Dodangoda Jeep Safari Service

Dodangoda Jeep Safari Service Save the Elephants +94719303420

05/05/2026

Pelican Flying Low Over Water 🌊 | Habarana Lake Cinematic

02/05/2026

Escape the Stress 😍 | Relaxing Lake + Forest View

02/02/2026
"තාත්තේ, තනි ඇදක් තියෙන කාමරයක් හොඳ ද නැත්නම් හතර දෙනෙක් එකට ඉන්න එකක් හොඳ ද..?""නෑ පුතේ, තනි ඇදක් තියෙන කාමරයක් හොඳයි.....
28/07/2024

"තාත්තේ, තනි ඇදක් තියෙන කාමරයක් හොඳ ද නැත්නම් හතර දෙනෙක් එකට ඉන්න එකක් හොඳ ද..?"

"නෑ පුතේ, තනි ඇදක් තියෙන කාමරයක් හොඳයි.. "

"තාත්තේ.. ටීවී එකක් ඕනෙද..?"

"ඔව්, ටීවී එකක් ඕනෙ.., නෑ පුතේ ටීවී ඕන නෑ පුතේ, දරුවන් ටීවි බැලුවත් ඔයා බනිනවා නේ, ඒ නිසා එපා.."

"හැමවෙලේම බලන්නේ නෑනේ තාත්තේ, පාළුවක් දැනෙන වෙලාවට විතරක් නේ, ටීවී එකක් තියන කාමරයක් හොඳයි.."

"AC ඕනෙද..?"

"AC තියෙන කාමරයක ගණන් කොහොමද පුතේ..?"

"AC නම් රු.10,000 යි,
Non AC නම් රු.5000 යි.."

"එපා පුතේ AC ඕන් නෑ.."

"නෑ තාත්තා, රස්නේ දවස්වලට සමහරවිට අවශ්‍ය වෙයි.. කමක් නැහැ AC කාමරයක් හොඳයි.."

"Sir.. කෑම කොහොමද, Vegetarian ද Non Vegetarian ද..? "

"තාත්තා Non Vegetarian.."

"එතකොට Payment කරන්නේ කොහොමද Sir...?
Cashද..? Cheque ද.?"

"මම Cheque එකෙන් Pay කරන්නම්..."

"තාත්තේ පොඩ්ඩක් ඉන්න, මම බඩු ටික අරන් එන්නම්.."

කාර් එක ලගට යද්දී පුතාගේ දුරකථනය නාද වෙනවා..
බිරිඳගෙන් Call එකක්..

"හරිද, වැඩේ ඉවර ද..?"

"ඔව් මං බඩු ටික ගන්න කාර් එක ලගට ආවා..."
(පුතා දකිනවා ඒ මොහොතේ වැඩිහිටි නිවාසයේ පියතුමා ඇවිත් තාත්තා සමග සුහදව කතාකරමින් ඉන්නවා)

"හ්ම්ම්.... මේ ඒක නෙවෙයි, ඔයාලගෙ තාත්තා වෙසක් පොසොන් කියලා ආයේ ගෙදර එයිද..?"

"දන්නේ නෑ.. සමහරවිට.."

"නෑ නෑ, මේ මං කිව්වේ අලුත් තැනක් නිසා එතන ඉන්න අයත් එක්ක පුරුදු වෙන්නත් ඕන නේ ඒකයි.. හරි හරි ඔය වැඩේ කරලා එන්නකෝ... අද මං ඔයාට පොඩි දෙයක් හදලා තියෙන්නේ හරි, ඉක්මනින් එන්න..."

පුතා බඩු මළු අරන් ඇතුලට එනවිට පියතුමන් සමග කතාකරමින් සිටි තාත්තා ඇතුලට යයි...
පුතා, පියතුමා මුණගැසේ...

"පියතුමා අපේ තාත්තා අදුරනවාද..?
මං දැක්කා ඔය දෙන්නා කතා කරනවා හරියට යාළුවෝ වගේ.."

"ඔව් පුතා මං ඔයාගේ තාත්තව දන්නෙ බොහොම ඉස්සර ඉදන්ම..."

"ඒ කිව්වේ පියතුමා..."

"දැනට අවුරුදු විසිපහක ට තිහකට කලින් මට ඔහුව හදුනාගැනීමට පුළුවන් උනා පුතා.."

"අපේ තාත්තා මොකක්ද කිව්වේ පියතුමා..."

"මට කිව්වා ඒක ඔයා අතින් කියන්න එපා කියලා... නමුත් පුතේ මං හිතනවා ඒක ඔයාට කියන්න වෙලාව ඇවිත් තියෙන්නේ කියලා..."

"මොකක්ද පියතුමා..."

"ඔයාගේ තාත්තා මීට අවුරුදු තිහකට කලින් අපේ මේ මඩමට ඇවිත්, අම්මා තාත්තා නැති අනාථ වූ පිරිමි ළමයෙක් ව අරං ගියා හදාගන්න කියලා..."

පියතුමා පුතාගේ පිටට තට්ටුවක් දමා නැවතත් ඔහුට එසේ කීවා..

(උපුටාගැනීමකි)

.....
15/06/2024

.....

ජීවිතය වෙනස් කරන ජපන් රහස් 7 ක්! 1- Shouganai - it is what it isඔයාට බලපෑම් කිරීමට නොහැකි සීමාවේ තියන දේවල් ගැන වද වීමෙන...
23/04/2024

ජීවිතය වෙනස් කරන ජපන් රහස් 7 ක්!

1- Shouganai - it is what it is

ඔයාට බලපෑම් කිරීමට නොහැකි සීමාවේ තියන දේවල් ගැන වද වීමෙන් වැළකෙන්ට. ඔයාට වෙනස් කරන්ට පුලුවන් දේවල් ගැන විතරක් focus කරන්ට.
බුද්ධිමත් බව කියලා හඳුන්වන්නේ ඔයා සටන් කරන්ට ඕන මොන අවස්ථාවෙද යටත් වෙන්ටෝන මොන අවස්තාවෙද කියලා හොඳ අවබෝධයක් තියන එකට.

2- Shinrin- Yoku " forest bathing "

ගස් වැල් සමග අඩුම තරමේ දවසට පැයක්වත් ගත කරන්ට කියලයි කියන්නෙ. මොකද සොබාදහම සමග සිටීමෙන් ඔයාගෙ තර්කන හැකියාව සහ නිර්මාණශීලි බව ඉහළ නංවනවා කියලා පිළිගන්නවා.

3- Uketomo - I humbly accept with an open heart

Uketomo කියන්නෙ ඒ මොහොතේ සිදුවෙන දේ සමග මුලු හදවතින්ම ජීවත් විය යුතු බව ඔයාට මතක් කිරීමක් කරගන්ට ඕන උනාම පවසන දෙයට. මේ නිසා ජීවිතයේ දී අපි දිහාට වීසි වෙන හොඳ වගේම නරකත් නිහතමානී හදවතින් භාරගන්ට පුලුවන් තරම් සැහැල්ලුවක් අපිට ලැබෙනවා.

4- Hara Hachi Bu- eat until you are 80% full

මම මේක Ikigai ගැන ලියනකොටත් කීවා. ජපන් අය තමන්ගෙ කුසෙන් 80% ක් පමණයි පිරෙන්ට කන්නෙ. පර්‍යේෂණයකින් හොයන් තියනවා අපේ කුස සම්පූර්ණයෙන් පිරිලා කියලා මොළයට දැනෙන්ට විනාඩි 15 විතර යනවා කියලා. මේකෙ ඇත්ත නැත්ත හරියටම දන්නෙ නෑ. කෝම උනත් අදික ලෙස ආහාර නොගෙන ශරීරයට ඇත්තටම අවශ්‍ය ප්‍රමාණයට ගන්නෙක හරිම වැදගත්. මේ නිසයි ජපන් අය කෑම කනකොට කුඩා කුඩා පීරිසි පහකට හයකට දාගෙන කන්නෙ.

5- Ikigai - your life purpose

මං මේ ගැන කීප වතාවක් ලියලා තියනවා. තමන්ගෙ ජීවිතයේ අරමුණ සොයාගැනීම තමයි මේකෙන් කියන්නෙ. ඔබ ආදරය කරන්නෙ මොනවටද? ඔබ වඩා හොඳ මොනවටද? ඔබෙන් ලෝකෙට අවශ්‍ය මොනවද? කියන එක.

6- Kaizen - Continuous improvement

මේකෙන් කියන්නෙ කිසිම දෙයක් perfect නෑ ඒක කිසියම් process එකක් කියන එක. අවසාන ඉලක්කයක් නැතිබව හැමදේම ටිකටික දියුණු වෙමින් කිසියම් process එකක පවතින බව. ඔයාවත්, ඔයාගෙ ආයතනයවත් , ඔයාගෙ රැකියාවවත් මේ කිසිම දෙයක් perfect නෑ.

7- zazen- zen meditation to quiet mind
ඔබ හිතන එක නවත්තන්ට උත්සහ කරන එක නවත්තන කියලා තමා මේකෙන් කියන්නෙ. එනකොට එන්ට දෙන්ට. යනකොට යන්ට දෙන්ට.

ඔයාට quiet mind එකක් පුහුණු වෙන්ටෝන නන් එකේ ඉදලා දහයට ගනන් කරන්ට. ඒ ගණන් කරන අතරතුරේ කිසිම සිතුවිල්ලක්ට ඔයාගෙ මනස හරහා යන්ට නොදෙන්ට. ඒක හිතලා නෙවෙයි ඉබේ සිදුවිය යුත්තක්. සිතුවිල්ලක් ගියොත් ආය එකේ ඉදන් පටන් ගන්ට.

මේ දේවල් අපේ ජීවිත වඩා හොඳ පැත්තකට වෙනස් කරනව කියන එක අත්දැකීමෙන් දන්න නිසයි මං මේ ටික ඔයාලා එක්කත් බෙදාගත්තෙ. ඔක්කොම බැරි උනත් කීපයක් හරි උත්සහ කරන්ට.

Copied
රොමානා 🍃 ❤

සුභ අළුත් අවුරුද්දක් වේවා !
13/04/2024

සුභ අළුත් අවුරුද්දක් වේවා !

😍🙂🥰
04/07/2023

😍🙂🥰

25/12/2021

Merry Christmas everyone! 🎅🎄❤

30/01/2021

Address

Moragaswewa
Habarana
50150

Opening Hours

Monday 07:00 - 17:00
Tuesday 07:00 - 17:00
Wednesday 07:00 - 17:00
Thursday 07:00 - 17:00
Friday 07:00 - 17:00
Saturday 07:00 - 17:00
Sunday 07:00 - 17:00

Telephone

+94776079990

Website

Alerts

Be the first to know and let us send you an email when Dodangoda Jeep Safari Service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dodangoda Jeep Safari Service:

Share

Category