06/12/2024
උතුම් බුදුබව පතනු වෙනුවට
මියෙන මොහොතෙත් මාව පෙන්නා
හැම භවෙ පසුපසම එන්නැති
නැහි නැහී මා කුසේ රන්දා
එහෙව් සසරක් පුරාවට මගෙ
කුස නිවන්නට තුරුලෙ හංගා
මුහුදු දාහක වතුර මෙන් ලේ
කිරි කරන්නැති අපේ අම්මා
ඇඳුම් කනකොට ඉතින් සියොළග
කැකෑරෙන මහ රිදුම් හංගා
අපා දුක්දෙන විළිරුදාවන්
මං නිසා තනියෙන්ම වින්දා
උරා බොනකොට ඇගේ ලේ ටික
සිනහා වී කිරි කරපු හින්දා
""නිවන් දැකලා විතරනම් මදි
බුදු වෙයන් හෙට අපේ අම්මා""
Shashika Sadeep ~