16/02/2025
අඩි 5000 ක් උසින් පිහිටි බේකර්ස් බෙන්ඩ් බලන්න යමුද??? 🏔️⛰️🍃
කොහොමහරි කැම්පස් ආපු මුල් දවස් වල ඉදන්ම බලන් ඉදියා මේ බේකර්ස් බෙන්ඩ් බලන්න යන්න. කොහොමෙන් කොහොම හරි හතරවෙනි අවුරුද්දටත් ආවා. ඉතින් අපි තීරණය කලා කොහොමහරි අදනම් මේ තැනට යනවා කියලා. අද කිව්වේ.. 2024/02/12 සදුදා..
හරි ආසාවෙන් ගමනට හරි බරි ගැහිලා ඉදපු අපි කලින් ගිය අයගෙන් විස්තරත් අහගෙන අවශ්‍ය කරන බඩු බාහිරාදියත් ලෑස්ති කරන් (බඩු බාහිරාදිය කිව්වේ ඉතින් වතුර බෝතල් තුන හතරක්, අමතර ඇදුමක්, ස්නැක් වර්ග ටිකක්, බිස්කට් වගේ දේවල්) උදේ 8 ට විතර හොස්ටල් එකෙන් පඹහින්න හන්දියට ආවා 9 ට යන නන්පේරියල් බස් එක අල්ල ගන්න. 🏃♀️🏃🏻♂️
පෙරුම් පුරල පුරලා යන්න ආවා විතරයි හැමදාම 9 ට යන බස් එක කැඩිලා කියලා අරංචියක් ආවා😒💔
අපි ඉතින් එහෙමයි කියලා ගමන දුරයි කියලා.... ගමන යන එක නැවැත්තුවේ නෑ. පඹහින්න හන්දියෙන් 9.45 ට වගේ බලංගොඩ බස් එකකට නැගලා නන්පේරියල් හන්දියෙන් බැස්සා.
නන්පේරියල් හන්දියේ ගහලා තිබ්බා බේකර්ස් බෙන්ඩ් එකට 13.5 km ක් කියලා. අපිට කනින් කොනින් ඇහිලා තිබ්බ දේවල් එක්ක මේ ගමන හරිම දුෂ්කර ගමනක්. ඒ මදිවට බස් එකත් නැතුව ගමන පටන් ගත්තේ අදනම් මොන බාධක ආවත් උඩටම යනවා කියලා.
ඔන්න ඉතින් පොඩි කයියකුත් දාගෙන දෙවියන්ටත් කිය කිය... ගියේ වාහනයක්වත් හම්බ වෙන්න කියලා. ඒත් ඉතින් 3.5km ක් වගේ යනකන්ම වාහනයක් හම්බ වුනේ නම් නෑ. අපි ඉතින් ගෙනාපු කෑමත් කකා බීමත් බිබී හිතට හයිය අරන් දිගටම යන්න ගත්තා.
ඔන්න ඔය වෙලාවේ තමා අපේ වාසනාවට වගේ වාහන සද්දයක් ඇහුනේ පහල ඉදන් එනවා. ඒ පාරනම් හිතා ගත්තා කට්ටියම එක්ක අත දාල වාහනේ නවත්තගන්නවා කියලා.
අනේ ඉතින් ඒ වාහනේ නැවැත්තුවා අපේ වෙලාවට.
හොදම දේ තමා ඒ වාහනේ ගිහින් තියෙන්නේ හයර් එකකට ඒක නිසා වෑන් එක ෆැක්ටරි එක ගාවටම යනවා කිව්වා. ඔන්න ඉතින් දෙවියෝ අපේ මූණ බැලුවා. ෆැක්ටරි එක ගාව කියලා කිව්වේ බේකර්ස් බෙන්ඩ් එකට යන්න ටිකට් ගන්න තැන. හොදම දේ තමයි අපි එන්න ඉදපු බස් එක යන්නෙත් ස්කෝලේ ගාවට විතරයි. මොකද එතනින් එහාට බස් යන්න බෑ... ඒ තරම්ම පාර දුෂ්කරයි වගේම පටු පාරක් තමා තිබුනේ. ඒ මදිවට පහලට තියෙන බෑවුම බලන්නත් බයයි. ඉතින් ඒ අමාරුම ටිකත් වාහනේකම යන්න ලැබුනා කියන්නේ වාසනාවම තමා. ඒක තමා කතාවක් තියෙන්නේ හැමදේම වෙන්නේ හොදටයි කියලා 😇. එහෙම කිව්වේ බස් එක තිබ්බේ නැති නිසා තමයි අපිට උඩටම යන්න වාහනයක් හම්බ වුනේ....ඊට පස්සේ ඔන්න අපේ හයිකින් එක පටන් ගත්තා ෆැක්ටරි එක ගාව ඉදන්. අපි ඉතින් පොඩි පොඩි ලේසි පාරවල් තිබ්බ ඒවගෙන් උඩට උඩට ආවා.
හැබැයි ඕනවට වඩා කෙටි පාරවල් වලින් යන්න නරකයි 😂 මොකද අපි කෙටි පාරවල් වලින්ම ගිහින් තව පොඩ්ඩෙන් තේ වත්තක් මුදුනට තමා යන්නේ. මේ ගමන යද්දි පඩිපෙලක් එක්ක ලොකු නුග ගහක් හම්බ වෙනවා. එතන ඉදන් කොන්ක්‍රීට් පාර දිගේම ඉස්සරහට යන්න ඕනා.👣👣 එතනිනුත් ටික දුරක් ඇවිත් බලනකොට කට්ටයම උස්සන් ආපු වතුර ඉවරයි. හොදටම වතුර තිබහේ ඉදියත් අපි ගමන නැවැත්තුවේ නෑ. මොකද අපිට විශ්වාසයක් තිබ්බා වතුරත් අපිට හම්බ වෙයි කියලා ඉස්සරහට . ඔන්න ඔහොම ඉස්සරහට යද්දි අපිට හම්බ වුනා උඩ ඉදන් ගලාගෙන එන දිය පහරක්. ඒ වතුර වල තිබ්බේ මාරම නැවුම් බවක්. එවලෙම ෆ්‍රිජ් එකෙන් ගත්තු වතුර වගේ සීතලම සීතලයි. අපි ඉතින් මූණ අත පයත් හෝදගෙන වතුරත් බෝතල් වලට පුරවගෙන ආයිමත් ගමන ආරම්භ කලා. ඔන්න ඉතින් ටික දුරක් යනකොට අපිට පේන්න ගත්ත බේකර්ස් බෙන්ඩ් එක. ඒත් තව ගමනෙන් කාලක් වගේ යන්න තිබ්බා. ආයිත් අපි ගෙනියපු කෑමත් කකා කයියකුත් දාගෙන කන්ද නගින්න ගත්තා. ඔන්න ඉතින් කොහොමහරි අපේ ගමනාන්තයට අපි ආවා. එවලෙනම් කියාගන්න බැරි සතුටක් දැනිලා නැටුවත් එක්ක😂💃🏻 එතන ඉදපු අය හිතන්න ඇති අපිට පිස්සුද කියලා. ඒ වුනාට ඉතින් යන්න ආසාවෙන් ඉදපු ගමනක් ඒ විදිහට ඉෂ්ට වුනාම දැනෙන සතුට ට්‍රැවල් පිස්සො ටික දන්නවනේ....😍
ඊට පස්සේ ඉර අවුවත් බැස්සට පස්සේ අපි දඩි බිඩි ගාල පොටෝ ටිකකුත් ගහගෙන වීඩියෝ ටිකකුත් අරගත්තා. මොකද ඉතින් ඒ වෙනකොටත් හවස 2.30 යි ආයි අනිත් පැත්තට රෑ වෙන්න කලින් බහින්නත් ඕනනේ... මොකද අපිට ගමේ අයගෙනුත් ආරංචියක් ආවා හදුන්දිවියෝ, කොටි වගේ සත්තු ඉන්නවා කියලා හවස් වෙද්දි. කතාවේ මුලින්ම මතකනේ ඔයාලට.. නන්පේරියල් බස් එක කැඩිල හින්දා අපිට ආයි පහලටම යන්න වෙන්නේ පයින්. හැබැයි ඔන්න ආයි අපේ වාසනාව පෑදුනා...😍 අපිට බෙන්ඩ් එක ගාවදි හම්බ වුනා වාද්දුව, බොරලැස්ගමුව පැත්තේ ඉදන් ආපු අයියලා අක්කලා සෙට් එකක්. එයාලා කලින් දවසේ රෑ ඉදලා තියෙන්නේ නැග්රැක් බංගලාවේ. එතනට යන්නනම් බෙන්ඩ් එකත් පහු කරන් තව උඩටම යන්න ඕනා. එයාලත් අපිත් එක්කම වගේ පොටෝස් ,ඩ්‍රෝන් ෂොට් එහෙම අරගෙන යන්න පිටත් වෙන්න ගත්තා. එවලේ කතා කරලා අදුරගත්ත අපිට ඉතින් එයාලගේ වාහනේ යන්නත් කතා කරා... ඒක කැබ් එකක්, අපිත් ඉතින් ඒ ලස්සන පරිසරෙත් විදගෙනම පල්ලම් බැස්සා. පහලටම ඇවිත් කෑම්ප් එක ගාවින් බැහැලා ඒ අයියලා අක්කලටත් ස්තූති කරලා ගමනේ ඉතුරු ටික කයියකුත් දාගෙන නන්පේරියල් හන්දියට හවස 4.30 වගේ වෙද්දි ආවා ඉතින් ... නන්පේරියල් හන්දියේ ඉදන් ඇවිත් කාලා බීලා ආයිත් අපි හොස්ටල් එකටත් පයින්ම ආවා.
මේ ඉතින් අපි බේකර්ස් බෙන්ඩ් ගියපු කතාව❤️.
අමතක කරන්න එපා මේක ඔයාලා ගිහින් බලන්නම ඕන ජීවිතේ අමතක නොවන ගමනක් වේවී...😍❤️
゚
අඩි 5000 ක් උසින් පිහිටි බේකර්ස් බෙන්ඩ් බලන්න යමුද??? 🏔️⛰️🍃කොහොමහරි කැම්පස් ආපු මුල් දවස් වල ඉදන්ම බලන් ඉදියා මේ බේක.....