Sri lankan wing tours

Sri lankan wing tours We excel in providing a quality service to all our clients. With our knowledge and expertise we are able to organize an unforgettable and enjoyable holiday

24/04/2026
02/11/2025
02/11/2025
02/11/2025
02/11/2025

නාලන්දයට සිය වසකි. මට වයස අසූවකි. එකළ මා කුඩා දරුවෙකි. අද මා ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකි. එහෙත්, එදා මෙන් ම අදත් නාලන්දය තුරුණු බවින් යුතුව අභිමානයෙන් වැජඹේ. ආදි නාලන්දීයන්ට එය ආඩම්බරයට කරුණකි. නාලන්දය කිසි දින වියපත් නොවන බව මම විශ්වාස කරමි. නාලන්දා පාසල් මාතාවට තවත් සියවස් ගණනකට ආයු බොහෝ වේවායි පතමි. සියවස් සැමරුමට සුබ පැතුම් පිළිගන්වමි.

නාලන්දය මා අකුරු කළ පාසලකි. අතීතයේ භාරතයේ පැවති නාලන්දා විශ්ව විද්‍යාලය අප සැම අසා ඇත. නාලන්දයත් මට විශ්වවිද්‍යාලයකි. ජීවිත කාලය පුරාම පවතින මිතුදම් රැසක ආරම්භය ද නාලන්දයයි. මෙම බෞද්ඨ විද්‍යාලය ගොඩනැගී ඇත්තේ මේ රටේ පොදු මහජනතාවගේ සම්මාදමෙනි. එම අතීතය සොයා බලන ලෙස මම වත්මන් නාලන්දා දරුවන්ගෙන් ආදරයෙන් ඉල්ලා සිටිමි. එම අතීතය තුළ හික්කඩුවේ සුමංගල හාමුදුරුවන්, බලංගොඩ මහා නායක හාමුදුරුවන් වැනි මහා යතිවරයන් ද ඕල්කට් තුමන්, අනගාරික ධර්මපාල තුමන් වැනි වියතුන් ද ඔබට හමු වනු ඇත. ඔවුන්ට ගෞරවයක් ලෙස එම අතීතය ඔබේ හදවතේ දරා ගන්නා ලෙස මම ඉල්ලා සිටිමි.

2014 වර්ෂයේ දී නාලන්දය මඟින් පවත්වන ලද පා ගමන සඳහා එවකට ජනාධිපති ධුරය හොබවමින් සිටි මා සහභාගි වුයේ ආදි නාලන්දීය සිසුවෙකු ලෙසිනි. අතිවිශාල පිරිසක් එදා එම පා ගමනට සම්බන්ධ වී සිටි අයූරු මට හොඳින් මතකය. අධ්‍යාපනික කරුණු පමණක් ම නොව ජීවිතය ද උගත් පාසල වෙනුවෙන් කැප වෙන දරු පරම්පරාවක් සිටීම පාසලක ගුණාත්මක භාවයට සාක්ෂි සපයයි. තමා උගත් පාසලට ආදරය කළ හැකි දරුවන් යනු තම රටට ජාතියට මෙන් ම ආගමට ආදරය කරන දරුවන් බව මම විශ්වාස කරමි. වාර්ෂිකව තම රණවිරු සිසුන් ගෞරවයෙන් අගයන නාලන්දයට මම ආදරය කරමි. බෞද්ධ සංගමයෙන් සිදු කරන සමාජයීය සේවාවන් ද ජන මාධ්‍යය සංගමය මඟින් සිදු කරන අධ්‍යාපනික සේවාවන් ද අගයමි.

රටට, ජාතියට සහ ආගමට සේවය කිරීමට කැප වූ සමබර පෞරුෂයකින් යුත් පුතුන් අප රටට දායාද කරන නාලන්දා පාසල් මාතාවගේ සියවස් සැමරුමට දායක වෙමින් "නාලන්දා ශතක ව්‍යාපෘතිය" ට උර දෙන නාලන්දා පුතුන්ට මාගේ ස්තුතිය ප්‍රකාශ කරමි. මැටි උපයෝගී කර ගනිමින් තැනූ පන්ති කාමරයක් අප රටේ විශිෂ්ඨ මෙන්ම ජනප්‍රිය බෞද්ධ පාසලක් දක්වා පත් කිරීම වෙනුවෙන් කැප වූ සංඝ පීතෘවරුන්, වියතුන්, ආදි කර්තෘවරුන්, ගුරුවරුන්, ආදි සිසුන් ඇතුළු සියලු දෙනා ගෞරවයෙන් සිහිපත් කරමි. වත්මන් සිසු පරපුරට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමි.

02/11/2025

වෑන්කුවර් අවට සිටින ඔබට වටිනා අවස්ථාවක්...

31/10/2025

Address

Udugampola
Gampaha
10010

Telephone

+94773400519

Website

Alerts

Be the first to know and let us send you an email when Sri lankan wing tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category