ සිටින අයෙ­කුට හාත්පස දක්නට ලැබෙන්නේ ඉතාම සුන්දර දර්ශ­න­යකි. ලෙන අවට ස්වාභා­වික පරි­ස­රයේ චම­ත්කා­රය දෙනෙ­තට හසු වන ඕනෑම අයෙ­කුගේ සිතට සැන­සීම ගෙන­දෙ­නවා නොඅ­නු­මා­නය. රහ­තන් වහන්සේ නම­කට එම නිද­හස් පරි­ස­රය තම මනස දියුණු කර­ගැ­නී­මට මනා පිටි­ව­හ­ලක් බව පැව­සීම උචි­තය.

එම ලෙන මිහි­න්තලා කඳු අරණේ පිහිටි අනෙ­කුත් ලෙන් අත­රින් වෙනස් වන සුවි­ශේෂී පිහි­ටී­ම­කින්ද යුක්ත වේ. ඒ අනුව එම ලෙන සකස් වී ඇත්තේ ගල් දෙකක් ඉහ­ළින් එකට බද්ධවූ ආකා­ර­යට වන අතර එම නිසා ඇතු­ළත දෙප­සින්ම පරි­ස­ර­යට විවෘත වී පවතී. එම පිහි­ටීම නිසාම ලෙන හරහා නිරි­න්ත­ර­යෙන් සිහිල් සුළ­ඟක් හමා­යනු දැනේ. එම අපූ­ර්ව­තම ලෙන තුළ පිහිටි ගලේම මනාව ඔප දැමූ ගල් ආස­න­යක් සකස් කර ඇත.

එය මිහිඳු මාහි­මි­යන් භාව­නා­යෝ­ගීව සිටී­මට හා සය­නය කිරී­මට උප­යුක්ත කර­ග­න්නට ඇතැයි ජන­ප්‍ර­වා­දයේ පවතී.

සිංහල ථූප­වං­සයේ සඳ­හන් වන්නේ මිහිඳු මාහි­මි­යන් බොහෝ දෙනාට අව­වාද කර­මින් මිහි­න්ත­ල­යේම වැඩ විසූ බවය. ඒ අනුව පැහැ­දිලි වන කරුණ වන්නේ පොසොන් මස මෙර­ටට වැඩම කළ උන්ව­හන්සේ ඉන් මස­කට පසු උදා වන වස් කාලයේ මිහි­න්ත­ල­යේම වස් විසූ බවය. සෙසු භික්ෂූන් අට­සැට ලෙන්හි වස් වසන කල මිහිඳු මාහි­මි­යන් එම මිහිඳු ගුහාවේ වස් වස­න්නට ඇති බව සිතීම යුක්ති සහ­ග­තය.

මිහිඳු මාහි­මි­යන් සැට­ව­සක් ආයු වළඳා චේති­ය­ගිරි පර්ව­ත­යේදී එනම් මිහි­න්ත­ල­යේදී පිරි­නි­වන් පෑ බව මහා­වං­සය සඳ­හන් කරන අතර ඒ අනුව උන්ව­හන්සේ වෙනු­වෙන්ම වෙන්වූ ලෙනක් එම ආරාම සංකී­ර්ණයේ පැවැ­තු­ණේ­යැයි ජන­ප්‍ර­වා­දයේ එන අද­හස යුක්ති සහ­ගත බව පෙනේ. එසේ නම් මිහි­න්තලා පූජා භූමි­යට බැමි­ණෙන සැදැ­හැ­ව­තුන් අනි­වා­ර්යෙන්ම දැක­බ­ලා­ගත යුතු පූජ­නීය ස්ථාන­යක් ලෙසට මිහිඳු ගුහාව හැඳි­න්වීම වටී.

✍️ : Copied

16/09/2026

🏞️ _ මහකන්දරා වැව _ 🏞️

මිහින්තලේ කන්දට නැගි විට පෙනෙන වනතුරු අතරින් පැතිර යන වැව් අතර විශාලම වැව මහකනදරාව යි. මේ වැව සහ ඒ වටා පිහිටි නටබුන් දැකගැනීමෙන් ඔබට අපුරු අත්දැකීමක් ලබාගත හැකි වනු නිසැක යි. මිහින්තලෙත් වැඳ පුදාගෙන කනදරා වැව නටබුන් පහසුවෙන් නැරඹීමටත් ඔබට පුළුවන්. මිහින්තලේ හන්දිය පසුකරගෙන ත්‍රිකුණාමලය පාරේ කෙත්වතු අතරින් කි. මී. 3ක් පමණ යන විට කනකදරා වැව හමුවෙනවා. මේ මහා මාර්ගය දිව යන්නේ වැව දෙකට බෙදා, ඉංග්‍රීසි යුගයේ දී පස් ගොඩකර තැනූ කන්ඩියක් හරහා යි. වැව් බැම්මට පිවිසීමට නම් ඔබ කනදරා හන්දියෙන් හැරී තවත් කි. මී. 3ක් ගම්මාන හරහා ගමන් කළ යුතු යි.

•මහකනදරාව

ඓතිහාසික වටිනාකමක් සඟවාගත් මේ වැව ආශ්‍රිතව ගොවි පවුල් 3500කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වෙනවා. බොහෝ ජනයාගේ ප්‍රධාන ජීවනෝපාය වනුයේ කෘෂිකර්මාන්තය යි. වැවෙහි අක්කර අඩි 36,000ක ජල ධාරිතාවයක් රැඳවිය හැකි යි. වැවෙහි ගබඩා කරන ජලය යල-මහ දෙකන්නයටම නිකුත් කරනවා. ඉන් වගා කරන කුඹුරු ප්‍රමාණය අක්කර 6,100ක්.

එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක පාලන සමයේ සි. පී. ද සිල්වා වාරිමාර්ග ඇමැති කාලයේ, මහකනදරා වැවෙහි අලුත්වැඩියා කටයුතු සිදුකර තිබෙනවා. වැව් බැම්ම දිගින් කි. මී. 2.8ක්. මෑතක දී යලිත් වැව් බැම්මේ ප්‍රතිසංස්කරණයක් සිදු කළා. වැව් තලයෙහි විශාල ගස් කඳන්, ගල්පර්වත රාශියක් දක්නට තිබීම එහි සුන්දරත්වය ඉහළ නංවන කරුණක්.

•මහකනදරාව බිසෝකොටුව

ඉතිහාසයට අනුව මෙම වැව තනා තිබෙන්නේ මහසෙන් රජු (275-301) විසින්. කනදරා ඔය හරස් කිරීමෙන් එයට ජලය ලබාගෙන තිබෙනවා. කාණවාපී යනුවෙන් එකල එය හඳුන්වා තිබෙනවා. 1 වන සේන රජු (833- 855) කාණවාපිය මිහින්තලේ විහාරය උදෙසා පූජා කර තිබෙනවා. ඊළඟට රජ පැමිණි දෙවැනි සේන මෙහි ජල ධාරිතාව වැඩි කිරීමට වේල්ල උස්කර බඳවා තිබෙනවා. හතරවැනි මහින්ද රජු ද මෙහි ජලය මිහින්තලේ විහාරයේ ප්‍රයෝජනයට පැවරූ බව මිහින්තලේ සෙල්ලිපිවල සඳහන් වෙනවා. පොළොන්නරු යුගයේ දී විජයබාහු සහ පරාක්‍රමබාහු යන රජවරුන් මහනකනදරාව ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. කාණවාපී වැව් බැම්ම රියන් 1600ක් දික්වූ බව පරාක්‍රමබාහුගේ සෙල්ලිපියක දැක්වෙනවා.

වැවෙහි ස්නානය කිරීමත් අපූරු අත්දැකීමක් විඳගත හැකි අවස්ථාවක්. ඒ සඳහා ගම්වැසියන් භාවිත කරන නාන තොටුපොළක් යොදාගැනීමට සැලකිලිමත් විය යුතු යි. වැවෙහි ගැඹුර ගැන අපට අවබෝධයක් නැති නිසා එහි දී ප්‍රවේසම් වීම උචිත යි. වැව් බැම්ම මතට මිහින්තලා කඳුවැටියේ සොඳුරු දර්ශනයක් ද දැකගත හැකිය.

•වැව අවට සොබා සුන්දරත්වය-

මේ අවට පරිසරයේ ඇති වැදගත්කම නිසා 1966 දෙසැම්බර් 9 දා වැවෙහි උපරිම ජල මට්ටමේ සිට මීටර 122ක දුරක් කනදරා වැව අභය භූමිය ලෙස ප්‍රකාශ කළා. වැව වටා වූ වන තීරයේ මුවන්, ගෝනුන් ඇතුළු ක්ෂීරපායීන් රැසක් දිවි ගෙවනවා. ඉඳහිට අලිඇතුන් ද මෙහි පැමිණෙනවා. පක්ෂින් නැරඹීමටත් වැව අවට කදිම යි. මොණරා මෙහි ඉතා සුලබව රංචු වශයෙන් දැකගත හැකි යි. දියකාවන් සිය ගණනින් මෙහි හැසිරෙනවා. සැවුල්පෙද දියසැනා, නිල් කිතලා, මහ දියකාවා, අහිකාවා, මහසුදු කොකා, කණකොකා, කරවැල් කොකා, ලතුවැකියා, විවරතුඩුවා, පාදිලිමානාවා, හැඳිආලාවා, සියක්කාරයා ඇතුළු ජලාශ්‍රිත පක්ෂින් වර්ග රාශියක් මෙහි දිවි ගෙවනවා.

•ගලේ පන්සල

කනදරා වැව් බැම්ම පසුකර පිටවානෙන් පැන තවත් කි. මී. 1ක් පියමං කළ විට මේ විහාරයට පැමිණිය හැකි යි. එහෙත් වැවේ ජලය වැඩි කාලයට මේ පාරෙන් යාමට බැහැ. ඒ සමයට කනදරාව සිට කුඩාගම දක්වා දිවයන බොරළු මාර්ගයේ ගමන් කිරීමෙන් විහාරයට පැමිණීමට පුළුවන්.

•විහාරයේ නටබුන්

ගලේ පන්සල පිහිටා ඇත්තේ වැවට නෙරාගිය ගල්පර්වත බහුල තුඩුවක් මත යි. පන්සල පිහිටුවා ඇත්තේ වැව ඉදිකිරීමටත් පෙර ක්‍රිස්තු පූර්ව යුගයේ බව එහි පිහිටි සෙල්ලිපිවලින් පැහැදිලි වෙනවා. මිහින්තලේ කන්දේ ලෙන් කරවූ ආසන්න වකවානුවක මෙහි ලෙන් ද කරවා භික්ෂූන් වහන්සේට පූජාකර තිබෙනවා. මුලින්ම භාවනානුයෝගී භික්ෂූන් සිටි වනගත ආරණ්‍යයක් වූ එය, අනුරාධපුර මධ්‍ය කාලය වන විට ගොඩනැගිලි සහිත දියුණු විහාරයක් බවට පත්ව තිබෙනවා. කටාරම් කෙටූ ලෙන් 8ක් මෙහි පිහිටා තිබෙනවා. ලෙන් දෙකක් විහාරයේ සංඝාවාස සඳහා භාවිත කර තිබෙනවා. අනෙක් ලෙන් දැනට පවතින්නේ වනගතව යි.

විහාරය පිහිටි කඳුගැටය මුදුනේ මෑතක දී බුද්ධ ප්‍රතිමාවක් ඉදිකර තිබෙනවා. එයට නුදුරින් ද්විත්ව වේදිකා සහිත පධානඝර ගොඩනැගිල්ලක නටබුන් දැකගත හැකි යි. අවට නටබුන් පිරික්සීමේ දී පෙනෙන්නේ එවැනි ගොඩනැගිලි කිහිපයක්ම වනයට යට වී තිබෙන බව යි. පධානඝර තිබීමෙන් පෙනෙන්නේ අනුරාධපුර යුගයේ මධ්‍ය භාගයේ දී මෙය දියුණු ආරණ්‍යයක් වශයෙන් පැවති බව යි.

මෑතක දී ඉදිකළ විහාරයක් සහ සංඝාරාම ගොඩනැගිල්ලක් ද මෙහි දැකගත හැකි යි.

පුරාණ කම්කරුවාගේ දක්ෂකම සිහිපත් වන, මේ වන තෙක් දැනගෙන ඇති ඉතාම හොඳ නිදර්ශනයක් වන, පුරාණ කළුගල් පාලමක් සංගිලිකනදරාවේ දියදොරටුවට යාර 300ක් දුරින් පිහිටා තිබෙන බව ආර්. එල්. බ්‍රෝහියර් 1930 දශකයේ සඳහන් කරනවා.

හොඳින් ආරක්ෂා වී ඇති මෙම ගල්පාලම වෙතට විහාරයේ සිට ගම්මානය මැදින් වැටී ඇති ගුරුපාරෙහි කි. මී. 1.5ක් ගමන් කිරීමෙන් ළඟා වීමට පුළුවන. එය වෙත පැමිණීමට නම් ගැමියකුගෙන් මඟ සලකුණු අසාගත යුතුයි. පාලම මතින් දැනටත් ගමන් කළ හැකි යි. එයට යටින් දැනටත් ජලය ගලා බසිනවා. පාලම ඉදිකර තිබුණේ පුරාණ කනදරා ඔය හරහා යි. වැව තනා තිබෙන්නෙත් කනදරා ඔය හරස් කිරීමෙන්. මෙය අනුරාධපුරයේ සිට මිහින්තලේ හරහා ගෝකණ්න (ත්‍රිකුණාමලය) වෙත වැටී තිබූ ප්‍රධාන මාර්ගයේ ඉදිකර තිබු එකක්. අශ්ව රථයකට වුව පාලම හරහා ගමන් කළ හැකි පරිදි එය තනා තිබෙනවා. අද මේ අවට එළවළු වගාබිම් සහ වනවදුලු පැතිර තිබෙනවා.

කනදරා ඔය පාලම දිගින් අඩි 80ක් පමණ වෙනවා. පළලින් අඩි 8ක්. කණු 42ක් මත ගල්පුවරු අතුරා එය ඉදිකර තිබෙනවා. මතුපිට ඇතිරූ ගල්පුවරු අඩි 5සිට 6 දක්වා දිගකින් ද, අඩි 1.5ක් පමණ පළලින් ද යුක්ත යි. පුවරුවක ඝනකම අඟල් 8ක්.

මෙවැනි පාලම් 13ක්ම අනුරාධුරය හරහා ගලන මල්වතු ඔය හරහා ද වැටී තිබුණා. මේ අතරින් ගැල් ගමන් කළ හැකි වූයේ උතුරු හා නැගෙනහිර ප‍්‍රධාන මාර්ගයට සම්බන්ධ ගල් පාලම් හරහා පමණ යි. ප‍්‍රධාන ගල් පාලම් දෙකට අමතරව ගලින් කරන ලද තවත් පාලම් 4ක නටබුන් සොයා ගෙන තිබෙනවා. අවම වශයෙන් අඩි 6-8 දක්වා පමණ පළලින් යුතුයැ යි අනුමාන කළ හැකි, එක්වර මඟීන් 4-5කට එක පෙළට ගමන් කළ හැකි මෙම පාලම් විසුද්ධිමග්ගයේ ජම්හසේතු නමින් හඳුන්වා තිබෙනවා.

✍️ : Copied

🙏🪷 _ මහා සෑරදුන් _ 🪷🙏රුවන්වැලි මහා සෑය හෙවත් ස්වර්ණමාලි මහා සෑය ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ශාරීරික චෛත්‍යයකි. මෙය අතීත මහා ...
15/09/2026

🙏🪷 _ මහා සෑරදුන් _ 🪷🙏

රුවන්වැලි මහා සෑය හෙවත් ස්වර්ණමාලි මහා සෑය ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ශාරීරික චෛත්‍යයකි. මෙය අතීත මහා විහාරයට අයත්වූ ප්‍රධානතම දාගැබ විය. එසේම මෙය වර්තමානයේ අටමස්ථාන වලට අයත් ප්‍රධානතම දාගැබ වේ. මෙම ස්ථූපය සොළොස්මස්ථාන (පූජනීය ස්ථාන දහසය) සහ අටමස්ථාන අතරින් එකකි.

•රුවන්වැලි මහා සෑය
ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින ලෝකයේ පූජනීයම ස්ථාන අතුරින් එකකි. ඒ අතරම ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින එකම දාගැබ වන්නේද රුවන්වැලි මහා සෑයයි.මෙතුල දඹ රන් පිරිනිවන් පානා ආකාරයේ පිලිමයක් ඇත.

උසින් අඩි 338ක් (මීටර් 103) සහ අඩි 942ක (මීටර් 287.1) විෂ්කම්භයකින් යුක්ත වන මෙය ලෝකයේ දැනට පවතින උසම ස්මාරක අතරින් එකක් වේ.(ගර්භයේ මුල වටප්‍රමාණය අඩි 807 කි.)වාස්තු විද්‍යාත්මක ගුණාංග සහ ආශ්චර්යවත් බව නිසා ලොව පුරා බෞද්ධ ජනතාව අතර අති පූජනීය තත්වයට පත්වී ඇති ස්ථූපයකි.

•අන්වර්ථ නාම

☆මහාථූප (පාලි භාෂාවෙන්)
☆මහා ස්ථූපය
☆මහා ථූපය
☆මහා සෑය
☆රුවන්වැලි මහා සෑය
☆රුවන්මැලි මහා සෑය
☆රත්නමාලි මහා සෑය
☆රතනමාලි මහා සෑය
☆හේමමාලි මහා සෑය
☆අසදෘශ මහා සෑය
☆ස්වර්ණමාලී මහා සෑය

•ශාරීරික ධාතු

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව රටවල් අටක නරපතියන් විසින් සෑම රටකටම ධාතූන් වහන්සේලා නැලි දෙක බැගින් ගෙනනොස් ස්ථූපවල නිදන් කරවා වන්දනාමාන කරන ලදී. රාමාගම ග්‍රාමයේ නිදන් කර තිබූ ධාතූන් වහන්සේලා සහිත නැලි දෙක බුදුන් වහන්සේගේ අධිෂ්ඨානයට අනුව රුවන්වැලි මහා ස්ථූපයේ නිධාපිත කරන්නට නියම කෙරිනි. ඇසළ පුන් පොහෝ දින උත්තරාසීහ නැකතින් මහා ස්ථූපයේ ධාතු නිධානය කිරීමට නිල උත්සවයක් සංවිධානය කළ දුටුගැමුණු රජතුමා, පුන් පොහෝ දිනට පෙර දින සංඝ රත්නය මුණගැසී වැඳ නමස්කාර කොට, පසු දිනය ධාතු නිධාපිත කිරීමට සූදානම් කර ඇති බවට මතක් කරමින් ධාතූන් වහන්සේලා රැගෙන එන ලෙස ඉල්ලා සිටියේය.සංඝයා වහන්සේගේ විධානයෙන් පසුව සෝඋත්තර නම්වූ අධුනික රහතන් වහන්සේ සෘද්ධි බලයෙන් ධාතූන් වහන්සේලා රැගෙන වැඩම කළහ. ඉන් ඉක්බිති සංඝයා වහන්සේගෙන් ධාතූන් වහන්සේලා පිළිගත් දුටුගැමුණු රජතුමා, එය රත්‍රන් මංජුසාවක බහා තම හිස මතට ගෙන, අනේක විධ දක්ෂිණ හා උපහාරත්, දිව්‍ය සහ බ්‍රහ්මයන්ගේ ගරු බුහුමන් මධ්‍යයේ ස්වර්ණමය මණ්ඩපයෙන් පිටත් විය.ඔහු, තුන්වරක් ධාතු මැදිරිය වටා පැදකුණු කොට නැගෙනහිර දිශාවෙන් ඇතුල් වී උතුරු දෙසට මුහුණලා පිළියෙල කර තිබූ රිදී සයනයක ධාතු මංජුසාව තැන්පත් කළ විට බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨාන බලයෙන් සිංහසෙ‍යාවෙන් බුදු පිළිරුවක් හටගෙන සියලුම ධාතූන් වහන්සේලා ඒ ප්‍රතිමාව තුල නිධන්ගත වූහ. ධාතූන් වහන්සේලා රුවන්වැලි මහා ස්ථූපයේ නිධන්ගත වීම සම්පූර්ණ වූ පසු, උත්තර සහ සුමන සාමණේරයන් වහන්සේලා විසින් පියනක් ලෙස පසුව පාවිච්චි කිරීම සඳහා කලින් සඟවා තිබූ ගල් ආවරණයකින් ධාතු ගර්භය වසා දමන ලදී.

"ධාතු ගර්භය භූමිකම්පාවකින් වුවද නොසෙල්වේවා ; එදින පූජා කළ පිච්ච මල් ආදී මල් වර්ග ගෞතම බුද්ධ ශාසනය අවසන් වන තුරු මැල නොවේවා;ගිතෙල් වලින් දල්වන ලද පහන් නොනිමේවා; සඳුන් සහ සුවඳ විලවුන් මිශ්‍ර කරන ලද පස් වියළී නොයේවා; ධාතු ගර්භයේ එකදු සීරීමක් වත් නොවේවා; පූජා කළ රත්‍රන් භාණ්ඩවල මල නොබැඳේවා" මේ සියලු ප්‍රාර්ථනා මෙම උත්සවයට වැඩම කර සිටි රහතන් වහන්සේලාගේ අධිෂ්ඨාන බලයෙන් සඵල විය.ඔවුන් "සතුරන්ට වත් මේ ධාතු ගර්භය දකින්නට පවා නොලැබේවායි" අධිෂ්ඨාන කළහ. තවද දුටුගැමුණු රජතුමාගේ නියෝගය පරිදි බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඇතුලත් රන් හා රිදී මංජුසාද තවත් බොහෝ වස්තූන්ද ධාතු ගර්භය මත නිදන් කෙරිණි.

•වන්දනා ගාථාව

සයිංසු යස්මිං සුගතස්ස ධාතු
නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං
සුවණ්ණමාලීති පතිතනාමං
වන්දාමහං ථූපවරං මහග්ඝං

•ඉදිකිරීම

යොදුනක් (දුර මනින මිම්මකි.) උතුරු දෙසින් පිහිටි ගම්භීර නදියේ ඉවුරෙන් ගත් මැටි වලින් සෑය ඉදිකිරීම සඳහා ගඩොල් තනන ලදී.
යොදුන් තුනක් ගිණිකොන දෙසින් වූ අවුරුවිනී ග්‍රාමයෙන් රන් කැටි ලබාගන්නා ලදී.
යොදුන් හතක් නැගෙනහිර දෙසින් වූ තම්බපින්න ග්‍රාමයෙන් තඹ ලබාගන්නා ලදී.
යොදුන් සතරක් ගිණිකොන දෙසින් පිහිටි සමන්වැව ග්‍රාමයෙන් මැණික් ගෙන්වන ලදී.
යොදුන් අටක් දකුණු දෙසින් පිහිටි රිදී නැමැති ගල් ගුහාවෙන් රිදී ලබාගන්නා ලදී.
යොදුන් පහක් බටහිර දෙසින් පිහිටි උරුවෙල් නම් කුඩා නගරයෙන් නෙල්ලි ගෙඩියක ප්‍රමාණයේ වූ මුතු සහ පබලූ ගෙන්වන ලදී.
යොදුන් සතරක් වයඹ දෙසින් වූ පැලවාපි ග්‍රාමයෙන් විශාල ප්‍රමාණයේ මාණික්‍යය සතරක් ගෙන්වන ලදී.
ඉදිකිරීම ඇරඹීම

රුවන්වැලි සෑයේ ප්‍රධාන පිවිසුම
දුටුගැමුණු රජතුමා විසින් මැයි මස යෙදෙන වෙසක් මස පුර පසළොස්වක පොහොය දින, විශාඛා නක්ෂත්‍ර මණ්ඩලය යටතේ ස්ථූපයේ වැඩ කටයුතු අරඹන ලදී.

•අඩිතාලම
එක් පුන් පොහෝදිනයක, දුටුගැමුණු රජු, දේවානම්පියතිස්ස රජ විසින් ස්ථාපනය කළ "අභිලිවිත්" ශිලා ලිපිය ඉවත් කරන ලදී.

භූමිය සමතලා කරන ලදී.
එය රියන් හතක ගැඹුරට සාරන ලදී.
එහි යුධ භටයන් ලවා වක්‍රාකාර ගල් අතුරන ලදී.
ගල් මිටියෙන් කඩන ලදී.
ඉන්පසු එය ඇතුන් ලවා පාගවන ලදී.
එම ගල් ස්ථරය මත ගඩොල්ද, ගඩොල් මත රළු බදාමද, රළු බදාමය මත තිරුවාණද,තිරුවාණ මත යකඩ ජාලයක්ද, යකඩ ජාලය මත සුවඳැති මැටිද,සුවඳැති මැට්ට මත සුදු පාෂාණද, සුදු පාෂාණ මත සෙල් පිලිමිණිද, ඒ මත ගල් පුවරුද අතුරවන ලදී.
ඉන්පසු රසදිය, අලිගැටපේර ලාටු හා පදම් මැටි එක්කර මිශ්‍රණයක් සාදවා ගල් පුවරු ඒ මත අතුරුවා, ඒ මත අඟල් අටක ඝනකම් ඇති ලෝකඩ පත් අතුරවන ලදී.
එම ලෝකඩ පත් මත ආසනියම් හා තල තෙල් එකට මිශ්‍ර කර අතුරවා ඒ මත අඟල් හතරක් ඝනැති රිදී පත් තැන්පත් කරවන ලදී.
රජු මෙසේ මේ මහා සෑයේ අඩිතාලම සාදවා නිමකර, අත්තිවාරම් ගල ඇසළ පුර පසළොස්වක පොහෝ දින ස්ථාපනය කිරීමට කටයුතු පිළියෙල කරන ලදී. ඉන්පසු ඔහු අනුරාධපුර නගරය සහ රුවන්වැලි සෑ මළුව දිව්‍යමය පුරවරයක් සේ සරසවන ලදී. මේ වෙනුවෙන් ඉන්දියාවෙන් අනූහය කෝටියක් රහතුන් වහන්සේලා වැඩම කළහ. ඇසළ පුරපසළොස්වක පොහෝ දින, උත්තරසීහ තාරකා මණ්ඩලය යටතේ මහා සෑයේ අත්තිවාරම් ගල ස්ථාපනය කර "මා මේ ස්ථූපය වෙනුවෙන් කරනා ක්‍රියාවන් සාර්ථකව නිම කිරීමට හැකිවේවා!!.එවිට බුද්ධරක්ඛිත, ධම්මරක්ඛිත, සංඝ රක්ඛිත හා ආනන්ද රහතුන් වහන්සේලා මහා සෑ මලුවේ සතර දිශාවෙන් නැගීසිටීවා"කියා අධිෂ්ඨාන කළේය.ඔහු අධිෂ්ඨාන කල පරිදිම පූජ්‍ය සිද්ධත්ත, මායිගල, පදුම, සීවලී, චන්දගුත්ත, ඉන්දගුත්ත, සූරියගුත්ත, සිත්තසේන, ජයසේන හා අකල රහතුන් වහන්සේලා නැගෙනහිර දෙස බලා උත්සව අවස්ථාවේ දොරටුව අසළ තිබූ කොතළය ඉදිරිපිට සිටගත්හ.නන්දිසේන, සුමනා දේවියගේ පුත් සුපටින්හිත හා උත්සව මංගල්‍යය සඳහා පත්කෙරුණු ඇමතිවරයා, ධාතු මන්දිරය වටා සක්මන් කර මහා සෑයේ වක්‍රාකාර සීමාව මැනීම සඳහා රිදීයෙන් තැනූ යශ්ටියක් ගෙනෙන ලදී.ඇමතිවරයා මේ අයුරින් ධාතු මන්දිරය වටා ඉතා විශාල පරිමාණයක් මනිමින් යනු දැක සිද්ධත්ත රහත් තෙරුන් ඔහුට මධ්‍යම ප්‍රමාණයෙන් මනින ලෙස උපදෙස් දුන්හ. සිද්ධත්ත තෙරුන්ගේ, ඇමතිවරයාගේ හා ඔහුගේ දෙමාපියන්ගේ නම් ඇසීමෙන් දුටුගැමුණු රජු "ස්ථූපයේ වැඩ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේ" යැයි සිතා සතුටට පත් විය. අනතුරුව ඔහු විශාල රන් කළ අටක් හා රිදී කළ අටක් මහා සෑය මධ්‍යයේ ස්ථාපිත කර ඒ විශාල දිය කළ වටා පුන්කළස් එකසිය අටක් තැන්පත් කළේය.මේ අයුරින් ඔහු රත්‍රන් ගඩොල් අටක් අට කොනේ තබා තැන්පත් කර ඒ වටා රිදී ගඩොල් එකසිය අට බැගින් තැන්පත් කළේය.

•දුටුගැමුණු රජුගේ මරණය
අද්විතීය රුවන්වැලි මහා සෑය හතරැස් කොත් දහය දක්වා රහතුන් වහන්සේලාගේ ආරක්ෂක සූත්‍ර සඡ්ජායනා මධ්‍යයේ නිමවෙද්දී, විසි සතර වසරක් ලක්දිව පාලනය කළ දුටුගැමුණු රජු, ඔහු විසින් කරන ලද පින් ඇතුළත් පොත කියවා මහා සෑය දෙස බලා සිටියදී මියැදී දිව්‍ය පුත්‍රයකුව තුසිත දෙව්ලොව උපත ලද්දේය.

•සද්ධාතිස්ස රජුගේ මරණය
දුටුගැමුණු රජුගේ සහෝදර සද්ධාතිස්ස රජතුමා සෑයේ ඉතිරි වැඩ කොටස නිමකර, මරණයෙන් පසු තුසිත දෙව්ලොව උපන්නේය.

•මහා රජු
අනාගත මෛත්‍රී බුද්ධ ශාසනයේ දුටුගැමුණු රජු, බුදුරදුන්ගේ දකුණු අගසව් බවට පත්වනු ඇත.සද්ධාතිස්ස රජු වම් අගසව් බවට පත්වනු ඇත.කාවන්තිස්ස හා විහාර මහා දේවිය මෛත්‍රී බුදුන්ගේ දෙමාපියන් බවට පත්වනු ඇත.කාවන්තිස්ස රජුගේ බාල නැගණිය වන අනුලා කුමරිය මෛත්‍රී බෝසතුන්ගේ අග මෙහෙසිය බවට පත්වනු ඇත.සාලිය කුමරු මෛත්‍රී බෝසතුන්ගේ පුතු බවට පත්වනු ඇත.දුටුගැමුණු රජුගේ භාණ්ඩාගාරයේ ඇමති සනොඟා, මෛත්‍රී බෝසතුන්ගේ අග්‍ර උපස්ථායක වනු ඇත.භාණ්ඩාගාරය භාර ඇමතිවරයාගේ දියණිය අග්‍ර උපස්ථායිකාව වනු ඇත.

• 20වන සියවසේ ප්‍රතිසංස්කරණය
19 වන සියවසේ අග භාගයේ දී, නාරංවිට සුමනසාර හිමියන් අටමස්ථාන වැඳ පුදා ගැනීමට අනුරාධපුර ශුද්ධ නුවරට වැඩම කරන ලදී. උන්වහන්සේ මෙම ගමනේදී අටමස්ථානයට අයත් එසේම, ගරා වැටී තිබූ රුවන්වැලි මහා ස්ථූපය ද වන්දනා කිරීම සඳහා වැඩම කළ අවස්ථාවේ දී මහා සෑය දැක, මහත් වූ කම්පාවට පත් විය..
✍️ :

15/09/2026

🙏 _ ඇතුගළ හිදි පිළිම වහන්සේ _ 🙏
( ඇත්කද මහාවිහාරය )

කුරුණැගල දිස්ත‍්‍රික්කයට මානික්‍යයක් බදු වු එම නඟර මධ්‍යයේ ඇතුඟල පාමුල පිහිට මෙම ස්ථානයට ළඟා වීම සඳහා මහනුවර මාර්ගයේ සිට මීටර් 150 ක් පමණ ගමන් කළ යුතු වේ. අතිතයේ මෙම නඟරය හස්ති ශෛල්‍යපුර ලෙස හඳුන්වා දී ඇත. මෙම විහාරය අවට ප‍්‍රධාන ගල් කඳුවැටි කිපයක් ඇත. එනම් ඉබ්බාගල, ආදාගල , අංගංගල , එළුගල , කුරුමිණියාගල , යක්දෙස්සාගල ආදි වශයෙනි.අතීතයේ ඉන්දියාවේ කුරුරට සිට පැමිණී ඉන්දියානුවන් පදිංචි වී සිටි නිසා කුරුණෑගල ලෙස මෙම ප‍්‍ර‍්‍රදේශයේ හැදින් වු බවද ඇතැම්හු පවසති.මහින්දාගමනයට පෙර සිටම මෙම ප‍්‍රදේශයේ ආදිවාසීන්ගේ ජනාවාස වූ බව ද ඔවුන් සූර්ය වන්දනාව කල බවද පැවසේ. මහින්දාගමනයෙන් පසු දෙවන පෑතිස්ස රජුගේ නියමයෙන් ඒ රජුගේ මයිලනුවෙකු වු සූරතිස්ස නම් රජතුමා ( ක‍්‍රි.පූ. 187 - 177 ) වකවානුවේ දී මෙම විහාරය කරවූ බව පැවසේ. මෙහි පිහිටි බෝධි වෘක්ෂය අනුරාධපුර යුගයට අයත් වේ. එසේම 1වන අග‍්‍රබෝධ් රජතුමා ක‍්‍රි.ව. 571 - 604 වකවානුවේ දී මෙම විහාරයට ප‍්‍රාසාදයක් ඉදිකරවා දුන් බව පැවසේ.

එහි නටඹුන් ද අනුරාධපුර යුගයට අයත් සෙල්මුවා පිළිම දෙකක් ද දක්වට ඇත. ඒවා පිරියම් කරවා වර්ණගන්වා ඇත. මෙම විහාරයේ ප‍්‍රධාන ලෙන සමඟ තවත් කුඩා ලෙනක් ඇත. ඒ අනුව මෙම විහාරය ලෙන් විහාර ඝනයට අයත් වේ. මෙම ලෙන් විහාර දෙකෙහිම වියන් චිත‍්‍ර දර්ශනිය ලෙස සත් සතිය නිරූපනය කර ඇත. බිතු සිතුවම් මඟින් මහින්දගමනය- ප‍්‍රජාපතී ගෝතම්යගේ කඨින චිවර පූජාව- රජගහ නුවර පිඩුසිඟා වැඞීම ආදීය සිතුවම් කර මෙම විහාරස්ථානය තුළ පුරාවස්තු රැසක් ඇත. ඒ අතර විශේෂිත පාෂාණ වර්ගයකින් සාදන ලද ඩබරාව හෙවත් ජල පෙරනය වැදගත් තැනක් ගනී. එමෙන්ම මෙම විහාරයේ තැන්පත් කර ඇති ජාතක කතා පොත් වහන්සේ නම් ග‍්‍රන්ථය ඇතුපිට තබා පෙරහරින් නඟරය වටා ප‍්‍රදක්ෂිණා කිරීම සිරිතකි.

එය දඹදෙණියේ රජකළ පණ්ඩිත පරාක‍්‍රමභාහු රජතුමාගේ රාජ නියෝගයකි. ( ක‍්‍රි.ව. 1302 - 1326 * එමෙන්ම ක‍්‍රි.ව. 1815 න් පසු කුරුණැගල උසාවියේ නඩු කටයුතු වල දී මෙම විහාරයට පැමිණි සාක්ෂිකරුවන් උසාවි නිලධාරීන් ඉදිරිපිට දී ජාතක කතා පොත් වහන්සේට අතතබා දිව්රීමේ සිරිතක් පැවති බව කොඞ්රින්ටන් සහ ජෙරන් ඬේව් යන පුර විදඥයන් ගේ ලේඛණ වල සඳහන් වේ. ඇත් කඳ විහාරයට අයත් ගලේ බණ්ඩාර දේවාලය තුළ එම දෙවියන්ට අයත් ඇඳුම් ආ- යිත්තම් තැන්පත් කර ඇත. මෙම ගලේ බණ්ඩාර දෙව්යන් ජීවමාන ප‍්‍රාදේශීය දේව සංකල්පයකි. කුරුණෑගල අගනුවර යුගයේ කුරුණෑගල රජකළ දෙවන බුවනෙකභාහු රජුට සහ සිය මුස්ලිම් ජාතික බිසවකට දාව උපන් වත්හිමි බුවනකබාහු හෙවත් තුන්වන බුවනෙකභාහු කුමරු කුමන්ත‍්‍රණයක් මඟින් ඝාතනය වීමත් සමඟ මෙම ගලේ බණ්ඩාර දේව සංකල්පය ආරම්භ වි ඇත.දෙවන බුවනෙකබාහු රජුගේ ඇවෑමෙන් ඔටුන්න හිමි කුමරු ලෙස සිටි මුස්ලිම් ජාතික බිසවට උපන් වත්හිමි බුවනෙකබාහු කුමරුට රජකම උරුම වීමත් සමඟ අමාත්‍යවරු සහ වන්නි බුවනෙකබාහු කුමරු කුමන්ත‍්‍රණයක් සිදුකර යාගයක් සුදානම් කරවා ඇතුගල මුදුනේ රැුහැනින් එල්වන ලද යාග මණ්ඩපය සූදානම් කරවා පවත්වා මධ්‍යම රාත‍්‍රියේ දී රජු යාග මණ්ඩපයේ සිටිද්දීම රැුහැන කපා වත්හිමි රජු ඇතුගල පාමුල හෙලා ඝාතනය කරවා ඇත.

අනතුරුව ප‍්‍රදේශයේ ජිවත් වූ මුස්ලිම් බ්සවගේ ඥාතීන් සහ වත්හිමි බුවනෙකබාහු කුමරුගේ හිතවතුන් ඇතුගල පාමුල තිබූ රජුගේ මල සිරුරු භූමිදානය කර එම ස්ථානයේම දේවාලයක් ඉදිකර පුදසිරිත් ඉටුකර තිබේ. ඒ අනුව අද දක්වාම ප‍්‍රදේශයේ මුස්ලිම් සිංහල බැතිමතුන් ද මෙම ගලේ බණ්ඩාර දේවාලයේ පුද පූජා වලට සහභාගී වනු දක්නට ලැබේ. රත් සදුන් ලීයෙන් කරන ලද අඩි 2ක්පමණ උසින් යුතු වූ ගලේ බණ්ඩාරදේව ප‍්‍රථිමාවක් ද මෙම දේවාලයේ තැන්පත් කර ඇත.

✍️

🔝_ Skills
13/09/2026

🔝_ Skills

🐍 _නාග පොකුණ_ 🐍මහාවංශයේ මහින්දාගමන ප්‍රවෘත්තීන් අතර නාගචතුස්ක නම් වූ විලක් පිළිබඳව සඳහන් වේ. පසු කාලීනව පළමු අග්ගබෝධි රජ...
13/09/2026

🐍 _නාග පොකුණ_ 🐍

මහාවංශයේ මහින්දාගමන ප්‍රවෘත්තීන් අතර නාගචතුස්ක නම් වූ විලක් පිළිබඳව සඳහන් වේ. පසු කාලීනව පළමු අග්ගබෝධි රජු (ක්‍රි.ව. 575-608) විසින් නාග සොණ්ඩි පොකුණ කරවූ බවක්ද වංශ කතාව වාර්ථා කරයි. මින් පැවසෙන්නේ නාගචතුශ්ක නම් විල ස්වභාවික විල අග්ගබෝධි රජු විසින් වඩා විධිමත් පොකුණක් බවට වර්ධනය කල බවයි. වර්ෂා ජලයෙන් පෝෂණය වන බවට විශ්වාස කල හැකි මෙම පොකුණෙන් සිංහ පොකුණ, දාන ශාලාව ආදී ස්ථාන සඳහා අවැසි ජලය සැපයීමද, දෙෙනික භික්ෂු ජල වුවමනාව සැපිරීමද සිදුවී තිබේ. අම්බස්තලය දාගැබ පසුකර බටහිර දෙසට යනවිට මෙම නාග පොකුණ මුණ ගැසේ.

▪️මිහින්තලා පුදබිමඅම්බස්තලයල, මිහින්තලය අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලය ආසනයේ පිහිටා ඇති අඩි 1000 උසින් යුතු ශේෂ කන්ද...
13/09/2026

▪️මිහින්තලා පුදබිම

අම්බස්තලයල, මිහින්තලය අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලය ආසනයේ පිහිටා ඇති අඩි 1000 උසින් යුතු ශේෂ කන්දකි. පුත්තලම - ත්‍රිකුණාමලය (A12) මාර්ගයේ අනුරාධපුර සිට සැතපුම් 8ක් නැගෙනහිරට වන්නට පිහිටා ඇත. චේතියගිරිය එසේත් නැතහොත් සෑගිරි ලෙසද හඳුන්වන එය වඩාත් ප්‍රචලිත වන්නේ මිහින්තලය ලෙසටයි. ඉන්දියාවේ සිට පැමිණි මිහිඳු මහ රහතන් වහන්සේ පොසොන් පොහෝ දින දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු පිරිස හමු වී බුදු දහම දේශනා කලේ මිහින්තලයේදීය.

•මිහින්තලය කඳු පර්වතය

වංශ කථාවන්හි දැක්හවෙන පරිදි ක්‍රිස්තු පූර්ව 247 දී ඵළඹෙන ඡෙමිට මුල මාසය හෙවත් පොසොන් පුර පසළොස්වක පොහොදා මිහිදු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ටිය, උත්තිය, සම්බල, බද්දසාල රහතන් වහන්සේ නිර්මල දහම් පණිව්ඩය රැගෙන දඹදිව සිට ම්ස්සක පර්වතයට වැඩිසේක. එවකට ලක්දිව රජතුමා වු දේවානම්පියතිස්ස රජතුමා ම්හින්තලයේදි මෙම දුත පිරිසට හමුවුහ. මෙම ‍‍‍‍‍එෙෙතිහාසික හමුවීම සිදුවූ ස්ථානය ශ්‍රි ලාංකික බෞද්ධයෝ ගෞරව බුහුමානයෙන් වැඳුම් පිඳුම් කරති.

මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදුත පිරිස දේවානම්පියතිස්ස රජතුමා සහ මෙම දුත පිරිස හමුවූයේ පොසොන් මස පසලොස්වක දිනයකදිය. මිහිදු හිමියන්ගේ ලංකා ගමනය පිළිබද සාහිත්‍ය මූලාශ්‍ර ඇසුරින් වගේම පුරාවිද්‍යාත්මක මුලාශ්‍ර තුලින් ද කරුණු රුස්කර ගත හැක. මේ අනුව වංශ කථා පවසන පරිදි ම් බුදුන් පිරිනිවි වසර දෙසිය තිස්හයක් එළඹුණදා මිහිඳු මහරහතන්වහන්සේ ප්‍රමුඛ පිරිස ලංකාවේ මිහින්තලයට වැඩිසේක. එහිදි මිහිඳු තෙරුණ්ට දේවානම් පියතිස්ස රඡු හමුවි දෙදෙනා අතර ප්‍රශ්නෝත්තර මාලාවක ස්වරුපයේන් සංවාදයක් ඇති විය. ඉන්පසු මිහිඳු හිමි රජු ගේ බුද්ධිය අවබෝධ කර ගැනිමෙන් පසු රඡතුමා ඇතුළු පිරිසට මිහින්තලා කඳු මුදුනේදි පළමු ධර්ම දේශනාව වන චුල්ලහත්තපදෝපම සුත්‍රය දේශනා කරන ලදී.

Address

306/133/b, Kimbulgoda, Yakkala
Gampaha
11870

Alerts

Be the first to know and let us send you an email when Sanchara Vlogs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sanchara Vlogs:

Shortcuts

Share