අපි හම්බන්තොට

අපි හම්බන්තොට හම්බන්තොට අපි සෙට් වෙන්න අපේ පිටුවට

රෝහණ දේශය, මාගම් පුර ,දොළොස් රට වැනි පැරණි රාජධානි බිහිවු මෙ ප්‍රදේශය යොදුන් ගණන් ඈතට විහිඳුණු කෙත් යාය වලින් ,උදාර තර ස්ථුප කර්මාන්ත සහ අසිරිමත් වාරි මාර්ග රටා වලින් හෙබි ‍ෛඑතිහාසික පුරවරයකි.මෑත යුගයේ දුෂ්කර ප්‍රදේශයක් ලෙස සැලකුවද ඒ හැම අභියෝගයට යනිමින් විවිධ සංවර්ධණ ව්‍යාපෘති රාශියක් මෙහි ක්‍රියාත්ම වෙමින් පවති.
මෙරට සංස්කෘතියේ හා සභ්‍යත්වයේ සමාරාම්භක බිම් කඩක් වන හම්බන්තොට ඉතිහාසය හෙළ ඉතිහාසය ත

රමටම පැරණිය හම්බන් නැමැති මුහුදු යාත්‍රා පැමිණි තොටුපොළේ නමින් නමු වු මේ ප්‍රදේශය සද්ධර්මරත්නා වලියේ සඹාන,රාජාවලියේ සම්බානක ගංකාරොහණ වර්ණනාවේ හම්බම් සබරගමු දේවාල සන්නසේ සම්බාරුව යන නමින්ද දක්වා ඇත. පරණවිතාන මත අනුව මැලේ යාත්‍රා ළඟාවීම නිසා මේ බිම් තීරුව හම්බන්තොට වීලු ලන්දේසි පාලන සමයේ මෙය සේනාංක මධ්‍යස්ථානයකි. බ්‍රිතාන්‍ය යුගයේ වරායක් හා ජනාවාස මධ්‍යස්ථානයක් වු අතර ,එකල කච්චේරියක් ,පොලිස් ස්ථානයක් ,රෝහලක්, අසාවියක් ද පිහිටුවීය.

ශ්‍රී ලංකාවේ කොළඹ නගරයෙන් පසු, දියුණු කරමින් පවතින ප්‍රධානම අනාගත වාණිජ නගරය වන්නේද මේ හම්බන්තොට නගරයයි.

හම්බන්තොට මහා වෙසක් පෙරහර ගමන් මාර්ගය පහත පරිදි වේ. ඒ අනුව හම්බන්තොට නිම්බාරාම විහාරස්ථානයේ සිට ප්ව්‍රහර ආරම්භ වන අතර පර...
31/05/2026

හම්බන්තොට මහා වෙසක් පෙරහර ගමන් මාර්ගය පහත පරිදි වේ.
ඒ අනුව හම්බන්තොට නිම්බාරාම විහාරස්ථානයේ සිට ප්ව්‍රහර ආරම්භ වන අතර පරණ නගරසභා ගොඩනැගිල්ලෙන් දකුනු දිශාවට යොමුවන මාර්ගයෙන්(හැටන් නැශනල් බැංකුව පාර) හම්බන්තොට නගරයට පිවිසෙයි. අනතුරුව ආරබොක්ක හන්දියට මදක් ඉදිරියෙන් බැද්දවල හන්දිය තෙක්(GW ග්‍රොසරි) තෙක් පෙරහර නර්තනයන් සිදු කරයි. GW ග්‍රොසරි සිට රොශාන් හාර්ඩ්වෙයාර් දක්වා කොටස පෙරහර නර්තන රහිත කලාපයක් ලෙස වෙන්කොට ඇති බව දන්වා සිටින අතර රොශාන් හාර්ඩ්වෙයාර් සිට පෙරහර ගමනාන්තය වන ජයබෝදි විහාරය දක්වා සාමාන්‍ය පරිදි යලි පෙරහර නර්තනයන් ඉදිපත් කෙරේ.

හම්බන්තොට දිස්ත්‍රීක් තරුණ බෞද්ධ සංගමය බැති සිතින් සංවිධානය කරනු ලබන රුහුණු මාගම්පුරවරයෙ මහා වෙසක් සංස්කෘතික මංගල්‍යය මෙවරත්!
වෙසක් බැති ගී ප්‍රසංග, ගීත නාට්‍ය සංදර්ශන, දන්සැල් ජුනි මස 1,2,3 යන දිනයන්හී හම්බන්තොට නගරය සිසාරා පැවැත්වේ.

ජුනි මස 4 වන දින සවස 6.30 පටන් මහා වෙසක් පෙරහර හම්බන්තොට නිම්බාරම විහාරස්ථානයේ සිට සිරිබෝපුර ජයබෝධි විහාරස්ථානය දක්වා වීදි සංචාරය කෙරේ.

සම්බුදු සසුනේ චිර පැවැත්ම වෙනුවෙන් හා හුදී ජන සිත් ආමිස පූජාවෙන් පුරවාලිමේ මහා පින්කම වෙනුවෙන් ඔබටත් දායකත්වය ලබා දීමට මෙම අංකය ඔස්සෙ සම්බන්ධ වන්න +94 77 928 4844 (විජය මහතා).
~පින් සිත් එකලු කරන යුගයේ ශාක්‍යවංශික සමූහය~ හම්බන්තොට දිස්ත්‍රීක් තරුණ බෞද්ධ සංගමය

👣👣 🧜‍♀️🧚 දැවැන්ත සැනකෙළියක අවසාන දවස.... 🐙🦑🪼 Hambantota Beach Fiesta 2026⛵️🛥️ 🏟️🎡🎠 ⛱️අද ඉරිදා 31 දවසේ... පස්වරු 03.00 සි...
30/05/2026

👣👣 🧜‍♀️🧚 දැවැන්ත සැනකෙළියක අවසාන දවස....
🐙🦑🪼 Hambantota Beach Fiesta 2026

⛵️🛥️ 🏟️🎡🎠 ⛱️අද ඉරිදා 31 දවසේ... පස්වරු 03.00 සිට මධ්‍යම රාත්‍රිය තෙක්...

#හම්බන්තොට

30/05/2026
🔴🔴නිහඬව පැතිරෙන මොළේ උණ🔴🔴 (මෙනින්ජයිටිස්) අවදානම.රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින "මොළේ උණ" හෙවත් වෛරස් ම...
30/05/2026

🔴🔴නිහඬව පැතිරෙන මොළේ උණ🔴🔴 (මෙනින්ජයිටිස්) අවදානම.
රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින "මොළේ උණ" හෙවත් වෛරස් මෙනින්ජයිටිස් (Meningitis) රෝගී තත්ත්වය පිළිබඳව මේ වන විට සෞඛ්‍ය අංශ විසින් දැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

🔍 රෝගයේ ස්වභාවය සහ ව්‍යාප්තිය

මෙම රෝගී තත්ත්වය "එන්ටරෝ වෛ රස්" කාණ්ඩයට අයත් වෛ රස් ආසාදනයක් ලෙස දැනට හඳුනාගෙන ඇත. මෙම වෛරසය ප්‍රධාන වශයෙන්ම ශරීරගත වන්නේ,,,
ආසාදිත අසූචි සමඟ හෝ කිසියම් අයුරකින් ආහාර හෝ පානීය ජලය මුසු වීමෙන්.
මීට අමතරව රෝගියෙකුගේ සෙම බිඳිති මඟින් ද සෘජුවම රෝගය අනෙක් අයට බෝ විය හැකියි.

මේ නිසා එළඹෙන වෙසක් සමයේදී විවිධ දන්සැල් වැනි පොදු ස්ථානවලින් ආහාර ගැනීමේදී, සෙනග ගැවසෙන පන්සල් වැනි ස්ථානවලදී අතිශයින්ම පරිස්සම් විය යුතුය.

🚨 ප්‍රධාන රෝග ලක්ෂණ.

පහත දැක්වෙන රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් පවතී නම් වහාම අවධානය යොමු කරන්න:
1. තද උණ තත්ත්වය
2. අධික සහ තද හිසේ කැක්කුම
3. නොනැවතී සිදුවන වමනය
4. ආලෝකය දෙස බැලීමට ඇති අපහසුතාව (Photophobia)
5. බෙල්ලේ තද ගතිය සහ දැඩි වේදනාව(Neck stiffness)
6. හැසිරීම් වල ක්ෂණික වෙනස්කම්. විකාර දෙඩවීම වැනි තත්ත්වයන් (Altered behavior)
7. මීමැස්මොරය හෝ වලිප්පු තත්ත්වයන් (Fits)

🔴 මෙම රෝගී තත්ත්වය කුඩා දරුවන්ට වැළඳීමේ ප්‍රවණතාව ඉතා ඉහළය. වෛද්‍ය වාර්තා අනුව මේ වන විටත් රෝහල් වාට්ටුවල මෙවැනි ලක්ෂණ සහිත දරුවන් කිහිපදෙනෙකුම ප්‍රතිකාර ලබන අතර, ඔවුන්ගේ සාම්පල වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සඳහා රසායනාගාර වෙත යොමු කර ඇත.

💊 ඖෂධ, බරපතල සංකූලතා සහ ජීවිත අවදානම

රෝගය සඳහා Antiviral (වෛරස් නාශක) හෝ Antibiotics (ප්‍රතිජීවක) ඖෂධ පවතින මුත්, රෝගය උත්සන්න වුවහොත් පහත දැක්වෙන දරුණු සංකූලතා ඇති විය හැක:

1. නොනැවතී එන වලිප්පුව (Fits)
2. ලේ විෂ වීම (Septicemia)
3. මොළයේ සැරව ගෙඩි හටගැනීම (Brain abscess)

🔴🔴🔴කඩිනමින් සහ නියමිත වේලාවට ප්‍රතිකාර නොකළහොත් රෝගියා ම ර ණයට පත්වීමට පවා ඉඩ ඇත. එබැවින් රෝග ලක්ෂණ ඇත්නම් ප්‍රමාද නොවී වහාම රෝහල්ගත කරන්න. පරක්කු වුවහොත් තත්ත්වය ඉතා අසීරු විය හැක.

🛡️ රෝගයෙන් ආරක්ෂා වීමට අනුගමනය කළ යුතු පියවර

1. පොදු ස්ථානවලදී සහ ගමන් බිමන් වලදී සැමවිටම මුඛ ආවරණ (Mask) පළඳින්න.
2. ආහාර ගැනීමට පෙර සහ වැසිකිළි භාවිතයෙන් පසු දෙඅත් සබන් යොදා හොඳින් සෝදන්න.
3. පිටතින්, විශේෂයෙන්ම අනාරක්ෂිත ස්ථාන වලින් ආහාර ගැනීම හැකිතාක් සීමා කරන්න.
4. පානය සඳහා සැමවිටම උණුකර නිවාගත් පිරිසිදු ජලය පමණක් පාවිච්චි කරන්න.
5. කුඩා දරුවන් අධික ලෙස සෙනඟ ගැවසෙන පොදු ස්ථාන කරා රැගෙන යාමෙන් වළකින්න.

‼️මේක පුලුවන් තරම් ශෙයා කරන්න 🥺🙏❤️

අපි හම්බන්තොට

හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි රුධිර හිගයක් හැකි ඉක්මනින් පැමිණ රුධිරය පරිත්‍යාග කර රෝගී ජීවිත බේරා ගැනීමට දායක වන්...
28/05/2026

හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි රුධිර හිගයක්

හැකි ඉක්මනින් පැමිණ රුධිරය පරිත්‍යාග කර රෝගී ජීවිත බේරා ගැනීමට දායක වන්න ලෙස පරිත්‍යාගශීලී ඔබ සැමගෙන් කාරුණික ඉල්ලීමක් හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ ලේ බැංකුව විසින් සිදුකර ඇත.

“ඔබේ එක් රුධිර පරිත්‍යාගයක්,
තවත් ජීවිතයකට නව ආරම්භයක්.”

මේරියන්ස් ක්‍රිකට් වසන්තය 2026. මැයි 29 , හම්බන්තොට නගර සභා ක්‍රීඩා පිටියේදී.
14/05/2026

මේරියන්ස් ක්‍රිකට් වසන්තය 2026.
මැයි 29 , හම්බන්තොට නගර සභා ක්‍රීඩා පිටියේදී.

වීරවිල  #වීරවිල   #තිස්ස  #තිස්සමහාරාම  #හම්බන්තොට
14/05/2026

වීරවිල

#වීරවිල #තිස්ස #තිස්සමහාරාම #හම්බන්තොට

🏆 36 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙල – 2026 🏆හම්බන්තොට ප්‍රාදේශීය යෞවන සම්මේලනය (Youth Club) විසින් සංවිධානය කරනු ලබන🏐 වොලිබෝ...
14/05/2026

🏆 36 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙල – 2026 🏆

හම්බන්තොට ප්‍රාදේශීය යෞවන සම්මේලනය (Youth Club) විසින් සංවිධානය කරනු ලබන

🏐 වොලිබෝල් තරගාවලිය
🎯 කැරම් තරගාවලිය

📅 2026 මැයි 18 වන දින
⏰ පෙ.ව. 9.00 සිට
📍 හම්බන්තොට පරිපාලන සංකීර්ණ ක්‍රීඩා පිටිය

✨ යෞවන ක්‍රීඩාශීලීත්වය හා එකමුතුව සමරන අතිවිශේෂ ක්‍රීඩා උළෙලක් ✨

ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු.

National Youth Service Council ජාතික තරුණ සේවා සභාව එකමුතුව National Youth Services Council-NYSC Magam Hambantota Youth Team - MHYT Ruhunu Mirijjavila YOUTH CLUB

#හම්බන්තොට #

Address

Hambantota
82000

Website

Alerts

Be the first to know and let us send you an email when අපි හම්බන්තොට posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category