මාතා

මාතා ජිවිතය සැහැල්ලුවෙන් නිදහසේ විදින්න.

තාමත් කරන්නේ රටේ සම්පත් විකුනන එක නම්... ආයෙමත් මුන්ට බලය දීලා කුමකටද...උච්චමුනි දුපත දුන්නා ඩොලර් එක අඩු උනා 🥺අවුරුදු 3...
13/05/2022

තාමත් කරන්නේ රටේ සම්පත් විකුනන එක නම්...
ආයෙමත් මුන්ට බලය දීලා කුමකටද...

උච්චමුනි දුපත දුන්නා ඩොලර් එක අඩු උනා 🥺

අවුරුදු 30 ක් බදු දුන් සුන්දරත්වය 🍀🥺

දූපතක් විකුණලා ඩොලර් එක අඩු වුනාම Congratulations කියන්නත් මිනිසුන් තාම ඉන්නවා බං දැන්නම් යන්න හිතෙනවා

⚠️
කල්පිටිය දූපත් සමූහයේ දෙවන විශාලම වසර 30 කට බදු දෙයි.

ස්විට්සර්ලන්තයට බදු දෙයි 🤐

මුලින් තිබ්බේ ගෝල්ෆේස් ග්‍රීන්ස්. දැන් ඒක  #ගෝඨාගෝ ගම. යන්න නෙවේ, ඉන්න ආපු ශ්‍රී ලාංකිකයො එතන මුලින්ම කෑම බෙදුවා. ඊටපස්ස...
12/04/2022

මුලින් තිබ්බේ ගෝල්ෆේස් ග්‍රීන්ස්. දැන් ඒක #ගෝඨාගෝ ගම. යන්න නෙවේ, ඉන්න ආපු ශ්‍රී ලාංකිකයො එතන මුලින්ම කෑම බෙදුවා. ඊටපස්සෙ උයාගන්න බඩු ගෙනල්ලා එතනම උයාගන්න ගත්තා. ඊටපස්සෙ ටෙන්ට් එක දෙක ආවා. වෛද්‍ය මධ්‍යස්ථාන හැදුනා, මොබයිල් ටොයිලට්ස් ගෙනාවා. අරගලයේ අතරමැද සරතස නිවන සංගීතයක් වැයුනා...

අද එතන ක්ලාසස් කරනවා. ඩ්‍රෝන් ගැන ඉගෙනගන්න එතනදි පුළුවන්. ග්‍රැෆික් ඉගෙනගෙන ඩොලර් ගේන හැටි අහගන්නත් පුළුවන්. ඒ හැම එකක් ම නොමිලේ දෙන්නෙ. තව තව අය ඉදිරියට එයි. ඔය දැනට ..

සැබෑම අරගල භූමියක් අන්න ඒ වගේ. හැඩයක් නෑ.. කාලයේ බැඳීමක් නෑ.. සාමකාමී අරගලය කියන්නෙ යුධබිමක් නෙවේ..

එතන ජාති නෑ.. ආගම් නෑ. පාට පක්ෂ නෑ.. එතන තියෙන්නෙ එකම එක අරමුණයි. ඒ තමා

ගෝඨා, ඔයා යනකං එයාල යන්නෙ නෑ. ඔය අද තත්වේ.

හෙට අනිද්දා සමහරවිටක ඔතන අස්ලාම්ල එක්ක සමන්තලා කොට්ටපොර තරඟ තියාවි. ෆාතිමාලා අවුරුදු කුමාරියෝ වේවි. රාමලිංගම්ලා විෂ්ණු සමරන්න පොලවේ හැඩ රටා මවාවි. ඒ වගේමයි අපි ඔක්කොම එකතුවෙලා ගීතිකා කියලා මහ සිකුරාදයි පාස්කුවෙයි දේවමෙහෙයවල් තියාවි.

එදාට ස' ට මොනවද හිතෙන්නෙ කියලා පහුවදාට කියන්න.

අපි තරහ නෑ. දැන් ස' ගෙදර යන්න.

ප.ලි. කැමති අය මේ සටහන ගන්න. තමන්ගෙ වෝල් එකේ දාගන්න. කිසිම ක්‍රෙඩිට් එකක් අවශ්‍ය නෑ කියල මම මේක ගත්තු Chamara Sumanapala මිත්‍රයගේ වෝල් එකේ තිබ්බා.

සුන්දර ගාලු පුරවරය | ගාලු කොටුව |🌍🦋 ❤️Galle Fort | Sri Lanka | 🇱🇰❤️දකුණු දේශයේ මනස්කාන්තම ස්ථානය කිව්වොත් නිවැරදියි.. 📸 ...
13/02/2022

සුන්දර ගාලු පුරවරය | ගාලු කොටුව |🌍🦋 ❤️
Galle Fort | Sri Lanka | 🇱🇰❤️

දකුණු දේශයේ මනස්කාන්තම ස්ථානය කිව්වොත් නිවැරදියි..

📸 මුල් අයිතිකරුවන් සතු විය යුතුයි...

හම්බන්තොට පැත්තේ යන අයට නන්න හොදම තැනක් - මුරුතවෙල ජලාශය ⛰🌞🌈🌊🌲🏊❤️
13/02/2022

හම්බන්තොට පැත්තේ යන අයට නන්න හොදම තැනක් - මුරුතවෙල ජලාශය ⛰🌞🌈🌊🌲🏊❤️

නාන්න තැන් හොයන අයට මෙන්න නියම තැනක් හිරිවඩුන්න වැව, හබරණ Habarana | sri lanka⛰🌞🌈🌊🏊‍♂️🐘🌾❤️
13/02/2022

නාන්න තැන් හොයන අයට මෙන්න නියම තැනක්
හිරිවඩුන්න වැව, හබරණ
Habarana | sri lanka
⛰🌞🌈🌊🏊‍♂️🐘🌾❤️

සීනිගම 🙏👼👣💜️💕SeenigamaSri Lanka 🇱🇰
13/02/2022

සීනිගම 🙏👼👣💜️💕

Seenigama
Sri Lanka 🇱🇰

Travelar  ගේ කරුනාව 👣🛵දකින වාරයක් ගානේ යන්න ආස හිතෙන එකම තැන....නමදිමි සිරි පා ...සමන් දෙවි පිහිටයි....සැම විටම පරිසරය ස...
16/01/2022

Travelar ගේ කරුනාව 👣🛵

දකින වාරයක් ගානේ යන්න ආස හිතෙන එකම තැන....
නමදිමි සිරි පා ...
සමන් දෙවි පිහිටයි....

සැම විටම පරිසරය සුරකින්න. සොබාදහම දිනක නුබව රකි...
Travelar ගේ සිරිපා කරුනාව..
කුරුවිට එරත්න මාර්ගයේ අප කරුනා කරන්නපටන් ගන්න විට සවස 4.45 ට පමන . ඉතාමත් රමනීය මාර්ගයක් වන කුරුවිට එරත්න මාර්ගය ඔස්සේ සිරිපා කරුනා කිරිමට මා සතුව තිබු භක්තිය කාලක සිට සිතට නැගුන ඉමහත් ආශාවකි. තුරු ලතාවන් ගෙන් පරිපුර්ණ වු සුන්දර වන දෙපස මාගේ සිත ගසක වැලක් එතෙන්නාක් මෙන් මා ඒ පරිසරයට වැලද ගන්නා මෙන් මාගේ සිතට දැනුනි...

කුරුවිට එරත්න මාර්ගය ගැන පැවසීමේදී කලින් නොගිහිපු මාර්ගයකින් ගමන පටන් ගන්නා විට මා මාර්ගය පිලිබඳ කිසිම දැනුවත් වීමක් නොමැති වූවත් මට ඒ පරිසර පද්දතිය ඉමහත් හුරුපුරුදු තැනක් විය.

ජම්බෝල ගස ලග අම්බලම අසල විවේක ගත් අප නැවතත් කරුනා කරන්න පටන් ගත්තේ සීතල මල් වර්ශාවක්ද සමගයි.

ජම්බෝල ගස ලග ට පැමීනීමට පෙර මා වනයෙන් කඩා ගත් මල් කලබක් අම්බලම ආසල තිබු කුටිය වෙත පුජා කරමින් සුමන සමන් දෙවියන් පුදා ප්‍රාර්ථනා කරේ වර්ශාවෙන් භාදාවක් කරදයක් නොමැතිව සිරිපා කරුනා කිරීමට ඉඩ සලසා දෙන ලෙසයි. නැවතත් අති උතුම් සිරිපා කරුනා කරමින් ඉදිරියට ගමන් කල මා හට නැවත ජීවයක් ලැබුනාක් මෙන් මා සිතට නැගුනාත් සමග වර්ශාවද නිමා විය... කෙමෙන් කෙමෙන් සීත ගගුල වෙත පියමන් කල අප නිවසෙන් සකස් කල ගිය දෙහි හා කහ දියර යොදා මුව දෝවනය කර නැවතත් කරුනා කරේ ඉමහත් ශද්දාවෙනි.

අවාරේ සිරිපා කරුනා කිරිමටත් මා සිතෙහි කැමැත්තක් ඇති වුවත් මට එයට අවස්තාව නොලැබුනි. නමුදු සුභ නව වසරේ සිරිපා කරුනා කිරිමට බලාපොරොත්තු වුයේ කෝඩු වන්දනා කරුවෙකු සමගයි. ඒ මා විසින් මෙහෙය වු නඩයක ''ගුරු ''
වශයෙනි . කෝඩු වන්දනා කරුගේ චාරිත්‍ර ඉටු කිරීමේදී මාගේ සිතට දැනුන ඒ කුඩා කල මා කෝඩු චාරිත්‍ර ඉටු කල ආකාරය මට සිතට නැගුනි. මා නව කෝඩු වන්දනා කරුත් සමග නැවතත් ගෙත්තම් පානෙහි ගෙත්තම් කලේ ඉමහත් සතුටකින්.

කෙමෙන් කෙමෙන් සිරිපා කරුනා කල අප හැරමිටි පාන වෙත ලගාවන විට පාන්දර 1.30 පමන විය. කොඩු චාරිත්‍ර වශයෙන් ජීවිතයේ සැරමිටියෙන් යනෙන තුරාවට සිරිපා කරුනා කිරිමට හැකියාව ලැබේවා සිතමින් කෝඩු වන්දනා කරුට පවසමින් වනයෙන් අහුලාගත් සැරමිටිය හැරමිටි පානට පුජා කරන්නට විය. මා ඒ සමග ප්‍රාර්ථනා කරේ දිවි ඇති තෙක් ඇයට අසිරිමත් සිරිපා කරුනා කිරීමට හැකියාව ශක්තිය ලැබේවා සිතමිනි..

නැවතත් සැරමිටි පාන අසලින් කරුනා කල අප
ක්ෂණික ආහාරයක් සකස් කිරිමට අවසර පතා අසල වු පන්සලේ හාමුදුරුවන් වහන්සේ ගෙන් සහය පැතීය. මද වෙලාවක වෙලාවකට පසු අප හට උනු වතුර හා ආහාර පිස ගැනීමට හාමුදුරුවන් වහන්සේ ඉඩ ප්‍රස්ථාව සලසා දෙන ගමන් මල්ලී කොහේද කියා මගේන් විමසන විට මා මාතර හක්මන ලෙසද පැවසීය. නැවතත් හක්මන කොහේද කියා විමසන විට මාගේ පදිංචි ස්ථානය මා හාමුදුරුවන් වහන්සේ ට පැවසීය. විස්තර සාකච්චා කරන විට අප ගම් පලාතේම ස්වාමින්වහන්සේ කෙනෙක් විය. ඕනම වෙලාවක සිරිපා කරුනා කරන විට පන්සලට පැමින යන්නයි පැවසු හාමුදුරුවන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගනිමින් අප නැවත මලුව වෙත කරුනා කරන්නට විය.

උඩ මලුවට 3.45 ට පමන පැමිනී අප මදක් ගිමන් නිවා අති උතුම් සම්මා සම්බුදු සිරිපා වැද නමස්කාර කර ගත් පසු කෝඩු චාරිත්‍ර ද සම්පුර්ණ කරන්නට විය. පසුව පඩුරු හා.. භාර හාරාදියද වෙමින් පහත මලුව වෙත පිවිසි අප විශාම ශාලාව වෙත පැමින විවේක ගත්තේ සුරිය නමස්කාර ‍ය දැක ගැනීම පෙර දැඩි කොටවයි.

උදෑසන 6.12 පමන වන විට වලාකුලු වියන් බැද දෙවියන් සිරි පතුල නමස්කාර කරන්නාක් මෙන් සුර්ය වන්දනාව සිදු විය..

සුර්ය නමස්කාරය දැක ගැනීමෙන් අනතුරුව පහල ගමන් කල අප සවස 4.30 ට පමන සරිපා කරුනාව අවසන් කර නිවස වෙත පිටත් වුනී....

සැම විටම පරිසරය සුරකින්න. පරිසරයට ආදර වන්න. දිනක නුබට ආශිර්වාදයක් වෙයි...

ඔබ සැමට සැමට සම්මා සම්බුදු සරණයි

සටහන Tharidu Karunanayaka
👣🥰🖤🌸🌿⛺️🇱🇰☘️🌿

වික්ටෝරියා රන්දෙනිගල රන්ටැබේ මැදින් දිවෙන ලංකාවේ ලස්සනම පාර 🍃❤️😍
09/01/2022

වික්ටෝරියා රන්දෙනිගල රන්ටැබේ මැදින් දිවෙන ලංකාවේ ලස්සනම පාර 🍃❤️😍

ඔයා දන්නවද,මට තියෙන්නෙම නලියන ම අලි හීනයක්,ඒක ලස්සන කැරවෑන් ගෙදරක්ඔහේ පාවෙන සුකුරුත්තම් ලෝකයක්..අපිට ඕනමද එක තැනක හිරවෙච...
09/01/2022

ඔයා දන්නවද,
මට තියෙන්නෙම
නලියන ම අලි හීනයක්,
ඒක ලස්සන කැරවෑන් ගෙදරක්
ඔහේ පාවෙන සුකුරුත්තම් ලෝකයක්..

අපිට ඕනමද එක තැනක හිරවෙච්චි
පර්චස් දහයක්?
දවසකට පැය දෙකක් කටු කන
වැඩට යන එන ජීවිතයක්?

අහන්න,
පුළුවනිද අපිට පාක් කරගන්න
වැඩ පොළ ළඟම උදේකට,
හවසට වැඩ ඇරී එනකොට
අපිට යතහැකි අලුත් තැනකට
දවස දවස මල් පිපෙන තැන් වල
ලස්සනම තටු ගහන නිදහසක..

අහන්න!
එක තැනක ඉන්නෙකම නම් ජීවිතය
කවුද ඒකට නම් තිබ්බෙ කියා ' ජීවිතය '
ගලා නොයා පවතින්නම නම් ඕනෑම
හිර වෙවී තනිවෙවී මිරිකීම ද ඒ පාඩම..

හරි! මම ඔලමොට්ට එළදෙනක්,
ඔව් ඒක අඟුටුමිටි හීනයක්,
තරු අහස් යට දවස් ගත වෙන
ලොකුම ලොකු ලෝකයක
පොඩිම පොඩි උමතුවක්!

ආයෙමත් කියන්න,
අපිට බැරිද හදාගන්න
ලස්සන කැරවෑන්
" ගෙදරක් " ?

— අල්තීනායි සුලෙයිමානවා

📷 Laura﹠Aaron Vanlife

Happy New Year to all dream come true ... !! සුභ සිහින ඉටුවන සුභම සුබ නව වසරක් වේවා...!!! ඔබ සියලු දෙනාටම... කැලැන්ඩරේ...
31/12/2021

Happy New Year to all dream come true ... !! සුභ සිහින ඉටුවන සුභම සුබ නව වසරක් වේවා...!!! ඔබ සියලු දෙනාටම... කැලැන්ඩරේම සුභ වේවා...!!! Travelers 🥰 අපගේ බලාපොරොත්තු ව එයයි..🥰. Wish your happy new year .....🥰 සැම විටම පරිසරය සුරකින්න. සොබාදහමට ආදර කරන්න. එයයි පැතුම අපගේ දිනක නුබ කරකිවි...🌿🇱🇰

ඔබ සැමට සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා...!!! ❤Happy christmas 🎅 👣🌿🇱🇰🏰🎉️🎊️
25/12/2021

ඔබ සැමට සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා...!!!
❤Happy christmas 🎅 👣🌿🇱🇰🏰🎉️🎊️

😍😍😍
10/12/2021

😍😍😍

🖤🙏
01/12/2021

🖤🙏

😍😍😍😍😍😘⛄️☃️⛄️☃️
26/11/2021

😍😍😍😍😍😘⛄️☃️⛄️☃️

ශ්‍රී ලංකාවේ ප්‍රථම අධි තාක්ෂණික.කේබල් මත ඉදි කල- කැළණි පාලම
24/11/2021

ශ්‍රී ලංකාවේ ප්‍රථම අධි තාක්ෂණික.
කේබල් මත ඉදි කල- කැළණි පාලම

18/11/2021
කැලණි රජමහා විහාරය
11/11/2021

කැලණි රජමහා විහාරය

කතළුව පුරාණ විහාරය
06/11/2021

කතළුව පුරාණ විහාරය

Address

Hakmana
81300

Alerts

Be the first to know and let us send you an email when මාතා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share