Mandakiniya Tours Sri Lanka

Mandakiniya Tours Sri Lanka We entertain small, medium and large groups of tourists from Transportation.

🥹
10/04/2026

🥹

අලුත් අවුරුද්ද..
ඉස්සර මගෙ ප්‍රියතම කාලෙ වෙච්ච, දැන් නිකං මතක් වෙද්දිත් බඩ පපුව දාලා යන සීසන් එක....
ගිය අවුරුද්දෙ මට ගෙදරින් සුභ පතද්දි මම මහ රෑ baito ! මම දන්නවා ඔය බහුතරයක් ස්ටුඩන්ට් ජීවිතේ ගෙවන උනුත් එහෙම තමයි කියලා. පුදුම අමාරුවෙන් හිත හයිය කරගෙන අම්මට තාත්තට සුභපතලා සුදු ආච්චිට කතා කරන්න ගත්තවෙලේ මට හිතේ හයිය නැතුව යනවා. ආච්චිට කතා කරලා ඉක්මනින් කෝල් එක කට් කරලා මම ඊළඟ පැය බාගෙම විතර කරේ තනියම කෙරවලක වාඩි වෙලා අඬපු එක, මම දන්නවා කොල්ලෙක් අඬනවා කියන එක මහ සවුත්තු වැඩක් කියලා සමාජ සම්මතයක් තියෙනවා කියලා. ඔබත් එහෙම හිතන කෙනෙක්නම්,

කරුණාකරලා අර අම්මා රහට ගුලිකරලා කවන උණු උණු කිරිබත් කට මතක් කරගන්න.
මට ඊට පස්සෙ එකම එක ප්‍රශ්නයයි අහන්න තියෙන්නෙ...
'ඇඬුනා නේද?'
අම්මේ, තව අවුරුදු කීයකින් හරි ඒ පුරුදු කිරිබතේ රහ හොයාගෙන අවුරුදු මේසෙට ලොකු පුතත් එනවා කියලා පොරොන්දු වෙනවා...

🧐
27/03/2026

🧐

ලංකාවේ pcx bike මාෆියාව

ලංකාවේ අපේ කොල්ලන්ට PCX බයික් එකක් ගන්න ඉතින් ලොකු වියදමක් දරන්න වෙනවා, ඒකට හෙතුව අදික මිල ගනන් වලට බයික් වෙළඳපොල තුල විකිණීමයි, මෙහිදී කියන්න ඔනා වෙළඳපොලෙ ජපානයෙ නිශ්පාදිත යැයි කියමින් අසාදාරන අධික මිලකට විකිනීමත්, එකම මාදිලියෙ PCX බයික් එක වියට්නාම් හො තායිලන්තයෙ යැයි පවසා ඉතාමත් අඩුම මිලකටත් විකිනීමයි,

අපි දැන් බලමු මේකෙ ඇත්ත කතාව.....

ලංකාවේ වාහන වෙළඳපොළේ තවමත් පවතින්නේ "Made in Japan" කියන ලේබලයට පමණක් වැඩි වටිනාකමක් දෙන සාම්ප්‍රදායික මතයක්. නමුත් ලෝකයේ වර්තමාන තත්ත්වය ඊට වඩා ගොඩක් වෙනස්.
මෙන්න මේකයි මෙතන තියෙන ඇත්තම කතාව:

1. නිෂ්පාදන පිරිවැය සහ කර්මාන්තශාලා (Global Manufacturing)

Honda ආයතනය ඔවුන්ගේ නිෂ්පාදන පිරිවැය අඩු කරගැනීම සඳහා ලෝකයේ විවිධ රටවල කර්මාන්තශාලා පිහිටුවා තිබෙනවා.

Honda PCX යතුරුපැදිය මුලින්ම තායිලන්තයේ (Thailand) නිෂ්පාදනය කළ අතර පසුව වියට්නාමයේ (Vietnam) නිෂ්පාදනය ආරම්භ කළා.

ජපානය තුළ පවා විකිණීමට ඇති බොහෝ PCX මාදිලි ඇත්තටම නිෂ්පාදනය කරන්නේ වියට්නාමයේ හෝ තායිලන්තයේයි.

2. ජපානයේ තත්ත්වය (Made in Japan vs. Marketed in Japan)

ඔබ කිව්වා වගේ, ජපානයේ දේශීය වෙළඳපොළේ විකුණන සෑම දෙයක්ම ජපානයේම හදපුවා නෙවෙයි. නමුත් ඒවා JDM (Japanese Domestic Market) ප්‍රමිතියට අනුව නිෂ්පාදනය කර තිබෙනවා.

Honda සමාගම වියට්නාමයේ නිෂ්පාදනය කළත්, ජපානයට යවන බයිසිකල් වල quality control (තත්ත්ව පාලනය) ඉතා ඉහළයි.

ජපානයට ගෙන්වන වාහන වලට අදාළ වන "Chassis Code" සහ ප්‍රමිතීන් ලෝකයේ අනෙක් රටවලට වඩා වෙනස්.

3. ලංකාවේ පවතින මිථ්‍යාව

ලංකාවේ බොහෝ දෙනෙක් හිතන්නේ "Made in Japan" නම් ඒකෙ යකඩ වල ඉඳන් හැමදේම සුපිරි කියලා. ඒ නිසාම:

Documents වල Made in Japan කියලා නැතිවුණාම නැවත විකිණීමේදී (Resale value) මිල ටිකක් අඩු කරන්න ගැනුම්කරුවන් උත්සාහ කරනවා.

නමුත් තාක්ෂණිකව බැලුවොත්, ජපානයෙන් ගෙන්වූ (Japan Spec) වියට්නාම් බයිසිකලයත්, ජපානයේම හැදූ බයිසිකලයත් අතර සාමාන්‍ය පාවිච්චියේදී ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ.

ඔබ කළ යුතු දේ

ඔබේ බයිසිකලය ජපානයෙන් ගෙනා එකක් නිසා එහි Auction Grade එක හෝ ජපානයේ ලියාපදිංචි කළ ලියකියවිලි (Export Certificate) පෙන්වා එහි ගුණාත්මකභාවය ඔප්පු කරන්න පුළුවන්. වියට්නාමයේ හැදුවත් එය ජපානයටම විශේෂයෙන් නිපදවූවක් (Japan Spec) බව ගැනුම්කරුට පැහැදිලි කර දෙන්න.
කෙටියෙන් කිව්වොත්: ඔබ ගෙනා බයිසිකලය නරක නැහැ, ලංකාවේ මිනිස්සුන්ගේ ඔළුවේ තියෙන "Label" එකේ ප්‍රශ්නයක් විතරයි මෙතන තියෙන්නේ.

👉🅾️❌ විශේෂයෙන් තව දෙයක්, බයික් එකේ පොතේ Made in Japan කියා ඇත්නම් එම පොත වියාජ(හොරට හදපු) ඒවා විය හැක.. එම bike මිලදී ඇරගෙන අමාරුවෙ වැටෙන්න එපා...

🇱🇰

10/02/2026
🇱🇰
05/02/2026

🇱🇰

අපි කොච්චර දුර ගියත්,
අපි කොච්චර සල්ලි හම්බ කෙරුවත්,
අන්තිමට “මේ අපේ එකෙක්” කියලා
ඇත්තටම පිළිගන්නෙ
අපේ මව් රට විතරයි.
අපි වැටුණාමත්,
අපි අසරණ උනාමත්,
අපි මරණයට පත් උනාමත්,
නමක් නැති උනත්,
තත්ත්වයක් නැති උනත්,
“අපේ මනුස්සයෙක්” කියලා
අපිට ඉන්නෙ මව් රට.
ඒ නිසා ,
වෙන රටක් අපිට ජීවිතයක් හදන්න උදව් කරයි,
හැබැයි
අපිට අයිති වෙන්නෙ නෑ.
අපිට අයිති එකම තැන,
අපිව අන්තිමටත්
අපේ කියලා බාරගන්න තැන,
අන්තිමට අපිට ඉතුරු මෙතන විතරයි
අපේ මව් රටයි 🇱🇰

27/01/2026

අද පඩි දවස..
හරියටම රෑ 12.01 වෙද්දී " ටීං " ගෑවා පඩිය බැංකුවට වැටුනු මැසේජ් එක..
රුපියල් වලින් කියද්දී ලක්ශ ගාණක්..
උදේ 06.00 කෝපි එකකුත් බොන ගමන් ඉදන් ඔක්කෝම ටික ගෙවන්න ගත්තා..
මුලින්ම ගෙදරට ගෙව්වා.
නෝනාගේ මෝටර් සයිකලයේ වාරිකය ගෙව්වා..
ක්‍රෙඩිට් කාඩ් වාරිකේ ගෙව්වා..
පඩි ලැබිලා හරියටම පැය 6 ක් යද්දී පඩියෙන් භාගයක් ඉවරයි.
තව ගෙවන්න තියෙනවා..
වාහනේ රක්ශනය.
නගර සභා බදු.
ජංගම දුරකතන දෙකකට වාරික.
ජංගම දුරකතන තුනකට බිල්.
ගෙදර ඉන්ටර්නෙට් බිල.
BBC ටීවී බිල.
වතුර බිල.
විදුලි බිල.
ගෑස් බිල.
පොඩිඑකාගේ කරාටේ පන්තියේ වාරිකය.
ඊට අමතරව වාහනයට තෙල් ගහන්නත් ඕනේ..
ගෙදරට කෑම බීම ගේන්නත් ඕනේ..
ඊටත් අමතරව ,
මාසෙට දවස් තුන හතරක්වත් එළියෙන් කෑමටිකක් කන්න, කොපි ටිකක් බොන්න යන්න කීයක් හරි තියාගන්නත් ඕනා..
ඒ මොනොවා තිබුනත් පොඩිඑකා බලාගෙන ඉද්දී ලොකු වෙනවා... ඒත් එක්කම දරුවාගේ ඇදුම් කුඩාවෙනවා.
ඉතින්,ලමයාට අලුතින් ඇදුමක් ,සපත්තු දෙකක් අරන් දෙන්නත් ඕනා..
ඊට අමතරව පොඩි එකාට කඩචෝරු කන්න අනම් මනම් කෑලී බෑලී ගන්න සල්ලි දෙන්නත් ඕනේ..
දැන් වෙලාව දවස් 12.00 යි.පඩිය ලැබිලා හරියටම පැය දොලොහක් ඉවරයි..ගණන් හදලා බලපුවාම පඩියෙන් කීයක් ඉතිරි වෙනවාද කියලා අහන්න එපා !! .
ජපන් ජීවිතේ හරිම සෑපයි, සනීපයි මිත්‍රවරුනී...

10/11/2025

මනුස්සයෙක් ජීවිතේ අඩියටම වැටිලා ඉන්න වෙලාවට උදව් කරන්න හැමෝටම බැහැ.
ඒකට හය්ය මානුෂීය හිතක් තියෙන්නම ඕනෙ.
මොකද, එයා ඒ දරා ගන්නෙ උදව් අවශ්‍ය කෙනාගෙ කර්කශම අවධිය...
එයාගෙ අසහනකාරීම අවධිය...
දුෂ්කරම අවධිය...
ගොඩක් මිනිස්සු තමන්ගෙ දුෂ්කරම සමය ගෙවන්නෙ කේන්තියෙන්...ව්‍යාකූලත්වයෙන්... අසහනයෙන්.
ඉතින් එහෙම කාලෙක එයාගෙන් පිටවෙන වචන, එයාගෙ හැසිරීම් හැමදේම කටුකයි.. කර්කශයි.
ඉතින් ඒ කටුක හැසිරීම් දරාගෙන එයාට උදව් කරන්න පුලුවන් වෙන්නෙ හය්ය හිතක් තියන කෙනෙක්ටම විතරයි.
මොකද, හැම මනුස්සයෙක්ම තම තමන්ගෙ ජීවිත ඇතුලෙ යම් යම් අරගල කරනවා.
තමන්ගෙ අරගලය කරන ගමන්, තව මනුස්සයෙක්ට ගොඩ එන්න උදව් කරනව කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි.
ඉතින්,
ඔයාගෙ දුෂ්කරම කාලෙදි ඔයාට වචනෙකින් හරි හය්යක් වුණ මිනිස්සු හැමදාමත් හිතේ ඉහලින්ම තියා ගන්න.
ජීවිතේ ඉස්සරහට යද්දි, ජීවිතේ පහසු වෙද්දි, තමන්ට උපකාර කල අයව අමතක කරන්නෙ ආත්මාර්ථකාමී වගේම මෝඩ මිනිස්සු.
මොකද ඔයාගෙ ජීවිතේ දුෂ්කරම සමයෙදි ඔයාට උදව් කරන්න ලං වෙන්නෙ,
ඔයාට අවංකවම ආදරය කරුණාව දක්වන කෙනෙක් විතරයි.
ඉතින් එහෙම කෙනෙක්ව ඔයා අමතක කරනව නම්
ඒ තමා ඔයාට හිටිය විශ්වාසවන්තම මනුස්සයෙක්ගේ නික්ම යාම !
විස්වාසවන්ත ගුණයහපත් මිනිස්සු තමන්ගෙ ජීවිතෙන් ඈත් වෙන්න, වෙන්න ඒකෙ
අයහපත් බලපෑම සිද්ධ වෙන්නෙ තමන්ටමයී.
පලමුව උපකාර කරන මිනිස්සුත්,
කල උපකාරය මතක තියන මිනිස්සුත් මේ ලෝකෙ හරිම දුර්ලභයි 👑
මුණ ගැහුනොත් පරිස්සම් කර ගන්න 💕

10/11/2025

ෆූජි කන්ද 🫶🇯🇵⛩️🗾

25/10/2025

ජපානයේ පළමු කාන්තා අගමැතිවරයා ලෙස ඉතිහාසයේ අලුත් කිරීමට සනායේ තකඉචි අද සමත් වුණා. අද පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 237 ක් දිනාකෙන සිය ජයග්‍රහණය තහවුරු කර ගනිමින් ජපානයේ යකඩ ගැහැණිය ලෙස ප්‍රකට 64 හැවිරිදි ඇය ජපාන පාලක පක්ෂයේ නායකත්වය සඳහා තෝරාගැනුණේ මීට දෙසතියකට පෙරයි. ඒ පාලක පක්ෂය තුළ ඇතිවිය හැකි බැඳීම වළක්වා ගැනීමට හිටපු
අගමැති ශිගරු ඍෂිවා පසුගිය සැප්තැම්බර් මාසයේදී ඉල්ලා අස්වීමෙන් හිස් වූ දුරේ පිරවීම වෙනුවෙන්. එ සමග මෙතෙක් පාලක පක්ෂය සමඟ සිටි කොමෙන්ටු පක්ෂය සහාය තකයිචිට අහිමිවුණා .

මන්දගාමී ජපාන ආර්ථිකය යළි ගොඩනැගීම ගිලිහෙමින් පවතින ජපාන ඇමරිකා සබඳතා තර කර ගැනීම සහ පාලක පක්ෂය යළි ස්ථාවර තත්ත්වයකට ගෙන ඒම ඇය හමුවේ ඇති අභියෝග වෙනවා,

ගතානුගතික මත දරණ තකඉචි වැන්නයත් එම තනතුරට පත්වීම පිළිබඳ ජපාන කාන්තාවන් තුළ කුකුසක් පවතින බව වාර්තා වේ.

Address

Galle Road, Habakkala. Induruwa
Induruwa
80510

Alerts

Be the first to know and let us send you an email when Mandakiniya Tours Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category